ශ්‍රී ලංකාව: යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි මිලිටරි බියවැද්දීම් දිගටම

Sri Lanka: Military continues intimidation of SEP in Jaffna

By our correspondent, 10 February 2012

පසුගිය සති අන්තයේ නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකුගේ නි‍ෙවස්වලට පැමින ඔවුන් සිය පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කල යුතු බව කියා සිටීමෙන්, ආන්ඩුව සහ මිලිටරිය සසපට එරෙහිව දිගටම බියවැද්දීම්වල නිරතවෙමින් සිටින බව තහවුරු විය. මිලිටරිය සසප සාමාජිකයින්ගේ තොරතුරු එක්රැස් කරමින් සිටීම, පුලුල් ක්‍රියාදාමය කොටසක් බව පෙන්නුම් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් සිරභාරයට ගෙන ඇති සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සසප ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ජනවාරි 29 දින යාපනයේ වීරසිංහම් ශාලා‍ෙව් යොදාගෙන තිබූ රැස්වීම ආරක්ෂක ආමාත්‍යංශය විසින් වැලැක්වීමෙන් අනතුරුව මෙම බිය ගැන්වීම් ආරම්භ විය.

රැස්වීම තහනම් කිරීමට දින තුනකට පෙර, රැස්වීමේ පෝස්ටර් අලවමින් සිටි සසප සාමාජිකයන් දෙදෙනෙකු යාපනයේ දී මිලිටරිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලේය. මෙම ක්‍රියාව නීති විරෝධී වන අතර පක්ෂයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමකි. පසුව මෙම සෙබලුන් ම සසප සාමාජිකයන් දෙදෙනාට කායිකව පහර දීමක් සංවිධානය කරනු ලැබින.

රාසේන්ද්‍රන් සුදර්ශන් ප්‍රශ්න කරනු ලැබු එක් සසප සාමාජිකයෙකි. පෙබරවාරි මස 04 වෙනි දින නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු කයිට්ස්හි පිහිටි ඔහුගේ නිවසට පැමින ඔහු ද ඇතුලු පවුලේ අය සහ සමාජවාදී සමානතා පක්ෂය පිලිබඳ තොරතුරු විමසා ඇත. ඔවුහු සුදර්ශන්ගේ සහ ඔහුගේ භාර්යාව‍ෙග් ජාතික හැඳුනුම් පත් අංක සටහන් කර ගත් අතර ඔහුගේ දරුවන්ගේ නම් සහ ඉගෙන ගන්නා පාසල් ගැන විමසූහ.

කුමක් සඳහා තොරතුරු එකතුකරන්නේදැයි සුදර්ශන් නිලධාරීන්ගෙන් විමසීමේ දී ඔවුන්ගේ ඉහල නිලධාරින්ගේ අවශ්‍යතාවය මත එසේ කරන බව පවසා ඇත. හමුදාව පොලිස් බලතල පවරාගෙන මෙසේ ක්‍රියා කිරීම සම්පූර්නයෙන් ම නීති විරෝධී ය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ, යාපනය තවමත් හමුදා වාඩිලා ගැනීම හා හමුදා පරිපාලනය සහ නීතිය යටතේ පවතින බවයි.

මෙම ප්‍රශ්න කිරීම් සාමාන්‍ය නීති රෙගුලාසියක් නොවන්නේ ය. පසුගිය පස් වසර තුල සිදුවු සිය ගනන් "අතුරුදහන්වීම්” සහ මිනීමැරුම්වලට ආන්ඩුවට පක්ෂපාතී ඝාතක කල්ලි වගකිව යුතුව ඇත. හමුදාවේ හා විශේෂයෙන්ම එහි විවිධ ඔත්තු සේවා ආයතනවල ක්‍රියාකාරී සම්බන්ධයකින් තොරව මෙවැනි දේ සිදුකල නොහැකි බව සියලු සාක්ෂි මගින් පෙන්නුම් කරයි.

වේලනායිහි දී 2007 මාර්තු මාසයේ දී සසප සාමාජිකයෙකු වූ නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරා වූ සිවනාදන් මදිවදනන් අතුරුදහන් විය. ඔවුන් නාවික හමුදා මුරපොල දෙසට ගමන් කරමින් සිටි බව අවසන් වරට දැක තිබුනි.

ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) හමුදාවට තොරතුරු සපයමින් ඔත්තු බැලීමේ දී සහාය වන බවට සාක්ෂි ඇත. යාපනයේ සසප සංවිධායක සහ අනෙකුත් සාමාජිකයන්ගේ නම් පිලිබඳව විමසීමෙන් අනතුරුව නාවික නිලධාරීන් දෙදෙනා පවසා ඇත්තේ, සුදර්ශන් පක්ෂයේ කයිට්ස් සංවිධායක වන බව ඊපීඩීපීය තමන්ට දැනුම් දුන් බවය.

පාර්ලිමේන්තුව තුල පාලක සභාග‍ෙය් කොටස්කරුවෙකු ද වන ඊපීඩීපීයට ආරක්ෂක හමුදා සමග කිට්ටුවෙන් වැඩකරන පැරා මිලිටරි බලකායක් ද ඇත. ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි.

ඊපීඩීපීයට සසප සමග වෛරී සහගත දිගු ඉතිහාසයක් ඇත්තේය. එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු 2000 මාර්තු මාසයේ දී සුදර්ශන්ට දේශපාලන කටයුතු නතර කරන ලෙස තර්ජනය කලේය. 2010 ජනාධිපති මැතිවරන උද්ඝෝෂනයේ දී කේ.චිත්‍රකුමාර් ඇතුලු සසප සාමාජිකයන් තිදෙනෙකුට ඊපීඩීපී මැරයෝ පහර දුන්හ.

සසප වෙත මෙම තර්ජන එල්ල කෙරෙන්නේ, කම්කරු පන්තියේ ජීවන තත්වයන් කප්පාදු කිරීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි නිර්දේශ රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට එරෙහිව පලවන විරෝධතා මැඩීමට පෙර සූදානම් වීමක් වශයෙන්ය. සසපට එරෙහි බියවැද්දීමේ ව්‍යාපාරය, කම්කරු පන්තිය සිය ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන උත්සාහයේ දී එයට එල්ල කිරීමට නියමිත පුලුල් ප්‍රහාරයක පෙර නිමිත්තකි.

සසප සාමාජිකයෝ වැඩපලවල විශ්ව විද්‍යාලවල සහ කම්කරු පන්තික ප්‍රදේශයන් තුල ආන්ඩුවේ ක්‍රියාවන්හි දේශපාලන වැදගත්කම පැහැදිලි කිරීමේ උද්ඝෝෂනයක යෙදී සිටිති. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා පොදු පන්ති අවශ්‍යතා ආරක්ෂා කිරීම පිනිස සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සිංහල සහ දෙමල කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සසප සටන් වදියි.

සසප මෙම ප්‍රශ්න පැහැදිලි කිරීම සඳහා කොලඹ දී ප්‍රසිධ රැස්වීමක් පවත්වයි. පෙබරවාරි මස 13 වෙනි දින ප.ව 4.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාර‍යේ දී පවත්වනු ලබන රැස්වීමට සහභාගි වන ලෙස සසප වැඩකරන ජනතාවගෙන් හා තරුනයිගෙන් ඉල්ලා සිටියි.

***

ශී‍්‍ර ලංකාවේ මහ බැංකු සේවක සංගමයේ පහත ප‍්‍රකාශය එහි සභාපති එම්.ඩබ්ලිව්. පියරත්න සහ ලේකම් පී. පේ‍්‍රමසිරි විසින් නිකුත් කරන ලදි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් යාපනයේ පැවැත්වීමට සූදානම් කෙරුනු ප‍්‍රසිද්ධ රැස්වීමක් රාජ්‍යාරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් වලක්වාලීමත් හමුදාවේ සාමාජිකයන් විසින් එම පක්ෂයේ සාමාජිකයන් නීති විරෝධී ලෙස රඳවා ගැනීම, ප‍්‍රශ්න කිරීම හා පසුව ඔවුන්ට පහර දීම මහ බැංකු සේවක සංගමයේ අපි බලවත් ලෙස හෙලා දකිමු. මෙම කි‍්‍රයා සසප මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ගසන ලද බරපතල පහරකි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ තහනමට ලක්ව ඇත්තේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකි. හමුදාවේ කොටස් සසප සාමාජිකයන්ට එරෙහිව කි‍්‍රයා කර ඇත්තේ ජනවාරි 26 දා එම රැස්වීම සඳහා පෝස්ටර් අලවමින් සිටිය දී ය.

සසප රැස්වීමට ශාලාව ලබා නොදීම සඳහා එය බෙදුම්වාදයට සහයෝගය දෙන්නේය යන අභූත චෝදනාවක් ද නගා ඇති බව ද අපට දැනගන්ට ලැබී ඇත. එම චෝදනාව අමූලික බොරුවකි. එම සංවිධානයේ දේශපාලනය ගැන මහ බැංකු සේවක සංගමයට ඉතා හුරුපුරුදු ය. දශක හතරක පමන කාලයක් එම පක්ෂයේ සාමාජිකයෝ අප සංගමයේ නායකත්වයේ ද හිඳිමින් දේශපාලන කි‍්‍රයාකාරීන් ලෙස මූලිකත්වය ගත්හ.

ඔවුන්ගේ නායකත්වය හා මග පෙන්වීම අනුව අප සංගමය කම්කරුවන්ගේ, තරුනයන්ගේ, ගම්බද දුගීන්ගේ, දෙමල පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භීත ලෙස සටන් කර ඇත. අප සංගමයේ සාමාජිකයන්ගේ අයිතීන් රැකීමට ඔවුහු නොපැකිල මූලිකත්වය ගත්හ. උතුරු-නැගෙනහිර හමුදා වාඩිලා ගැනීමට, යුද්ධයට හා දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීමට ද අප සංගමය විරුද්ධත්වය පෑවේ සසප සාමාජිකත්වයේ මග පෙන්වීම මතය.

1988-89 යූඇන්පී ආන්ඩුවේ රාජ්‍ය මර්දනය ද ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රහාර ද කම්කරුවන්ට, දුගීන්ට, බුද්ධිමතුන්ට හා දේශපාලන කි‍්‍රයාකාරීන්ට විරුද්ධව එල්ල වන තතු තුල ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සසප (එවක පෙනී සිටියේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නමිනි) මහ බැංකු සේවක සංගමය ලංකාව තුල ද ඕස්ටේ‍්‍රලියාව ඇතුලු විදේශයන්හි ද කම්කරු පන්තිය අතර බරපතල අරගලයකට යොමු කල බව අපට මතක ඇත.

සසප එල්ටීටීඊයේ බෙදුම්වාදයට මුලූමනින් ම විරුද්ධ බව අපි දනිමු. ශී‍්‍ර ලංකා මහ බැංකුවට 1996 දී එල්ටීටීඊය බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම ඇතුලුව කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට එරෙහිව සිදු කල ත‍්‍රස්ත කි‍්‍රයා සසප තරයේ හෙලා දැක ඇත.

ලංකාවේ ආන්ඩු දෙමල විරෝධී වර්ගවාදය අවුස්සමින් සිංහල-දෙමල කම්කරුවන් භේද කිරීමට කි‍්‍රයා කල අතර එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් සඳහා ව්‍යාපෘතියකින් කම්කරුවන් භේද කිරීමට තමන්ගේ පැත්තෙන් කි‍්‍රයා කලේ ය. සසප සටන් කලේ හා කරන්නේ සිංහල දෙමල කම්කරුවන් සමාජවාදී පදනමකින් එකමුතු කිරීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් කැපවෙමිනි.

ආන්ඩුව සසප ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දීමට පෙරට පැන ඇත්තේ කම්කරු පන්තිය හා දුගී ජනයා මත ආර්ථික අර්බුදයේ බර පැටවීමට අලුත් මට්ටමකින් සූදානම් වන තත්වයක් තුල ය. ඊට එරෙහිව අනිවාර්යයෙන් පැන නගින අරගල මැඩීමට ආන්ඩුව යුද්ධයේ දී මුවහත් කර ගත් මර්දන විධික‍්‍රම තව තවත් උග‍්‍ර කර මුදා හරිනු ඇත.

කම්කරුවන්, තරුනයන් හා අවශේෂ ජනයා තම අයිතීන් රැක ගැනීමට දේශපාලනිකව සූදානම් විය යුතු ය. සසපට එල්ල කර ඇති තර්ජනයන්ට විරුද්ධවීම මෙම සූදානමේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස අපි සලකමු.

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට අත නොතබනු යි ද එහි යාපනය සාමාජිකයන්ට මිලිටරියේ තර්ජන නතර කරනු යි ද අපි තරයේ කියා සිටිමු.

සසප හා එහි සාමාජිකයන් ආරක්ෂා කිරීමට ගෙන යන උද්ඝෝෂනයට අපි සහාය දෙන්නෙමු.

Share this article: