නව වසර ඇර‍‍ඹෙයි

The new year begins

3 January 2012

නව වසර ඇර‍ඹෙනවාත් සමග‚ 2012 වසර කැලඹීම් සහගත දේශපාලන හා සමාජ අරගලයන්ගෙන් සලකුනු වනු ඇතැ යි යන පුලුල් ව පැතිරුනු අව‍බෝධයක් පවතී.

ටියුනීසියාව ද පසුව ඊජිප්තුව ද එයින් පසුව එක්සත් ජනපදය ද ඇතුලුව රටකට පසු තව රටක පුපුරා ගිය සමාජ වි‍රෝධ‍තා හා පසුගිය වසරේ සිදුවීම්, තීව්‍රවන්නා වූ පන්ති ගැටුමේ නව කාලපරි‍ච්ඡේදයක් කරා මාරුවීම සලකුනු ක‍ලේ ය.

ආර්ථික අර්බුදයේ වසර තුනකට වැඩි කාලයකට පසුව‚ කම්කරු පන්තික ජනතාව ධ‍නේශ්වර ක්‍රම‍යේ ආර්ථික හැකියාව ගැන පමනක් නොව, එහි සදාචාරාත්මක සුජාත භාවය පිලිබඳව ද විශ්වාසය නැති කර ගෙන ඇත. 2008 සැප්තැම්බරයේ සිදුවීම් හා ඒවායේ ප්‍රතිවිපාක‚ 1920 අග හා 1930ස් ගනන් තුලින් පැමිනි අය කෙරෙහි මහා අවපාතය ප්‍රගාඪ බලපෑමක් ඇති කල ආකාරයෙන්ම ලොව පුරා ජනතාවගේ විඥානය හැඩගස්වමින් පවතී.

මූල්‍ය හා සංගත ප්‍රභූ‍‍වේ උත්සුකයන් අනුව පාලනය ගෙන යන දේශපාලන නායක‍යින්ට, ජනතාව වෙත පිලිගැන්විය හැකි සාධනීය විසඳුමක් ඇත්තේ නැත. ඊ‍යේට වඩා හෙට හොඳ වනු ඇතැයි යන බලා‍පො‍රොත්තු‍වේ අංශුමාත්‍රයක්වත් ඔවුන්ට පිලිගැන්විය නොහැක. පවතින මංමුලා සහගත මනෝ භාවය, ජර්මානු චාන්ස්ලර් ඇන්‍ජිලා මර්කෙල් නව වසර උදා වෙද්දී කල ප්‍රකාශයන් තුල දැකගත හැකි විය. 2012 යුරෝපය, “කිසිදු සැකයකින් තොරව 2011ට වඩා දුෂ්කර” වන බව හා මහාද්වීපය “ දශක‍ ගනනාවකට පසුව දරුනු ම පරීක්ෂාවට” මුහුන දෙන බවට ඇය අනතුරු ඇඟවූවා ය.

අර්ථශාස්ත්‍රඥ‍යෝ යුරෝපයේ අවපාතයක් පිලිබඳව අනාවැකි පල කරති. 20 වසරකට පෙර අත්සන් කල මාස්ට්‍රිච්ට් ගිවිසු‍මෙන් ස්ථාපිත කල යු‍රෝ‍ මුදලේ පැවත්ම සැක සහිත ය. චීනය ද ඇතුලු ආසියාවේ‚ නිෂ්පාදනය තියුනු ලෙස හැකිලෙමින් තිබෙන අතර‚ ප්‍රතිවිපාකය අපනයනයන්ගේ බිඳවැටීම යි.

අර්බුදයට මුල පිරූ දැවන්ත සම‍පේක්ෂනයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල‚“ප්‍රකෘතිය” පිලිබඳ නිල ප්‍රකාශන, වාර්තාගත දරිද්‍රතා‍ව හා දිගුකාලීන විරැකියාව මගින් නිෂ්ප්‍රභා කෙරෙයි. පසුගිය වසර අතරතුර‚ ජාතික ආදාය‍මෙහි කම්කරු පන්ති‍යේ කොටස‚ එම සංඛ්‍යාලේඛන තැබීම ඇරඹුන දා පටන් එහි පහල ම මට්ටමට වැටී ඇත.

“නව සාමාන්‍ය” නම්, විරැකියාව‚ දරිද්‍රතාව සහ රැකියා හා වැටුප් මත ප්‍රහාරයන් මුදා හැරීම යි. හාත් පස පැති‍රෙන සමාජ අසමානතාවට එරෙහි වි‍රෝධ‍යේ හා ‍පලල්ව පැතිරුන අතෘප්තියේ වර්ධනය පූර්වා‍පේක්ෂා කරමින් පාලක පන්තිය, ප්‍රජාතන්තවාදී අයිතීන්‍හි පැරනි ව්‍යවස්ථාමය ව්‍යුහයන් ක්‍රමානුකූලව ඉවත් කරමින් සිටී. අධිකාරිවාදය හා සම්පූර්න ඒකාධිපතිත්වය දෙසට වන පැද්දීම‚ හැමවිට ම‚ අධිරාජ්‍යවාදී මිලිටරිවාදය තීව්‍ර කිරීම හා බැඳී ඇත. ව්‍යාජ “ත්‍රස්තයට එරෙහි යුද්ධය,” ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ විනාශය සඳහා කඩතුරාවක් ‍ ලෙස පෙර නොවූ විරූ තරම් නග්න ලෙස ක්‍රියා‍වේ යෙදවෙයි.

ඇමරිකානුවන්ගේ අති මහත් බහුතරය දශකයකට පෙර සිතිය නො හැකි යයි සැලකීමට ඉඩ තිබූ පියවර, දැන් දින චරියාවක හෝ එසේ වීමේ අද්දරට හෝ පැමින ඇත. 2011 වර්ෂය‚ විධිමත් ක්‍රියාමාර්ග‍යක නාම මාත්‍රයක්වත් ‍නැතිව, ඇමරිකානු පුරවැසියන් මරා දැමීමට, එක්සත් ජනපද ජනාධිපති විසින් බලය පැවරූ වර්ෂයක් ලෙස සිහි කෙරෙනු ඇත.‍ දෙසැම්බරයේ අවසාන සතියේ දී‚ චෝදනාවේ සාධකමය පදනම කොතරම් නොපැහදිලි ද යන කරුන නොසලකා, “ත්‍රස්තවාදයට” අනුබල දී‍මේ චෝදනා ලත් ඇමරිකානුවන්, හමුදා අධිකරනයට භාර දීමේ පනතකට ඔබාමා අත්සන් තැබී ය.

1930ස් ගනන්වලදී මෙන්ම‚ ආර්ථික අර්බුදය යුද්ධ‍යේ තර්ජනය තීව්‍ර කර යි. ඉරානයට එරෙහි යුද තර්ජනය යටින් පවතින්නේ චීනය සමග විවෘත මිලිටරි ගැටුමක් සඳහා වන එක්සත් ජනපදයේ කුරිරු සූදානම යි. ගෝලීය ආර්ථික හා භූදේශපාලනික උත්සුකයන් සුරැකීමේ මාධ්‍යයක් ලෙස මිලිටරි බලය මත වාරුවන්නේ එක්සත් ජනපදය පමනක් නොවේ. ලිබියාවට බෝම්බ දැමීම, යුරෝපීය අධිරාජ්‍යවාදී ඉතිහාස‍යේ නව හා ලේවැකි පරිච්‍ඡේදයක ආරම්භය සලකුනු කර යි.

2011 දෙසැම්බර් මාසය‚ 1917 ඔක්තෝබර් විප්ලව‍යෙන් මතු වූ රාජ්‍යය වන සෝවියට් සංගමය විසිරුවා හැරීමේ 20වැනි සංවත්සරය සලකුනු කර යි. දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදීන් විසින් 1917 විප්ලවයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල හා ප්‍රතිපත්ති පාවාදීම මගින් සුදානම් කෙරුනු සෝවියට් සංගමයේ අවසානය‚ ධ‍නේශ්වරය තමන්ට ම ශුභ පතා ගැනී‍මේ හා විජ‍යග්‍රහනවාදයේ සැබෑ මධුපා‍නෝත්සවයක ආරම්භය සලකුනු කලේ ය. මාධ්‍ය ප්‍රචාරකයින් පමනක් නොව ශාස්ත්‍රඥයින්‍‍ හමුදාවක් ද සමාජවාදී විප්ලවයේ කාලපරිච්ඡේදය අවසන් වී ඇතැයි ගෝසා කලහ.‍ මෙම ශාස්ත්‍රඥයින්ගෙන් එක් අ‍යෙකු වන ෆ්‍රැන්සිස් පුකුයාමා‚ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ජනිත කල උත්සන්නිය අල්ලා ගෙන, එය “ඉතිහාසයේ අවසානය” යයි බෙරිහන් දුන්නේය. මෙම වැකියේ අර්ථය ඉතා පැහදිලිය: ධනවාදය සදාකල් හි ම පවතිනු ඇත.

පසුගිය අවුරුදු 20 තුල කොතරම් දේ වෙනස් වී ඇත් ද ! ආර්ථික අර්බුදය මධ්‍යයේ‚ ජීවන තත්වයන් සොදාපාලුවීම‚ සමාජ අසමානතාව පලල් වීම‚ ආන්ඩු‍ව නීතිය නොතකා හැරීම‚ පාරිසරික විනාශ හා නිරන්තරව වැ‍ඩෙන නව ලෝක යුද්ධ තර්ජනය, ධ‍නේශ්වරය අසාර්ථක වී ඇතැ යි පිලිගන්නා මහජන මතයක් වර්ධනය කර ඇත. මේ වන විටත් ලෝකය පුරා කෝටි ගනනක් ජනතාව සම්බන්ධ වී ඇති සමාජ අරගලයන්ගේ වර්ධනය‚ ධ‍නවාදයේ වෛෂයික අර්බුදය විසින්, ග්‍රහලෝක‍යේ මූලික විප්ලවවාදී බල‍වේගය වන ජාත්‍යන්තර කම්කරු පන්ති‍යේ ආත්මීය විඥානය ජාත්‍යත්තරීකරනය කරන්නේය යන්න අඟව යි.

හැම විටම ජනතා ව්‍යාපාරයක ආරම්භක අවධීන් තුලදී, අර්බුදයේ ‍ඓතිහාසික පරිමාව හා අරගලයට ඇදී එන ජනතාවගේ පවතින දැනුවත් බව (විඥානය) අතර විශාල පරතරයක් පවතී. එය එසේ නොවිය හැක්කේ කෙ‍සේ ද? ජනතාවට ඉගෙන ගත හැක්කේ අරගලයන්ගේ අත්දැකීම් හරහා පමනි. දශක ගනනාවක දුර්නායකත්වයේ හා පාවාදීමේ ඵලයක් වන දේශපාලන අවමංගතවීම හා ව්‍යාකූලත්වය ඔවුන්ට එක් රැයකින් ජය ගත නොහැක. පැරනි සංවිධාන‚ එනම් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති, ඔවුන්ගේ බලපෑ‍මෙන් ඉතුරු වූ යම් දෙයක් ඇත් නම් එය, සමාජ විරෝධය මැඩීමට හෝ ධනේශ්වර පාලනයට තර්ජනය නොකරන උපායන් තුල රැඳවීම සඳහා ‍හෝ යොදා ගනී.

2011 සමාජ අරගල, දේශපාලන ඉදිරිදර්ශනයන්ගේ හා නායකත්වයේ අතිමහත් ගැටලු ලෝක පරිමානයකින් ප්‍රදර්ශනය ක‍ලේ ය. ජාත්‍යන්තරව පැනනැඟුනු සමාජ විරෝධ‍තා ව්‍යාපාර බොහෝ කොටම‚ සමාජවාදී පදනමක බලය සදහා අරගලය තුල දී කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීමට විරුද්ධ වන වාම- ලිබරල්වාදීන්ගේ‚ ව්‍යාජ-රැඩිකලුන්ගේ හා අර්ධ-අරාජකවාදී ප්‍රවනතාවන්ගේ ආධිපත්‍යය යට‍තේ පවතී.‍ මෙය ධනපති පන්තියට යලි කාන්ඩ ගැසීමට පමනක් නොව‚ ඊජිප්තුව තුල මෙන්‚ විප්ලවවාදී මහජනතාවට එරෙහි ප්‍රහාරයකට පවා ඉඩ කඩ ඔවුන්ට සලසා දී ඇත.

වෝල් වීදිය වාඩිලාගනු හා එක්සත් ජනපදය පුරා පැන නැඟි ඒ සමාන විරෝධතා‚ යන්තම් මාස කිපයක් ඇතුලත පලල් මහජන සහයෝගයක් දිනා ගෙන ඇත. ඔවුන් සමාජ අසමානතාව පිලිබඳව පලල්ව පැතිරුන ක්‍රෝධයට හා පොහොසතුන් විසින් පාලනය කරනු ලබන දේශපාලන පද්ධතියක් කෙරෙහි වෛරයේ හඬක් බවට පත්ව ඇත. ඔබාමා පරිපාලනයට හා ඩි‍මොක්‍රටික් පක්ෂයට දේශපාලනිකව ගැට ගැසුනු මධ්‍යම පන්තික සංවිධාන හා වෘත්තිය සමිති විසින් පාලනය කෙරෙන මෙම ව්‍යාපාරයන්ට, ධ‍නේශ්වර ක්‍රමයට එරෙහි අරගල‍යේ දී කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කැමැත්ත හෝ හැකියාව හෝ නොමැත.

එ‍සේ ද වුවත්‚ 2011 ඇරඹුනු දේශපාලන ‍රැඩිකලීකරනය නව වසරේ දී ද ඉදිරියට යනු ඇත. පාලක පන්තිය මර්දනයට හා යුද්ධවලට තල්ලු කරන‚ ලෝක ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය තුල මුල් බැසගත් එම ප්‍රතිවිරෝධයන් ම, කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය ‍දෙසට තල්ලු කර යි. එහි අයිතීන් හා අවශ්‍යතාවන් ආරක්ෂා කල හැක්කේ සමස්තයක් වශයෙන් සමාජය පරිවර්තනය කිරීම තුල ය‚‍ එනම් දේශපාලන බලය අත්පත්කර ගැනීම හරහා ධනවාදය අවසාන කරමින්‚ මානව වර්ගයාගේ අවශ්‍යතාවන් තුල ‍ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම තුල ය.

වසරක ආරම්භය සම්ප්‍රදායානුකූලව, ‍යෝජනාවන් ඉදිරිපත් කිරීම සඳහා කාලය යි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී සමාජවාදී විප්ලවයේ ‍ලෝක පක්ෂය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ‍ගොඩනගමින් සමාජවාදය සදහා සටන භාර ගැනීමට තීරනය ගන්නා ලෙස ඉල්ලමු.

ඩේවිඩ් ‍නෝර්ත් හා ජෝශප් කි‍ෂෝර්

Share this article: