ශී‍්‍ර ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ කි‍්‍රයා උසිගන්වයි

Sri Lankan army instigates violence against Jaffna SEP members

By the Socialist Equality Party (Sri Lanka) , 28 January 2012

බ‍්‍රහස්පතින්දා සවස, යාපනයේ ශී‍්‍ර ලංකා හමුදා සොල්දාදුවෝ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස ඔවුන්ගෙන් ප‍්‍රශ්න කොට, පසුව ඔවුන්ට එරෙහිව ශාරීරික ප‍්‍රහාරයක් ද සංවිධානය කලහ. සසප, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් යොදවනු ලැබ ඇති රාජ්‍ය හමුදා පක්ෂයේ හා එහි සාමාජිකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව එල්ල කර තිබෙන මෙම නිහීන ප‍්‍රහාරය හෙලා දකී.

හමුදාව මීට දෙවසරකට වැඩි කලකට පෙර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කලේ වී නමුදු, දිවයිනේ සමස්ත උතුරු හා නැගෙනහිර පලාත් දැවැන්ත මිලිටරි වාඩිලෑමක් යටතේ පවතී. මෙම පලාත්වල, විශේෂයෙන් ම උතුරේ යාපන අර්ධද්වීපය තුල, මිලිටරියට පුලුල් බලතල ඇත.

සසප සාමාජිකයන් දෙදෙනා -- රාසේන්ද්‍රන් සුදර්ශන් (41) සහ මුතුලිංගම් මුරුගානන්දන් (40) -- ඉරිදා යාපනයේ දී පැවැත්වීමට නියමිත සසප ප‍්‍රසිද්ධ රැස්වීමක් සඳහා පෝස්ටර් අලවමින් සිටියහ. හෙලිදරව් නොකෙරුනු රැඳවුම් කඳවුරු තුල මිලිටරිය විසින් රඳවාගෙන සිටින සියලු දේශපාලන සිරුකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින සිය උද්ඝෝෂනයේ කොටසක් ලෙස සසප මෙම රැස්වීම සංවිධානය කලේය.

සවස 4ට පමන යාපනය නගරයට නුදුරු ගුරුනගර්හි මාලු වෙලඳ පොල අසල සුදර්ශන් හා මුරුගානන්දන් පෝස්ටර් අලවමින් සිටිය දී නිල ඇඳුමෙන් සැරසුනු සොල්දාදුවන් තිදෙනෙක් ඔවුන්ව නිරීක්ෂනය කරමින් සිටියහ. සසප සාමාජිකයන් තමන් වෙත කැඳවූ ඔවුහු පක්ෂය ආන්ඩුවෙන් හා මිලිටරියෙන් අවසර ලබා ගෙන ඇත්දැයි විමසූහ.

ශාලාවක් තුල පැවැත්වෙන රැස්වීමක් සඳහා පොලිස් අවසරයක් අවශ්‍ය නොවන බව සුදර්ශන් හා මුරුගානන්දන් පැවසූහ. නිලධාරියෙකු පැමිනෙන තෙක් ඔවුන් සිටිය යුතු යයි පවසමින් සොල්දාදුවෝ සසප සාමාජිකයන් රඳවා ගත්හ.

මිනිත්තු 10ක් ඇතුලත එහි පැමිනුනු නිලධාරියා, පක්ෂ නායකයාගේ හා යාපනයේ පක්ෂ සංවිධායකයාගේ නම් ඇතුලු විස්තර ඉල්ලා සිටියේය. සුදර්ශන්ගේ හා මුරුගානන්දන්ගේ ලිපින, ඔවුන්ගේ දුරකතන අංක සහ ඔවුන්ගේ ජංගම දුරකතනවල තිබූ ඔවුන්ගේ සබඳතාවන්ගේ දුරකතන අංක ඔහු සටහන් කර ගත්තේය.

නිලධාරියා ප‍්‍රශ්න කරමින් සිටින අතරතුර, සිවිල් ඇඳුමෙන් සැරසුනු තවත් සොල්දාදුවන් හය දෙනෙක් යතුරුපැදිවලින් එහි ලඟා වූහ. සසප සිය පෝස්ටර් මුද්‍රනය කලේ කොහිද ඒවා මුද්‍රනය සඳහා මුදල් ලැබුනේ කොහෙන්ද යන්න දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. සසප සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත්වලින් විස්තර සටහන් කරගත් ඔවුහු ඔවුන් වෙනවෙනම ඡායාරූප ගත කලහ.

සවස 4.45ට පමන, "ප‍්‍රශ්නයක් නෑ” යයි පවසමින්, හමුදා නිලධාරියා සුදර්ශන් හා මුරුගානන්දන් නිදහස් කලේ ය. එකම ප‍්‍රශ්නය පොලිස් අවසරය ලබා නොගැනීම යයි ඔහු පැවසීය. සොල්දාදුවෝ හොඳ මූනක් පෙන්වීමට උත්සාහ කල නමුත් අත්අඩංගුවට ගත් පෝස්ටර් ආපසු දීම ප‍්‍රතික්ෂේප කලහ.

මෙම සියලු කි‍්‍රයා -- සසප සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ විස්තර හා ඡායාරූප ලබාගැනීම -- නීතිවිරෝධී ය. එහෙත්, මෙම සිද්ධිය එලිදරව් කරන පරිදි, ආරක්ෂක හමුදාවන් නීතිය උල්ලංඝනය කරන්නේ, යාපනයේ "සිවිල් පාලනය” තහවුරු කර ඇති බවට ආන්ඩුව කරන කියාපෑම් විහිලුවක් බවට පත්කරමිනි.

සුදර්ශන් හා මුරුගානන්දන් පිටත්ව ගිය මුත් නිලධාරියා හා සොල්දාදුවන් යතුරුපැදිවල නැගී -- සමහරෙක් ඉදිරියෙන් ද තවත් සමහරෙක් පිටුපසින් ද -- ඔවුන් නිරීක්ෂනය කරමින් පැමිනියහ. සසප සාමාජිකයන් පෙට‍්‍රල් පිරවුම්හලක් අසල නතර කල අතර හමුදා නිලධාරියා කෙනෙකුට දුරකතන ඇමතුමක් ගන්නා අයුරු ඔවුහු දුටුවහ. ඔවුන් එතැනින් පිටත් වනවාත් සමග ම, හදිසියේ එහි කඩාවැදුනු පුද්ගලයෙක් "අඩා” යනුවෙන් කෑගසා, සොල්දාදුවන් බලා සිටිය දී සසප සාමාජිකයන්ට පහර දුන්නේය. සුදර්ශන් හා මුරුගානන්දන් ඔවුන්ගේ යතුරුපැදියෙන් බිමට වැටුනු අතර තුවාල නොලබා බේරීමට ඔවුහු සමත් වූහ.

මැරයා සිවිල් ඇඳුමින් පැමිනි සොල්දාදුවකු හෝ මිලිටරිය සමග සහයෝගීව කි‍්‍රයා කරන සන්නද්ධ කන්ඩායමක සාමාජිකයකු වීමට බෙහෙවින්ම ඉඩ තිබේ.

යාපනයේ පොලීසිය, ඊයේ සසප සාමාජිකයන් විසින් කරන ලද විධිමත් පැමිනිල්ලක් භාරගත්තේ අකැමැත්තෙනි. සුදර්ශන්ගේ යතුරුපැදිය ඊයේ යාපනය පොලිස් ස්ථානයට ගෙන එන ලද නමුත් ඒ කවුරුන් විසින් දැයි පැවසීම පොලීසිය ප‍්‍රතික්ෂේප කලේය. මිලිටරිය සම්බන්ධ සිද්ධීන්ට එරෙහිව මොන යම් හෝ කි‍්‍රයාමාර්ගයක් ගැනීම පොලීසිය සාමාන්‍යයෙන් මගහරී.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සසපට, එල්ටීටීඊයට එරෙහි යුද්ධයට විරුද්ධ වීම ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම ද සම්බන්ධයෙන් අකලංක වාර්තාවක් පවතී. එල්ටීටීඊ බෙදුම්වාදයට කිසිදු දේශපාලන සහනයක් නොදී, උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කිරීමේ ඉල්ලීම, එය ස්ථිරසාරව ඉදිරිපත් කර ඇත.

යුද්ධයේ අතිශය දුෂ්කර කොන්දේසි ද දැන් මිලිටරි වාඩිලෑමක් ද යටතේ, යාපනයේ සසප සාමාජිකයන් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් වැද තිබේ. දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ස්ථාපිත කරනු ඇති ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ඒකාබද්ධ අරගලයක් තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බලමුලූගැන්වීම එයට ඇතුලත් වේ.

සුදර්ශන් හා මුරුගානන්දන් උද්ඝෝෂනය කරමින් සිටි සසප රැස්වීම පදනම් වන්නේ මෙම කි‍්‍රයාමාර්ගය මතය. යුද්ධය තුල දී හා ඉන් පසුව "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස නඩු විභාග නොමැතිව රඳවා ගෙන සිටින බොහෝසෙයින් දෙමල ජනයාගෙන් සමන්විත දහස් සංඛ්‍යාත දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස පක්ෂය ඉල්ලා සිටී.

මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ එහි අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස, සසප ශී‍්‍ර ලංකා මිලිටරියේ හා පොලීසියේ ඉලක්කයක් බවට පත්ව ඇත. යුද්ධය තුල දී, මිලිටරිය සමග සහයෝගීව කි‍්‍රයාත්මක වූ ආන්ඩු-ගැති ඝාතක කල්ලි විසින් සිය ගනනක් පැහැරගෙන හා මරා දමා තිබේ. 2007 මාර්තුවේ දී, සසප සාමාජික නඩරාජා විමලේෂ්වරන් හා ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන් වේලනෙයිහි දී අතුරුදහන් වූහ. අවසාන වතාවට දකින විට ඔවුහු නාවික හමුදා මුරපොලක් දෙසට ගමන් කරමින් සිටියහ.

මිලිටරි වාඩිලෑම සහ රුදුරු ජීවන කොන්දේසි සම්බන්ධයෙන් දෙමල ජනයා අතර වැඩෙන වෛරය පිලිබඳව ආන්ඩුව හා මිලිටරිය පැහැදිලිව ම බියට පත්ව සිටී. උතුරේ මෙම අසහනකාරී තත්වය වර්ධනය වන්නේ, දකුනේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා ගොවීන් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වර්ජනවල හා විරෝධතාවල වඩවඩා නිමග්න වන තතු යටතේ ය යන්න පිලිබඳව ඔවුහු විශේෂයෙන් ම කනස්සල්ලට පත්ව ඇත.

මිලිටරිය, උතුරේ විරෝධතා හා සෙසු දේශපාලන කි‍්‍රයාකාරකම් මැඩීමේ සිය ප‍්‍රයත්නයන් උත්සන්න කර තිබේ. ජනවාරි 17දා ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩුනු කන්ඩායමක් වන ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් සිය කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු අතුරුදහන් වීම පිලිබඳව විරෝධතාවක් සංවිධානය කිරීම පිනිස යාපනයට යාම වැලැක්වීමට හමුදාව මැදිහත්විය.

ජනවාරි 20 දා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යාපනයේ පැවැත්වෙන විරෝධතා කිසිදු වැදගම්මකට නැති දේවල් ලෙස නොතකා හරිමින් එලෙස අතුරුදහන්වූවන් "ත‍්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීය. ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: "මේ මිනිස්සු, අතුරුදහන් වුනා යයි කියන අයගේ පින්තූර උස්සගෙන, නීතිවිරෝධී සංවිධානයකට සම්බන්ධ ඒ අය ගැන සොයා බලන්න කියනවා. සන්නද්ධ හමුදාවන්ට මේ ත‍්‍රස්තවාදීන් ගැන වගකියන්න බැහැ.”

එම සතියේ ම, පුනරුත්ථාපන කොමසාරින් මේජර් ජෙනරාල් චන්දන රාජගුරු අනතුරු ඇඟවූයේ, ඔවුන් ආන්ඩුව පෙරලාදැමීමට උත්සාහ කරන සංවිධානයකට බැඳුන හොත් නිදහස් කල ඕනෑම දේශපාලන සිරකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මිලිටරිය කි‍්‍රයා කරන බවයි. අතුරුදහන්වූවන් ගැන සොයා බලන ලෙස හෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස හෝ කරන ඕනෑම ඉල්ලීමක් ඉවසීමට ආන්ඩුව සූදානම් නැති බව මෙම අදහස් දැක්වීම්වලින් අනතුරු ඇඟවෙයි.

සසප, පක්ෂය ද දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම ඇතුලු සිය කි‍්‍රයාමාර්ගය සඳහා ගෙන අරගලය ද ආරක්ෂා කිරීමේ තම උද්ඝෝෂනය තීව‍්‍ර කරනු ඇත. යාපනයේ සිය සාමාජිකයන්ට සිදුවූ දෙය පැහැදිලි කරනු පිනිස පක්ෂය ඊයේ හොඳ සහභාගිත්වයක් සහිත ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

අපගේ සාමාජිකයන්ට එරෙහි හමුදාවේ ප‍්‍රචන්ඩ කි‍්‍රයා හෙලා දකින ලෙස ද අපගේ පක්ෂය ආරක්ෂා කරන ලෙස ද සසප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. එවන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම යොදාගැනීම, කම්කරු පන්තියට සිය මූලික අයිතීන් වෙනුවෙන් අරගලයට එලඹෙන කල සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව යොදා ගැනීමට ආන්ඩුව හා ආරක්ෂක හමුදාවන් සූදානම් කරන පොලිස්-රාජ්‍ය මර්දනය පිලිබඳ අනතුරු ඇඟවීමකි.

Share this article: