කිව්බෙක් ශිෂ්‍ය වර්ජනය සන්ධිස්ථානයක

Quebec student strike at the crossroads

13 July 2012

විශ්වවිද්‍යාල උපකාරක පන්ති ගාස්තු ඉහල නැංවීමට එරෙහි විශ්වවිදාල ශිෂ්‍යයින්ගේ මාස පහක් දීර්ඝ පන්ති වර්ජනය හා වැඩවර්ජන නීතිවිරෝධී කරන හා පෙලපාලි දැක්වීමට ඇති අයිතිය සීමා කරන නීතියක් වන 78 දරන පනතට එරෙහි ඔවුන්ගේ නිර්භීත විරෝධතා, පලාත් ලිබරල් ආන්ඩුව හා සමස්ත කැනේඩියානු පාලක පන්තිය ම සොලවා දමා ඇත. එසේ නමුත් වර්ජනයේ ඉරනම පවත්නේ වැට උඩය.

වර්ජනයට ඇදී ආ විශ්වවිද්‍යාල, පූර්ව-විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල, අගෝස්තුවේ දී නැවත පටන් ගන්නා විට, පෙර නොවූ විරූ පොලිස් බලමුලු ගැන්වීමක් සඳහා ආන්ඩුව, 78 පනත යටතේ පැනවූ ශීත කාල‍යේ තුන්මසක පාසල් වාර තහනම ප්‍රයෝජනයට ගනිමින් සිටී.

වෘත්තීය සමිති ක්‍රමානුකූලව වර්ජනය හුදකලා කරමින් හා එහි පරාජය සඳහා වැඩ කරමින් සිටී. 78 පනත ගෙන ඒමෙන් පසුව වැඩිකලක් යාමට පෙර, වැඩවර්ජනය බිඳ දැමී‍මේ දී ආන්ඩුවට සහාය දැක්වීම සහතික කිරීම පිනිස තමන්ට කල හැකි සියල්ල කිරීමට නීත්‍යානුකූව බලකරන ප්‍රතිපාදන ඇතුලත් පනතට, තමන් හිස නමන බව කිව්බෙක් වෘත්තීය සමිති සම්මේලනය, ගුරුවරු සහ විශ්වවිද්‍යාල, පොදු හා වෘත්තීය විද්‍යාල හා කාර්මික විද්‍යාල කාර්ය මන්ඩල කියා සිටියහ.

ඉංග්‍රීසි කැනඩාවේ (කිව්බෙක් හැර අවශේෂ කැනඩාව) වෘත්තීය සමිතිවල පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එන්ඩීචී) "ප්‍රාදේශීය කාරනා” යන ව්‍යාජ පදනම මත ශිෂ්‍යයන්ට අඩුතරමින් නාමික සහාය දැක්වීමක් ලෙස හෝ 78 පනතට විරුද්ධවීම ප්‍රතික්ෂේප කර ඇත.

වැඩිකොටම එහි බලපෑම යටතේ කිව්බෙක් වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන, ශිෂ්‍ය වර්ජනය හා 78 පනතට එරෙහිව පිපිරුන පුලුල් විරෝධතා ව්‍යාපාරය, මහා ව්‍යාපාරිකයන්ගේ පාටි කිව්බිකෝස් පක්ෂයේ මැතිවරන ව්‍යාපාරය පිටුපස ගැට ගැසී‍ෙම් උත්සාහයක නිරතව සිටී. පලාතේ විශාල ම වෘත්තීය සමිති සංවිධානය වන කම්කරුවන්ගේ කිව්බෙක් සම්මේලනය "වීදිවලින් පසු ඡන්ද පෙට්ටියට” යනුවෙන් හඬ නැගූහ.

කිව්බෙක්හි, කැනඩාව හා ලෝකය පුරා ශිෂ්‍යයන්, පසුගිය මාස පහේ පාඩම් උකහා ගත යුතු ය. අධ්‍යාපනය සමාජ අයිතියක් ලෙස පිලිගැනීම සඳහා වන ශිෂ්‍යයින්ගේ ඉල්ලීම, කිව්බෙක් ලිබරල් ආන්ඩුව සමග පමනක් නොව සමස්ත කැනේඩියානු පාලක පන්තිය, එහි උසාවි හා පොලීසිය සමග මුහුනට මුහුන ලා ගැටුමකට පමුනුවා ඇත.

ඒ මන් ද කිවහොත්, තවමත් සංඥාවක් ලෙස පැවතුනත් වර්ජනය, කැනඩාව තුල හා ලෝකය වටා පාලක පන්තියේ ප්‍රධාන මූලෝපායට අභියෝග කර ඇති බැවිනි. සෑම තැනක ම, මහා ව්‍යාපාර හා එහි දේශපාලන නියෝජිතයෝ මහජන සේවාවන් විනාශ කිරීම සහ රැකියා හා වැටුප්වල දැවැන්ත කප්පාදු මගින් මහා අවපාතයෙන් පසු ලෝක ධනවාදයේ ගැඹුරු ම අර්බුදයේ වන්දිය කම්කරු පන්ති‍යෙන් පියවා ගැනීමට අධිෂ්ඨාන සහගතව සිටින බැවිනි.

තමන්ගේ සටන පුලුල් කිරීමට නම් සිසුන්, පාලක පන්තියේ කප්පාදු වැඩසටහනට එරෙහිව නිශ්චිතව අභියෝග කල යුතු ය. සියලු ම රැකියා හා මහජන සේවා ආරක්ෂා කිරීම සඳහා හා කම්කරු ආන්ඩුවක් බලයට ගෙන ඒම අරමුනු කරගත්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා කිව්බෙක් හා උතුරු ඇමරිකාව පුරා කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයේ උත්ප්‍රේරකය බවට පත් වෙමින් ඔවුන්, තම සටන දේශපාලනිකව හා ප්‍රදේශ බදව පුලුල් කල යුතු ය.

පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතා ඉටු කිරීම සඳහා, ආර්ථිකය විප්ලවවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම මගින් පමනි කම්කරු පන්තියට මහා ව්‍යාපාරයන්ගේ ග්‍රහනය බිඳ දැමිය හැක්කේ.

වර්ජනයට ආරම්භකත්වය සැපයූ හා 78 දරන පනත පිටුදැකී‍ෙම් අරගලය මෙහෙය වූ සංවිධානය වන ක්ලාසි (CLASSE -කැනඩාව තුල වඩාත් සටන්කාමී ශිෂ්‍ය සංවිධානය ලෙස හැඳින් වේ ) ඇතුලු ශිෂ්‍ය සංවිධානයන්ගේ ඉදිරිදර්ශනය ඊට මුහුන දීමේදී පැහදිලිව ම අසාර්ථක වී ඇත.

කිව්බෙක් ප්‍රාන්ත ලිබරල් ආන්ඩුවේ හා කොන්සර්වේටිව් ෆෙඩරල් ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට එරෙහි ‍ෙමානයම්ම හෝ පුලුල් අභියෝගයකින් ශිෂ්‍ය අරගලය වෙන් කෙරුන, හුදකලා විරෝධතාවක් මගින් ටියුෂන් ගාස්තු නැංවීම අත්හැර දැමීමට ආන්ඩුවට පීඩනය යෙදිය හැකි යයි ශිෂ්‍ය සංවිධාන අවධාරනය කලහ. විරෝධතාවන්ට ඉඩ දෙනවා වෙනුවට, කිව්බෙක් ලිබරල් ආන්ඩුව, 78 පනත උපයෝගි කර ගනිමින් පෙර නො වූ විරූ පොලිස් මර්දනයක් මුදාහලේය.

78 පනතට පිලිතුරු වශයෙන් බොහෝ ශිෂ්‍යයින් වර්ජනය පලල් කිරීමට බලකිරීමත් යෙදීමත් සමග ක්ලාසි, "සමාජ වර්ජනයක්” සඳහා ඉල්ලීම මතු කලේ ය. කෙසේ නමුත් මෙම ඉල්ලීම ක්ලාසිහි මධ්‍යම පන්තික නැඹුරුවේ ඉදිරි පියවරක් මිස ඉන් වෙන්වීමක් නියෝජනය නොකලේ ය.

ධනපති වි‍රෝධී අරගල ප්‍රවනතා හා අනෙකුත් අරාජක කන්ඩායම් විසින් ප්‍රවර්ධනය කෙරුනු සංකල්පයක් වන ඊනියා "සමාජ වැඩවර්ජන”, වියහැකි ලෙසම, කම්කරුවන් විසින් කෙරෙන ඇතම් සීමිත ක්‍රියාකාරකම් ද සහිත පුලුල් විරෝධතාවකි. කෙසේ නමුත්, එය චාරස්ට්ගේ ලිබරල් ආන්ඩුව පලවා හැරීම හා සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවුන කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය වර්ධනය කිරීමට එල්ල වුන දේශපාලන මහා වැඩවර්ජනයකට හතුරු ය.

දේශපාලන වෘත්තිය ක්‍රියාවක් ඇඟවෙන ඕනෑම දෙයක්, එය එක් දවසක ක්‍රියාවක් වුවත්, වෘත්තීය සමිතිවලට එය වහකදුරු ය. සමාජ වැඩවර්ජනයක් ප්‍රවර්ධනය කරන රැඩිකලුන්ට එරෙහිව අවවාද කරමින් හා කැනඩාවේ සෙසු වෘත්තීය සමිති ශිෂ්‍යයින්ට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කල යුතු යයි ඉල්ලා සිටිමින්, කිව්බෙක් කම්කරු සම්මේලනයේ (කිකස) සභාපති මයිකල් ආර්සනෝල්ට් කැනේඩියානු කම්කරු කොන්ග්‍රසයට ලියා දැන්වී ය. කිව්බෙක්හි දෙවැනි විශාල ම වෘත්තීය සමිති සම්මේලනය වන ජාතික වෘත්තීය සමිතිවල සන්ධානයේ සභාපති ලුයිස් රෝයි ක්ලාසි ද සම සාමාජිකයන් වූ පොදු වේදිකාවක දී, සමාජ වැඩ වර්ජනයට පක්ෂව කතා කල එහි කථිකයෙකුට ප්‍රසිද්ධියේ බැන වැදුනේ ය.

මෙම විරුද්ධත්වයට මුහුන දීමත් සමග ක්ලාසි, සමාජ වැඩවර්ජනය පිලිබඳ සියලු කතා නවතා දැමී ය. එහි නායකයින් ජූනි 22දා මොන්ට්‍රියල් හා කිව්බෙක් නගර වල පැවති විශාල පෙලපාලිවලදී මේ ගැන සඳහන් කලේ වත් නැත. එමෙන් ම ඊලඟ සති තුන තුලදී ද සැබවින් ම වර්ජනය ගැන කිසිවක් කීවේ නැත.

12දා මෙම නිහඬියාව අවසන් විය. ක්ලාසි "ප්‍රකාශනයක් ” නිකුත් කල අතර, එය එහි නායකයින් පසුගිය මාස පහ තුල කිසිවක් ඉගෙන නැති බව හා වැඩවර්ජනය පාවාදීමේ වෘත්තීය සමිතිවලම උපාංගයක් බවට වේගයෙන් පරිවර්තනය වන බව පෙන්ව යි.

එය, කිව්බෙක් ප්‍රජාතන්ත්‍රකරනය සඳහා "මහජන අරගලයක් ” වී ඇති බව කියන ප්‍රකාශනය, ශිෂ්‍ය වර්ජනය ටියුෂන් ගාස්තු වැඩිකිරීම පිලිබඳ කාරනය බෙහෙවින් ඉක්මවා ගොස් ඇතැ යි පිලිගත්තේ ය. "මහජනයා” පිලිබඳ කතාවලින් පිරී ඇති එය කම්කරු පන්තිය ගැන ඉතා කෙටි සඳහනක් කරන අතර, පීඩිත හා "ආන්තික” කන්ඩායම් පිලිබඳ දීර්ඝ ලැයිස්තුවෙන් ඉවත් කරන ලද එක ම කොටස එයයි.

එය ධනවාදය ගැන සඳහන් කරන්නේ නැත. ලෝක ධනවාදයේ අර්බුදය හා ග්‍රීසියේ සිට, ස්පාඤ්ඤය හා ඊජිප්තුව දක්වා මුදාහැර තිබෙන කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ගැන කියනුම කවරේ ද? එක්සත් ජනපද ශිෂ්‍යයන් මුහුන දෙන දැවන්ත නය කන්දරාව ගැන කිව්බෙක් ශිෂ්‍යයින් හොඳින් දැන සිටිනවා මෙන්ම, එය ඔවුන්ගේ සටන සඳහා හේතුවක් ලෙස නිතර සඳහන් කල ද, කිව්බෙක්වලින් එහා වර්ධනයන් ක්ලාසි ප්‍රකාශය තුල සඳහන් කිරීමට තරම් යෝග්‍ය නොවනවා සේය.

කිව්බෙක් පිලිබඳ විශේෂ අවධානය තිබිය දී ම, පිටු අටක ප්‍රකාශනය, කිව්බෙකෝයිස් පක්ෂය ගැන හා වර්ජනය දියකර හැරීමට හා කිව්බෙකෝයිස් පක්ෂය නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපාරය තුලට එය හරවා යැවීමට වෘත්තීය සමිති දරන උත්සාහය පිලිබඳව සඳහන් කිරීමට අසමත් වෙයි. කිව්බෙකෝයිස් පක්ෂය කිව්බෙක් ඉතිහාසයේ දැවන්ත ම සමාජ සේවා වියදම් කප්පාදු ක්‍රියාත්මක කල පක්ෂය යි.

සමාප්ත වාක්‍යය සමාජ වර්ජනය ගැන සඳහන් කරන නමුත් එය එසේ කරන්නේ, පුලුල් විරෝධතාවක අපේක්ෂාව පවා ඉලක්කයකට වඩා බලාපොරොත්තුවක් ලෙස දකිමිනි. එය කවුරු, කවරදා, කුමන අන්තයක් වෙත ගෙන යන්නේ ද යන්න ගැන එය වචනයක් හෝ නොකිය යි. තමන් අවංක කම්කරු පන්තික සංවිධානයක් හා ශිෂ්‍යයන්ගේ මිතුරෙකු ලෙස ප්‍රවර්ධනය කිරීම දිගට ම ගෙන යන ක්ලාසි, නැවතත් සැබවින් ම වෘත්තීය සමිතිවල පීඩනයට ඉඩදෙමින් සිටී.

ඔවුන්ගේ ප්‍රකාශනය නිකුත් කිරිමට දිනකට පෙර, ක්ලාසි නායකයින් ගනනාවක්, කියුබෙක් කම්කරු සම්මේනයේ සභාපති මයිකල් ආර්සනෝල්ට් මුනුගැසුනහ. ඒ වර්ජනයේ නිරත ශිෂ්‍යයින් හුදකලා කරන ලෙස කියා සිටිමින් ඔහු කැනේඩියානු කම්කරු කොන්ග්‍රසයට යැවූ ලිපිය ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමටය. ක්ලාසි සන්නිවේදන ලේකම්, ලුඩ්විග් මෝකුයින් බෝඩ්‍රි, "ඔවුන් හොඳ සහායක් පල කරන බව අපි විශ්වාස කරන්නෙමු” යයි පවසමින් කිකපෙ තමන් වෙත, එහි සහයෝගය යලි යලිත් ප්‍රකාශ කර ඇතැ යි පැවසී ය.

කිකපෙ එල්ලෙන මිනිසාට කඹය දෙන ආකාරයෙන් ශිෂ්‍ය වර්ජනයට "සහාය දෙයි”. ලෝකය පුරා ක්‍රියාත්මක සමිති මෙන් ම කිව්බෙක්වල වෘත්තීය සමිති ද කම්කරු සංවිධාන නොවේ. කම්කරු පන්තිය මර්දනය කරන මහා ව්‍යාපාරයන්ගේ හා ආන්ඩුවල මුක්කු කරුවන් ය. කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මෙම ව්‍යාජ ධනේශ්වර සංවිධාන හරහා සිදු නොවෙ යි. එය කල හැක්කේ ඔවුන්ගෙන් දේශපාලනිකව හා සංවිධානාත්මකව වෙන් වෙමින් කම්කරු පන්ති අරගලයේ නව සංවිධාන වර්ධනය කිරීම හරහා පමනි.

සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කිව්බෙක් ශිෂ්‍ය වර්ජනය නැවත දියත් කල යුතු ය. ඔවුන්ට එරෙහිව එල්ල කර ඇති රාජ්‍ය මර්දන ව්‍යාපාරයට උත්තර දිය හැක්කේත්, අධ්‍යාපනය සමාජ අයිතියක් ලෙස පිලිගැනීම සඳහා වන සාධාරන ඉල්ලීම ආරක්ෂා කල හැක්කේත්, කම්කරු පන්තියේ පුලුල් ම ස්ථරයන් දෙසට හැරීමෙන්, අරගලය සීමා කොට ඇති පටු කිව්බෙක් රාමුවෙන් බෙදී වෙන්වීමෙන් හා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩසටහනකින් සන්නද්ධ කල කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක වර්ධනය සඳහා සටන් කිරීමෙන් පමනි.

කීත් ජෝන්ස්

Share this article: