යුරෝපීය රාජ්‍ය මූල්‍ය ගිවිසුම

The European fiscal pact

5 March 2012

යුරෝපීය ආර්ථිකය සංකෝචනය වන තතු තුල පවා මාර්තු 02දා යුරෝපීය සංගමය, රාජ්‍ය මූල්‍ය ගිවිසුමක් නිල වශයෙන් අනුමත කිරීමෙන් සලකුනු කරන්නේ, එහි ගැඹුරින්ම ප්‍රතිගාමී හා කම්කරු පන්ති විරෝධී ස්වභාවයයි.

ඓතිහාසික අත්දැකීම් පෙන්වා දෙන්නේ, පොදු කාර්ය පිරිවැයේ කපාහැරීම් මූලික අවපාතය ගැඹුරු කරන බවයි. තනිකරම අයවැය ඉදිරිදර්ශනයක් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ගිවිසුම විකාරයකි. ග්‍රීසියේ උදාහරනය පෙන්වන්නේ ප්‍රධාන අවපාතයෙන් ජනනනය කල රාජ්‍ය ආදායමේ හිඟය, වියදම් කප්පාදුව මගින් ඇතිකල කුමන හෝ ඉතිරි කිරීම් ඉක්මවන බවත්, අවසාන වශයෙන් අයවැය හිඟය හා ජාතික නය අවම කරනවා වෙනුවට ඒවා තවත් ඉහල නංවන බවත්ය.

බ්‍රසල්ස්හි පසුගිය 02දා පැවැත්වූ යුරෝපීය සංගම් සමලුවේ දී, එහි පෙනී සිටි රාජ්‍ය නායකයින්, රාජ්‍ය මූල්‍ය ගිවිසුම අනුමත කිරීමේ දී මෙම කාරනය ගැන නොදැන සිටි බව විශ්වාසයට ගැනීම වරදක් වනු ඇත. ඒ වෙනුවට ඔවුන් හිතා මතාම අවපාතය කඩාපාත් කිරීමේ උත්සාහයක නිරත වූයේ, නිශ්චිත දේශපාලන හා පන්ති ප්‍රශ්න මුල්කරගෙන ය. මහා විරැකියාව, කම්කරුවන්ගේ වේතන කපා හෙලන, පොදු සේවාවන් හා සමාජ සහන බිඳ විසුරුවන කම්පන ප්‍රතිකර්මයක් ලෙස යොදාගැනීමට ඔවුන් අරමුනු කරගෙන තිබුනි.

කම්කරු පන්තියට පහරදීම පිනිස යෝග්‍ය වාතාවරනයක් නිර්මානය කර ගැනීමට පාලක පන්තිය විසින් හිතා මතාම අවපාතයක් කඩාපාත්කල ප්‍රථම අවස්ථාව ද මෙය නොවේ. 1981දී එක්සත් ජනපද මහ බැංකුව සිය පාදක පොලී අනුපාත පෙර නොවූ විරූ සියයට 20ක මට්ටමකට ඔසවනු ලැබූ අතර නිවාස, මෝටර් රථ හා පාරිභෝගික භාන්ඩ මිලට ගැනීම් හිර කර, කම්හල් වැසීම හා ව්‍යාපාර බංකොලොත්වීම් මාලාවක් නිර්මානය කලේය. එහි ප්‍රතිපලය දෙවන ලෝක සංග්‍රාමයට පසුව ඇතිවූ ගැඹුරුම අවපාතයයි.

වෘත්තීය සමිති නායකයින්ගේ ද්‍රෝහිත්වය තිබිය දී ම, ඉහල නගින උද්ධමනයට මුහුන දීමට සරිලන වැටුප් මට්ටම් දිනා ගැනීම පිනිස වැඩවර්ජන මාලාවකට එලඹෙමින්, කම්කරු පන්තිය වෙතින් එල්ල වූ සටන්කාමී ප්‍රතිරෝධයේ බලපෑම සහිත කම්කරු ව්‍යාපාරයේ කොන්ද බිඳීම එහි අරමුන විය. මෙම ව්‍යාපාරයේ කුලුගැන්වීම, 1977-78 කාලයේ ලක්ෂයක් ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ දින 111ක වැඩ වර්ජනයයි. පතල් කම්කරුවන් ආපසු වැඩට යැවීම පිනිස ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් ගෙන ආ තහනම් නියෝගය ඔවුන් නොතකා හැරියහ.

පශ්චාත් යුද්ධ අවධියේ ඉහලම මට්ටම් කරා පොලී අනුපාත නැංවීමට වගකිවයුතු මහ බැංකු ප්‍රධානී පෝල් වෝකර්, කාටර් විසින් එම තනතුරට පත් කලේ 1979දී ය. කාටර්ගේ අනුප්‍රාප්තිකයාවූ රිපබ්ලිකානු රෙනල්ඩ් රේගන් යටතේ ද එම තනතුරේ රැඳී සිටිමින් ඔහු, කර්මාන්තයේ අඩු ලාභදායී අංශ බිඳ විසුරුවා හැරීමට තුඩුදුන් "ප්‍රතිකාර්මිකකරනයේ” හා එක්සත් ජනපද ආර්ථිකය නිෂ්පාදනයේ සිට මූල්‍ය සමපේක්ෂනය හා උපාමාරු දැමීම් වෙත මාරු කල පිලිවෙතක් ගෙන ගියේය.

පූර්ව දශකයන්හි කම්කරු පන්ති අරගලයන්ගෙන් දිනාගත් සියලු ජයග්‍රහන කනපිට හැරවීමේ හා කම්කරු වැටුප් වැනසීමේ ද ආරම්භය සලකුනු කරමින්, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නායකත්වයේ සහභාගිත්ව‍ය ඇතිව රේගන් පාලනය, 1981දී පැට්කෝ ගුවන් ගමන් පාලකයින්ගේ සමිතිය විනාශ කිරීමත් සමග අරඹා, දශකයක් තිස්සේ වැඩ වර්ජන හා සමිති බිඳීමේ ද කම්කරුවන් දඩයම් කිරීමේ ද ව්‍යාපාරයක් දියත් කලේය. ඉහල ආදායම් පරාසයන්හි ධනවත්කමත් සමග සමාජ අසමානතාවය වේගයෙන් වැඩී ගියේය.

ඒ මෝස්තරයට ම අනුව යුරෝපීය නායකයෝ, කම්කරු පන්තිය දිනාගත් වැටුප් හා සමාජ තත්වයන්හි පූර්ව සාධනයන් වැනසීමේ අරමුන ඇතිව දැන් අවධමනාත්මක පිලිවෙතක් ඉතා දැනුවත්ව අනුගමනය කරති. රාජ්‍ය මූල්‍ය ගිවිසුම පිටුපස ඇති ගාමක බලවේගය වන ජර්මනියේ චන්සලර් ඇන්ජිලා මර්කෙල්, කම්කරු පන්තිය දුගී භාවයට හෙලමින් හා සූරාකෑම උග්‍ර කරමින් නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීම හෙවත් "තරගකාරිත්වය” ප්‍රවර්ධනය කරගැනීමට අසමත් වුවහොත් යුරෝපයට අනාගතයක් නැතැයි යලි යලිත් අවධාරනය කරයි.

මෑත වසරවල ශ්‍රම පිරිවැය සැලකිය යුතු තරමකින් අඩුකරගෙන, යුරෝ කලාපයේ වෙනත් කිසිදු රටකට වඩා වාසි සලසාගෙන, විශාල වෙලඳ අතිරික්තයන් භුක්ති විඳිමින් සිටින අතර සියලු රටවලට වඩා ජර්මනිය, දැඩි තරගකාරිත්වයක් වෙනුවෙන් බලපෑම් කිරීම බැලූ බැල්මට එය පෙනීයනු ඇත්තේ පරස්වාචක ලෙසින්ය. කෙසේ වෙතත් ජර්මනියට ප්‍රශ්නයව ඇත්තේ හුදෙක් යුරෝපීය වෙලඳපොල ම නොව, චීනය, වියට්නාමය හා බංග්ලාදේශය වැනි රටවල වැටුප් එන්ට එන්ටම දැන් පාදක මට්ටම ලෙස ගැනෙන ලෝක වෙලඳපොලයි.

ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් පාලනය කරන ආයෝජන බැංකු හා ආරක්ෂන අරමුදල් සියයට 20ක් හෝ ඊටත් වැඩි ප්‍රතිලාභ ඉල්ලා සිටියි. එවන් ප්‍රතිලාභ අත්කරගත හැක්කේ, කාර්මික ධනවාදයේ ආරම්භක අදියරයන්හි අධිකාරය ඉසිලූ සූරාකෑමේ මට්ටම් යටතේ පමනි.

ජර්මන් ධනවාදයට ලෝක වෙලඳපොලේ සිය තත්වය රැකගත හැක්කේ, යුරෝපීය සංගමයට එහි ඇති බැඳීම නිසා තම නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස යුරෝපය මත රැඳී සිටීමට එයට හැකිවන තාක් දුරට පමනි. ඒ අතරතුර එය රාජ්‍ය මූල්‍ය ගිවිසුමක් නඟා සිටුවීමේ හේතුව ජාත්‍යන්තර මට්ටම්වලට සරිලන පරිදි යුරෝපයේ වැටුප් හා සමාජ තත්වයන් කප්පාදු කිරීමයි.

මෙහිදී අනෙකුත් යුරෝපීය ආන්ඩු ජර්මනියේ නියෝග පිලිබඳව මැසිවිලි නගති. එහෙත් නැඟී එන සමාජ ආතතීන් හමුවේ යුරෝපීය පාලක පන්තීහු කම්කරු පන්තියට එරෙහිව අතිනත් ගනිති. යුරෝ සංගම් ආන්ඩු 27න් 25ක්ම රාජ්‍ය මූල්‍ය ගිවිසුමට අත්සන් කලේ මක්නිසා ද යන්න එමගින් පැහැදිලි කරයි. ඒ කාරනය ම සඳහා ක්‍රොඒෂියාව, සර්බියාව හා තුර්කිය යුරෝ අර්බුදය තිබියදීත්, යුරෝපීය සංගමයට එක්වීමේ අරමුන ඇතිව සිටිති.

ග්‍රීසිය තුල විනාශකාරී කප්පාදු පියවර වෙනුවෙන් ද දායකවී ඇත්තේ මෙයයි. දැන් පැහැදිලිවී ඇත්තේ මෙම පියවර එරට බංකොලොත් කමෙන් මුදාගැනීමට සමත් නොවනු ඇති බවයි. ඒ වෙනුවට බුන්වත්කමේ ක්‍රියාවලිය වේගවත්වී ඇත. සැබෑ අරමුන වන්නේ, සමස්ත යුරෝපයම සඳහා නව පාදක මට්ටමක් පිහිටුවා ගැනීමයි. දරිද්‍රතා මට්ටමේ වැටුප්, අධ්‍යාපනය සෞඛ්‍ය සේවා හා අනෙකුත් සමාජ සේවා කැපීම හා රාජ්‍ය අංශයේ ලක්ෂ ගනන් රැකියා අතුගා දැමීමට අනුකූලවීම සඳහා කම්කරුවන්ට බලකෙරෙනු ඇත.

2008 වෝල් වීදියෙහි කඩාවැටීමත් සමග ආරම්භ වූ ධනේශ්වර පද්ධතියේ ගෝලීය බිඳවැටීමෙහි කොන්දේසි හමුවේ සමාජ සම්මුතියේ ප්‍රතිපත්තියක් කරා ආපසු යාමට හැකි වන්නේ නැත. යුරෝපයේ පන්ති විභේදනයන්, අර්ධ පියවර හෝ උදාසීන වීමට තවදුරටත් ඉඩක් නොලැබෙන මට්ටම් කරා ලඟාවී තිබේ. එක් කලෙක දී සමාජ ප්‍රතිසංස්කරන, ප්‍රජාතන්ත්‍රය හා සාමය වෙනුවෙන් පෙනී සිටි සියලු සංවිධාන ප්‍රතිගාමිත්වයේ පැත්තට මාරුවීම මගින් මෙය පෙන්නුම් කරයි. අතීතයේ සාමවාදීන් වූ හරිතයන් අධිරාජ්‍යවාදී යුද්ධයේ උද්‍යෝගිමත් සහචරයන් බවට පත්ව සිටිය දී වෘත්තීය සමිති විසින් පිටුබලය දෙන සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂ, කප්පාදු පියවර පැටවීමේ මුඛ්‍ය ක්‍රියාකලාපය ඉටු කරති.

ජර්මනියේ වාම පක්ෂය හා සමාන සංවිධාන වැනි අද දිනයේ සමාජ ප්‍රතිසංස්කරන දේශනා කරන්නවුන් එසේ කරන්නේ, කම්කරුවන් රැවටීමටත් අවමංගත කිරීමටත් පමනි. යුරෝපීය අර්බුදය මගහැරිය නොහැකි විප්ලවවාදී ඇඟවුම් ගැබ්කර ගනියි.

රාජ්‍ය මූල්‍ය ගිවිසුම හා එහි ඇතුලත් දෑ ප්‍රජාතන්ත්‍ර මාධ්‍යයන් තුලින් ක්‍රියාවට නැංවිය නොහැකි ය. 1930දී ජර්මන් චාන්සලර් හෙන්රික් බෲනිං ජාත්‍යන්තර අර්බුදයක් මධ්‍යයේ එවන් පියවර හඳුන්වා දුන්නේය. දෙවසරකට පසුව හිට්ලර් ජර්මනියේ බලය අල්ලා ගත්තේය.

අද දවසේදී අති මූලික ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් පවා රැකගත හැක්කේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම යටතේ හා කම්කරු පන්තිය මහා පරිමානයෙන් බලමුලු ගැන්වීමෙන් පමනි. රැකියාවක්, ජීවත් වීමට සරිලන වැටුපක්, සුරක්ෂිත විශ්‍රාම ක්‍රමයක්, අධ්‍යාපනය, ‍ෙසෟඛ්‍ය පහසුකම්, නිවාස සඳහා වන අයිතිය වැනි මූලික අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට යුරෝපය පුරා කම්කරුවන් එක්සත් විය යුතු අතර මූල්‍ය කතිපයාධිකාරයේ බලය හා එහි දේශපාලන උපකරනය වන යුරෝපීය සංගමය බිඳ හෙලිය යුතුය. පවත්නා ධනේශ්වර ආන්ඩු වෙනුවට, කම්කරුවන් මහා ව්‍යාපාරිකයේ ලාභය සඳහා නොව, සමාජ අවශ්‍යතා පෙරමුනෙහි තබන තමන්ගේ ම ආන්ඩු පිහිටුවිය යුතුය. යුරෝපීය සංගමය එක්සත් සමාජවාදී යුරෝපීය සමූහාන්ඩුවකින් විස්ථාපනය කල යුතුය.

මෙම අරගලය සංවිධානය කිරීම පිනිස නව නායකත්වයක් ගොඩනගමින් එය විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කල යුතුය. මෙහි තේරුම හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැඟීමයි.

පීටර් ෂ්වාස්

Share this article: