ශ්‍රී ලංකාව: දෙමල පක්ෂය ආන්ඩුව සමග සාකච්ඡා ආරම්භ කිරීමට ඇති සුදානම පෙන්නුම් කරයි

Sri Lanka: Tamil party to resume talks with government

By W.A. Sunil, 29 October 2012

ශී‍්‍ර ලංකාව තුල ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂවල සන්ධානයක් වන, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) 2009 මැයි මාසයේ අවසන් වූ දිවයිනේ සිවිල් යුද්ධයට "දේශපාලන විසඳුමක්” සඳහා ආන්ඩුව සමග සාකච්ඡා ආරම්භ කිරීමට පවතින සුදානම පෙන්නුම් කර තිබේ.

එහි පරාජයට පෙර දෙමල විමුක්ති කොටි සංවිධාන (එල්ටීටීඊ) යේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස ටීඑන්ඒ කි‍්‍රයාත්මක විය. ටීඑන්ඒ 2009 සිට කොලඹ දේශපාලන සංස්ථාපිතයට යලි ඒකාබද්ධවීමට උත්සාහ කරමින් සිටී. උතුරු පලාතට සීමිත බලය බෙදීමක ස්වරූපයෙන් බලය බෙදීමක් කිරීමට ශී‍්‍ර ලංකා ආන්ඩුවට පීඩනය යොදන ලෙස එය ඉන්දියාවට, එක්සත් ජනපදයට හා යුරෝපීය බලයන්ට ආයාචනය කර ඇත.

එහි නායකයන් ඔක්තෝබර් 10 සිට දින හතරක සංචාරයේදී ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං විදේශ ඇමති එස්.එම්. කි‍්‍රෂ්නා සහ විපක්ෂ භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායක සුෂ්මා සුවරාජ් අතුලු නායකයන් හමුවීමෙන් පසුව ආන්ඩුව සමග සාකච්ඡාවලට ටීඑන්ඒ සිය කැමැත්ත පල කලේය.

දෙමල ජනයාගේ ප‍්‍රශ්නය විසඳීමට අසමත් වීම කොලඹ සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමේ එහි ප‍්‍රයත්නයන්ට බාධාවක් ලෙස සලකන, ඉන්දියාවේ පීඩනයට ටීඑන්ඒ පැහැදිලිව ම හසුව තිබේ. සාකච්ඡා ආරම්භ කර ටීඑන්ඒ සමග "කඩිනම් සහ සැබෑ සමතයකට” එන ලෙස මෙම මාසය මුල දී නව දිල්ලියට ගිය ශී‍්‍ර ලංකාවේ ජනාධිපති රාජපක්ෂගෙන් ඉන්දියානු අගමැති මන්මෝහන් සිං ඉල්ලා සිටියේ ය.

ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර සබඳතා "එකතැන පල්වීමේ අධියරකට” ලඟා වී ඇතැයි ඉන්දියාවේ පාලක කවයන්ගේ උත්සුකතාවයන් පිලිබිඹු කරමින් ආරක්ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ගව්තම් සෙන් මෑත දී ලියුවේ ය. ද්විපාර්ශවීය සබඳතා තවමත් මිත‍්‍රශීලී වන නමුත්, ශී‍්‍ර ලංකාව තුල "දේශපාලන විසඳුමක්” සම්බන්දයෙන් හෝ ඉන්දියානු අවවාද හා යෝජනා පිලිබඳව උනන්දුවක් කොලඹට ඇති බවක් පෙනෙන්ට නැත” යි ඔහු පැවසුවේය.

දසක ගනනාවක් තමන්ව දෙවන ගනයෙහි ලා සැලකීම, මර්දනය සහ යුද්ධය මගින් පීඩාවට පත්ව සිටින බහුතර ශී‍්‍ර ලාංකික දෙමල ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ගැන ඉන්දියානු ආන්ඩුවට හෝ ටීඑන්ඒ යට කැක්කුමක් නැත. ශී‍්‍ර ලංකාවේ අසහනය අසල්වැසි දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත රාජ්‍යය අස්ථාවර කරනු ඇතැයි නව දිල්ලිය බියෙන් සිටී. එමෙන් ම සතුරු චීනය කොලඹ මත සිය බල පෑම වර්ධනය කර ගැනීමට, පවතින තත්වය ගසාකනු ඇතැයි ද එය සැලකිලිමත් වේ.

සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (ඒඅයිඒඩීඑම්කේ) සහ ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (ඩීඑම්කේ) ඇතුලු තමිල්නාඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ ශී‍්‍ර ලංකාවේ දෙමල ජනයාගේ ආරක්ෂකයන් ලෙස මවා පාමින් තමන් මුහුන දී සිටින තත්වය ගැන ඔවුන් අතර පවතින කෝපය ගසා කති.

ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරින් ඉන්දියාවේ පහුනු කිරීම තහනම් කිරීමක්, සංස්කෘතික වැඩ සටහන් වර්ජනය කිරීමක්, ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු ධීවරයන්ට හිරිහැර කිරීමට එරෙහිව පියවර ගැනීම හා දසක ගනනාවකට පෙර ශී‍්‍ර ලංකාවට භාර දුන් කුඩා කච්චතිව් දුපතේ පාලනය ආපසු පවරා ගන්නා ලෙසත් තමිල්නාඩු මහ ඇමති ජයරාම් ජයලලිතා මාස ගනාවක සිට ඉල්ලමින් සිටින්නී ය.

වර්ගවාදය ඇවිස්සීම තමිල්නාඩුවට යන ශී‍්‍ර ලංකික වන්දනාකරුවන්ට හා සෙසු සංචාරකයන්ට පහර දීමට ස්වෝත්තමවාදී කන්ඩායම් පොලඹවනු ලැබ ඇත. 2014 පැවැත්වීමට නියමිත මහ මැතිවරනය ගැන ඇස ගසාගෙන සිටින තමිල්නාඩුවේ පක්ෂ කම්කරු පන්තියේ ජීවන කොන්දේසිවලට ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධ ඔවුන්ගේ කැරැට්ටුව ගැන අවධානය අපසරනය කිරීමට වාර්ගික උද්ඝෝෂනයක් උසිගන්වමින් සිටිති.

එක්සත් ජනපදයේ මෙන්ම ඉන්දියාවේ උත්සුකය අවුස්සන අනෙක් තීරක සාධකය වන්නේ කොලඹත් සමග වර්ධනය වන චීනයේ සම්බන්ධතාවයයි. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන මාසවල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ ස්වකීය උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කමිටුවේ සීමිත යෝජනා කි‍්‍රයාවට දමන ලෙස කොලඹ ආන්ඩුවට කැඳවුම් කරමින් එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජානවට පක්ෂව මාර්තු මාසයේ දී ඉන්දියාව ඡන්දය දුන්නේය.

වොෂින්ටනය වගේ ම නව දිල්ලියත් බෙයිජිනයෙන් දුරස්ත කරවීම සඳහා කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමට මානව හිමිකම් ප‍්‍රශ්නය ගසා කයි. චීනය මෙන්ම, ඉන්දියාව සහ එක්සත් ජනපදය එල්ටීටීඊයට විරුද්ධව රාජපක්ෂ ආන්ඩුව නැවත ආරම්භ කල යුද්ධයට සහයෝගය දුන් අතර ගැටුමේ අවසාන මාස දක්වා යුද අපරාධ ගැන දෑස පියාගෙන සිටියහ.

අගෝස්තු මාසය අග දී චීන ආරක්ෂක ඇමති ලියාන්ග් ගුවාන්ග්ලි කොලඹට පැමිනියේ ය. දිවයිනේ උතුරු නැගෙනහිර මිලිටරි යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා චීනයෙන් විශාල සහයෝගයක් ලබා ගැනීමට රාජපක්ෂ ආන්ඩුව බලාපොරොත්තු වේ. චීනය හා ශී‍්‍ර ලංකාව අතර මිලිටරි සබඳකම් "කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය” සඳහා වන අතර "තෙවන පාර්ශවයක්” ඉලක්ක නොකරන බව ලියාන්ග් ප‍්‍රකාශ කලේය.

පසු ගිය වසරේ චීනය ශී‍්‍ර ලංකාව තුල කල ආයෝජන හා ප‍්‍රදානය කල ආධාර, ප‍්‍රධාන වසයෙන් නය, වටිනාකම ඩොලර් මිලියන 760 ක් හෙවත් සමස්ත විදේශ ආධාරවලින් සියයට 55 කි. චීනය ශී‍්‍ර ලංකාවේ දකුනේ හම්බන්තොට මුලෝපායික වරායක් ඉදිකල අතර එහි ගුවන් තොටුපොලක් ද ගොඩනගනු ලබයි. ඊසාන දිග හා අපි‍්‍රකාවත් මැදපෙරදිගත් අතර මූලෝපායිකව වැදගත් ප‍්‍රධාන නාවික මාර්ගයකට යාබදව හම්බන්තොට පිහිටා ඇත.

ශී‍්‍ර ලංකාව තුල බලපෑමක් පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය තරගයක යෙදී සිටිති. ටීඑන්ඒ සහ කොලඹ ආන්ඩුව අතර බලය බෙදීමේ සැලැස්මක් දිවයිනේ උතුරේ බලගතු මැදිහත්වීමකට හා ආයෝජනවලට ඉඩප‍්‍රස්තාවක් සැලසෙනු ඇතැයි නව දිල්ලිය ගනන් බලයි.

සාකච්ඡාවලට එකඟවන අතර තමන් "යලි රවටනු නොලබන” බවට කොලඹ ආන්ඩුවෙන් සහතිකයක් ලබාගැනීම සඳහා ටීඑන්ඒ ආයාචනා කලේ ය. අයිලන්ඩ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක දී "එක්සත් ශී‍්‍ර ලංකාවක රාමුව තුල සාධාරන, ප‍්‍රායෝගික හා කල්පවත්නා විසඳුමකට” ඔහුගේ පක්ෂය සුදානම් බව සම්බන්දන් ප‍්‍රකාශ කලේ ය.

උතුරට හා නැගෙනහිරට සැලකිය යුතු බලය බෙදීමක් කිරීමට සුදානම් නැති බව රාජපක්ෂ ආන්ඩුව පැහැදිලිව පෙන්නුම් කලවිට කලින් පැවති සාකච්ඡා පසුගිය වසරේ බිඳ වැටුනි. ඒ වනවිට ආන්ඩුව සහ ටීඑන්ඒ අතර සාකච්ඡා වට 18ක් පැවැත්වී තිබුනි. ද්විපාර්ශවීය සාකච්ඡා වෙනුවට ගිවිසගැනීමේ පාර්ශවයක තත්වය බලාත්මකව ඊට අහිමිකරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ටීඑන්ඒ සම්බන්ධ වියයුතු යයි ජනාධිපති එහිදී ප‍්‍රකාශ කලේය.

යුද්ධය අවසන්වීමෙන් පසුව රාජපක්ෂ ආන්ඩුව උතුරු-නැගෙනහිර එහි මිලිටරි වාඩිලා ගැනීම තහවුරු කරගෙන තිබේ. ආරක්ෂක හමුදා දෙමල නිවැසියන්ට හිරිහැර කරන අතර මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් මැඩලනු ලබයි. යුද්ධයෙන් අවතැන් වූ දහස් ගනනක් දෙමල ජනයාට තවමත් සුදුසු නිවහන්, රැකියා සහ මූලික පහසුකම් නැත.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් මාසය මුල දී විමසා බැලීමට නියමිත ය. ඉන්දියාවේ මූලිකත්වය යටතේ රටවල් තුනක් විසින් වාර්තාව සකසනු ලබයි. මෙම අවුරුද්දේ මුල අනුමත කල යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කොලඹ ආන්ඩුව අත්කරගෙන තිබෙන "ප‍්‍රගතිය” මානව හිමිකම් කවුන්සිලය විසින් එලඹෙන මාර්තු මාසයේ දී විමසා බලනු ඇත.

කවර හෝ සාකච්ඡාවක් යලි පටන් ගැනීම ජාත්‍යන්තර විවේචන අපගමනය කිරීම සඳහා කොලඹ ආන්ඩුව විසින් යොදාගනු ඇති අතර බලය සහ වරප‍්‍රසාද වර්ධනය කර ගැනීම සඳහා එය උපයෝගි කර ගැනීමට ටීඑන්ඒ උත්සාහ කරනු ඇත. ගනුදෙනුව සිදුවනු ඇත්තේ ජීවන තත්වයන්ට හා මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට එල්ල වන ප‍්‍රහාර වඩ වඩා තීව‍්‍රකෙරෙන කොන්දේසිවලට මුහුන දී සිටින සිංහල හා දෙමල වැඩකරන ජනයාගේ වියදමිනි.

Share this article: