ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ දේශපාලන පාඩම්

The political lessons of the Sri Lankan university teachers’ strike

By Socialist Equality Party (Sri Lanka), 14 November 2012

ශ‍්‍රී ලංකාවේ දහස් ගනනක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ජුලි මස 04 දා වැඩ නතර කල අතර එය දශක තුනකට වැඩි කාලයක් ඇතුලත දිවයිනේ සිදු වු දීර්ඝතම වර්ජනයක් බවට පත් වෙමින් දින 100 ක් දක්වා දිග් ඇදුනි. මෙම වර්ජනය, කප්පාදු පිලිවෙත් සඳහා මූල්‍ය ප‍්‍රාග්ධනයේ විශ්වීය ඉල්ලුමට එරෙහිව තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීම උදෙසා ලෝකය පුරා පැන නගිමින් පවතින කම්කරු පන්තියේ අරගල රැල්ලක කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වර්ජනය මැද දී දිගින් දිගටම අනතුරු ඇඟවු ආකාරයට ම, සියයට 20 ක් වැටුප් වැඩි කිරීම හා දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කිරීම ඇතුලූ කිසිදු ඉල්ලීමක් ජයග‍්‍රහය කිරීමකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) ලැජ්ජා විරහත ලෙස අරගලය පාවා දුන්නේ ය. ඉල්ලීම් පිලිබඳව අනාගතයේ දී සලකා බලන බවට ආන්ඩුව දුන් හිස් පොරොන්දු මත සමිති නායකයෝ ආචාර්යවරු නැවත සේවයට පිටත් කලහ. වර්ජනය නිම කොට මාසයක් ගත වන විට ආන්ඩුව පොරොන්දු සියල්ල අමතක කොට දමා ඇත.

එලඹීමට නියමිත නොවැලැක්විය හැකි පන්ති අරගලවලට සූදානම් වීම සඳහා මෙම වර්ජනයේ දේශපාලන පාඩම් ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට තීරනාත්මකව වැදගත් වෙයි.

ලංකාවේත් ජාත්‍යන්තරවවත් ගැඹුරුවන ආර්ථික අර්බූදයක කොන්දේසි යටතේ පුද්ගලීකරනය හා අධ්‍යාපනය ඇතුලු රාජ්‍ය වියදම්වල ගැඹුරු කප්පාදුවක් ඇතුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නගමින් සිටින ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක අත්‍යවශ්‍යතාවය ආරම්භයේ සිටම ආචාර්යවරුන් ඉදිරියේ මුනගස්වා තිබුනි.

විආසස නායකයෝ එවන් අරගලයකට දැඩි ලෙස විරුද්ධ ය. එහි සටන්කාමී මවාපෑම් තිබිය දී ම, "රාජ්‍ය තන්ත‍්‍රයේ වෙනසක්” හෙවත් ආන්ඩුව පෙරලීමට මාන බලන බවට ආන්ඩුව එල්ල කල චෝදනා සමිතිය විසින් එකහෙලා ප‍්‍රතිකේෂ කෙරින.

සමිතිය හුදෙක් මෙම වර්ජනය කැඳවුම් කලේ උද්ධමනය හේතුවෙන් තම වැටුප් දිගින් දිගටම ඛාදනය වීම හා ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර විරුද්ධත්වය හා අතෘප්තිය වර්ධනයවීම හේතුවෙනි. ලොව පුරා ධනපති ආන්ඩු කප්පාදු වැඩපිලිවල් ක‍්‍රියාත්මක කරමින් සිටිය දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහන දීම සඳහා රාජපක්ෂ ආන්ඩුව නම්මා ගත හැකිය යන වඩාත් අයතාර්ථවත් ඉදිරි දර්ශනය විආසස ඉදිරිපත් කලේ ය.

ආන්ඩුව ආරම්භයේ සිටම ආචාර්යවරුන්ට කිසිවක් ලබා දීමට දැඩි ලෙස විරුද්ධව සිටියේ ය. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක වැටුප් වැඩිවීමක් ප‍්‍රතික්ෂේප කල අතර අධ්‍යාපනය සඳහා මුදල් වැඩි කිරීමක් බැහැර කලේ ය. වර්ජනයට සම්බන්ධ සියලු ගුරුවරුන් සේවයෙන් පහ කරන බවට ඔහු තර්ජනය කලේය.

කෙසේ නමුත්, දිවයින පුරා ආචාර්යවරුන් බිය වැද්දිය නොහැකි වූ අතර ඔවුහු දිගටම වර්ජනයේ නිරත වුහ. වර්ජනය ඉදිරියට යන විට විආසස නායකයන් එය නවතා දැමීමට මගක් සෙවූ අතර ඔවුන්ගේ පෙර පාවාදීම් සාමාජිකත්වය තුල සැකය හා විරුද්ධත්වය අවුලුවා තිබුනි.

ආරවුල අවසන් කිරීමේ අටියෙන්, විආසස හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය පිලිවෙලින් දකුනේ ගාල්ලේ සිට සහ කඳුකරයේ මහනුවර සිට කොලඹ දක්වා පෙලපාලි දෙකක් සංවිධානය කලහ. වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත් කල මෙම පෙලපාලි යොදා ගැනුනේ විරුද්ධත්වය වාෂ්ප කිරීමේ අරමුන සඳහා ය. සමිති විසින් කිසි විටෙකත් බැරෑරුම්ව නොගත් කරුනක් වු, අධ්‍යාපනය සඳහා වියදම් දජානියෙන් සියයට 1.8 සිට 6 දක්වා වැඩි කිරීම පිලිබඳ ඉල්ලීමට පාගමනේ ගමන්මග පතිත වූ ගම් හා නගරවල කම්කරුවන්ගේ හා ගම්බද දිලිඳු ජනයාගේ සහයෝගී ප‍්‍රතිචාරයක් මුදාහැරින.

පෙලපාලියට මහජන සහයෝගය ගොනුවූයේ, කම්කරු පන්තියේ සෑම අංශයකම ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර මගින් රාජපක්ෂ ආන්ඩුව ගෙන යනු ලබන සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහි පිලිවෙතක් ආචාර්යවරු ගෙන ඇතැයි කම්කරු පීඩිත මහජනයා දැක ගැනීම හේතුවෙනි. විආසස නායකත්වය විරුද්ධ පක්ෂ හා බෞද්ධ ධුරාවලිය සමග ඒකාබද්ධ වෙමින් මෙම මහජන සහයෝගය ආන්ඩුවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම වැලැක්වීම සඳහා සෑම අවස්ථාවකදීම ක‍්‍රියා කලේ ය.

විරුද්ධ පක්ෂ මහජන අධ්‍යාපනයේ ආරක්ෂකයන් ය යන මිථ්‍යාව විආසස වගාදිගා කලේ ය. නමුත් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) අධ්‍යාපන පුද්ගලීකරනය ආරම්භ කිරීම සම්බන්ධව වගකිව යුතු අතර හිටපු හමුදාපතිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටී. හිටපු වම්මුන්වන නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය දක්ෂිනාංශික එජාපය සමග සහයෝගීව සිටිති. ජනතා විමුක්ති පෙරමුන හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඉන් මෑතදී වෙන් වු කන්ඩායම 2004-2005 දී වෙලඳපල ගැති පිලිවෙත් ක‍්‍රියාත්මක කල රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වය ගත් සභාග ආන්ඩුවේ කොටස් කරුවෝ වූහ.

පෙලපාලි සඳහා ලැබුන ශක්තිමත් මහජන සහයෝගය ආන්ඩුවේ හා සමිති නායකත්වයේ අවධානය අවුලවාලූ අතර ක්ෂනිකව ඔවුන් වර්ජනය නවතා දැමීම සඳහා ඒකාබද්ධ විය. ජනාධිපතිගේ සහෝදරයෙකු වන ආර්ථික සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්ෂ හට වර්ජනය නවතා දැමීමට මගක් සොයමින් සිටි විආසස සමග සාකච්ඡා කිරීමට පැවරුනි. පාගමන් අවසන් වී සති දෙකකින්, එනම් ඔක්තෝබර් 12 දා ආන්ඩුවේ බොරු පොරොන්දු පිලිගනිමින් විආසස වර්ජනය නවතා දැමුවේ ය.

සමිති නායකයන් වර්ජනය නවතා දැමීමට දැඩි ලෙස අධිෂ්ඨානශීලී වූ අතර විආසස සභාපති රංජිත් දේවසිරි ප‍්‍රකාශ කලේ "සමිතිය තුල විශ්වාසභංග යෝජනාවකට මුහුන දීමේ අනතුරු තිබියේ වුව ද” ආන්ඩුව සමග ඇති කර ගත් එකඟත්වය මත තමා පිහිටා සිටින බව ය. වර්ජනය නවතා දැමීමේ විආසස නායකයන්ගේ තීන්දුවට එරෙහිව බොහොමයක් සරසවිවල ආචාර්යවරු බහුතරයක් වර්ජනය ඉදිරියට ගෙනයාම සඳහා ඡන්දය දුන්නේ ය. පාවාදීමේ ගිවිසුම අනුමත කර ගැනීම සඳහා මහා සභා රැස්වීමක් හෝ ඡන්දයක් සමිතිය විසින් නොකැඳවින. "වර්ජනය ආරම්භ කිරීමට වඩා එය අවසන් කිරීම වඩාත් දුෂ්කර කාර්යයක් වූ” බැව් දේවසිරි පසුව පිලි ගත්තේය.

යථාර්ථයේ දී, සමිතිය ආන්ඩුවේ කාර්මික පොලිස්කාරයා ලෙස ක‍්‍රියාත්මක වෙමින් සටනේ වපසරිය සීමා කොට, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි කුමන හෝ දේශපාලන අරගලයක් වලකා අවසානයේ දී වර්ජනය පාවා දුන්නේ ය. ආන්ඩුව එහි පොරොන්දු අනුව කි‍්‍රයා කිරීම ප‍්‍රතික්ෂේප කර තිබෙන අතරවාරයේ දී විආසස නායකයෝ පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීමේ ක‍්‍රියාදාමයට සම්බන්ධවෙමින් හා පලමු වසර සිසුන් හට ලබා දෙන ආන්ඩුවේ මිලිටරි පුහුනුව සඳහා සහයෝගය දෙමින් සම්මුතියේ ඔවුන්ගේ කොටස ක‍්‍රියාත්මක කරමින් සිටී.

විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන්ම ශිෂ්‍යයන් ද වඩාත් පොදුවේ කම්කරු ජනයා ද මෙම තීරනාත්මක අත්දැකීමේ අත්‍යවශ්‍ය නිගමනයන් උකහා ගත යුතුය. සෑම රටකම මෙන්ම ලංකාවේ වෘත්තීය සමිති ද කුමන අර්ථයකින් හෝ තවදුරටත් කම්කරු පන්තියේ මූලික අයිතීන් පවා ආරක්ෂා නොකරන උපකරන බවට පරිවර්තනය වී තිබේ. ගෝලීය ආර්ථික බිඳවැටීමක කොන්දේසි යටතේ අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ යාන්ත‍්‍රනය බවට මෙම සමිති පත් වී තිබේ.

විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයකින් තොරව කම්කරු පන්තියේ වඩාත් අවම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් හෝ ජයග‍්‍රහනය කල නො හැක. කුමන හෝ අරගලයක ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ වෘත්තීය සමිතිවලින් පරිපූර්න ලෙස බිඳී වෙන් වී ගැනීමක් සහ ගම්බද දිලිඳු ජනයා කම්කරු පන්තියේ නායකත්වය පිටුපස පෙල ගස්වා ගනිමින් කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලූ ගැන්වීම සඳහා වු දේශපාලන අරගලයකි. සමාජවාදී ක‍්‍රියාමාර්ගය මත කම්කරු පන්තියේ පුලූල් ස්ථර ගොනු කර ගන්නා ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු වැඩබිම් තුල හා ප‍්‍රාදේශීය නිවහන් ප‍්‍රදේශ තුල ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටී.

ධනවාදය පෙරලා දමා සමාජවාදය ගොඩනැගීම සඳහා වූ අරගලය අත්‍යවශ්‍ය ලෙසම ජාත්‍යන්තර පරිමාන වේ. ලෝකයේ ද දකුනු ආසියාවේ ද එක්සත් සමාජවාදී රාජ්‍යයක අත්‍යන්ත කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප සටන් වදී. අපේ ඉදිරිදර්ශනය හදාරන ලෙසත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසපට බැඳී එය කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනැගීම සඳහා සටන් වදින ලෙසත් ආචාර්යවරුන්ට, ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට අපි කැඳවුම් කරමු.

Share this article: