ආර්ථිකයේ ගෑටීම ඉන්දීය ප්‍රභූවේ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කරයි

Wage cuts hit millions of US workers

By Kranti Kumara, 18 August 2012

සියයට 9කට දිගු කාලීන ඉලක්ක ගත වාර්ෂික වර්ධනයට බොහෝ පසුපසින් වන සියයට 6 කට වර්තමාන මූල්‍ය වර්ෂය සඳහා වර්ධන ප්‍රක්ෂේපය කපා හරින්නට රජයට බල කරමින්, මෑත මාස කීපය තුල ඉන්දියානු ආර්ථිකයේ අපේක්ෂාවන් නාටකාකාරව පිරිහුනේය.

සියයට 6 ක ප්‍රක්ෂේපය පවා වැඩිමනත් සුබවාදී බවට බොහෝ ආර්ථික විශ්ලේෂකයෝ විස්වාස කරති. උදාහරනයක් ලෙසට, මූඩිගේ විශ්ලේෂන ඉන්දියානු ආර්ථිකය සියයට 5.5 ක් පමන වර්ධනය වනු ඇති බවට මෑතකදී ස්ථිර කලේය.

නිෂ්පාදන ප්‍රතිදාන සහ අපනයන සම්බන්ධ අලුත්ම සංඛ්‍යාලේඛන උදාසීන වර්ධනයේ අපේක්ෂාවන්ට එකතු වේ. 2011 හි එම මාසයට වඩා ජූනි මාසයේදී නිෂ්පාදන ප්‍රතිදාන සියයට 1.8 කින් අඩු වූ අතර වර්ෂය මත පදනම් වූ විට ජූලි අපනයනයන් සියයට 14.8 කට පහල ගියේය. අපනයනයන්ගේ පහල යෑමට, (අප්‍රේල්-ජූනි කාර්තුවේදී ඒවා සියයට 5 කින් දැනටමත් ඇද වැටී තිබුනි.) ඉන්දියාවේ වඩාත් වැදගත් විදේශ වෙලඳපොලවල් වන එක්සත් ජනපදයෙහි සහ යුරෝපයෙහි ඉන්දියාවේ නිෂ්පාදිත භාන්ඩ සහ තොරතුරු තාක්ෂන සේවාවන් සඳහා වන ඉල්ලුම කඩාවැටීම, ප්‍රධාන ලෙසට හේතු විය.

අනෙකුත් ආර්ථික නිර්නායක ද වැඩෙන අර්බුදය පෙන්නුම් කරයි. භාන්ඩ හිඟ කමත්, ඉහල බලශක්ති මිලගනනුත්, සහ ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ඉන්දියානු රුපියලෙහි විනිමය වටිනාකමෙහි ප්‍රපාතාකාර ඇදවැටීමෙනුත් එන සමස්ත බලපෑමෙන් උද්ධමනය අනම්‍යව ඉලක්කම් දෙකක දිගටම පවතී.

වර්ධන අපේක්ෂා පිරිහීම සහ රජයේ අයවැය හිඟයට දදේනි අනුපාතය, අඩුකිරීමට තම ඉලක්ක වෙත ලඟාවීමට රජයට නොහැකිවීම පෙන්වා දෙමින්, ඊලඟ මාස 20-24 තුලදී, ඉන්දියානු ස්වෛරී මූල්‍ය වර්ගීකරනය පහල තත්වයට කපාහරින්නට සියයට 50 කට වඩා වැඩි අවස්ථාවක් පවතින බව ෆිච් වර්ගීකරන ආයතනය මෑතකදී නිවේදනය කලේය.

අඳුරු දර්ශන තලය මැද්දේ, ප්‍රධාන ලෙසට ම ඉන්දියාවේ ආබාධිත ආර්ථික දුර්වලතාව හේතුවෙන් තමන් ප්‍රතිපත්ති පක්ෂාඝාතයක් තුල සිටින බවට ඉන්දීය ප්‍රභූවට පෙනේ. නයගැනීමේ සහ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට, දැනටමත් ආසියාව තුල ඉහලම අගය දරන, පොලී අනුපාත අඩුකරන්නට රජයට නොහැකිවා පමනක් නොව රජයේ වියදම් ඉහල දැමීම තුලින් ආර්ථිකය උත්තේජනය කරන්නට ද නොහැකිය.

පොලී අනුපාත පහත හෙලන්නට කාලයක සිට නිෂ්පාදකයන් රජයට පීඩනය යෙදවූ නමුත්, එමගින් එජ ඩොලරයට එරෙහිව මෑතකදී රුපියලේ අගය සීඝ්‍රව පහල යාම උග්‍රකරවයිද, උද්ධමනයට තවදුරටත් ගිනිමෙලවෙයිද, සහ ප්‍රාග්ධනය දැවැන්ත පරිමානව වෙනත් රටකට ඇදීයන්නට එය උත්තේජනය වියහැකි යයිද බියෙන් මහ බැංකුව එම පීඩනය වැලැක්වීය.

රජය දැනටමත් දැවැන්ත මූල්‍ය හිඟයකට ගමන් කරමින් සිටින බැවින් කේනිසියානු මූල්‍ය උත්තේජක වැඩපිලිවෙලකින්ද කිසිඳු වැඩක් නොවනු ඇත. ඉලක්කය වුන සියයට 4.6ට එරෙහිව, 2012 මාර්තුවලින් අවසන් වුන 2011-12 මුදල් වර්ෂය සඳහා අයවැය හිඟය දල දේශිය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 5.8 කට ඉහල නැංගේය.

හිඟය ඉහල නොයන තත්වයන් තුල පවා, ඉන්දියානු ආන්ඩුව යටතේ පාලනය වන අරමුදල් වැඩි මූල්‍ය උත්තේජනයක් ලබාදෙන්නට අපහසුවෙන්වත් ඉඩ ලබා නොදුනි. 2012-13 මූල්‍ය වර්ෂය සඳහා සම්පූර්න බදු ආදායම ඩො. බිලියන 175 ක් පමන විය හැකි බවට මුදල් අමාත්‍යාංශය අනාවැකි පල කර තිබේ.

ඉන්දියානු ප්‍රභූවගේ අසරනභාවය පෙන්නුම් කරමින්, ඉන්දීය සංචිත බැංකුව (ඉසංබැ), තම රැපෝ අනුපාතය (දේශීය බැංකු ඉසංබැ නය ලබාගන්නා පොලී අනුපාතය) නොවෙනස්ව සියයට 8 ක ඉහල ප්‍රතිශතයක තබන්නට ගිය මස අගදී තීරනය කලේය.

මුලින් සඳහන් කල ලෙස, ගිය වසර පුරා රුපියලෙහි වටිනාකම සීඝ්‍රව පහල ගොස් තිබේ. පසුගිය දශකය පුරා ඩොලරය රු. 44.46 පමන වූ සාපේක්ෂ පටු පරාසයක අලෙවිවෙමින් තිබූ අතර, දැන් ඩොලරය රු. 56 ක වාර්තාගත අවම අගයකට ඇද වැටී තිබේ.

මෙම ඇදවැටීම, දිගු කාලීන සෘජු විදේශ ආයෝජන (සෘවිආ) සහ ප්‍රධාන වශයෙන්ම කොටස්, බැඳුම්කර, සහ අනෙකුත් මූල්‍ය ඇප හා සම්බන්ධ කෙටිකාලීන හා වඩා අස්ථිර විදේශ සංස්ථාගත ආයෝජන (විසංආ) දෙවර්ගයෙහිම කඩාවැටීම මගින් වේගවත් කෙරිනි.

දුර්වල යටිතල පහසුකම් සහ ආයෝජන-මූලික ප්‍රතිසංස්කරන (විශේෂයෙන්ම වෝල්මාට් වැනි දැවැන්ත විවිධ වෙලඳනාම සංගතවලට සිල්ලර අංශය විවෘතකිරීම සහ සේවකයන් නෙරපාහරින්නට හා කම්හල් වසාදමන්නට ඉඩ සලස්වමින් කම්කරු නීති ඉවත් කිරීම) තවදුරටත් කරන්නට ඇති විරෝධය මැඩපවත්වන්නට රජයේ නොහැකියාව සම්බන්ධව පැමිනිලිකරමින්, විදේශ ආයෝජකයෝ ඉන්දියාව ගැන කලකිරී සිටිති. මනෝභාවයන්ගේ මෙම වෙනස්වීම සංකේතවත් කරමින් පසුගිය මාර්තුවේ ඉකොනෙමිස්ට් සඟරාවේ මුල් පිටුවේ මාතෘකාව වූයේ ‘ඉන්දියානු ආර්ථිකය තම ඉන්ද්‍රජාලය අහිමිකරගනී.' යන්නයි.

ඉන්දියානු යටිතල පහසුකම්වල යල්පැනගිය සහ ගරාවැටුනු ලක්ෂන උද්දීපනය කරමින්, පිලිවෙලින් මිලියන 300 සහ 700 ජනතාවක් නිවස්නා ඉන්දියාවේ පෙදෙස් ගනනාවක් අකර්මන්‍ය කරමින් එක දිගටම මෑතකාලීනව සිදුවූ බලශක්ති බිඳවැටීම් විදේශ ආයෝජන කැඳවීමේ ඉන්දියානු උත්තේජනයන් හට එල්ල වූ තවත් ප්‍රධාන ප්‍රහාරයන් විය.

ජූනි වල ආරම්භ වුන වර්තමාන නිරිත දිග මෝසම් කාලය තුලදී, වර්ෂාපතනයේ උග්‍ර හිඟය ද ආර්ථික ව්‍යසනවලට එකතු වුනේය. ඉන්දීය ගොවි බිම්වලින් සියයට 55 කට ජලය සැපයෙනුයේ මෝසම් වැසි මගින් වන අතර ඉන්දියාවේ සමහර පලාත් සම්පූර්නයෙන්ම මෝසම් වර්ෂාව මත රැඳේ. නිල වාර්තාවලට අනුව, මේ වසරේ මෝසම් වැසි සියයට 20 කින් අඩුවනු ඇති අතර ගිනිගන්නා උද්ධමනයට පිදුරු දමමින් කෘෂිකාර්මික ප්‍රතිදාන ද මෙමගින් ඇද වැටෙනු ඇත.

මැයි මාසයේ සියයට 10.36 හා සැසඳීමේදී, 2012 ජූනි මාසයේදී සියයට 10.02 ක වාර්ෂික අනුපාතයකට සුලු වර්ධනයක් පෙන්වන නිල සංඛ්‍යාලේඛන සමග පසුගිය වසර ගනනාවේදී උද්ධමනය පාරිභෝගික මට්ටමේදී ඉලක්කම් දෙකක දිගටම පවතී. මෙම සංඛ්‍යාලේඛන පවා ප්‍රශ්නය අඩුවෙන් කියාපාන අතර මෙය සිදුවන්නේ දැනටමත් මිලියන සිය ගනනක ජනතාවක් මන්දපෝෂනයෙන් පෙලෙන රටක ය. ආහාර මිල උද්ධමනය සාමාන්‍ය අනුපාතයට වඩා සැලකිය යුතු තරමින් ඉහල ය. එලවලු මිල ගනන් සියයට 28 ක වාර්ෂික අනුපාතයකින් පිම්මක් පැන ඇති අතර කිරි සහ කිරි නිෂ්පාදන සියයට 12.75 කින්ද තෙල් හා මේද සියයට 17 කින් පමන ද ඉහල ගොස් තිබේ.

වැදගත්ම දේ ඉන්දියාවේ ආර්ථික දුෂ්කරතාවයයි - මූඩිගේ විශ්ලේෂන, ඉන්දියාව එක තැන පල්වන උද්ධමනයෙහි (stagflation) වගුරක ගිලෙන්නට යන බවට ප්‍රකාශ කරයි - එය සැලකිය යුතු ලෙස නරක අතට හැරිය හැකි බවට බිය වර්ධනය වෙමින් තිබේ.

ඉන්දීය රිසර්ව් බැංකුවේ අධිපතිම මේ වසර මුලදී මෙම හැකියාව පෙන්වාදෙමින්, ඉන්දියාවට හදිසි ජාමූඅ සහයෝගය ලබාගන්නට සහ ලෝක ධනවාදී වෙලඳපොල වෙත සම්පූර්නයෙන්ම ඒකාග්‍රවන්නට රාජ්‍ය-මූලික ආර්ථික වර්ධනය අත්හරින්නට සිදුවූ 1991 හි ආර්ථික තත්වයන් , අද පවත්නා නූතන තත්වයන් හා සැසඳීම ප්‍රතික්ෂේප කලේය.

විදේශ ආදායමෙහි සුවිශේෂී මාර්ගය වන විදේශ අපනයනයන්ගේ කඩාවැටීම, රටෙහි සම්පූර්න අපනයන සහ මූල්‍යමය ගනුදෙනු ද ඇතුලත් ආනයන අතර වෙනස වන ජංගම ගිනුමේ හිඟය උග්‍ර කරනු ඇත.

විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඩො. බිලියන 220 ක පමන සමස්ත නය ප්‍රමානයකට වග කිව යුතුව තිබෙන නිසාවෙන් ඉන්දියානු මහා ව්‍යාපාර රුපියල අවප්‍රමානවීම ගැන භ්‍රාන්තව සිටිති. බොහෝ නය ලබාගැනීම් සිදුකර ඇත්තේ ඩොලරය රුපියල් 45 කට පමන අලෙවි වීමේදී බැවින්, රුපියලෙහි අගයෙහි ඇදවැටීමෙන් රුපියල භාවිතයෙන් ලබාගත් නයෙහි අගය වියයුතු ලෙසම සියයට 20 කින් ඉහල ගොස් ඇත.

2008 මූල්‍ය අර්බුදයෙන් මුදා හැරුනු ආර්ථික කුනාටුව ඉන්දියාවට ඔරොත්තු දුන් බවට වසර දෙකකට පෙර ඉන්දීය පාලක ප්‍රභූව වාගාඩම්බර දෙසමින් සිටියේය. නමුත්, තම දැවැන්ත තෙල් ආනයනයන්ට සහ ජංගම ගිනුම් ශේෂයට මුදල් සැපයීමට විදේශ විනිමය මත ව්‍යුහාත්මකව රැඳෙන්නටත් තම අපනයන සඳහා එක්සත් ජනපදය සහ යුරෝපය මත රැඳෙන්නටත් ඉන්දියානු ආර්ථිකයේ පවතින ආවේනික දුර්වලතා පසුකාලීන සිදුවීම් මගින් සිත් කාවදින අයුරින් එලිදරව් කර තිබේ.

අඳුරු ආර්ථික ප්‍රපාතයේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර ලෙස, ‘ආර්ථික ප්‍රතිසංස්කරන‘ ඉක්මන්කරන ලෙස ඉන්දියානු රජයට පීඩනය දැමීමට ආයතනික මාධ්‍ය ව්‍යාපාර තැරැව්කාර කන්ඩායම් සහ දේශීය හා විදේශ ආර්ථික විශේෂඥයෝ එකමුතු වූහ. එනම්, මිලියන 800 ක් පමන වන ඉන්දියානු කම්කරුවන් සහ ගම්බද දුගීන් අතිශය දුගීබවේ නඩත්තු කරන්නට ඉතිරිව ඇති ගර්හිත සමාජ වැඩසටහන් කිහිපය ද අහෝසිකරන අතරේදී පුද්ගලික ආයෝජකයන්ට තවදුරටත් බදු සහන සහ අනෙකුත් අල්ලස් ලබාදෙන ලෙසයි.

ඉන්දියාවේ ආයෝජන සඳහා නරක අතට හැරෙන වාතාවරනය සම්බන්ධව ජූලි 17 දා ඉන්දීය ප්‍රභූව තදින් විවේචනය කල එක්සත් ජනපද ජනාධිපති ඔබාමා තවත් ප්‍රතිසංස්කරන රැල්ලකට බලකලේය. එක්සත් ජනපද මහා ව්‍යාපාරවල උත්තරීතර නියෝජිතයා ලෙස කතා කරමින් සිටි ඔබාමා, ඔවුන් වෙනුවෙන් පැමිනිලි කලේය. "ඉන්දියාවේ සිල්ලර වෙලඳාම වැනි බොහෝ අංශවල ආයෝජනය කිරීම තවමත් ඉතා අපහසුය. අපගේ රටවල් දෙකෙහිම රැකියා උත්පාදනයට අවශ්‍යවන සහ වර්ධනය දිගටම කරගෙන යාමට ඉන්දියාවට අවශ්‍ය විදේශ ආයෝජන ඉන්දියාව සීමා කරයි හෝ තහනම් කරයි."

"ගෝලීය ආර්ථිකය තුල රට වඩා තරඟකාරී කිරීමට තවත් ආර්ථික ප්‍රතිසංස්කරන රැල්ලක් සඳහා කාල වකවානුව හොඳ බව ඉන්දියාව තුල පොදු එකඟතාවයක් වැඩෙමින් පවතින බව පෙනේ." ඊලඟට ඔබාමා ප්‍රකාශ කලේය.

මහා ව්‍යාපාර ගැති ආර්ථික ප්‍රතිංසංස්කරන ක්‍රියාවට නැංවීම ගැන ඔබාමා සහ ලෝක මූල්‍ය ප්‍රභූව තරම් කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ යූපීඒ රජය වැඩි උද්‍යෝගිමත් බවක් නැත.

නමුත් කොන්ග්‍රස් පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් හිමිනොවන නිසා, ඉහලයන මිල ගනන්, නිදන්ගත දුගීභාවය, සහ ගැඹුරුවන සමාජ අසමානතාවයන් මත වැඩෙන මහජන කෝපයේ කොන්දේසි යටතේ ඡන්දයක දී තමන්ට දඬුවම් ලැබේවි යන බියෙන් යුත් කුඩා පක්ෂ සහිත තම හවුල් කන්ඩායම් සමග දේශපාලන එකඟතාවයක් ඇතිකරගැනීමට ඔවුන්ට බල කෙරී තිබේ. කම්කරු පන්තිය සහ ගම්බද වෙහෙසවී වැඩකරන්නන් මත කල් නොහැර ගෝලීය ආර්ථික අර්බුදයේ පීඩාව හෙලන්නට ක්‍රියා කරන දේශීය සහ විදේශීය ප්‍රාග්ධනයේ නියෝජිතයන් කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ ආන්ඩුව මත ඇති දේශපාලන බාධා අවිනිශ්චිතතාවක් ලෙස ඉවත හෙලයි.

බදාදා පැවැත්වූ තම නිදහස් දින කතාවේදී තම රජය ඔවුන්ගේ ඉල්ලීම් ගැන සැලකිලිමත් වන බව අන්තර්ජාතික මහා සංගතවලට අගමැති මන්මෝහන් සිං වෙහෙසකාරීව නැවත සහතික විය. "විදේශ ප්‍රාග්ධන ආකර්ෂනය කර ගැනීමට ඉන්දියාව තුල බාධක නොමැති බවට අපි අන්තර්ජාතික මට්ටමේදී විශ්වාසය ඇතිකල යුත්තෙමු." ඔහු ප්‍රකාශ කලේය. ඒ සමගම, "අපේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන කාරනා" "ජාතික ආරක්ෂාව පිලිබඳ කාරනා" ලෙස සැලකිලිමත් විය යුතු බවට සහතිකවෙමින් තම ප්‍රභූ දේශපාලන විරුද්ධවාදීන්ට තම රජයේ ප්‍රතිපත්ති මුලපිරීම් අසාර්ථක කිරීම නවත්වනලෙසට ආයාචනා කලේය.

Share this article: