ප්‍රන්සය මාලි රාජ්‍යයේ උතුරු පෙදෙසට ලඟාවෙද්දී බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය යුද ආධාර වැඩි කරති

Britain, US escalate war aid as France advances into northern Mali

By Alex Lantier, 29 January 2013

අධිරාජ්‍යවාදී බලයෝ මාලි රාජ්‍යය තුල යුද්ධය තීව්‍ර කරමින් සිටිති. ප්‍රන්ස භටයෝ සිය පැරනි යටත් විජිතයේ කැරලිකාරී උතුරු පෙදෙසට ලඟා වෙද්දී බ්‍රිතාන්‍යය භටයන් යැවීමට පොරොන්දු වී ඇති අතර එක්සත් ජනපදය කලාපය තුල ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන කඳවුරක් ස්ථාපනය කිරීමට සැලසුම් කරමින් සිටී.

ප්‍රන්සයේ පිටුබලය ලබන මාලි ආන්ඩුවේ හමුදා පුහුනු කිරීමත් පුහුනුකරුවන්ට‍“යුද භට ආරක්ෂාව” සම්පාදනය කිරීම ඉලක්ක කරගනිමින් තමන් භටයන් සිය ගනනක් යැවීමට නියමිත බව බ්‍රිතාන්‍ය බලධාරීහු කීවෝ ය. ප්‍රන්ස හමුදා සමග කටයුතු කරන බ්‍රිතාන්‍ය විශේෂ හමුදා දැනට මත් මාලි වෙත ලඟා වී ඇතැයි වාර්තා‍වේ. මාලි වෙත භටයන් දියත් කිරීමට උපකාරී වීමට බ්‍රිතාන්‍යය සී-17 ප්‍රවාහන ගුවන් යානා ද යවා තිබේ.

ජනවාරි 27 දා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ප්‍රන්ස ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ අතර පැවති සාකච්ඡාවලින් පසුව නිවේදනය පැමිනුනි. “ප්‍රන්ස ආන්ඩුවේ ක්‍රියාකාරකම්වලට අපි සම්පූර්න සහාය දෙන බව අගමැති වරයා පැහැදිලි කලා... ප්‍රන්ස ආන්ඩුවේ අවශ්‍යතාවන්ට අනුව අපට හැකි අවස්ථාවල දී වැඩිදුර උපකාර ලබා දීමට අප සැලකිලිමත් වන බන අගමැති වරයා විස්තර කලා” යයි ඩවුනිං ස්ට්‍රීට් ප්‍රකාශකයෙක් කීවේ ය.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා හා ප්‍රන්ස ආරක්ෂක ඇමති ෂෝන් යිවේස් ල ඩ්‍රයන් අතර පැවති සාකච්ඡාවලින් පසු ප්‍රන්ස යුද යානාවලට යලි තෙල් ගැසීමට එක්සත් ජනපද ටැංකි ගුවන් යානා ලබාදීමට එකඟ වෙමින් එක්සත් ජනපදය ද ප්‍රන්සයට දෙන මිලිටරි සහයෝගය දිගු කරමින් සිටී. ඇල්ජීරියානු ගුවන් අවකාශය හරහා මාලි වෙත පියාසර කරන බොහෝ ප්‍රන්ස ප්‍රහාරක බෝම්බකරුවෝ ප්‍රන්ස කඳවුරුවල සිට ක්‍රියාත්මක වෙමින් මාලි රාජ්‍යයේ ඉලක්ක වෙත බෝම්බ දමති. මෙහෙයුම් අරයේ පිටස්තර වාටිය මතට ඔවුන්ව ගෙන යන මෙය නැවත යානා වෙත තෙල් ගැසීම අවශ්‍ය බවට පත් කරයි.

ඒ අතර ම එක්සත් ජනපද ඩ්‍රෝන් යානා සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට වොෂින්ටනය නයිජර් හා මාලි රටේ අනෙකුත් අසල්වැසි රටවල් සමග සාකච්ඡාවල නිරතව සිටී. බුර්කිනා ෆාසෝ හි ඔව්‍ගදොව්ගොව් ගුවන් තොටුපලේ මිලිටරි අඩවිය තුල සිට එක්සත් ජනපදය දැනටමත් මිනිසුන් සුලු පිරිසක් අඩංගු සෝදිසි යානා දියත් කරයි. මෙය එක්සත් ජනපදයේ අප්‍රිකානු බලඇනියේ (ඇෆ්රිකොම්) වෙත අනුයුක්ත නිල නො වන කඳවුරු මාලාවකින් එකකි. අප්‍රිකාව තුල පිහිටි ඇෆ්රිකොම්හි එකම නිල කඳවුර වන්නේ නැගෙනහිර අප්‍රිකානු වෙරලබඩ නාගරික ජිබොවුති ප්‍රාන්තයේ පිහිටි ප්‍රන්ස-ඇමරිකා ඒකාබද්ධ කඳවුරකි.

ලිබියාවේ සිට සහරා හරහා මාලි රටේ උතුරු පෙදෙස වෙත සැපයුම් හා ආයුධවල ගලායාම අධීක්ෂනය කිරීම නයිජර් හෝ බුර්කිනා ෆාසෝ සිට පියාසර කරන ඩ්‍රෝන් යානා කරනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීහු කීහ.

දැනට ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හා අරාබි අර්ධද්වී‍පයේ සමහර ප්‍රදේශ සහ නැගෙනහිර අප්‍රිකාවේ සිට සහේල් දක්වා යොදා ගනු ලබන එක්සත් ජනපදයේ දුරස්ථ-පාලක ඝාතන දිගු කිරීම මගින් ද භූමි ඉලක්ක වෙත ඒවායෙන් ප්‍රහාර එල්ල කල හැක. “තර්ජනය නරක අතට හැරුනහොත් මිසයිල ප්‍රහාර දියත් කිරීම” ‍වොෂින්ටනය “නො සලකා හැර නැතැ”යි නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ ය.

නයිජර් රාජ්‍යය තුල එක්සත් ජනපද හමුදා කඳවුරුගත කිරීම ගැන අදහස් දැක්වීම ඇෆ්රිකොම් අනදෙන නිලධාරී ජෙනරාල් ප්‍රතික්ෂේප කලේ එය “මට තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නො හැකි තරම් මගෙන් පිටස්තර” යයි සඳහන් කරමිනි. එහෙත් නයිජර් ජනාධිපති මහමොදෝ ඉසෝෆෝ “එක්සත් ජනපදය සමග දීර්ග කාලීන මූලෝපායික සම්බන්ධතාවක්” ස්ථාපනය කරගැනීමට කැමති යයි අවධාරනය කොට තිබේ.

මෑතක දී ප්‍රන්ස විශේෂ හමුදා නයිජර් වෙත මුදා හරින ලද්දේ එරටේ පිහිටි අරේවා නමැති ප්‍රන්ස න්‍යෂ්ටික බලශක්ති සංගතයේ සුවිසල් යුරේනියම් පතල් ආරක්ෂා කරගැනීමට ය.

බටහිර අප්‍රිකාව හරහා ඩ්‍රෝන් හා කොමාන්ඩෝ යුද්ධය පුපුරා යාම, මාලි රාජ්‍යය තුල යුද්ධය ධාවනය කරනු ලබන සංගත හා මූලෝපායික අවශ්‍යතා සහ ප්‍රමුඛ වසයෙන් යුද්ධය හටගැන්වූ කොන්දේසි නිර්මානය කිරීමේ දී අධිරාජ්‍යවාදී බලයන් දරන වගකීම ඉස්මතු කොට දක්වයි.

කර්නල් මුවම්මර් ගඩාෆිගේ තන්ත්‍රය විනාශ කිරීමට 2011 ලිබියානු යුද්ධයේ දී නැටෝව ඉස්ලාමීය හමුදා ඉදිරියට දැමීම සහරා කලාපය තුල වාර්ගික හා කන්ඩායමික යුද්ධ අවුලුවාලී ය. දැන් ඉස්ලාමීය හමුදා ද අල් කයිඩාව හා බමාකෝහි ප්‍රන්ස පි‍ටුබලය ලබන මාලි තන්ත්‍රය යන දෙකට ම සම්බන්ධ මංපහරන්නන් මෙන් ම ප්‍රාදේශීය ජාතිකවාදී කන්ඩායම් ද ලිබියානු ආයුධ ගබඩාවලින් සොරකම් කරගන්නා ලදුව සහරාව හරහා පන්නවා ගත් ආයුධ තමන්ට ම යලි සපයා ගනිමින් සිටිති. වොෂින්ටනය, පැරීසිය හා ලන්ඩනය එයට දක්වන ප්‍රතිචාරය වන්නේ තවදුර හමුදා දිගේලි කිරීම හා බටහිර අප්‍රිකාව තුල ප්‍රචන්ඩත්වය තීව්‍ර කිරීම යි.

ප්‍රන්සය, බමාකෝ අගනුවර කපිතාන් අමාදෝ සනෝගෝගේ දූෂිත ජුන්ටාවෙන් වෙන්වුනු උතුරු මාලිය ආක්‍රමනය කරමින් සිටින්නේ බමාකෝවේ අධිකාරය යලි තහවුරු කිරීමට ය. ඊයේ හා සති අන්තය පුරා ප්‍රන්ස භටයෝ උතුරු මාලියේ මූලික නගර අල්ලා ගත්තේ පසුගිය සතිය තුල ලෙරේ, තිම්බුකු, කිදාල් හා ගාඕ නගර ඉලක්ක කරගත් බෝම්බ හෙලීමේ මෙහෙයුමකින් පසුව ය.

වාර්ගික තුවාරෙග් වරුන් හා විවිධාකාර සටන්කාමී කන්ඩායම්වලින් පැමිනි ඉස්ලාමීය හමුදා ඇතුලු විරුද්ධවාදී සටන්කාමීහු ලාක්ෂනික ප්‍රතිරෝධයක් පමනක් දක්වමින් හෝ කිසිදු ප්‍රතිරෝධයකින් තොරව නගර අතහරිමින් සිටින බව වාර්තා පෙන්වා දෙයි. ගරිල්ලා විරෝධය සූදානම් කිරීම සඳහා ඔවුහු එක්කෝ ගාඕ නගරයෙන් ඊසානදිගට වන්නට සැතපුම් 300ක් ඈතින් පිහිටි, එමෙන් ම විරුද්ධ පාර්ශවයේ හස්තයේ පසුවන අවසාන ස්ථානය වන කිදාල් නගරයට හෝ එසේ නැත්නම් ග්‍රාමීය ප්‍රදේශවලට පලා යමින් සිටිති.

නගරවලින් විශාලතම එක වන දල වසයෙන් 85,000ක ජනගහනයෙන් යුත් ගාඕ නගරය ජනවාරි 27දා ප්‍රන්ස හා මාලි ආන්ඩුවේ හමුදා අතට පත් වූ අතර එහි දී එම හමුදා ප්‍රථමයෙන් එහි ගුවන් පථය අත්කර ගත් හ. ප්‍රන්ස මිලිටරි මූලාශ්‍ර සඳහන් කල පරිදි ගාඕ දී ඔවුහු ඉස්ලාමීය සටන්කරුවන් 25ක් මරා දැමූහ.

තුවාරෙග් ජාතිකවාදී අසවාද් විමුක්තිය සඳහා වන ජාතික ව්‍යාපාරය (එම්එන්එල්ඒ) තමන්ට කිදාල්හි ආක්‍රමනික ප්‍රන්ස හමුදා සමග සටන් විරාමයක් අවශ්‍ය යයි ජනවාරි 28 දා සංඥා කලේ ය.

එලෙස ම ප්‍රන්ස හමුදා ජනවාරි 28 දා කලාපයේ මධ්‍යකාලීන අප්‍රිකානු අධිරාජ්‍යයන්ගේ ‍ඓතිහාසික මධ්‍යස්ථානයක් වන තිම්බුකුහි බලය අල්ලා ගත් හ.

ප්‍රන්ස හමුදා නගරයට පැමිනීමට පෙර 13වන ශතවර්ෂය දක්වා දිවයන මිල කල නො හැකි ඓතිහාසික අත්පිටපත් දහස් ගනනක් අඩංගු තිම්බුකුහි පුස්තකාල දෙකක් ඉස්ලාමීය සටන්කාමීන් විසින් ගිනිතබන ලද බව වාර්තා වේ. පසුකාලීනව බටහිර සමග විරසක වූ එක්සත් ජනපද පිටුබලය ලබන ඉස්ලාමීන්ගේ අනෙකුත් වනචාරීත්වයේ ගැඹුරින් ම ප්‍රතිගාමී ක්‍රියා -1992 දී ඇෆ්ගනිස්තානයේ සෝවියට් විරෝධී මුජහිදීන් වරුන් විසින් කාබුල්හි සංස්කෘතිකමය උරුමය විනාශ කිරීම හෝ 2001 දී තලිබාන්වරු බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම වැනි- මෙන් ම එම අපරාධ පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදය, ඉස්ලාම්වාදය හැසිරවීම හා දිරිමත් කිරීමේ ගොරතර ගම්‍යයන් ය.

බටහිර බලයන්ගේ අප්‍රිකානු පැරනි ඉස්ලාමීය සහකරුවන්ගේ අපරාධ ප්‍රන්සය මාලි රාජ්‍යය තුල ගෙන යන යුද්ධය සාධාරනීකරනය කිරීමට යොදාගැනීම ප්‍රගාඪ ලෙස නරුම ය. පැරිසියේ පිටුබලය ලබන බලයන් විසින් එවැනි අපරාධ කරන ලද විට පැරිසිය එය පුරුද්දක් ලෙස නො තකා හරී. අලේපෝහි වෙලඳ‍පොල වැනි ඓතිහාසික ස්ථානවලට පහර දුන් සිරියාවේ ඉස්ලාමීය කැරලිකරුවන් එයට අයත් වේ. එය යුද්ධයේ ප්‍රතිගාමී ස්වභාවය ආවරනය කිරීමේ නරුම කවරයක් ද වේ.

යුද කලාප ආවරනය කිරීමෙන් මාධ්‍යවේදීන්ව ප්‍රන්සය විසින් වලක්වනු ලබන තතු යටතේ වාර්ගික ඝාතන බො‍හෝ සෙයින් මාධ්‍ය තුල නො සලකා හරිනු ලැබේ. එහෙත් “තුවාරෙග් සිවිල් වැසියන්ව අධිකරන බාහ්‍ය ඝාතනවලට ලක්කිරීම, තුවාරෙග් ගෝත්‍රික කඳවුරකට අනුකම්පා විරහිතව බෝම්බ හෙලීම හා ගෝත්‍රික ජනයා ජීවත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා පශු සතුන් මරා දැමීම ආදී ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම්” පිලිබඳව ප්‍රන්ස පිටුබලය ලබන මාලි හමුදාවලට චෝදනා කරමින් ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ජනවාරි 26දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ප්‍රන්සය අධිකාරය පුනස්ථාපනය කිරීමට මැදිහත් වී සිටින බමාකෝ තන්ත්‍රය අතිශයින් දූෂිත ය. 1980 ගනන්වල පටන් උතුරු මාලියේ සීමිත සමාජ යටිතල පහසුකම් පුද්ගලීකරනය කිරීම‍ට හා අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ප්‍රන්ස ප්‍රාග්ධනය සමග සමීපව වැඩ කර ඇති එම තන්ත්‍රය බොහෝ සෙයින් අපරාධකාරී ක්‍රියාවන් හරහා තුනී ප්‍රභූ ස්ථරයක් ධනවත් වූ කලාපයක් බවට උතුරු මාලිය පත් කලේ ය. එම අපරාධකාරී ක්‍රියාවන්ට මත්ද්‍රව්‍ය හා පැහැරගැනීම් නමැති මාලි නිලධාරීන් සැලකිය යුතු ලාභ උපයාගන්නා ක්‍රියා අයත් ය.

බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතට අනුව ගාඕහි වටිනා ම ප්‍රදේශය “කොකේන්බෝගෝ” හෙවත් “කොකේන් නගරය” ලෙස හඳුන්වනු ලබන්නේ ලතින් ඇමරිකානු කොකේන් දකුනු අත්ලාන්තික් සාගරය හා බටහිර අප්‍රිකාව හරහා යුරෝපය වෙත නැව්ගත කිරීම මගින් ධනයෙන් ආඪ්‍ය වීම නිසා ය. පුවත්පතේ මූලාශ්‍රය වන පොලිස් නිලධාරියෙක් “අපරාධකරුවන් හා රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධයක් ඇතැයි පිලිගත්” බව එය සඳහන් කලේ ය.

Share this article: