ශ්‍රී ලංකා ආන්ඩුව නව අගවිනිසුරුවරයෙකු පත් කර යි

Sri Lankan government installs new chief justice

By W.A. Sunil, 18 January 2013

බන්ඩාරනායකගේ දෝෂාභියෝගය ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය හා අභියාචනාධිකරනය කල තීරන ඉවත දමමින් රාජපක්ෂ මෝහාන් පීරිස් පත්කිරීම, රටේ දේශපාලන අර්බුදය ගැඹුරු කරනවා ඇත. මේ වන විටත් නීතිඥයින් හා විරුද්ධ පක්ෂ විශාල විරෝධතා පවත්වා ඇත.

තමන්ට එරෙහිව එල්ල විය හැකි ප්‍රචන්ඩත්වය පිලිබද ව බිය පලකරමින් බන්ඩාරනායක 15දා ඇගේ නිල නිවසින් ඉවත් වූවා ය. මාධ්‍යයට කතා කිරීමෙන් පොලීසිය ඇය වැලක්වූ නමුත්, තමා "තවමත් විධිමත් ව පත්කෙරුනු රටේ නීත්‍යානුකූල අගවිනිසුරු ය” යි තිරසර ව පවසමින් ඇය ප්‍රකාශනයක් නිකුත් කලා ය. ගොතන ලද දූෂන චෝදනාවලට ඇය වරද කරනු ලැබූ පාර්ලිමේන්තු දෝෂාභියෝගී කමිටුවේ තීරන "බලය ඉක්මවන, නිෂ්ඵල, ශුන්‍ය හා නීතිය හමුවේ බල රහිත හෝ වලංගුතාවක් නැති ” ඒවා යැයි ඇය ප්‍රකාශ කලා ය.

තමා ඊලඟට කරන්නේ කුමක් දැ යි බන්ඩාරනායක පැහදිලි නොකලා ය. කෙසේ නමුත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පීරිස්ගේ පත් කිරීම අභියෝගයට ලක්කරමින් හා අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස කිසි නිල රාජකාරියක් කිරීමෙන් ඔහු වැලක්වීමේ තීන්දුවක් අපේක්ෂා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

අගවිනිසුරු ආන්ඩුවේ ප්‍රතිපත්තියට බාධාවක් නොවනු ඇති බව සහතික කර ගැනීම ඉලක්ක කෙරුනු පීරිස්ගේ පත්වීම පැහදිලිව ම දේශපාලනික තෝරා ගැනීමකි. බන්ඩාරනායක යටතේ ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කර තිබුනේ පලාත් සභාවලින් ජාතික ආන්ඩුව වෙත ආර්ථික බලතල අත්පත් කර ගැනීමට හැකිවන නීති සම්පාදනය ව්‍යවස්ථා විරෝධී වූ බව යි.

නීතිපති වශයෙන් විශ්‍රාම ලැබූ පීරිස් රාජපක්ෂගේ ඇමති මන්ඩලයේ නීති උපදේශක විය. ඔහු රජයට අයත් සමාගම් ගනනාවක ඉහල තනතුරු දරන අතර සෙලාන් බැංකුවේ සභාපති ය. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව වාර්ගික යුද්ධය අතරතුර දී ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංගනය කිරීම පිලිබඳ ජාත්‍යන්තර විවේචනවලින් රාජපක්ෂ ආන්ඩුව ආරක්ෂා කිරීමේ දී ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ ය.

ආන්ඩුවේ ආධාරකරුවන් නඩුවලින් ආරක්ෂා කිරීමට රටේ නීති පද්ධතියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පීරිස් විවේචනයට ලක් විය. පසුගිය නොවැම්බරයේ දී නීති වේදීන්ගේ ජාත්‍යන්තර කොමිසමක වාර්තාවක් ඔහු ඉල්ලා අස් කර ගෙන තිබූ ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහි නඩුවල ලේඛනයක් සැපයුවේ ය.

පීරිස් පත් කිරීම තුල ආන්ඩුව පාර්ලිමේන්තු සම්මතයන් උල්ලංඝනය කලේ ය. කතානායක, අගමැති හා ආන්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙකු මෙන් ම විපක්ෂ නායක හා ජනාධිපතිගේ නියෝජිතයකුගෙන් සැදුම්ලත් සමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අධිකරන පත්වීම් අනුමත කල යුතු ය. විරුද්ධ පාක්ෂික සාමාජිකයන් දෙදෙනා කමිටුව වර්ජනය කල විට එය ලෙහෙසියෙන් ම පීරිස්ගේ පත්වීම අනුමත කලේ ය.

15දා බන්ඩාරනායක අධිකරන පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වීමට හා විරුද්ධවාදීන් බියවැද්දීමට ආන්ඩුව කොලඹ උසාවි සංකීර්නය වටා පොලිස් හා හමුදා භටයන් සිය ගනනක් රැඳවී ය. ආන්ඩුවට ගැති ආධාරකරුවන් 200ක් පමන හා දේශපාලඥයෝ එක් වී පීරිස්ට සහාය පලකරන සටන්පාඨ හඬනැගූහ.

ආන්ඩුවේ පියවර රට තුලත් ජාත්‍යන්තරවත් විරෝධය අවුලුවා ඇත."නීතියේ පාලනය පිලිබඳ අනාගතය හා රටේ වගකීම පිලිබඳ ගැඹුරු උත්සුකයන්” දක්වමින් අයිසීජේ හෙවත් ජාත්‍යන්තර අපරාධ අධිකරනය පීරිස්ගේ පත් කිරීම හෙලා දුටු අතර බන්ඩාරනායක නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලුවේ ය.

ඩේලි මිරර් කතුවැකිය පැවසුවේ මෙසේ ය, "අපගේ රටේ දෛවය හා ඉරනම පරදුවට තැබීමත් සමග ප්‍රචන්ඩ හා ලජ්ජා සහගත දර්ශන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් ඛේදනීය පරිච්ඡේදයන්ගේ කොටස් බවට පත්විය.”

කතුවැකිය පිලිබිඹු කරන්නේ ආන්ඩුවේ ප්‍රතිපත්ති හා එහි අධිපතිවාදී පාලන ක්‍රමවේදයන් පිලිබඳ ව පාලක ප්‍රභූවේ කොටස් තුල පවතින ගැඹුරු නොසංසුන්තාවයයි. රාජපක්ෂගේ පැහදිලි ගජමිතුරුවාදය හා චීනය දෙසට වන ආන්ඩුවේ නැඹුරුවේ ප්‍රතිවිපාක පිලිබඳ භිතිය මගින් මහා ව්‍යාපාරික ස්ථර පැත්තකට ඇද දමනු ලැබ ඇත. ආන්ඩුව බීජීනයෙන් ඈත්කරවීම සඳහා පීඩනය යෙදීමේ මාධ්‍යයක් ලෙස එක්සත් ජනපදය හා එහි මිතුරන් මීට පෙර මිලිටරියේ යුද අපරාධ යොදා ගෙන තිබුනි.

කම්කරු පන්තිය සමග අනතුරුදායක ගැටුම් සඳහා වේදිකාව සකසමින් ආන්ඩුව විවෘත ව ව්‍යවස්ථාදායක හා නීතිමය සම්මතයන් නොතකා හැරීම පාර්ලිමේන්තු පාලනය අවමානයට ලක් කරනු ඇතැ යි යන බිය ද පවතී. ලංකා වානීජ හා කාර්මික සම්මේලනය අනතුරු අඟවමින් ප්‍රකාශනයක් නිකුත් කලේ ය: "ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් පරදුවට තැබීම සමග ශ්‍රී ලංකාව බරපතල ව්‍යවස්ථාදායක හා නීතිමය අර්බුදයකට මුහුන දෙමින් තිබේ.” "මෙම ප්‍රශ්නය විසිඳනු” යි එය රාජපක්ෂට කියා සිටියේ ය.

විපක්ෂයේ සිටින දක්ෂිනාංශික ධනපති එක්සත් ජාතික පක්ෂයට කම්කරු පන්තිය ගැට ගැසීම පිනිස දේශපාලන සංස්ථාපිතය වාරු වන්නේ පැරනි වමේ නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය මත ය. 16දා ඩේලි මිරර් පත්‍රයට ලියමින් නසසප නායක වික්‍රමභාහු කරුනාරත්න ප්‍රකාශකලේ නීතිවේදීන්ගේ ප්‍රතිරෝධය සහ විරුද්ධ පක්ෂවල හා වෘත්තීය සමිතිවල විරෝධය නිසා "රාජපක්ෂගේ සැලැස්මට ආයුෂ කෙටි” බව ය.

කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා තීතිමය සම්මතයන් ආරක්ෂා කිරීමට අවංක අරගලයක් ගෙන යාමට එජාපට අපේක්ෂාවක් නැත. එය බලයේ සිටි කාලය අතරතුර දී දේශපාලන විවේචකයන් හා විරුද්ධවාදීන් කුරිරු ලෙස මර්දනය කිරීම පිලිබඳව කුප්‍රකට ය. පීරිස්ගේ පත් කිරීම එජාප විසින් ප්‍රතික්ෂේප කල අතර මොනයම් හෝ ඉදිරි විරෝධතාවන් තීරනය කිරීමට නීති නිලධාරීන්ගේ සංවිධානයට හා නීතිඥයින්ගේ සංගමයට ඉඩහරින බව තිස්ස අත්තනායක මේ වන විටත් පැහදිලි කර ඇත.

අධිකරන සන්තතිය හා නීතිඥ එකමුතුවේ විරුද්ධත්වය නිහඬ කිරීමට ආන්ඩුව උත්සාහ ගනිමින් සිටී. බන්ඩාරනායකගේ දෝෂාභියෝගයට අභියෝග කරන නඩුවලට පෙනී සිටි ප්‍රමුඛ නීතිඥයින් ආන්ඩු ගැති මැරවරයන්ගේ තර්ජනවල ඉලක්ක වී ඇත.

11දා රාජපක්ෂ නීතිඥයින්ගේ සංගමයේ නායකයින් සමග රැස්වීමක් පැවත් වූ අතර අධිකරනය "දේශපාලන ඒකකයක්” බවට පරිවර්තනය කිරීමට හෝ "අධිකරනය අපකීර්තියට පත්කිරීමට” කිසිවෙකුට ඉඩ නොතබන බව අනතුරු අඟවමින් ඔහු කියා සිටියේය. මෙසේ පලවන්නේ ව්‍යවස්ථාව උල්ලංගනය කල හා අධිකරන තීන්දු හෑල්ලු කල පුද්ගලයෙකුගෙනි.

බන්ඩාරනායක පිලිබඳව රාජපක්ෂගේ සැලකීම හා අධිකරනයට එරෙහිව එල්ල කරන තර්ජන කම්කරු පන්තියට අනතුරු ඇඟවීම් ය. මහා ව්‍යාපාර හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන් ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු පියවරයන් කෙරෙහි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය සමග ගනුදෙනු කිරීමේ දී ආන්ඩුව වඩාත් ම්ලේච්ඡ වනු ඇත.

එජාප පිටුපස පෙල ගැසීමෙන් කම්කරු පන්තියට සිය මූලික අයිතීන් රැක ගත නොහැක. ඒ මාවත ඔස්සේ ධනේශ්වරයේ සියලු ම කොටස් වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතු අතර සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ග්‍රාමීය ජනතාවගේ සහයෝගය දිනා ගත යුතු ය. දකුනු ආසියාව තුල මෙන් ම ජාත්‍යන්තර ව ද සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලකාව තුල මෙම ඉදිරිදර්ශනය ඉදිරියට ගෙන යන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: