එක්සත් ජනපදයේ සසප ඩෙට්‍රොයිට් ජල කප්පාදුවට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් රැලි කරයි

SEP rallies workers and youth against Detroit water shutoffs

ඩේවිඩ් බ‍්‍රවුන් විසිනි, 2014 ජූලි 25

සමාජවාදී සමානතා පක්ෂය සහ ඩෙට්‍රොයිට් කම්කරු කමිටුව නගරයේ නැගෙනහිර පෙදෙසේ ඩෙට්‍රොයිට් මධ්‍යම ජල සැපයුම් සේවාවන් නතර කර දැමීමට එරෙහිව 24දා රැලියක් පැවැත්වීය. සසප සහ කමිටුව ඒකාබද්ධව පැවැත්වූ මෙම දෙවැනි රැලියෙහිදී, පිරිසිදු ජලය ලබා ගැනීම සමාජමය අයිතියක් බව තහවුරු කල අතර ජල කප්පාදුවට සහ පුද්ගලීකරනයට ද කම්කරු රැකියා සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුව ද එරෙහිව ජල සම්පාදන කම්කරුවන් සහ ඩෙට්‍රොයිට් නගර වැසියන් ඒකාබද්ධ කිරීමට සටන් වැදුනි.

උද්ඝෝෂකයන් හබර් වීදිය ඔස්සේ සටන් පාඨ හඬ නංවමින්වමින්

පුද්ගලික ගැනුම් කරුවන්ගේ හිත් ඇද ගනීම සඳහා ඩෙට්‍රොයිට් ජලාපවාහන දෙපාර්තමේන්තුව පසුගිය වසර පුරාවට අඩුම තරමේ 42,000 වක් ජලය කපාහැරියේය. ජලාපවාහන කම්කරුවෝ, සිය දෙපාර්ත්මේන්තුවේ ශ‍්‍රම බලකාය සියයට 80කින් අඩු කිරීමේ තර්ජනයට අමතරව, අනෙකුත් නගර සභා කම්කරුවන් සේම විශ‍්‍රාම සහ සෞඛ්‍ය පහසුකම් කුරිරු ලෙස කප්පාදු කිරීමකට ද මුහුන දෙති.

සසප තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා තරුනයෝ සහ ශිෂ්‍යයෝ සමාජිකයන් සහ ප‍්‍රදේශයේ කම්කරුවන් ඊට එක්වීය. ජල කප්පාදුව ගැන රජයේ සේවකයන්ට දොස් නොපවරන බව පැහැදිලි කල පෙලපාලි කරුවන් තමන් සටන් කරනුයේ හදිසි අවස්ථා කලමනාකරු, මහ ව්‍යාපාරික පක්ෂ දෙක සහ ඔවුන් සේවය කරන වෝල් ස්ට්රීට් බැන්කු වලට එනම්, පොදු සතුරාට එරෙහිව ජලාපවහන කම්කරුවන් සහ නිවැසියන් ඒකාබද්ධ කිරීමට බව පැහැදිලි කරන ලදී.

විශාල බැංකු වල ග‍්‍රහනය බිඳ දමමින් සහ මෙම අත්‍යවශ්‍ය සම්පත් වල අයිතිය කම්කරු පන්තියේ අව්‍යාජ පොදු අයිතිය යටතට පත් කිරීම මගින් ජල සැපයුම හරහා ලාභ ඉපයීම ඉවත් කල යුතු බව පවසමින් සසප පෙලපාලිකරුවන් දැඩි ලෙස කියා සිටියේ, ජලය සහ යහපත් රැකියා ලබාගැනීම සමාජ අයිතීන් බවය.

වැඩ මුර අවසන් කර යන අය වර්කර්ස් නිව්ස් ලෙටර් පුවත් පතේ අලුත්ම නිකුතුව මිලට ගනිමින්

කම්කරුවන් සහ මහ මග ගමන් කල අය වාහන නලා ශබ්ද කරමින් සහාය පල කල අතර වැඩ මුර අවසන් කර යන අය ඩෙට්‍රොයිට් නිව්ස් ලෙටර් පුවත් පතේ අලුත්ම නිකුතුව මිලට ගත්හ. පිකට් කරුවෝ ”හෝ! හෝ! සන්ගත කුක්කෝ අපේ විශ‍්‍රාමයට අත නොතබව්” සහ “ ඩෙට්‍රොයිට් කම්කරුවන් ආවේ සටනටයි, ජලය කියන්නේ සමාජ අයිතියකුයි” වැනි සටන් පාඨ හඬ නැගූහ.

නිවාස 150,000ක් ජල පහසුකම් කපාදැමීම ඉලක්ක කරන්නේ, මාස දෙකක හෝ වැඩි ගනනක ඩොලර් 150ක් වැනි සොච්චම් ගාස්තුවක් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි. සතියකට ආසන්න වශයෙන් නිවාස 3,000ක පමන ජල සැපයුම කපාදැමේ.

සඳුදා නිවේදනය කරන ලද කප්පාදුව දින 15කට “අත්හිටුවීම” මගින් නගර සභාව මෙම කුරිරු පිලිවෙතට එරෙහිව පුලුල්ව නැගෙන පිලිකුල කෙරෙහි ප‍්‍රතිචාර දැක්වීය. අඩු ආදායම් නිවැසියන්ට විකල්ප ගෙවීම් ක‍්‍රම හඳුන්වා දීම සඳහා නගර සභාව මෙම කාලය යොදා ගැනීමට අදහස් කරන අතර බොහෝ පවුල් වලට දරා ගැනීමට අසීරු මූලික ගෙවීම් ඊට ඇතුලත් ය. කෙසේ වුවද පවසන “අත්හිටුවීම” මධ්‍යයේ සිදුවනවා යැයි ජල දෙපාර්තමේන්තුව පවසන “නීති විරෝධී භාවිතා වන්ට” එරෙහිව සිය ව්‍යාපාරය උත්සන්න කරයි. දිගටම සිදුවන ජලය කපා දැමීම් ගැන තමන්ට තවමත් දුර කථන ඇමතුම් ලැබෙන බව ජන සහයෝගිතා කන්ඩායම් 24දා වාර්තා කලෝය.

වැඩ මුර අවසන් කර යන කම්කරුවන් කරුනු දක්වමින්

මුලදී කම්කරුවන් ගනනාවක් රැලිය පිලිබඳව සැක සාංකා පල කලහ. “ඔබ විරෝධය පාන්නේ වැරදි තැනට. ජලය කැපීමේ සියලුම නියෝග එන්නේ කලමනාකාරිත්වයෙන්” යනුවෙන් එක් කම්කරුවෙක් පැවසීය. තමන් මෙහි සිටින්නේ ඩෙට්රොයිටය ඩෙට්‍රොයිටය බන්කොලොත්වීමේ කොටසක් ලෙස රැකියා වලින් දොට්ට දැමීමට සහ විශ‍්‍රාම කප්පදුවට මුහුන දී සිටින කම්කරුවන්ට සහාය පලකිරීමට සහ ජල කප්පාදුවට මුහුන දෙන කම්කරුවන් සමග ඔවුන් ඒකාබද්ධ කිරීමට බව එවිට සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

ඩෙට්‍රොයිට් බංකොලොත් බවේ සියලු අංශ වලට එරෙහිව කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීමේ සසප ඉල්ලීමට පසුව උනුසුම් ප‍්‍රතිචාරයක් ලැබුනි.

රැලිය අතර තුර බොහෝ කම්කරුවන් පලි ගැනීම් වලට බියෙන් අදහස් දැක්වීමට මැලි වුව ද පෙර දිනයේදී එක් කම්කරුවෙක් ජල කප්පාදු, රැකියා කොන්දේසි සහ බංකොලොත් වීම පිලිබඳව ලෝසවෙඅ වර්තා කරුවන් සමග දීර්ඝ ව කතා බහ කලේය. ඩෙට්‍රොයිට් ජල සහ ජලාපවාහන දෙපාර්තමේන්තුවේ සිටින “කලකිරුන සේවකයකු” ලෙස පමනක් තමන් හඳුන්වා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

“දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීම ගැන ඔවුන් අවුරුදු ගනනාවක් තිස්සේ කතා කලා, දැන් ඔවුන් ඇත්තටම ඒක කරනවා. ඔවුන් හැම දෙයක්ම කපා හරිනවා. මම හරිම ආසාවෙන් වැඩට ගියා, ඒත් දැන් තියෙන්නෙ හරියට ක‍්‍රියාත්මක නොවන උපකරන, දැන් ඔවුන් වැඩට ගන්නෙ කිසිදවසක ක්ෂේත‍්‍රයේ හිටපු නැති මේ ගැන මෙලෝ දෙයක් දන්නැති කලමනාකරුවන්.”

“කාන්දු ට‍්‍රක් එකට තුන්දෙනෙක් හිටියා, දැන් දෙන්නයි, එහෙම කල නොහැකියි. මරනෙ තමයි ලං වෙන්නෙ. මිනිස්සු දෙන්නෙක් එක්ක ගල් මිටියෙන් හාරල කාන්දුව පාද ගන්න කොට ඒක හරිගස්සගන්න බැරි තරමට අපි හෙම්බත් වෙලා.

“අපි කරන දේ අගේ කරන වගක් දැනෙන්නෙ නැහැ. ඒගොල්ලන් අපි වෙනුවට කරන දේ මොකක්ද කියලවත් දන්නෙ නැති කට්ටිය කොන්ත‍්‍රාත් එකට ගන්නව. ඊලඟට එයාල අන කරන ඒව අපි හරිගස්සන්න ඕන. මම මෙහෙම සාකච්චාවක් දුන්න බව දැන ගත්තොත්, මාව එකපාරටම නැති කරල දමාවි, මාව අස්කරල දමයි.”

බංකොලොත්කම සහ ජල කප්පාදුව ගැන ඔහු කීවේ: “මුලු නගරෙම සල්ලි නැතුව දුක් විඳිනව. ඩෙට්‍රොයිට් පවත්වන්නෙ පෝසතුන් ට හින්ද දුෂ් කලමනාකරනයක් වෙලා තියෙනව. සල්ලිත් තියාගෙන බිල් නොගෙවන අය ගැන මගේ කිසි සහායක් නැහැ, නගර සභාවට ලක්ෂ ගනන් ගෙවන්න තියන මේ මහා තක්කඩියන් පස්සෙ පන්නනවනම් පොඩි මිනිස්සු ගැන හොයන්න වත් ඕන වෙන්නෙ නැහැ.

“ඒවෙනුවට මෙයාල ඉලිච්ගෙ [රෙඞ් වින්ග්ස් හොකී කන්ඩායමේ අයිති කාර ප‍්‍රකෝටිපති මයික්] ස්ටේඩියම් එකට සහන දෙනවා. එයා කොහොමටත් පොහොසතෙක්, මෙයාල කඩුව උස්සන්නෙ පොඩි මිනුස්සුන්ටයි.”

විශ‍්‍රාම කප්පාදුව පිලිබඳ අදහස් දක්වමින්, “ඒක හරිම වැරදියි. ඔය විශ‍්‍රාමය ට මේ මිනිස්සු වැඩකරන කාලෙ ගෙවල තියෙන්නෙ, දැන් ව්‍යවස්ථාවටත් විරුද්ධව ඒක ආපහු ගන්නව. මේක පන්ති යුද්ධයක්” යයි ඔහු පැවසීය.

Share this article: