"කම්කරු පරීක්ෂනය ඉතාමත් වටිනවා”- ඩිප් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාවේ කම්කරුවෙක්

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 ජනවාරි 20

වැලිවේරියේ රතුපස්වල පිහිටි රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාව මගින් ප‍්‍රදේශයේ භූගත ජලය ¥ෂනය වීමට එරෙහිව පැන නැගුන මහජන විරෝධය යටගැසීමේ තැතක් ලෙස ආන්ඩුව හා පාලකයන් කම්හල බියගම නිදහස් වෙලඳ කලාපයට ගෙනයන බවට ප‍්‍රචාරය කල ද ජල දූෂනය නිසා මහජනතාව මුහුන දුන් දුෂ්කරතා පිලිබඳ විරෝධය වැඩෙමින් පවතී.

මේ අතර සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය ද එක්සත් ජාතික පක්ෂයේ මහර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රමිත හෙට්ටිආරච්චි නායකත්වය දෙන සියනෑ ජලය සු?කීමේ සංවිධානය (සිජසුස* ද කම්හලට එරෙහි විරෝධතාවන්ට ආරම්භයේ දී නායකත්වය දුන් තෙරිපැහැ සිරිධම්ම භික්ෂුව ද ආන්ඩුව කම්හලෙන් සිදුවූ විනාශය යට ගැසීමට දරන ප‍්‍රයත්නයට ඒකාබද්ධ වෙමින් මහජනයා නොමග යවමින් සිටිති.

සිජසුස හා සිරිධම්ම සමග ජනවාරි 14 දින පැවැත්වූ සාකච්ඡාවක දී ප‍්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට රු. 2000ක් ද අන් අයට රු. 3000ක් ද ගෙවීමෙන් නල ජලය ගැනීමට අවස්ථාවක් ලබා දීමට ජල සම්පාදන ඇමති දිනේශ් ගුනවර්ධන පොරොන්දු වූ බව ඔවුන් පුවත් පත් වලට පවසා ඇත. මහජනතාව ආන්ඩුවේ ප‍්‍රයත්නයට යටත්කිරීම සඳහා උත්සුක වන සිරිධම්ම හා සිජසුස කම්හල වෙනත් තැනක ස්ථාපිත කිරීම හා ජලය ලබාදීම තමන් මහජනතාවට අත්පත්කර දුන් ජයග‍්‍රහනයක් බව කියා තිබේ.

සිජසුස ජනවාරි මස 14 දින බැලුම්මහර දී "ප‍්‍රදේශයේ මහජනතාවට බෙදා දුන් ජලය නතර කිරීමට එරෙහිව” යයි සත්‍යග‍්‍රහයක් පවත්වා කියා සිටියේ "ගමේ හාමුදුරුවන්” (සිරිධම්ම) නොව ආන්ඩුවේ වගකිව යුත්තෙකු ඔවුනට අඩු මුදලකට නල ජලය ලබා දෙන බවට පොරොන්දු විය යුතු බවය. වැලිවේරිය ජල දූෂනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය සඳහා සහයෝගය බලමුලු ගැන්වීම පිනිස ප‍්‍රදේශයේ කම්කරු-පීඩිත ජනයා අතර සසප ගෙන යන උද්ඝෝෂනයේ දී ප‍්‍රදේශවාසීන් අප උද්ඝෝෂක කන්ඩායම සමග කියා සිටියේ සිජසුස සත්‍යග‍්‍රහ මගින් එහි නායක හෙට්ටිආරච්චි යෙදී සිටින්නේ එලඹෙන පලාත් සභා මැතිවරනය ඉලක්ක කරගත් ඡන්ද ව්‍යාපාරයක බවය.

ඉහත කී සියලුම සංවිධාන ආන්ඩුව සමග එක්ව කම්හල ඉවත් කිරීම හා නල ජලය ලබා දීම හුවා දක්වමින් කම්හලෙන් සිදු කෙරුනු හානිය යට ගැසීමට ප‍්‍රයත්න දරති. පසුගිය අගෝස්තු 1 දා පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය මහජනයා කල උද්ඝෝෂනයට හමුදාව යොදා වෙඩි තැබූ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කර තවත් හතලිහකට පමන තුවාල සිදු කලේය.

ඩිප්ඩ් ප්‍රොඩක්ට් ආයතනය අපජලය නිසි ප‍්‍රතිකරනයට ලක් කිරීමෙන් තොරව පරිසරයට මුදාහැර ඇත්තේ ලාභය ඉහල දමා ගැනීම සඳහා ය. රාජපක්ෂ ආන්ඩුව දැන් ප‍්‍රදේශයේ ජනයාට නල ජලය ලබාදීමක් ගැන පොරොන්දු දෙන්නේ ධනපති ආයෝජකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සිය පිලිවෙත අනුව යමින් විනිග්‍රොස් කම්හල මගින් සිදුව ඇති විනාශය යට ගැසීම සඳහා දරන ප‍්‍රයත්නයේ කොටසක් ලෙසය.

මහජනයාට පිරිසිදු ජලය අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා මුදල් ගෙවීමේ හැකියාවක් ඔවුනට නැත. කම්හල මගින් සිදුව ඇති හානිය හුදෙක් ජලය ලබා දීමෙන් යට ගැසීමට ඉඩ නොදෙන බව ද ප‍්‍රදේශවාසීහු ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවට කියා සිටියහ.

පලාතේ තී‍්‍ර රෝද රථ රියැදුරෙක් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ උද්ඝෝෂකයන්ට මෙසේ කියා සිටියේය. "නල ජලය ලබාදීම සිදුවන්නේ ගෙවීමකින් පසුවයි. මාසිකවත් අපි ගෙවිය යුතුයි. එත් තාම අපිට එම මිලට ( සමෘද්ධිලාභීන්ට රු. 2000ක් හා අන් අයට රු. 3000ක්) ලබා දෙන බවට නිල වශයෙන් දැනුම්දී හෝ නැහැ. අපි තාම ජලය එසේ ගන්නවාද කියා තීන්දු කරලත් නැහැ. මේක ජයග‍්‍රහනයක් නෙවෙයි. දැන් පලාතේ ජලය හා පරිසරය දූෂනය වී අවසානයි. කම්හල ගලවා ඉවත් කලත් තව අවුරුදු 20ක් ගියත් මේ විනාශය අවසාන වන්නේ නැහැ. ලාභ ඉහල දමා ගැනීම සඳහා මේ සිදුකරන විනාශය හෙලිදරව් කල යුතුයි. කම්කරුවන්ගේ ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍යයි.”

වසර 12ක් වැලිවේරිය ඩිප් ප්‍රොඩක්ට් ආයතනයේ සේවය කොට 2013 මාර්තු මස වැඩවර්ජනයේදී දොට්ට දැමුනු කම්කරුවෙක් මෙසේ පැවසීය: "කර්මාන්ත ශාලාවේ දරුනු මර්දනයක් තිබුනා. නිතරම බොරු චෝදනා ඉදිරිපත්කර කම්කරුවන්ට දඬුවම් කලා. ඔවුනට අවශ්‍ය වුනේ අපව මරවා වැඩ ගන්නයි. මම අවුරුදු 12 සේවය කරලත් මාසයකට මූලික වැටුප ලැබුනෙ රු. 15,000ක් පමනයි. වැටුප් මදියි. නමුත් අපි වර්ජනය කලේ මර්දනයට විරුද්ධවයි. ස්ථිර කම්කරුවන් හා අනියම් කම්කරුවන් ඇතුලුව 147ක් පමන වර්ජනයට සම්බන්ධවුනා. වර්ජනය කල කම්කරුවන් සියල්ලම එලියට දැම්ම අසාධාරන ලෙස.

"ජල දූෂනයට එරෙහිව උද්ඝෝෂනය පටන් ගත් විට අපිව යලි සේවයට කැඳෙව්වා. අපි හිඟ වැටුප් සමග රැකියාව ඉල්ලූවා. ඊට එකඟ නොවුන පාලකයන් අපව සේවයට භාර ගත්තේ නැහැ. කම්හලේ පාලකයන්ගේ උවමනාව අපිව පලාතේ ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමටයි. ජල දූෂනයට එරෙහිව වගේම කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීමටත් සටන් කල යුතුයි.

"පාලකයන් හා ආන්ඩුව කම්කරුවන්ගේ අයිතීන්ට විරුද්ධ බව පැහැදිලියි. මේ ආන්ඩු යටතේ අපේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ජල දූෂනය හා කම්කරුවන්ගේ ප‍්‍රශ්න පිලිබඳව කම්කරු පරීක්ෂනය ඉතාමත් වටිනවා මෙම සිදුවීම් යටින් පවත්නා සත්‍යය එලිමහනට ගෙන ඒමට.”

වැඩ වර්ජනයට සම්බන්ධව රැකියාවෙන් නෙරපන ලද ඩිලීප රොෂාන් දින ගනකට පෙර ලය ආබාධයකින් මරනයට පත්ව ඇත. ඔහුගේ බිරිඳ මෙසේ පැවසුවාය. "මගේ සැමියා වසර 9ක් ඩිප්ඩ් ප්‍රොඩක්ට් කම්හලේ සේවය කලා. ඒත් ලැබුනෙ රුපියල් 13,000ක මාසික වැටුපක්. වසර හතරක පමන සිට හතිය තිබුනා. හතිය හැදුනෙ කර්මාන්ත ශාලාවෙන් ද කියල හරියටම කියන්න බැහැ. වැඩ නතර කරාට පසු ටික දිනක් බියගම වෙල්ෆෙයා කම්හලේ වැඩ කලා. සැමියාගේ මරනයට ඩිප්ඩ් ප්‍රොඩක්ට් ආයතනයෙන් ආවෙ නැහැ වසර 9ක් වැඩ කරලත්. මට රැකියාවක් නැහැ. මාස හයක ලමයෙක් ඉන්නවා.”

කොලඹ රැකියාව කරන මෙම පලාතේ රියැදුරෙක් මෙසේ සඳහන් කලේ ය. "අපි ඉඩම් අරගෙන ගෙවල් හදන්න පටන්ගෙන ඉන්නේ. දැන් අපිට මේ පැත්ත දාල යන්න බෑ. වතුර ප‍්‍රශ්නෙ නිසා කවුරුවත් මේ පැත්තෙ ඉඩම් ගන්නේ නෑ.

"මම කොලඹ වැඩ කරල එන කොට වතුර බෝතල් දෙකක් අරන් එනවා පොඩි බබාට දෙන්න. අපි බොන්න, නාන්න පාව්ච්චි කරන්නේ ලිඳේ වතුර. ඒව විස කියලා දන්නවා, ඒත් මොනවා කරන්නද? ආන්ඩුවට බෑ අපිට හොඳ වතුර දෙන්න. හැබැයි ඒ ගොල්ලො කොලඹ නයිට් රේස් තියනවා.

"කම්කරු පරීක්ෂනයක් තියෙන එක හොඳයි. මේ රටේ කොච්චර ආන්ඩු තිබුන ද? කොච්චර කොමිෂන් තිබුන ද? ඒත් ඒවායින් මොනවත් වුනේ නෑ. මාත් හිතන්නේ ඇත්ත දැනගන්න පුලුවන් මේ වගේ පරීක්ෂනයකින් තමයි.”

ප‍්‍රදේශයේ කාන්තාවක් මෙසේ පැවසුවාය. "මම ඉස්සර වැඩ කලේ ඩී.සී ෆැක්ටරියෙ. දැන් මම වැඩට යන්නේ නෑ. ලමයින්ගේ ලමයි බලාගෙන ඉන්නවා. අපේ ලමයි නිතරම අසනීප වෙනවා. දැන් මාසෙකට විතර උඩදි පොඩි ලමයි ඔක්කොටම බඩේ අමාරුව හැදුනා. අපි නෑවම අපේ ඇඟ කසන්න ගන්නවා. මේවා වතුර නිසා වෙන්නේ කියලයි අපි හිතන්නේ.

"ආන්ඩුවේ නිලධාරියෙක් ඇවිල්ලා, අපේ ලිං වල වතුර පරික්ෂා කරල කිව්වා මේකෙන් බොන්න එපයි කියලා. අපිට ටැංකි වතුර හම්බ වුනේ නෑ. මෙහාට එන්න තියෙන පාරෙ එන්න බෑලු.

"කොප්පරා කම්හලක සේවය කරන අපේ ලමයෙක්ට වැඩ හොඳට තිබුනොත් සතියට රුපියල් 4,500 ක් 5,000 ක් විතර හම්බ බෙනවා. වැඩ නැතිනම් සතියට හම්බ වෙන්නේ 2,000 ක් විතරයි. අපි කොහොමද ඒකෙන් වතුර සල්ලි වලට ගන්නෙ ලමයින්ගේ ඉස්කෝල වලටත් දැන් වියදම වැඩි කොට. පන්තියට තීන්ත ගාන්න එක් කෙනෙක් ගෙන් රුපියල් 200 ක් ගන්නවා. තීන්ත ගාන්නත් පවුලෙන් එක් කෙනෙක් යන්න ඕනෑ.”

තවත් කාන්තාවක් මෙසේ සඳහන් කලාය: "මගේ සැමියාට (අගෝස්තු 1 දා හමුදා ප‍්‍රහාරයේ දී) වෙඩිවැදී රැකියාව කර ගැනීමට නොහැකියි. මම බත් පැකට් කඩයකට දමා පවුල නඩත්තු කරනවා. දුව ගුරුවරියක් එක පුතෙක් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා. තවත් අසනීප පුතෙක් ඉන්නවා. ලයිට් බිලට අමතරව වතුර සඳහාත් ගෙවීමක් කරන්න අමාරුයි. වෙඩි වැදුන මගේ සැමියාට කිසිම වන්දි මුදලක් ලැබුනෙ නැහැ. මෙම අපරාධ නතර කල යුතුයි. පරීක්ෂනයක් මගින් මේවා සොයනවා නම් අපි ඊට සහයෝගය දෙනවා.”

Share this article: