මූල්‍ය කලබැගෑනිය ගෝලීය ආර්ථික අර්බුදයේ නව අවධියක් සංඥා කරයි

Currency turmoil signals new phase of global economic crisis

2014 පෙබරවාරි 1

ඊනියා “නැගීඑන වෙලඳපොල“ ආර්ථිකයන්ගේ මූල්‍ය ක්‍රම හරහා හඹායන කලබැගෑනියේ ක්ෂනික ප්‍රතිපල කුමක් වුවත්, සමස්තයක් ලෙස එය ගෝලීය ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් නියෝජනය කරයි. අර්බුදයේ මුල්, එජ ආයෝජන බැංකුවක් වන ලේහ්මන් බ්‍රදර්ස් කඩා වැටීමෙන් පැන නැගුනු 2008 බිඳවැටීමට ප්‍රතිචාරයක් හැටියට ආරම්භ කල “ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ“ ප්‍රතිපත්තිවල රැඳී තිබේ. “ප්‍රමානාත්මක ලිහිල්කිරීම“ යනු එජ ෆෙඩරල් මහ බැංකුව සහ අනෙකුත් මහ බැංකු විසින් ලෝක මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කිරීමයි.

නැගීඑන ආර්ථිකයන් සහිත රටවල කොටස් මිල ගනන් පිම්බීමත්, වෙනත් මූල්‍ය වත්කම්වල ප්‍රතිලාභ අනුපාත ඉහලයාමත් නිසා, මෙම මුදල්වලින් බොහෝ කොටසක් වැඩි ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් “නැගීඑන වෙලඳපොල“ වෙත ගලා ගියේය. නමුත් දැන් බුබුල හැකිලෙන්නට පටන් ගෙන ඇති අතර චංචල ප්‍රාග්ධනය නික්මයාම ඉක්මන් වෙමින් තිබෙන බැවින් මූල්‍ය විනිමය අනුපාත පහත වැටෙමින් තිබේ.

දකුනු අප්‍රිකානු, ඉන්දීය, බ්‍රසීල සහ තුර්කියද ඇතුලත්ව මහ බැංකු ගනනාවක් පොලී අනුපාත සැලකියයුතු මට්ටමින් ඉහල දමා ඇත. නමුත්, මෙම ක්‍රියාමාර්ගවලට තවමත් ප්‍රාග්ධන නික්මයාම් වැලැක්වීමට අපොහොසත් වී තිබේ.

කැපිටල් ඉකොනොමික්ස් ආයතනයෙහි නැගීඑන වෙලඳපොල සම්බන්ධ ප්‍රධාන ආර්ථික විශේෂඥ නීල් ෂියරිං ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසූ අන්දමට; “සත්‍යය නම්, පොලී අනුපාත ඉහල දමන්නට කටයුතු කල රටවල පවා මුදලේ අගය දිගටම දුර්වල වන්නට විය. ඒ තුලින්, තම මුදලේ අගය ආරක්ෂාකිරීමට අපොහොසත් බව දන්නා ආරක්ෂන ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින නැගීඑන වෙලඳපොලවල ඇතිවුනු මෑතකාලීන කලබැගෑනියෙහි අලුත් සහ වඩා කනස්සලු සහගත අවධියක අපේක්ෂාවක් ඇති කරමින් තිබේ.“

මාසයකට ඩොලර් බිලියන 85 ක උකස් පිටුබලය සහිත සුරැකුම්පත් සහ එජ භාන්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම් “ක්‍රමයෙන් අඩු කිරීමට“ එජ ෆෙඩරල් මහ බැංකුව ඉක්මනින් පටන්ගනීවි යැයි සභාපති බෙන් බර්නන්කෙ ඇඟවීමෙන් පසු, පැන නැගිය හැකි අර්බුදයක මූලික සංඥා පසුගිය මැයි සහ ජූනිවලදී පලවිය. ඔහුගේ ප්‍රකාශ තුලින් “නැගීඑන වෙලඳපොල“ වෙව්ලුම් කෑ අතර ප්‍රාග්ධනය එලියට ගලා ගියේය.

සැප්තැම්බරයේදී එජ ෆෙඩරල් මහ බැංකුව මෙම “ක්‍රමයෙන් අඩු කිරීම“ හකුලා ගත්විට ස්ථායීතාව පෙරලා පැමිනියේය. නමුත්, පසුගිය මාස දෙකෙහිදීම ඩොලර් බිලියන 10 කින් මිලදීගැනීම් කපාහැරීමේ තීරනයත් සමග, පිටතට ගලායාම නැවත ඇරඹුනේය.

නරක තත්වයකට හොඳම මුහුනුවර ලබා දීමේ බලාපොරොත්තුවෙන්, මූල්‍ය කලබැගෑනිය රටට සුවිශේෂී ගැටලු ප්‍රතිබිම්බ ගතකරන අතර ගෝලීය ඇඟවුම් එහි නොපවතින බවට මතයක් ඉදිරිපත් කරන්නට සමහර නිවේදකයන් උත්සාහ දරා තිබේ. එජ භාන්ඩාගාර ලේකම් ජැක් ලිවු ට අනුව, ප්‍රධාන ගැටලුව නම් බොහෝ රටවල නරක ප්‍රතිපත්ති වේ. “වෙලඳපොලෙහි බොහෝ විභේදනයන් අප දකිමින් සිටින අතර දුෂ්කර ක්‍රියාමාර්ග ගනු ලැබූ සහ හොඳින් කලමනාකරනය කල රටවල වෙනස් අත්දැකීම් ඇති බව අප දකින බව මම පවසමි.“

ඔහුගේ ප්‍රකාශ1997 – 98 දී සිදුවූ ආසියානු මූල්‍ය දියවීම තුලදී, හිටපු ෆෙඩරල් මහ බැංකු සභාපති ඇලන් ග්‍රීන්ස්පෑන් පැවසූ දේ මතකයට නංවයි. අර්බුදය ධනවාදී “නිදහස් වෙලඳපොලෙහිම“ මෙහෙයුම් වෙතින් පැතිරීමක් නොවන නමුත්, එය ඔහු කියූ ආසියාවේ “ඥාති මිත්‍ර ධනවාදයේ“ ප්‍රතිපලයක් බව ඔහු අවධාරනය කලේය. නමුත් ආසියානු මූල්‍ය අර්බුදය 1998 දී රුසියානු නය පැහැර හැරීම දක්වා ගෙන ගිය අතර, මහජන අරමුදල් යොදවා ෆෙඩරල් මහ බැංකුව විසින් ඇප දුන්, දිගු කාලීන ප්‍රාග්ධන කලමනාකරනය (එල්ටීසීඑම්) නම් වූ එජ ආයෝජන අරමුදලේ ඇදවැටීම ඊලඟට සිදුවිය. දිගු කාලීන ප්‍රාග්ධන කලමනාකරනයෙහි මලගම වසර 10 කට පසුව සිදුවුන සමස්ත ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය වස්තු භංගත්වයට පත්වීමෙහි වේලාසන අනතුරු ඇඟවීමක් විය.

වර්තමාන කලබැගෑනිය “රටට සුවිශේෂී“ ගැටලුවල ප්‍රතිපලයක් යැයි ප්‍රකාශකිරීම, 2008 අර්බුදයේ සිට පස් වසරක් තුලදී “නැගීඑන වෙලඳපොල“ තුලට ප්‍රාග්ධනයේ දැවැන්ත ඇදී ඒම වඩා පුලුල් වර්ධනයක කොටසක් වීමේ කරුන නොතකා හැරීමකි.

ශූන්‍යයට ආසන්න පොලී අනුපාත සමග එක්ව ෆෙඩරල් මහ බැංකුව විසින් දිගටම මුදල් එන්නත් කිරීම (වසරකට අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 1 ක එකතුවක් වන) ගෝලීය මූල්‍ය පද්ධතිය යටිකුරුකල පිරමීඩයකට සමාන වන තත්වයක් ඇති කර තිබේ. ඔවුන් අවසානයේදී රඳා සිටින ලෝක ආර්ථිකයේ නිෂ්පාදක පදනමට සාපේක්ෂව මූල්‍ය වත්කම් සීඝ්‍රෙයන් පුලුල්වීම මේ තත්වයට බලපා ඇත.

වසර පහකට පෙර අවමුඛ උකස්කර නිවාස නය මත පදනම් වූ ඩොලර් බිලියන සිය ගනනක සුරැකුම් පත් නොවටිනා බවට හඳුනාගත් ලෙස, අවසන් විග්‍රහයේදී, මෙම වත්කම්වලින් බොහෝ ප්‍රමානයක්, කිසිඳු වටිනාකමක් නොමැති, “විෂ“ බවට පත්ව ඇති බව මෙහි තේරුමයි. වෙනත් වචන වලින් පැවසුවහොත්, වර්තමාන කලබැගෑනිය 2008 හි පැවතියාට වඩා විනාශකාරී විය හැකි නව මූල්‍ය අර්බුදයක වේලාසන අනතුරු ඇඟවීමකි.

පසුගිය කාල වකවානුවේදී චංචල මූල්‍ය ප්‍රාග්ධනයේ සංචලනයේ විස්තාරයේ අගයෙන් මේ බව දැක ගතහැක. ජාත්‍යාන්තර මූල්‍ය ආයතනයට අනුව, 2005 සිට නැගීඑන වෙලඳපොල ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න මුදලක් ආකර්ෂනය කරගෙන ඇති අතර ඒවා නිෂ්පාදන හා සේවා ව්‍යවසායන්, සංයෝග හා අත්කරගැනීම්, කොටස් හා බැඳුම්කර වැනි සම්මිශ්‍රනයක ආයෝජනය කර තිබේ. 1993 දී යන්තම් ඩොලර් බිලියන 422 හා සැසඳීමේදී, නොගෙවූ “නැගීඑන වෙලඳපොල“ බැඳුම්කර දැන් ඩොලර් ට්‍රිලියන 10 ක් බව ජේපීමෝර්ගන් චේස් තක්සේරු කරයි.

“ක්‍රමයෙන් අඩුකිරීම“ නිසා පැන නැගුනු ප්‍රාග්ධනයේ මාරුවීම මුදුනෙහිදී, චීනයේ ආර්ථික පසුබැස්ම අර්බුදයට තවත් සාධකයකි. මේ සතියේ ප්‍රකාශිත සමීක්ෂනයකට අනුව, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ඇති කෙරුනු ආර්ථිකය පිරිහීමට නැඹුරුවීමේ ඉතා පහත් තැන වන 2009 මාර්තු වලින් මෙපිට, චීන නිෂ්පාදකයෝ අති සීඝ්‍ර වේගයකින් රැකියා කප්පාදුවේ නිරතවෙමින් සිටියහ.

චීන වර්ධන අනුපාතය මේ වසරේදී වසර 20ක් වඩා කාලයක් තුල අවමය වේ යැයි බලාපොරොත්තු වන අතර, රටෙහි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිලිබඳව උත්සුකතා ඉහලයමින් තිබේ. අසාර්ථක වුන ගල් අඟුරු කැනීම් සමාගමකට නය සපයමින් උදව්කල මූල්‍යමය විපාකය මත නය පැහැරහැරීම වලක්වන්නට මේ සතියේ ඩොලර් මිලියන 500 කින් සමන්විත චීන නය භාරයට (චයිනා ක්‍රෙඩිට් ට්‍රස්ට්) මූල්‍ය සහය දෙන්නට සිදුවිය. චීන ආර්ථිකයේ අලුත් නයගැනීම්වලින් තුනෙන් එකක් පමන ප්‍රමානයක් සැපයුනේ යැයි විශ්වාස කෙරෙන්නේ චීනයේ ගුප්ත බැංකු පද්ධතියේ කොටසක් වන චීන නය භාරය විසිනි.

2009 සහ 2010 දී අන්තර්ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධීකරනයට අර්බුද සම්මේලන ගනනාවක් පැවැත් වූ ප්‍රධාන ආර්ථිකයන්ගේ ජී20 කන්ඩායම තුල, “නැගීඑන වෙලඳපොල“ අර්බුදය සැලකියයුතු භේද දැනටමත් නිරාවරනය කර ඇත. ලෝකයේ ඉතිරි කලාපයෙහි වත්කම් මිලදීගැනීම්තව දුරටත් ක්‍රමයෙන් අඩු කිරීමෙන් ඇතිවන බලපෑම සම්බන්ධව කිසිවක් සඳහන් නොවුනු බදාදා දින ෆෙඩරල් මහ බැංකු තීරනය ගැන කතාකරමින්, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ලෝකය ගලවා ගැනීමට නැගීඑන වෙලඳපොලවල් උදව් කල අතර දැන් ඔවුන්ව නොසලකා හැරීම නොකල යුතු යැයි ඉන්දීය මහ බැංකු අධිපති රඝුරාම් රාජන් පැවසීය.

“ජාත්‍යාන්තර මූල්‍ය සහයෝගීතාවකඩාවැටී තිබේ“ යැයි ඔහු පැවසීය. එය පෙර තත්වයට ගෙනඒමට කාර්මික රටවල් යමක් කල යුතු අතර “මෙම අවස්ථාවේදී ඔවුනට අතපිස දමා ගැනීමට නොහැකි සේම අපට අවශ්‍ය දේ අපි කරන්නෙමු, ඔබ සීරුමාරු කිරීම කලයුතුයැයි පැවසිය නොහැක.“ කාර්මිකකරනයවූ රටවල් සංවර්ධනය වන රටවලට තනියෙන් ගමන් කරන්නට යැයි අවධාරනය කලේ නම්, “අප හට අප්‍රසිද්ධියේ කිරීමට බලකෙරෙන සීරුමාරුකිරීම් ආකාරවලට ඔවුහු අකමැති වනු ඇතැ“යි ඔහු අනතුරු ඇඟවීය.

2008 සැප්තැම්බරයේ සිට පස් වසරක් තුල, ගෝලීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් හතරෙන් තුනක් සඳහා චීනයද ඇතුලත් “නැගීඑන වෙලඳපොල“ වගකිවයුතු බවට වන සත්‍යය මගින් ඉහත ප්‍රකාශයේ අර්ථාන්විත බව අවධාරනයකෙරේ. 1997-98 දී, ආසියානු මූල්‍ය අර්බුදයේ ප්‍රතිපලය වුන ආර්ථික පිරිහීම, වැඩි දියුනු ධනවාදී ආර්ථිකයන් සඳහා මහා අවපාතය ට සමාන බලපෑමක් එම කලාපය තුල ඇති කලේය. කිසියම් පුනරාවර්තනයක් ලෝකය පුරා ගැඹුරුවන මන්ධාවදමනයක් සීඝ්‍රයෙන් කැටුව එනු ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තියට, මේ අර්බුදයේ පැනනැගීමෙහි ප්‍රධාන ඇඟවුම් පවතී. සියලුම “නැගීඑන වෙලඳපොලවල“, පොලී අනුපාත ඉහලයෑම සහ අනෙකුත් හදිසි වැඩපිලිවෙලවල් වලින් අදහස් කෙරෙන්නේ රැකියා, වැටුප් සහ සමාජ තත්වයන් කපාහැරීම් ඇතුලත් ඉහල නංවන ප්‍රහාරයකි.

“ආර්ථික ප්‍රකෘතිය“ ගමන් ආරම්භ කර ඇති බවට පාලක ප්‍රභූව සහ ඔවුන්ගේ පන්ඩිතයන් විසින් කරන ප්‍රකාශවල හිස්බව මූල්‍ය අර්බුදය නැවත වතාවක් පෙන්නුම් කරයි. ගෝලීය ධනවාදී පද්ධතිය අසමත් වී ඇත. ප්‍රගමනයක් ආරෝපනය කිරීම සදහා යැයි යෙද වූ ප්‍රතිපත්තිම, තවත් මූල්‍ය දියවීමකට තත්වයන් නිර්මානය කරමින් මිලියනපතියන් සහ බිලියනපතියන්ගේ පමනක් වස්තු සම්භාරය ඉහල නංවා තිබේ.

ජාත්‍යාන්තර කම්කරු පන්තිය මෙම අත්දැකීම්වලින් පාඩම් උකහා ගත යුතු අතර තමන්ගේම වැඩපිලිවෙලකින් ප්‍රතිචාර දැක්විය යුතුය. එනම් සමාජවාදී ආර්ථිකයක් වර්ධනය කිරීම උදෙසා පලමු අදියර ලෙස, ධනවාදී ප්‍රභූව මුලිනුපුටා දැමීම සඳහා ජාත්‍යාන්තර පරිමානයේ දේශපාලන අරගලයයි.

නික් බීම්ස් විසිනි

Share this article: