යුකේ‍්‍රන කම්කරුවන් සඳහා ඇති ඉදිරි මග කුමක් ද?

What way forward for workers in Ukraine?

2014 මාර්තු 28

බටහිර පිටුබලය ලබන කියෙව්හි තෝරාපත්කර නොගත් පාලන තන්ත‍්‍රය විසින් ඒකපාර්ශවික ආඥා ඔස්සේ තොග පිටින් දොට්ට දැමීම් හා තියුනු කප්පාදු පියවර ක‍්‍රියාවට නැගීම පෙන්නුම් කරන්නේ, රටේ බටහිර, බහුතරයක් රුසියානු බස කථාකරන නැගෙනහිර වසන යුකේ‍්‍රන කම්කරුවන් මුහුනපා සිටින දරුනු අන්තරායන් ය. පසුගිය මාසයේ සිදුවූ එජ හා ජර්මනිය විසින් අරමුදල් සපයා මෙහෙයවන ලද කුමන්ත‍්‍රනයෙහි ප‍්‍රතිගාමී ස්වභාවය වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පදනම් කරගෙන අගමැති අර්සෙන්ය් යට්සෙන්යුක් 27දා ප‍්‍රකාශ කලේ, තමා යුකේ‍්‍රන සිවිල් සේවයේ සියයට 10ක් හෙවත් කම්කරුවන් 24,000ක් දොට්ට දමන බවත්, ගෑස් මිල සියයට 50න් ඉහල දමන බවත්ය. සෝවියට් සංගමයේ ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා සහනාධාර අතුගා දමනු ලැබූ පරිදි මෙම මිල වැඩිකිරීම් මිලියන ගනනක් යුකේ‍්‍රනුවන්ගේ ජීවන තත්වයන් මත විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත.

යුරෝපානු හා එජ මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් සූදානම් කරන මෙම ප‍්‍රහාරය එවන් පියවරයන්ගේ ආරම්භය පමනි. මැතිවරන පැවැත්වීමෙන් පසුව කියෙව්හි රූකඩ ආන්ඩුව, තවත් රුදුරු කප්පාදු පනවනු ඇත.

යුරෝපා සංගමය, විශේෂයෙන්ම ජර්මන් අධිරාජ්‍යවාදය, රුසියාවට එරෙහි අනාගත මෙහෙයුම් සඳහා යුකේ‍්‍රනය පිනුම් පිත්තක් ලෙස පමනක් නොව ලාභ ශ‍්‍රම මූලාශ‍්‍රයක් ලෙස ද දැකගනිති. ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑන් ෂෝබල් 27දා කල හෙලිදරව්කාරී ප‍්‍රකාශයක් තුල මෙසේ පැවසීය. “යුකේ‍්‍රනය ස්ථාවර කිරීමේ තත්වයකට අපට මුහුනදීමට සිදුවුවහොත් ඒ සඳහා ග‍්‍රීසියෙන් ලබාගත් බොහෝ අත්දැකීම් අප සතුව ඇති බව කිව යුතුය.”

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ විනාශකාරී සමාජ හා භූ-මූලෝපායික ප‍්‍රතිවිපාකයන් කම්කරුවන් හමුවට පමුනුවා ඇත. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප‍්‍රතිපත්තිය වී ඇත්තේ, යුකේ‍්‍රනය හා අනෙකුත් පැරනි සෝවියට් සමූහාන්ඩු, අවසානයේ යුද්ධයේ තර්ජනය මතු කරන, රුසියාවට එරෙහි අදූරදර්ශී රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි ප‍්‍රකෝපකරනයන් තුලින් දුප්පත් නව යටත්විජිත වැයික්කි බවට පත්කිරීමයි.

නව යුකේ‍්‍රන ආන්ඩුව විසින් ඉදිරිපත් කල, 27දා එක්සත් ජාතීන්ගේ මන්ඩලයෙහි සම්මත කල, ක‍්‍රිමියාව යුකේ‍්‍රනයෙන් වෙන්වීමට හා පසුව එම ප‍්‍රදේශය රුසියාවට ඈඳීමට තීරනය කල ජනමත විමසුම හෙලාදැකීමේ යෝජනාව, නරුමත්වයේ හා කුහකත්වයේ විශිෂ්ඨ නිර්මානයකි. “කිසිදු වලංගුභාවයක් නැති” ජනමත විමසුමක් ලෙස එය හෙලා දුටු අතර “ආතතීන් උත්සන්න කල හැකි ගිනිගන්නා සුලු පුරසාරම්” වලින් වැලකී, සියලු පාර්ශවයන් සාමකාමී සාකච්ඡාවන්ට එලඹෙන ලෙස කියා සිටියේය.

මොනතරම් කුහක කසල ගොඩක් ද! එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ සහාය ඇතිව, කියෙව් තන්ත‍්‍රය බලයට පත්වූයේ දක්ෂින නිකාය වැනි ෆැසිස්ට්වාදීන්ගේ පොලු මුගුරු හා මොලටොව් ගිනි බෝම්බ මත පදනම් වෙමිනි. අධිරාජ්‍යවාදීහු ප‍්‍රතිපත්තියක් ලෙස, ඉරාකයේ සිට ලිබියාව දක්වා තර්ජනයක් සේ ඔවුන් ප‍්‍රකාශ කරන ඕනෑම රටකට පහර දීමේ අයිතිය තමන් වෙත පවරාගෙන සිටිති.

කියෙව් තන්ත‍්‍රය ෆැසිස්ට් ස්වබෝදා පක්ෂයේ ඇමතිවරු සය දෙනෙක් පත්කිරීමෙන් පසුව ද බටහිර බලවත්තු එයට අඛන්ඩව සහාය දක්වති. අන්තර් ජාලයෙහි පලවූ, සියලු රුසියානු බුද්ධිමතුන් හා පුද්ගලයින් “කායිකව වනසා දමන” බව ද කියා සිටි ස්වබෝදාහි ගිනි ගන්නා සුලු කයිවාරු සලකුනු කරන්නේ ඔවුන් “යුකේ‍්‍රනියානු උමතුවකින්” පෙලෙන බවය.

බටහිර පිටුබලය ලබන කතිපයාධිකාරියක වන හිටපු යුකේ‍්‍රනියානු අගමැති යූලියා ටිමොෂෙන්කෝ ජනාධිපති මැතිවරනයට තම අපේක්ෂකත්වය 27දා නිවේදනය කලාය. මාධ්‍ය වෙත කාන්දුවූ දුරකථන සංවාදයකදී ටිමොෂෙන්කෝ, යුකේ‍්‍රනයේ සිටින රුසියානුවන් වනසා දැමිය යුතු බව කියා සිටියාය. “රුසියාව තුල දැවීගිය භූමිභාගයක් හෝ ඉතිරි නොවන පරිදි සමස්ත ලෝකයම නැගිටුවා ගැනීම පිනිස මගේ මුලු ශක්තියම යොදවන්නෙමි” යයි ඇය පැවසුවාය.

අනෙක් අතට රුසියානු ජනාධිපති පුටින්ගේ තන්ත‍්‍රය, යුකේ‍්‍රනයට සපයන රුසියානු ගෑස් නතර කරන හෝ මිල වැඩිකරන පියවර ගැනීමට තර්ජනය කරන අතර එය, යුකේ‍්‍රන කම්කරුවන් මත පැටවෙන මූල්‍ය බර තවත් වැඩි කිරීමක් පමනක් වනු ඇත.

යුකේ‍්‍රනයේ කම්කරු පන්තිය, එක් අතකින් කියෙව්හි බටහිර ප‍්‍රතිගාමී රූකඩ පාලන තන්ත‍්‍රයට හා ඔවුන්ගේ ෆැසිස්ට් තුවක්කුකරුවන් හා අනෙක් අතින් රුසියානු ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පුටින්ගේ බංකොලොත් රුසියානු ජාතිකවාදී දේශපාලනයත් අතර මැදිව සිටිති. මෙම තත්වය පෙන්නුම් කරන්නේ සෝවියට් සංගමය විසුරුවා හැරීමට ආසන්නව තිබියදී ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරනය කල විශ්ලේෂනයේ හා ඉදිරිදර්ශනයේ නිරවද්‍ය තාවයයි.

බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයේ මෙන්ම පැරනි සෝවියට් සංගමයේ ද කම්කරුවන්ට ඇති එකම ප‍්‍රගතිශීලී මාවත වන්නේ, මූල්‍ය ප‍්‍රාග්ධනයට හා පශ්චාත් සෝවියට් ධනේශ්වර පාලක පන්තිය යන දෙකොට්ඨාශයටම එරෙහි එක්සත් අරගලයයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමට තෙමසකට පමන පෙරාතුව කියෙව්හි කම්කරු සමාජ ශාලවේදී 1991 ඔක්තෝබර් 03දා දේශනයක් පවත්වමින්, දැන් ලෝක සමාජවාදී වෙබ් අඩවි ජත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නොර්ත්, සෝවියට් නිලධරයේ ජාතිකවාදී ප‍්‍රතිපත්ති හා යුකේ‍්‍රනය ද ඇතුලු සමූහාන්ඩුවල ධනේශ්වර ගැති පිලිවෙත්වල අනිශංස පිලිබඳව අනතුරු ඇඟවීය. “ස්ටැලින්වාදීන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අතර ගැටුම්, මාෆියා කල්ලි අතර එදිරිවාදිකම් වලට සමාන වන්නේය.”

“සමූහාන්ඩුවලදී ජාතිකවාදීන් කියා සිටින්නේ, සියලු ගැටලුවලට විසඳුම, නව ‘ස්වාධීන’ රාජ්‍යයන් නිර්මානය කිරීම තුල පවතින බවයි. ස්වාධීන වන්නේ කාගෙන්දැයි ඇසීමට අපට අවසර දෙන්න. මොස්කෝවෙන් ‘ස්වාධීන’ වීම ගැන කියා සිටින ජාතිකවාදීන්ට, ඔවුන්ගේ නව රාජ්‍යයන්හි අනාගතය පිලිබඳ සියලු වැදගත් තීරන ගැනීම ජර්මනිය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, ජපානය හා සැබවින්ම එක්සත් ජනපදයට බාර කිරීම හැරෙන්නට අන් කිසිවක් කල නොහැකි වනු ඇත. ලියොනිඩ් ක‍්‍රවුචුක් (එවකට යුකේ‍්‍රන පාර්ලිමේන්තුවේ සභාපති හා පසුව ඉක්මනින්ම ජනාධිපති වූ) වොෂින්ටනය වෙත ගොස් ජනාධිපති බුෂ් ඔහුට දේශනා කරන විට පාසැල් ලමයෙක් මෙන් තම අසුනේ ඇඹරෙමින් සිටිනු ඇත.

“හතරවන ජාත්‍යන්තරය ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය හැම විටම ආරක්ෂා කර තිබේ. ක්‍රෙම්ලිනයේ කතිපයාධිකාරය අධිකාරය දරන සෝවියට් රාජ්‍යයෙන් ස්වාධීන වීමට යුකේ‍්‍රනයට ඇති අයිතිය ගැන 1939දී ට්‍රොට්ස්කි චතුර ලෙස කථාකර ඇත. මෙය හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන ආස්ථානය වන්නේය. කෙසේ වෙතත් අපි, වෙන්වීම පමනක්ම යුකේ‍්‍රනය හා අනෙකුත් සමූහාන්ඩු මුහුන දෙන ප‍්‍රගාඪ ප‍්‍රශ්න වලට විසඳුම් සපයනු ඇතැයි කියා නොසිටිමු. සැබවින්ම නිල වශයෙන් නිදහස සාක්ෂාත්කරගැනීමෙන් පසුව පවා නිදහස් සමූහාන්ඩු, සෝවියට් සංගමයේ ආකෘතිය තුල පොදුවේ මුහුනපෑ එම ගැටලුවලටම වඩාත් සංකේන්ද්‍රිත ආකාරයකින් මුහුන දෙනු ඇත. ඒ, “ආර්ථිකයේ පරිමානයෙන්” විශාල රාජ්‍යයක පැවැත්මෙන් සැලසුනු වාසි කිසිවක් නොමැතිවය.

“එසේ නම් සෝවියට් සංගමයේ වැඩකරන ජනතාව ගත යුත්තේ කුමන මගක් ද? එකම විසඳුම සොයාගත හැක්කේ, විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයෙහි පදනම මත පමනි. ජාතිකවාදීන්ගේ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයන් තුල සලකුනු කෙරෙන ධනවාදය කරා යලි සම්ප‍්‍රාප්ත විම, පීඩාවේ නව රූපාකාරයක් කරා පමනක් මෙහෙයවෙනු ඇත. සෝවියට් ජාතීන් සිය හිස් පාත්කරගෙන දන්ඩ නමස්කාරයෙන් සහන හා පින්ඩපාතය සඳහා අධිරාජ්‍යවාදීන් වෙත වෙන වෙනම ගමන් කිරීම වෙනුවට සියලු ජාතීන්ට අයත් සෝවියට් කම්කරුවන් අව්‍යාජ සමාජ සමානතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ මූලධර්ම මත පදනම්වූ නව සම්බන්ධතා ගොඩනගාගත යුතුය. මේ පදනම මත, 1917 උරුමයෙන් රැකගත යුතු සියල්ල විප්ලවවාදී ආකාරයෙන් සුරක්ෂිත කර ගැනීමේ වගකීම ඉටු කෙරෙනු ඇත.”

පැරනි සෝවියට් සංගමයට අයත් රටවල් තුල අධිරාජ්‍යවාදීන් ගෙන යන නිර්දය ප‍්‍රහාරය මෙම ප‍්‍රකාශ නව වැදගත්කමකින් යුක්තව ඉස්මතු කරයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: