එක්සත් සමාජවාදී පක්ෂය දක්ෂිනාංශික එජාපය සමග පෙරමුනක් අවශ්‍යම බව ප‍්‍රකාශ කරයි

විලානි පීරිස් ( බස්නාහිර පලාත් සභා මැතිවරනය තුල කොලඹ දිස්ත‍්‍රික්කයේ සසප කන්ඩායම් නායිකාව) විසිනි, 2014 මාර්තු 21

ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය 2014දී මුහුන දෙන අභියෝග නමින් ඉදිරිදර්ශන ලිපියක් නිකුත්කර ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මර්දනයට මුහුන දීමේදී කම්කරු පන්තියට ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය සමග පෙරමුනක් නැතිවම බැරි බව එසප එහි අවධාරනය කර තිබේ.

දකුනු හා බස්නාහිර පලාත් සභා මැතිවරනය තුල සිය උද්ඝෝෂනයේ මූලික අරමුන “සමාජවාදී වැඩපිලිවෙලකට” සටන් වදින “වමේ එක්සත් බලවේගයක්” ගොඩනැගීම බව නි‍වේදනය කෙරෙන තවත් කෙටි ප‍්‍රකාශයක් එසප විසින් පෙබරවාරි මාසයේ දී නිකුත් කර තිබුනි. වමේ ඡන්ද බෙදී යාම වලක්වන මගක් බව කියා සිටිමින් එසප, එය මෙන්ම ව්‍යාජ වාම පක්ෂයක් වන නව සමසමාජ පක්ෂය (නසසප) සමග එක්ව මෙම මැතිවරනයට තරග වදියි.

මෙම දිව දෙකේ කථාවේ කිසිදු පරස්පර විරෝධයක් ඇත්තේ නැත. “සමාජවාදය” යන වචනය අපයෝජනය කරමින් “එක්සත් වාම පෙරමුනක්” සඳහා කරන මෙම කැඳවුම, කම්කරු පන්තියේ ඇස් වලට වැලිගසා දක්ෂිනාංශික එජාපයට ගැටගැසීම මගින් එහි දේශපාලන ස්වාධීනත්වය වල දැමීමට දරන උත්සාහයක් පමනි. මෙම සංවිධාන දෙකටම පොදු ලක්ෂනය එජාපය සමග සන්ධානගත වීමය.

රාජපක්ෂ ආන්ඩුව රුදුරු මර්දනකාරී පාලනයක යෙදෙන බව පවසන එසප ඉදිරිදර්ශනය මෙසේ පවසයි. “මෙම තත්වයට (රාජපක්ෂ ආන්ඩුවේ මර්දනය) මුහුනදී එය පරාජය කල හැකි එකම බලවේගය සංවිධිත කම්කරු පන්ති ව්‍යාපාරයයි. එහෙත් කම්කරු පන්තියට තවමත්, 1980 වැඩවර්ජනයේ පරාජයෙන් හා ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුලු වී, පැරනි වමේ ව්‍යාපාරයෙහි නායකත්වය විසින් කරන ලද පාවාදීමේ ප‍්‍රතිපල වශයෙන් ඇති කල සමස්ත විනාශයෙන් ගොඩ ඒමට හැකිවී නැත.”

පාවාදීමෙන් ඇති කල පරාජයෙන් හා විනාශයෙන් ගොඩ ඒමට කම්කරු පන්තියට ඇති මග කුමක් ද? එසප නරුම ලෙස කියා සිටින්නේ, කම්කරු පන්තිය සඳහා ඇති එකම විසඳුම 1980දී කම්කරුවන් පරාජයට පත් කල එජාපයේ ආධාරයෙන්ම යලි ගොඩ ඒම බවය. මොවුන්ගේ වංචනිකත්වය කොතෙක් ද යත්, ඔවුන්ගේ ඉදිරිදර්ශනයේ කොතැනකවත් 1980 වැඩ වර්ජනය තලා දැම්මේ එජාපය විසින් බවට කිසිදු සඳහනක් ඇත්තේ නැත!

එසප ඉදිරිදර්ශනය මෙසේ ද පවසයි: “ආන්ඩු මර්දනයේ මේ වාතාවරනය තුල, සමහරවිට ධනපති පක්ෂ සමග පවා රාජපක්ෂ තන්ත‍්‍රයේ මර්දනකාරී පියවරයන්ට එරෙහිව අප එක්සත් උද්ඝෝෂනයන්ට පිවිසිය යුතුව ඇත. අධිරාජ්‍යවාදයේ ගැත්තෙක් වන එජාපය සමග පවා එක වේදිකාවක් මතට නැගීමටත්, ඔවුන් සමග ආඥාදායක තන්ත‍්‍රයේ මර්දනයට හා හිංසනයට එරෙහිව වීදිවල උද්ඝෝෂනය කිරීමටත් අපට සිදුව ඇත.”

එවකට පැවති එජාප ආන්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට 1980 වැඩවර්ජනය පරාජය කිරීම සඳහා මඟ පාදා දීම පිනිස එසප හා නසසප නායකයින් ඉටුකල වැඩ කොටස, එම පරාජයෙන් පසුව දශක තුනකට වැඩි කාලයක් ගතව තිබෙන තත්වය යටතේ, කම්කරුවන්ට අමතකවී ඇතැයි, දැන් මෙම ව්‍යාජ වාම පක්ෂය හා එහි අවස්ථාවාදී නායක සිරිතුංග ජයසූරිය සිතනවා විය හැකිය. එසේම ඔවුහු, “පැරනි වමේ ව්‍යාපාරයෙහි” පාවාදීම තුල තමන් කම්කරු පන්තියට විරුද්ධව ඉටුකල ප‍්‍රතිගාමී කාර්ය ද යට ගසති.

ජයසූරිය හා වික‍්‍රමබාහු කරුනාරත්න යන එසප හා නසසප නායකයෝ, ලංකා සමසමාජ පක්ෂය ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම මුලුමනින්ම අතහැර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනපති හවුල් ආන්ඩුවට ඇතුලුවන විට එහි සාමාජිකයින්ව සිටියහ. 1964 පිහිටුවන ලද ප‍්‍රථම හවුල් ආන්ඩුවට සය මසකට පසුව එය බිඳවැටෙන තෙක් ද 1970 පිහිටුවන ලද දෙවන හවුල් ආන්ඩුවට ද ඔවුහු සේවය කලෝ ය.

1975දී පාලක සභාගයෙන් ලසසප දොට්ට දමන තුරුම ඔවුන් දෙදෙනා එහි ලැග සිටි අතර පසුව තවත් අවස්ථාවාදී චාරිකාවක් සඳහා නසසප පිහිටුවා ගත්හ. ලසසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය කම්කරු පන්තියට සිදු කල හානියට ඔවුන් එක සමානවම වගකිව යුතුය.

1980 රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය අවධියේ නසසප එය පාවාදීම සඳහා තීරනාත්මක වැඩකොටසක් ඉටු කලේය. අතීත සමාජ සහන, රැකියා හා ජීවන තත්වයන් කාබාසිනියා කරන එජාප ආන්ඩුවේ වෙලඳපොල ආර්ථික පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තියෙන් පලවූ ප‍්‍රතිචාරය 1980 වැඩවර්ජනයයි. රුදුරු හදිසි නීතිය යොදා කම්කරුවන් ලක්ෂයක් පමන රැකියාවලින් නෙරපමින් ජයවර්ධන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් ක‍්‍රියාත්මක කිරීම පිනිස කම්කරු පන්තියට බලවත් පහරක් එල්ල කිරීමට අදිටන් කරගෙන සිටියේය.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සිය ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයේ කොටසක් ලෙස සටන් කලේ ජයවර්ධන ආන්ඩුවේ ප‍්‍රහාරය පරාජය කිරීම සඳහා සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ කි‍්‍රයා මාර්ගය මත කම්කරුවන් දේශපාලනිකව බලමුලු ගැන්වීම සඳහා යි.

“වෘත්තීය සමිති තුලට දේශපාලනය එපා” යයි පවසමින් කරුනාරත්න හා ජයසූරිය මෙම ක‍්‍රියාමාර්ගයට විරුද්ධවූ අතර කම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා ආන්ඩුව නමාගත හැකි බව පැවසූහ. දේශපාලනිකව කම්කරුවන්ට ඇබ ගැසීම පිනිස ඔවුහු ශ‍්‍රීලනිප, ලසසප හා කොප වෘත්තීය සමිති සමග සමීප සහයෝගිතාවයකින් කටයුතු කලහ.

1980 වැඩ වර්ජනය පරාජය කිරීමට ජයසූරිය හා කරුනාරත්න දායක වූයේ එලෙස යි.

ජයසූරිය එජාප නායක සමග 2012 සැප්තැම්බරයේ පැවති රැලියක දී

එජාපය සමග සිය දුගඳ හමන ප‍්‍රතිගාමී සන්ධානය යුක්තිසහගත කරමින් එසප මෙසේ පවසයි: “සමහර කට්ටිවාදී සුලු වාම කොටස්” එජාපය සමග තමන් ගොඩනගන සන්ධානය පිලිබඳව විවේචන එල්ල කරති. “පැත්තක සිට කෑගසන කට්ටිවාදීන්” ඔවුන්ගේ හෙලාදැකීමට ලක්වෙයි.

ඔවුහු මෙම කට්ටිවාදීන් කවුදැයි හෙලි නොකරති. එසප, නසසප හා එජාපය අතර මෙම දුෂ්ඨ සන්ධානය හෙලිදරව් කරන්නේ සසප පමනි. ආන්ඩුව කෙරෙහි ජනතාවගෙන් කැකෑරෙන අතෘප්තිය ගසාකෑමටත්, ආන්ඩුවට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීම වැලැක්වීමටත් මෙම සන්ධානය මගින් එජාපයට අවස්ථාව සලසන බවට සසප අනතුරු අඟවා ඇත. එජාපය මෙන්ම පාලක ශ‍්‍රීලනිප සමග පූර්වයෙන් පැවති එවන් සන්ධානයන් පසෙක තැබුවත් ධනපති එජාපය සමග මෙම පක්ෂ දෙකේ සන්ධානය වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත. මෙම සන්ධාන හඳුන්වනු ලැබුවේ නිදහසේ වේදිකාව, විපක්ෂයේ විරෝධය හා එකමුතු බලය ලෙසය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විරෝධතා දැක්වූ වැලිවේරිය ගම්වාසීන්ට හමුදාව වෙඩිතැබීමෙන් තරුනයින් තිදෙනෙක් මිය යාමට එරෙහිව එජාපය සංවිධානය කල පිකට් උද්ඝෝෂනය, එසප නායකයා විසින් මෙම සන්ධානය උත්කර්ෂයට නංවන්නේ කෙසේ ද යන්න පිලිබඳ එක් නිදසුනකි. වෙඩි තැබීම සිදු වූයේ ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය කරන බවට චෝදනා කරමින් කම්හල වසා දමන ලෙස ගම්වාසීන් බලකර සිටියදී ය.

එහිදී කථාකරමින් ජයසූරිය මෙසේ පැවසීය. “දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මහජන සංවිධාන, මාධ්‍ය, බෞද්ධ භික්ෂූන් යන අප සියල්ලෝම මෙහි පැමින සිටින්නේ, ආන්ඩුව ගෙදර යා යුතුය යන පනිවිඩය දීමටයි. “මහජන ආන්ඩුවක් හා ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක් ඇති කිරීම සඳහා අප පෙරට යා යුතු යි.”

ජයසූරිය එජාපය සංවිධානය කල උද්ඝෝෂනයේ දී මාධ්‍ය අමතමින්

එසප-නසසප ව්‍යාජ වම්මු, මෙම අධිරාජ්‍ය ගැති එජාපය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද හා වැඩකරන ජනතාවගේ ජීවන හා සමාජ තත්වයන්ගේ ද ආරක්ෂකයා ලෙස පින්තාරු කරති. එජාපය තම අපකීර්තිමත් අතීතය වසං කිරීම පිනිස මොවුන්ගේ සේවය ලබාගැනීමට උනන්දු වෙයි. වර්ගවාදී යුද්ධය ආරම්භ කර අවසානය දක්වා ඊට පිටුබලය දුන්, 1988-90 කාලයේ 60,000ක් පමන ගම්බද තරුනයින් ඝාතනය කිරීම මෙන්ම තවත් නිමක් නැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු පිලිබඳ ව එජාපයේ ලේ වැකි වාර්තාව ගැන ව්‍යාජ වම්මුන්ට තඹ දොයිතුවක හෝ තැකීමක් ඇත්තේ නැත.

මෙම පක්ෂය උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවලදී දෙමල ප‍්‍රභූවේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) සහාය දෙන්නේ එම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරැකීම සඳහා එය සටන් කරන බවට හුවා දක්වමිනි.

එජාපය හා ටීඑන්ඒ සමග ගැලතීම මගින් එසප හා එහි සහචර නසසපය, සිය අධිරාජ්‍ය ගැති පෙලගැසීම සලකුනු කරයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවධියේ උල්ලංඝනය කල මානව හිමිකම් සඳහා විසඳුම් සපයන ලෙස රාජපක්ෂ ආන්ඩුවට කියා සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජනපදය ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට මෙම සියලු පක්ෂ සහයෝගය පල කරති.

රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ ගසාකමින්, චීනය සමග එහි සමීප සම්බන්ධකම් අතහරින ලෙස ආන්ඩුවට බලපැම් කිරීමේ කොටසක් ලෙස ඇමරිකාව මෙම යෝජනා ගෙන එයි. වොෂින්ටනයේ පියවර මෙරට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහවුරු කිරීම සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත. චීනය මත සිය අධිකාරය පිහිටුවා ගැනීමේ යුද සූදානමෙහි කොටසක් ලෙස එජ, රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරිමය වශයෙන් එරට හුදෙකලා කිරීමේ මෙහෙයුමක යෙදී සිටියි. එහෙත්, වොෂින්ටනයේ භූදේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සිය සහයෝගය ලැබෙන බව එජාපය, ටීඑන්ඒ හා ඔවුන්ගේ ‘වාම’ මුක්කුකරුවන් එලෙස පෙන්නුම් කර ඇත.

කම්කරු පන්තියට එරෙහි දේශපාලන කටයුතුවල කොටසක් ලෙස එසප, “ශක්තිමත් වමේ ව්‍යාපාරයක්” සඳහා යයි ඔවුන්ගේ ප‍්‍රකාශිත අරමුන සඳහා වමේ යලි කාන්ඩගැසීමකට ද වෙහෙසෙයි. මෙම කටයුත්තේදී ඔවුන්, ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩීගිය කන්ඬායමක් විසින් පිහිටුවාගෙන තිබෙන පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) විශේෂයෙන්ම වගවර්නනා කරයි.

“වම එක්සත් කිරීම” සඳහා එසප, නසසප, සමහර වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන සමග පෙසප සාකච්ඡා ආරම්භ කර ඇත. ග‍්‍රීසියේ සයිරිසා වැනි “වාම එක්සත්කමක්” පෙසප ප‍්‍රසංශාවට ලක්ව ඇත. සයිරිසා වනාහි අධිරාජ්‍යවාදී යුරෝපීය සංගමයේ රාමුව පිලිගෙන ඇති, බැංකුකරුවන්ගේ කප්පාදු පියවර ක‍්‍රියාත්මක කරන සැම ග‍්‍රීක ආන්ඩුවකටම එරෙහිව කම්කරුවන් අතරින් පැනනැගි විරෝධය වාෂ්ප කර දැමීමට ක‍්‍රියාත්මක වූ, “වමේ සන්ධානයකි”.

එසප සිය ඉදිරිදර්ශනය තුල මෙසේ අවධාරනය කරයි. “වමේ ව්‍යාපාරය ගොඩනැගීමේ අපගේ නිවැරදි ඉදිරිදර්ශනයට ඔවුන් දිනාගැනීමට අප අසමත් වන්නේ නම්, මෙම තරුනයින් විප්ලවයට අහිමි වනු ඇත. එය සැබවින්ම ඛේදනීය ඉරනමකි.” එසප නරුම අරමුන නම් ජවිපයේ සිංහල ජනතාවාදී හා වර්ගවාදී උරුමයෙන් නො බිඳුනු පෙසපට වාම වෙස් ගන්වා එය සමග කාන්ඩ ගැසීම කම්කරුවන් අවමංගත කිරීම පිනිස යොදා ගැනීමයි. එවන් යලි කාන්ඩ ගැසීමක ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපය පැහැදිලි කරමින් “වමේ එකමුතුවක්” සඳහා සාකච්ඡාවට පෙසප කල ආරාධනය ප‍්‍රතික්ෂේප කලේ සසප පමනි.

එජාප සමග සන්ධානයක් හා වමේ යලි කාන්ඩ ගැසීම සඳහා එසප උද්ඝෝෂනයට නිශ්චිත අරමුනක් ඇත. එහි ඉදිරිදර්ශනය ජාත්‍යන්තර විප්ලවවාදී අරගල ගැන සඳහන් කරයි; පසුගිය දෙවසරක කාලය තුල ලංකාවේ හටගත් කම්කරුවන්ගේ, ධිවරයින්ගේ, සිසුන්ගේ හා ගම්බද ජනතාවගේ අරගල ද එසප විසින් ලැයිස්තු ගත කර දක්වා ඇත. රාජපක්ෂ ආන්ඩුව ද අනෙකුත් ධනපති පක්ෂ හා ව්‍යාජ වම්මු ද එලඹීමට නියමිත දැවැන්ත සමාජ අරගලයන්ගේ නිමිත්තක් ලෙස මේවා දැක ගනිති. එසප හා අනෙකුත් ඊනියා වම්මුන් සූදානම් වන්නේ, මෙම අරගල වලක්වා ප‍්‍රති විප්ලවය සඳහා මග සැකසීමට ය.

ජාත්‍යන්තර කරලියේ දිග හැරෙන තියුනු වෙනස්කම් පිලිබඳව කම්කරුවන් අඳුරේ තැබීමට පාලක පන්තියේ පක්ෂ හා මාධ්‍ය සමග මෙම ව්‍යාජ වම්මු පෙලගැසි සිටින බව සසප මැතිවරන ප‍්‍රකාශනයේ පැහැදිලි කර ඇත. 2014 සඳහා එසපයේ මැතිවරන ප‍්‍රකාශය එයට කදිම නිදසුනක් සපයයි.

ලෝකයේ අන් සෑම රටක් මෙන්ම ලංකාව ද භූ දේශපාලනික ආතතීන්හි ගොදුරක්ව ඇති බව ඔවුහු හිතා මතාම වසං කරති. ප‍්‍රධාන බලවතුන් අතර ආතතින් තියුනු කරමින්, ලෝකය පුරා සිය අධිකාරය පිහිටුවා ගැනීමට එක්සත් ජනපදය දරන ව්‍යායාමය තුල ලෝකය න්‍යෂ්ටික ලෝක යුද්ධයක අද්දර පවතින බව අපි පැහැදිලි කලෙමු. යුද්ධය සඳහා වන මෙම තල්ලුවටත් විප්ලවවාදී අරගල පැනනැගීමටත් පිටුපසින් ඇත්තේ ලෝක ධනවාදී පද්ධතියේ ගැඹුරු වන අර්බුදය බව අපි පෙන්වා දුනිමු.

එසප ද ඇතුලු ව්‍යාජ වම්මුන්ගේ ප‍්‍රති විප්ලවවාදී භූමිකාව ගැන සසප අනතුරු අඟවා සිටී. ඔවුන් නියෝජනය කරන්නේ, පාලක පන්තියට ගැට ගැසුනු ඉහල මධ්‍යම පන්තියේ කොටස්ය.

මොවුන්ගේ ධනපති ගැති දේශපාලනය ප‍්‍රතික්ෂේප කර, ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකාව තුල විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම පිනිස සසපයට හා එහි තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. මෙම විප්ලවවාදී ඉදිරිදර්ශනයට සහයෝගය පෙන්වීම සඳහා එලඹෙන පලාත් සභා මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස ද අපි ඉල්ලමු.

Share this article: