ඩේවිඩ් නෝර්ත් විසින් ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට්හි පවත්වන ලද දේශනයට සිය ගනනක් සහභාගි වූහ

Hundreds attend lecture by David North in Frankfurt, Germany

අපේ වාර්තාකරුවන් විසිනි , 2016 ඔක්තෝබර් 25

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් සංවිධානය කරන ලදුව, ෆ‍්‍රැන්ක්ෆර්ට් විශ්වවිද්‍යාලයේ දේශන ශාලා අංක 3 ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනයට සවන් දීම පිනිස කම්කරුවන් හා සිසුහු 250ක් රැස්ව සිටියහ.

ප්‍රේක්ෂකාගාරයේ බොහෝ දෙනෙකුගෙන් පලවූ දැවැන්ත හා සාධනීය ප‍්‍රතිචාරය, එම කටයුත්තේ වැදගත්කම සලකුනු කරයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, හරිත, වාම පක්ෂය ඇතුලු පක්ෂ හා වෘත්තීය සමිතිවල දක්ෂිනාංශික දේශපාලනය සඳහා දෘෂ්ටිවාදාත්මක පදනම සම්පාදනය කරන්නාවූ බැංකු නගරයේ විශ්වවිද්‍යාලය තුල, තවමත් ආනුභාවය පතුරුවන ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය පිලිබඳ මාක්ස්වාදී විවේචන වලට සවන් දීමට බොහෝ සිසුහු දැඩි උන්නදුවක් දැක්වූහ.

ජර්මනියේ සසජාතශි වෙනුවෙන් කථාකරමින් ක‍්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර්, කථිකයා හඳුන්වා දෙමින්, රැස්වීම ආරම්භ කලේය. ඩේවිඩ් නෝර්ත් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරමින් 20 හා 21 සියවස්වල ප‍්‍රමුඛ දේශපාලන හා ඓතිහාසික ප‍්‍රශ්න බොහොමයක් පිලිබඳව පොත්පත් ගනනාවක් රචනා කර තිබේ. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘමන්ඩලයේ සභාපති ද වන්නේය.

සිය හැඳින්වීමේදී වෑන්ඩි‍්‍රයර් මෙසේ පැවසීය: “ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදයත් ව්‍යාජ වමේ දේශපාලනයත් පිලිබඳ සංකල්ප සිය කෘතිය තුල විමසා බැලීමේදී නොර්ත්, එසේ කලේ, හුදු ශාස්ත‍්‍රාලික විවාදයක ආස්ථානයක සිට නොව, විප්ලවවාදී දේශපාලනය පිලිබඳ ආස්ථානයක සිටය. මෙම කෘතිය, මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි හා ලක්සම්බර්ග් විසින් විස්ථාරනය කරන ලද සම්භාව්‍ය මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා කැපවූවකි.”

දේශනයට සවන් දීම පිනිස කම්කරුවන් හා සිසුහු 250ක් රැස්ව සිටියහ

ලෝකය වෙනස් කිරීම සඳහා වන විප්ලවවාදීන්ගේ අරගලයෙහි පදනම, සමාජ වර්ධනයේ වෛෂයික නීති නියාම පිලිබඳ අවබෝධය බව නෝර්ත් සිය දේශනයේදී යලි යලිත් අවධාරනය කලේය. මේවා වටහාගෙන හෙලිදරව් කල යුතුය. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත් නූතනවාදයේ සංකල්ප ඒවායේ ඓතිහාසික හා සමාජ සන්දර්භය තුල තබා සලකා බැලීමේ අවශ්‍ය ආස්ථානය වන්නේ ද මෙයයි. තම ආත්මීයවාදය කැටිකරගත් මෙම ප‍්‍රවනතාවෝ, ඉහල මධ්‍යම පන්තිය කම්කරු පන්තිය කෙරෙහි දක්වන නොතැකීම හා සතුරුකම ප‍්‍රකාශයට පත් කරති.

නෝර්ත් මෙම ප‍්‍රාථමික කාරනය සිය දේශනය ආරම්භයේදීම අවධාරනය කලේය. “ග‍්‍රීසිය තුල සිරිසාවේ තරයේම ලැජ්ජා සහගත යටත් වීමෙන් පසුව ද එය වනාහි ග‍්‍රීක සුලු ධනේශ්වරයේ ස්වයං තෘප්ත වඩාත් වරප‍්‍රසාදිත කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන ප‍්‍රතිගාමී පක්ෂයක් බව හෙලිදරව් වීමෙන් පසුව ද ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත් නූතනවාදයේ විවිධ වර්ගයේ නියෝජිතයින් විසින් හිතාමතා ව්‍යාකූල කරනු ලැබ යොදාගන්නා වැකි වලින් කෙතරම් සඟවනු ලැබුව ද විවෘතවම කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට සතුරු දේශපාලන න්‍යායපත‍්‍ර සමග ශාස්ත‍්‍රාලික පශ්චාත්-මාක්ස්වාදය සමග බැඳුනු මූලික කොටස්වල සමීප සම්බන්ධතාව ප‍්‍රතික්ෂේප කල නොහැකිය.”

නෝර්ත් සිය රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස හා යුද්ධයේ සියවස් කාර්තුව කෘති තුල සාකච්ඡා කරන මෑත දශකයන්හි ප‍්‍රමුඛ දේශපාලන හා සමාජ වර්ධනයන් පිලිබඳව සවිස්තරාත්මක ලෙස කථා කලේය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ධනවාදයේ සියලු අති මූලික ගැටලු යලි හිස එසවූ ආකාරය ඔහු පැහැදිලි කලේය. සමාජ අසමානතාව පෙර නොවූ විරූ මට්ටම් කරා නැගී ඇත, ආර්ථික අර්බුදය එක දිගටම නරක අතට හැරෙමින් තිබේ, තුන්වන ලෝක යුද්ධයක තර්ජනය වැඩෙමින් තිබේ. මෙය විශේෂයෙන්ම, ඇමරිකාවේ දක්ෂිනාංශික හා යුදවාදී ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගෙන් පෙන්නුම් කරයි.

මෙම අතිශයින්ම සතුරු වර්ධනයන්ගේ ආලෝකයෙන් නොර්ත් පැවසුවේ, “ජාත්‍යන්තර, විප්ලවවාදී, ධනේශ්වර විරෝධී හා සමාජවාදී මහජන ව්‍යාපාරයක් නැත්තේ මන්දැයි” යමෙකු විමසිය යුතු බවයි.

වෛෂයික හා ආත්මීය සාධකයන්ගේ සංකීර්න අන්තර්ඡේදනයක් ඊට හේතුවන බව ඔහු පැවසීය. එහිදී ස්ටැලින්වාදය විසින් සිදුකරන ලද පාවාදීම ද මාක්ස්වාදීන්ගේ සමස්ත පරම්පරාවක්ම කායිකව වනසා දමන ලද ස්ටැලින්වාදී නිලධරයේ ක‍්‍රියාකලාපය ද තීරනාත්මකය. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත් නූතනවාදයේ න්‍යායන්, මෙම පාවාදීම් පිලිබඳ වගකීම කම්කරුවන් මත පටවනු ලබන අතර, ෂෝපන්හුවර් හා නිට්ෂේගේ අතාර්කික විඥානවාදය ප‍්‍රයෝජනයට ගනිමින් මාක්ස්වාදයට දකුනෙන් පහර දෙයි.

“ඔවුන්ගේ න්‍යායන්ට ලැබෙන දේශපාලන ගාමකය පවතින්නේ, කම්කරු පන්තිය මත පදනම්වූ සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය හා මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීම තුලය.” නෝර්ත් පැවසීය. 1968 මැයි ජූනි සිදුවීම් වලින් ඉක්බිතිව වර්ධනය කර ඇති පශ්චාත් නූතනවාදය, එල්ල කෙරී ඇත්තේ මාක්ස්වාදය වෙතය. විශේෂයෙන්ම ට්‍රොට්ස්කිවාදය වෙතය. මධ්‍යම පන්තියේ ධනවත් කොටස්වල “කොන්සවේටිව්, ගැඹුරෙන්ම අශුභවාදී හා දිරිසුන් දැක්මක්” එමගින් ප‍්‍රකාශිත වන්නේය.

“විවිධ වර්ගයේ පශ්චාත් නූතනවාදයේ හා ෆ‍්‍රන්ක්ෆර්ට් ගුරුකුලයේ සුනුබුන් වෙත බැඳී ගත් කිසිවෙකුගේ රචනා තුලින් සොයාගත නොහැකිව ඇත්තේ, ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය පදනම් කල හැකි ක‍්‍රියාමාර්ගයකි. එවැන්නක් ඉදිරිපත් කරනු ලබන්නේ මාක්ස්වාදය විසින් පමනි. කම්කරු පන්තිය වත්මන් අර්බුදයේ තර්කය වටහාගත යුතු අතර තම භාවිතය, වෛෂයික අවශ්‍යතාවයට අනුකූලව ඊට ගැලපෙන අයුරින් සකස්කර ගත යුතුව ඇතැයි” නෝර්ත් අවසන් වශයෙන් පැවසීය.

පැහැදිලිවම දේශනය බලගතු මැදිහත්වීමක් වූ අතර පේ‍්‍රක්ෂකයෝ ඉමහත් අවධානයකින් ඊට සවන් යොමුකලහ. විශ්වවිද්‍යාලවල ශාස්ත‍්‍රාලික සාකච්ඡාවන්හිදී සාමාන්‍යයෙන් මගහරිනු ලබන බොහෝ ප‍්‍රශ්න දේශකයා විසින් පොරබදන ලදී. ඔහු දෘෂ්ටිමය ධාරා, යලි යලිත් දේශපාලන වර්ධනය තුල ඒවායේ මූලයන් කරා සිඳුවන ලද අතර, පශ්චාත් නූතනවාදය හා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ න්‍යායන් වර්ධනය කල සමාජ ස්ථරයේ සංවේදනයන් හා අරමුනු පැහැදිලි කරන ලදී.

දේශනයෙන් පසුව පැවති සාකච්ඡාවේදී වෑන්ඩි‍්‍රයර් ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ සම්භවයන් පිලිබඳව ප‍්‍රශ්න කලේය. “මේ දවස්වල හැම සිසුවෙකුටම දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිය යනු කුමක් ද යන්න පැහැදිලිවී ඇත, නිදසුනක් ලෙස, කම්කරු පන්තිය බලමුලු නොගන්වා හා පෞද්ගලික දේපොල අහෝසි නොකර, තරයේම පුහු සමාජවාදයකට සමාන වන ‘සමාජවාදය පිලිබඳ අදහස’ ගැන මහාචාර්ය අක්සෙල් හොනෙත් කරන කථා වැනි. එහෙත් බොහෝ දෙනෙක් තමාගෙන්ම අසාගන්නේ, ආරම්භයට වඩා එහි වෙනසක් තිබේ ද? හා සමාජ පරියේෂනය පිලිබඳ ආයතනය සම්බන්ධයෙන් ගත් කල, 1923 එය පිහිටුවන ලද අවස්ථාවේදී ප‍්‍රගතිශීලී භාවයක් නොතිබුනේ ද?”

පිලිතුරු වශයෙන් නෝර්ත් පැවසුවේ, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ නිර්මාතෘ වරුන් සමාජවාද විරෝධීන් හා මාක්ස්වාද විරෝධීන් නොවූ බවයි. ඔහු 1923 සිදුවීම් වලට අවධානය යොමුකරවීය. රුසියාවේදී ලෙනින්, හෘදයාබාධයකට ලක් වීම නිසා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්කර තැබුනි. ට්‍රොට්ස්කි වඩ වඩාත් හුදෙකලාවූ අතර බලයෙන් ඉවත් කෙරින. ජර්මනියේදී 1923 විප්ලවය පරාජයකින් කෙලවර විය.

“මේ සියල්ල, ජර්මානු බුද්ධිමතුන්ගේ පුලුල් ස්ථරයක් යලි දිශානුගත කරවීම සඳහා තීරනාත්මක ලෙස බලපෑවේය. ඔවුහු, කම්කරු පන්තිය මත පදනම්වූ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් පිලිබඳ විශ්වාසය සුන්කර ගත්හ” නොර්ත් පැවසීය.

ඒ වසරේදීම ජොර්ජ් ලූකාස් (ඉතිහාසය හා පන්ති විඥානය) යන සිය පොත පල කලේය. එය විවේචනාත්මක න්‍යාය සකස් කිරීමේලා දැවැන්ත බලපෑමක් ඇති කලේය. “ඔහු සිය කෘතිය තුල වර්ධනය කල ඊනියා ‘යථාර්තවත්’ කිරීමේ අවසන් ප‍්‍රතිපලය ලෙස, වෛෂයික යථාර්තය වටහා ගැනීමට කම්කරු පන්තිය දක්වන නොහැකියාව, හුවා දැක්වින.” නොර්ත් පැහැදිලි කලේය.

ෆ‍්‍රැන්ක්ෆර්ට්හි මහාචාර්යවරයෙකුව සිටි හා දෙවන ජාත්‍යන්තරයේ ක‍්‍රියාකාරිකයෙකුව සිටි හෙන්ඩි‍්‍රක් ඩි මෑන්, පසුව ෆැසිස්ට් බුද්ධිමතෙකු බවට පත්ව වැදගත් භූමිකාවක් ඉටු කලේය. “ඔහුගේ සංකල්පය වූයේ, කම්කරු පන්තියේ විඥානය වැඩි වර්ධනය කිරීමේදී, ධනවාදයේ වෛෂයික වර්ධනයේ ප‍්‍රතිවිපාකයන්ට වඩා, මනෝවිද්‍යාත්මක කාරනා වඩා වැදගත් වන බවයි. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ බුද්ධිමය වර්ධනයෙහිලා තීරනාත්මක ගාමකය මෙය විය.” නෝර්ත් පැවසීය.

පොදුවේ අවධාරනය යොදනු ලැබුවේ, සමාජ විප්ලවය පිලිබඳ මාක්ස්වාදී න්‍යායට එරෙහිව අවිඥානකත්වයේ හා අතාර්කිකත්වයේ ක‍්‍රියාකලාපය මතය. මේ සමග කම්කරු පන්තිය කෙරෙහි ගැඹුරු අශුභවාදය අත්වැල් බැඳ ගත්තේය. ජර්මනියේ ශාස්ත‍්‍රාලික ක්ෂේත‍්‍රයේ පුලූල් ස්ථරයක් කෙරෙහි අනුහස පෑවේ, හෝකයිමර්, ඇඩෝනෝ හා මාකියුස් සමග එක්ව ෂෝපන්හුවර්, නිට්ෂේ හා හෙයිඩෙගර්ගේ ආත්මීය විඥානවාදයයි. “ඔවුන්ගේ දෘෂ්ඨියට අනුව විප්ලවය නැගී ආ වෛෂයික කාරනා අවහිර කල ආත්මීය විඥානය හා මනෝවිද්‍යාත්මක කාරනා මතය අවධාරනය යෙදුනේ.” නෝර්ත් පැවසීය.

සම්භාව්‍ය උදාහරනය විල්හෙල්ම් රීක් යයි ඔහු සඳහන් කලේය. රීක් ෆැසිස්ට්වාදය විශ්ලේෂනය කිරීමට උත්සාහ කලේ, අවශ්‍යයෙන්ම ලිංගික කොන්දේසි අනුවය. “පන්ති විඥානය යනු කුමක් ද?” දේශපාලන ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන් දිනාගැනීම මගින් ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම මුලුමනින්ම නිරර්ථක යයි රීක් අවධාරනයෙන් කියා සිටියේය. “මක්නිසා ද යත්, ඔවුන්ට එය නොතේරෙන නිසා හා කිසිදා තේරුම් ගන්නේ ද නැති නිසාය.” ඒ වෙනුවෙට යමෙක් කම්කරු පන්තිය කරා පිවිසීමේ මාවත සෙවිය යුත්තේ ලිංගික ප‍්‍රතිපත්ති තුලින්ය.

“එවන් පදනමක පිහිටා ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය කල නොහැක්කකි” නෝර්ත් පැවසීය.

ඒරොන්

පැමින සිටි තරුනයින්ගෙන් බොහෝ දෙනෙකුට දේශනය ආකර්ෂනයක් විය. “මෙය ඉතා වැදගත් අවස්ථාවක් සේ මම සලකමි. ට්‍රොට්ස්කිවාදියෙකුට සවන් දීමට ලැබීම ඉතා වැදගත් කාරනයකි. ව්‍යාජ වම හා අශුභවාදය පිලිබඳ ප‍්‍රශ්න පැහැදිලිකර ගැනීම අවශ්‍යය. මක්නිසා ද යත්, ඒවා බෙහෙවින් වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටුකරන නිසාය.” එසේ පැවසුවේ, මෙම දේශනයට සහභාගී වීම සඳහාම කොලෝන්හි සිට ෆ‍්‍රැන්ක්ෆර්ට් කරා පැමින සිටි ඒරොන් නමැති ශිෂ්‍යයෙකි.

න්‍යායික ප‍්‍රශ්න හා වත්මන් තත්වය අතර අන්‍යොන්‍ය සම්බන්ධය පෙන්වා දෙමින් ඔහු, “මම යුද්ධයේ අන්තරාය ගැන කනස්සල්ලට පත්ව සිටිමි. යමෙකුට එම අනතුර මොසුල් ආක‍්‍රමනය තුල අන්තර්ගතව ඇති ආකාරය දැකගත හැකිය, මිලියන ගනන් ජනතාව පීඩාවට පත්ව සිටිති.

“ඇමරිකාව හා රුසියාව අතර ආරෝව වර්ධනය වීම සැබෑ දෙයකි. මාධ්‍ය මෙම අනතුරුදායක තත්වය පාපිස්ස යටට අතුගා දමන කොන්දේසි යටතේ, ඒ පිලිබඳව ජනතාව උගන්වා ගැනීම වැදගත්” යයි ද ඒරොන් පැවසීය.

රැස්වීම ප‍්‍රචාරය කිරීම පිනිස ප‍්‍රදර්ශනය කල පෝස්ටර් ෆ‍්‍රැන්ක්ෆර්ට්හි උනන්දුවක් දල්වා තිබුනි. පෝස්ටර් ඇස ගැසුන අය නිතරම මාක්ස්ගෙන් උපුටා දැක්වුන කොටස් කියවනු දක්නට ලැබුනි. ඉන් එකක් මෙසේ විය: “දර්ශනවාදය සිය ද්‍රව්‍යමය අවි නිර්ධන පන්තියෙන් සොයා ගන්නා සේම නිර්ධන පන්තිය සිය අධ්‍යාත්මික අවි දර්ශනවාදය තුලින් සොයා ගනිති. එම විමුක්තියේ හිස දර්ශනවාදයයි, හදවත නිර්ධන පන්තියයි.”

දේශනයට ලැබුනු බලගතු ප‍්‍රතිචාරය ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ආධාරකරුවන් දෙදෙනෙක් විවේචනාත්මක න්‍යාය ආරක්ෂා කරමින් සාකච්ඡාවට මැදිහත් වීමෙන් ද ප‍්‍රකාශ විය. එක් අයෙක් සටහන් කලේ, ට්‍රොට්ස්කි පවා ෆ්‍රොයිඩ් (සිග්මන්) ගැන කියවීමට කැමැත්තක් දැක්වූ අතර තම රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල සාර්ගේ මනෝවිද්‍යාව ගැන ලිවූ බවය. “ඇඩෝනෝ හා හෝකයිමර්ගෙන් විප්ලවවාදී ආවේෂය ලබාගන්නේ යයි අප කියා සිටියොත්, එය වඩාත් අපෝහක නොවන්නේදැ” යි ඔහු විමසීය.

අනෙකා විල්හෙල්ම් රීක් ආරක්ෂා කිරීමට උත්සාහ කලේය. “ඒ අවධියේදී ජනතාව කොමියුනිස්ට්වාදී ක‍්‍රියාමාර්ගය පිලි නොගත්තේ මන් ද යන්න පිලිබඳ රීක්ගේ මත ඊයේ අපගේ කියවීම් කවය තුල සඳහන් කෙරුනා. අද දවසේ, සසජාතශි හා හතරවන ජාත්‍යන්තරයේ ක‍්‍රියාමාර්ගය ජනතාව විසින් පිලි නොගන්නේ මන්දැයි කවුරු හරි ඇසිය හැක. මේවා හරි අදාල ප‍්‍රශ්න.”

නෝර්ත් ඊට පිලිතුරු දුන්නේය: යමෙක් හැම විටම ප‍්‍රශ්න විමසා බැලිය යුත්තේ නිශ්චිත ඓතිහාසික සන්දර්භයකය. 1930-33 අවධියේ ජර්මනියේදී මතුවූ ආකාරයටම, සමාජවාදී මහජන ව්‍යාපාරයක් අද දවසේ ද නොපවතින්නේ මන් ද යන්න ප‍්‍රශ්නයයි.”

එවකදී කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවවාදී මහජන ව්‍යාපාරයක් පැවතුනි. පක්ෂ දෙකක් තිබුනි. ඒ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය (එස්ඩීපී) හා කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) යි. ඒවාට කම්කරු පන්තියේ ක‍්‍රියාශීලී සහයෝගය හිමි විය. කේපීඩීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරුවන්ගේ විශ්වාසය දිනාගැනීමට වැඩ කරමින් සිටියේය.

“මනෝවිද්‍යාව කම්කරු ව්‍යාපාරය තුල සංකීර්න ප‍්‍රශ්නයකි. මාක්ස්වාදය මනෝවිද්‍යාව ගැන උනන්දුවක් නැතැයි වැනි කථාවක් තරම් සත්‍යයෙන් තොර තවත් දෙයක් තිබිය නොහැකිය. කෙසේ වෙතත් එය උනන්දු වන්නේ, පන්තිවල හා සමාජ ස්ථරයන්ගේ මනෝවිද්‍යාව ගැන මිස පුද්ගලයින්ගේ මනෝවිද්‍යාව ගැන නොවේ.” නෝර්ත් පැවසීය.

ට්‍රොට්ස්කි ඉහතකී කර්තව්‍ය වෙත සිය ක‍්‍රියාමාර්ගය යොමු කරමින්, ෆැසිස්ට්වාදයට එරෙහිව එක්සත් පෙරමුනක් පිලිබඳ ප‍්‍රතිපත්තිය යෝජනා කලේය. කේපීඩීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරුවන්ට මෙසේ පැවසිය යුතුය: “සත්තකින්ම අපට බොහෝ මතභේද ඇත, ඒත් අපි හිට්ලර්ට හා නාසීන්ට විරුද්ධව සටන් කල යුත්තෙමු. නාසීන් බලයට පත්වීම වැලැක්වීම පිනිස අප එක්සත් පෙරමුනක් ගොඩනැගීමට ලෑස්තියි.” එය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට පමනක් නොව, නාසීන්ට විරුද්ධව නැගී සිටින්නට සූදානමක් නොතිබූ ඔවුන්ගේ නායකයින් හෙලිදරව් කිරීමට ද සමත්විය හැකිව තිබුනි.

“මෙය කම්කරුවන්ගේ මනෝවිද්‍යාව පිලිබඳ සැබෑ වැටහීම ප‍්‍රකාශයට පත් කලේය. මම සඳහන් කල (රීක්ගේ) ලිපිය තුල, ජර්මානු කම්කරු පන්තියට පැවති ප‍්‍රධාන ගැටලුව ලිංගිකත්වය කෙරේ ඔවුන් දැක්වූ සාවද්‍ය ආකල්පය යයි මා ඒත්තු ගන්වන කිසිවක් අඬංගුව තිබුනේ නැත” යයි නෝර්ත් පැවසීය.

පොදුවේ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ න්‍යායාචාර්යවරු, නිශ්චිත දේශපාලන ක‍්‍රියාමාර්ගයක් හා මූලෝපායක් කෙරෙහි උනන්දුවක් නොදක්වති. මනෝවිද්‍යාව හා අතාර්කිකත්වය පිලිබඳ ප‍්‍රශ්න වලට යොමුවන්නේ නම්, ඔවුන් දේශපාලන ප‍්‍රශ්න විශ්ලේෂනය කෙරේ සිය පසුපස හරවන බව කිව යුතුය. “ඔවුන් කැපී පෙනෙන බුද්ධිමතුන්ය, එහෙත් ඒ කිසි කෙනෙකුට කම්කරු ව්‍යාපාරයත් සමග මෙලෝ සම්බන්ධයක් නැත. ප‍්‍රමුඛ සිද්ධීන් ගැන ඔවුන්ට කීමට ඇත්තේ ස්වල්පයකි.”

නිදසුනක් ලෙස හෝකයිමර්, ස්ටැලින්ගේ මොස්කව් අවනඩු ගැන නිහඬය. අර්නස්ට් බ්ලොක් උද්වේගකර ලෙස එම නඩු වලට සහාය දෙයි. එම අවනඩු වලදී සෝවියට් සමාජවාදීන්ගේ සමස්ත පරම්පරාවක්ම විරේක කරන ලදී.

පේ‍්‍රක්ෂකාගාරයේ සිටි තවත් විවේචනශීලී සිසුවෙක් පැවසුවේ, තමන් දේශනය ගැන සෑහීමකට පත් නොවන බවයි. මක්නිසා ද යත්, එහිදී පොරබැදුවේ “ධනවාදය හා කොමියුනිස්ට්වාදය” ගැන පමනක් නිසාය. තුන්වන ලෝක යුද්ධය පිලිබඳ ප‍්‍රශ්නය මුලුමනින්ම නොතකා හැරියේය. “ලෝකයේ බහුතරයක් කොහි සිටින්නේ ද?, මෙලොව වසන අයගෙන් බොහොමයක් ධනවාදී හෝ කොමියුනිස්ට්වාදී නොවෙති. ඒ වෙනුවට ඔවුන් ආගමට බරයි. මුස්ලිම් සහෝදරත්වය ද තවත් දේශපාලන පිලිවෙතක් නියෝජනය නොකරන්නේ” දැයි ඔහු විමසීය.

නෝර්ත් පිලිතුරු දුන්නේය, “මම එයට එකඟ නොවන්නෙමි.” සෑම රටක්ම ලෝකයේ සෑම කලාපයක්ම විශේෂ අංග ලක්ෂන දරා සිටින බව සැබෑය. එහෙත් මැද පෙරදිග මුහුනපා සිටින්නේ ද ඇමරිකාවේ, යුරෝපයේ, ලතින් ඇමරිකාවේ හා ආසියාවේ බොහෝ කොටස්වල පවතින ගැටලු වලටමය. “එය වනාහි විප්ලවවාදී නායකත්වයේ ගැටලුව” බව ඔහු අවධාරනය කලේය.

රුසියානු විප්ලවය අරාබි ලෝකයේ කම්කරු පන්ති කෙරෙහි ඇති කල බලපෑමත්, සෑම තැනකම කොමියුනිස්ට් පක්ෂ පැනනැගුනේ කෙසේ ද යන්නත් ඔහු පැහැදිලි කලේය. “මැද පෙරදිග සෑම රටකම, ඊජිප්තුවේ, සිරියාවේ හෝ පලස්තීනයේ වේවා, ප‍්‍රමුඛ ප‍්‍රශ්නය බවට පත්ව තිබුනේ ට්‍රොට්ස්කි හා ස්ටැලින්ය.”

සිය නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය තුල ට්‍රොට්ස්කි, තවදුරටත් ජාතික ධනේශ්වරයට ප‍්‍රගතිශීලී විප්ලවවාදී ක‍්‍රියාකලාපයක් ඉටුකල නොහැකි බව කියා සිටියේය. කෙසේ වෙතත් ස්ටැලින්, එම රටවල කම්කරු පන්තීන්ට බල කලේ, අධිකාරවත් ධනපති ජාතික ව්‍යාපාරයන්ට යටත්වන ලෙසයි. “අත්වූයේ ව්‍යසනකාරී ප‍්‍රතිපලයි.”

නෝර්ත් කෙලින්ම සිය විවේචකයා වෙත හැරෙමින්, “ඔබ පැවසූ සියල්ල, තුන්වන ලෝකයේ ඔබගේ සියලු ප‍්‍රතිපත්ති, වර්ධනයන් සංයුක්තව පරීක්ෂා කර බැලීම මග හරියි. ආගම යලි වතාවක් මහජන විඥානයේ මූලික සාධකයක් බවට පත්වී ඇත්නම් ඒ, ස්ටැලින්වාදයේ පාවාදීම මගින් ඇතිකල ප‍්‍රතිවිපාකය වශයෙනි.”

මෙය ඛේදජනක ලෙස සනාථ කෙරුනි. 2011 ඊජිප්තුවේ අරාබි වසන්තය, “ඊජිප්තු විප්ලවය අසාර්ථක වූයේ මන් ද? එයට මාක්ස්වාදී නායකත්වයක් නොතිබීම නිසාය. තීරනාත්මක කාරනය එයයි, සෑම රටක් සම්බන්ධයෙන්ම එය වලංගු ද වේ.”

ඉන් පසුව නෝර්ත්, සාකච්ඡාවට ඕනෑකමින් ඇහුන්කන් දුන් තරුන සිසුන් වෙත හැරුනේය. “මේ ප‍්‍රශ්න හදාරන්න. කාල වකවානු වේගයෙන් වෙනස් වෙමින් තිබේ. ජනතාව රැඩිකලිකරනය වනු ඇත. නව යුද්ධයක අන්තරාය අතිශයින්ම සැබෑවකි.”

සාහිත්‍ය මේසය වෙත තියුනු උනන්දුවකින්

විධිමත් පරිදි රැස්වීම අවසන්වීමෙන් පසුව ද බොහෝ වේලාවක් යන තුරු ශාලව හා පුස්තකාලය තුල සාකච්ඡා පැවැත්වුනි. බෙහෝ දෙනෙක් පැවසුවේ සියල්ල වටහා ගැනීම අසීරු කරුනක් වන බවය. එහෙත් එක් අයෙක් පැවසූ පරිදි, “විශ්ලේෂනය නිසැකයෙන්ම අදාල හා යෝග්‍යයි.”

පෝස්ටරය කියවා පැමිනි තවත් සිසුවෙක් පැවසුවේ,“මතභේදාත්මක ලෙස එවන් ප‍්‍රශ්න සාකච්ඡා කිරීම හොඳ බව මගේ පිලිගැනීමයි. ප‍්‍රශ්නය වන්නේ; ශාස්ත‍්‍රාලිකයේ හා සිවිල් සමාජයේ පරත්වාරෝපනය අප ජයගන්නේ කෙසේ ද යන්නයි. මට තේරෙන විදිහට මෙය වැදගත් කාරනයකි. ප‍්‍රශ්නය වන්නේ, විවේචනාත්මක විද්‍යාව කැපවන්නේ කුමකට ද යන්නයි. එය ඉතාමත් අදාල ප‍්‍රශ්නයකි.”

Share this article: