එක්සත් ජනපද සම්බාධක ධාවනය හා යුද්ධයේ අන්තරාය

The US sanctions drive and the danger of war

2017 අගෝස්තු 1

එක්සත් ජනපද කොන්ග‍්‍රසය විසින් රුසියාව, ඉරානය හා උතුරු කොරියාවට ආර්ථික සම්බාධක පනවන පනතක් සම්මත කිරීමෙන් පසුව මොස්කව්හි ඇමරිකානු තානාපති නිලධාරින් හා කොන්ත‍්‍රාත්කරුවන් 750 ක් නෙරපා දැමීම ඓතිහාසික බෙදුම් රේඛාවක් සලකුනු කරයි. පසුගිය ශතවර්ෂ කාර්තුව තුල එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සගයන් විසින් දියත් කල නව යටත් විජිත යුද්ධ, ප‍්‍රධාන න්‍යෂ්ටික සන්නද්ධ බලයන් අතර යුද්ධයේ අන්තරාය මතු කරමින් ජාත්‍යන්තර වෙලඳාම හා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පිලිබඳ සාමාන්‍යකෘත කඩාවැටීමක් නිර්මානය කලේය.

රුසියානු සම්බාධක පනතේ ඉතා ප‍්‍රබල අවධාරනය වන්නේ එක්සත් ජනපද කොන්ග‍්‍රසය යුරෝපය සමග රුසියානු වෙලඳාම අවහිර කොට, ක්‍රෙම්ලීනය ඈත් කිරීම සඳහා ට‍්‍රම්ප්ට මෙහයවා ගැනීමය. එක්සත් ජනපද මැතිවරනයේ දී රුසියාව “හැක් කිරීම” පිලිබඳ අබූත ප‍්‍රකාශ වොෂින්ටනය නිකුත් කිරීමෙන් පසුව පසුගිය වසරේ ඔබාමා විසින් රුසියානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් පලවා හැරීම සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමක් නො කලේ ට‍්‍රම්ප් යටතේ සබඳතා වැඩිදියුනු කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව ය. කෙසේවෙතත්, ට‍්‍රම්ප් බලයට පත්ව අඩ වසරක දී, රුසියාව සමග ගැටුමක් ඉල්ලා සිටින එක්සත් ජනපද පාලක පන්ති කන්ඩායම, මාධ්‍යය හා රාජ්‍ය තන්ත‍්‍රයෙහි ආධිපත්‍යය දරා සිටී.

ජර්මනියේ හා ප‍්‍රන්සයේ විරෝධතා හරහා පනවන ලද පනත, වොෂින්ටනය හා එහි යුරෝපයේ නැටෝ සගයින් යයි පෙනී සිටින්නන් අතර ආතතීන් උත්සන්න කරනු ඇත. 2014 දී ෆැසිස්ට්වාදීන් විසින් මෙහෙය වූ කුමන්ත‍්‍රනයෙන් ඉස්මතු වූ අන්ත දක්ෂිනාංශික යුක්‍රේන් තන්ත‍්‍රය සන්නද්ධ කිරීමට පෙන්ටගනය 2015 දී අත්හැර දැමූ සැලසුම් යලි පනගන්වන බව එක්සත් ජනපද නිලධාරීන් ඊයේ තහවුරු කලේය. මෙම ආධාරයට ප‍්‍රති-යුද ටැංකි මිසයිල සහ අනෙකුත් මාරාන්තික ආයුධ අඩංගු වනු ඇත.

මෙහි ප‍්‍රතිපලයක් වශයෙන්, මොස්කව් සැලසුම් කර ඇත්තේ වොෂින්ටනය සමග දිගු සන්නද්ධ ස්ථාවරයක් සඳහා වහා ගිනි ඇවිලෙන සුලු යුදමය තත්වයක් යුරෝපය තුල තැබීම ය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සති අන්තයේ රූපවාහිනී දේශනයක දී පැවසුවේ, “යමක් වෙනස් කිරීමට යම් කාලයක් තිස්සේ අපි බලා සිටියෙමු”. “එහෙත්, සියල්ල සලකා බැලිනි. එය වෙනස් වනවා වුවද නුදුරු අනාගතෙය්දී නම් නොවේ.”

රුසියාවට තර්ජනය කරන විට ම වොෂින්ටනය චීනයට එරෙහි සිය උද්ඝෝෂනය තීව‍්‍ර කරනු ලබයි. පසුගිය සිකුරාදා උතුරු කොරියාව, ලොස් ඇන්ජලීස්, ඩෙන්වර් හා චිකාගෝ ඇතුලු එක්සත් ජනපද නගර විදුම් පරාසයට ඇතුලත් වීමේ විභවතාව ඇති මිසයිල අත්හදා බැලීමෙන් පසුව, චීනය මත ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි සලකා බලමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කර සිටියහ. “මම චීනය ගැන ඉතාම කලකිරීමට පත්ව සිටිමි. අපේ අඥාන අතීත නායකයන් වෙලඳාමේ දී වසරකට ඩොලර් බිලියන සිය ගනනක් ඔවුනට සපයා ගැනීමට ඉඩ ලබා දී ඇතත්, ඔවුන් තවමත් උතුරු කොරියාව සමග මිස අපට කිසිවක් නැතැ”, “තවදුරටත් මෙය පවත්වාගෙන යාමට අපට ඉඩ දිය නොහැක” යි ට‍්‍රම්ප් ට්විටර් පනිවුඩ දෙකක් තුල ලියා ඇත.

චීනය මත න්‍යෂ්ටික ප‍්‍රහාරයන් දියත් කිරීම සඳහා ට‍්‍රම්ප්ගේ නියෝගයන් තමන් අනුගමනය කරනු ඇතැයි එක්සත් ජනපද අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් විසින් පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ දී නිකුත් කල ප‍්‍රකාශයෙන් පසුව වෝල් ස්ට්‍රීට් ජර්නලය “උතුරු කොරියාව තුල පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ විසඳුම” ශීර්ෂ පාඨය යටතේ පියොන්ග්යෑන්වල එක්සත් ජනපද මිලිටරි කුමන්ත‍්‍රනයක් වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රකාශයක් පල කලේ ය.

ප‍්‍රධාන බලවතුන් අතර වානිජ, රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි ආතතීන් හී මෙම නිර්දය ලෙස තීව‍්‍රකරනය සඳහා දේශපාලන තර්කනයක් තිබේ. යුද්ධයට පුපුරා නොගොස් ඉතා දිගු කාලයක් ඉදිරියට යා නොහැකිය.

වැඩෙන මහජන අවධානයට මුහුන දීමේ දී අන්තරාය අඩුකර ගැනීමට මාධ්‍යය උත්සාහ දරයි. “සම්බාධක බොහෝ විට මතභේදාත්මක ය” යි නිව් යෝර්ක් ටයිම්ස් ජූලි 27 දා රුසියානු සම්බාධක පිලිබඳව ලිවීය. “එහෙත් ඒවා අවිහිංසාවාදි උපකරනය - නමුත් මෙම කරුනේ දී කාලීන හා සුදුසු එක වන්නේ - වෙනත් රටක හැසිරීම සීමාව ඉක්මවා ගිය විට එය නැවත සලකා බැලිය හැකි රටක් බවට පත් කර ගැනීම සඳහා නායකයන්ට පීඩනය යෙදවීම පැහැදිලි කරන විට ය.”

ටයිම්ස් ගොනාට අන්දවන්න හදන්නේ කවුරුන්ද? ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට පසුගිය සියවස් කාර්තුව තුල දී, සම්බාධක යොමු කිරීමේ දී වොෂින්ටනය හෝ සමස්ත නේටෝ සන්ධානයේ එල්ලයව පැවතියේ රුසියාව හෝ චීනය සමග නිරන්තරව සබඳතා පැවති ඉරාකය, යුගෝස්ලාවියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවලට එරෙහිව යුද්ධය හෝ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීම ය. කෙසේ වෙතත් අද, සම්බාධක ලෝක ධනේශ්වර ආර්ථිකයේ කේන්ද්‍රීය න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන්ට එරෙහිව සෘජුව එල්ල කෙරෙමින් තිබේ.

අන්තිම වතාවට, 2015 දී වොෂින්ටනය අන්ත දක්ෂිනාංශික කියෙව් තන්ත‍්‍රය සන්නද්ධ කිරීමට උත්සාහ කල අතර, බර්ලිනය හා පැරිසිය එක්සත් ජනපදයේ ආරම්භකත්වයන්ට හරස් වෙමින් මොස්කව් හා කියෙව් අතර සාම ගිවිසුමක් යෝජනා කලහ. සාකච්ඡාවලට පෙරාතුව, ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රංශුවා ඔලන්ද්, නේටෝ හා රුසියාව අතර “පූර්න යුද්ධය” න්‍යෂ්ටික යුද්ධයක් බවට අනතුරු ඇඟවීය. වොෂින්ටනය නව තීව‍්‍ර කිරීමකට සූදානම් වන විට, පූර්න යුද්ධය නැවත වතාවක් ලෝක ව්‍යාප්ත චාන්සලර් කාර්යාලවල, විදේශ කාර්යාලවල හා හමුදා මූලස්ථානවල ලෝකයේ මහජනතාව පිටුපස සිට ක‍්‍රියාකාරීව සාකච්ඡාවට භාජනය වූ බව නිසැක ය.

හේතුව වන්නේ ට‍්‍රම්ප්ගේ තේරී පත්වීම නොව, ලෝකයට මහත් ව්‍යසනකාරී තර්ජනයක් වන අධිරාජ්‍යවාදී පද්ධතියේ පුලුල් බිඳවැටීමක් පිලිබඳ රෝග ලක්ෂනය ය. රුසියාවට එරෙහිව එක්සත් ජනපද සම්බාධක පැනවීමේ පනත තුල ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් නායකත්වය සපයන අතිමහත් ද්විපාර්ශවීය සහයෝගීත්වයක් තිබේ. එක්සත් ජනපදය හා එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සගයන් ද ඇතුලු මහා බලවතුන්ගේ එදිරිවාදිකම්, පූර්ව ශතවර්ෂයේ දෙවරක් ලෝක යුද්ධය තුලට පුපුරා ගිය වෛෂයික ගැටුම්හි මූලයන් ලෝක ධනවාදයේ ව්‍යුහය තුල මුල් බැස ඇත.

මූලෝපායික ස්ථානයන් හා ඩොලර් ට්‍රිලියන ගනන් වෙලඳාම් මත සටන් කරන ප‍්‍රධාන බලයන් ලෙස, යුද්ධයේ හා සමාජ විප්ලවයේ හේතු ලෙස විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් වෙන කවරදාටත් වඩා හඳුනාගත් ධනවාදයේ පරස්පර විරෝධයන්; ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර; සමාජයීය නිෂ්පාදිතය සහ ලාභයේ පෞද්ගලික අයිතිය අතර; පරස්පර විරෝධය තවමත් ක‍්‍රියාත්මකව පවතී.

ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී හා සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. කම්කරුවන් ප‍්‍රතිවිරුද්ධ ධනේශ්වර කන්ඩායම් පිටුපසට ඇද දැමීමට ඉඩ ලබා දෙන තත්වයක දී ඔවුන් යොමුවිය හැක්කේ දැවැන්ත ව්‍යසනයකට පමනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වේගයෙන් බිඳ වැටෙන ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීමට දරන ප‍්‍රයත්නයන් වඩාත් ඉක්මනින් යුද්ධයේ තර්ජනය මතු කරන අතර එහි යුරෝපීය අධිරාජ්‍යවාදී ප‍්‍රතිවාදීන්ගේ මෙන් ම රුසියාව හා චීනයේ ප‍්‍රතිගාමී පශ්චාත් සෝවියට් ධනවාදී කතිපයාධිකාරයන්ගේ බංකොලොත්කම ඊට අඩු නොවේ.

රුසියාවට හා චීනයට එරෙහිව වොෂිංටනයේ පිලිවෙත නිසැකව ම ජර්මනිය විසින් නායකත්වය දරන යුරෝපීය බලවතුන් සිය මිලිටරි බලකායන් තුලට යුරෝ බිලියන ගනනක් වත් කිරීම හා මිලිටරි යාන්ත‍්‍රනයන් “ස්වාධීනව” පිහිටුවා ගැනීම යන දැනටමත් ක‍්‍රියාත්මක සිද්ධි දාමය වේගවත් කරන අතර, එම සිද්ධි දාමය විභවාත්මකව වොෂිංටනයට සතුරු ය. යුරෝපීය බැංකු හා සංගතවල ලාභ අවශ්‍යතාවන්ට අනුව යුරෝපීය කම්කරුවන්ට එල්ල කරන ප‍්‍රහාර මගින් ක‍්‍රියාත්මක වන මෙම අධිරාජ්‍යවාදී පිලිවෙත, මහාද්වීපය පුරා ජාතිකවාදී හා අන්ත දක්ෂිනාංශික දේශපාලන බලවේගයන්ගේ නැගීම සමග අතිනත ගෙන සිටී.

රුසියානු හා චීන කතිපයාධිකාරීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු අධිරාජ්‍යවාදී බලවතුන් සමග ගනුදෙනුවකට එලඹීමට හා මිලිටරිමය වශයෙන් මුහුන දීමට උත්සාහ කිරීම අතර දෝලනය වෙමින් සිටිති. අඟහරුවාදා සූරිහී දි පැවති විශාල යුද හමුදා පෙලපාලියක දී චීනයේ ජනාධිපති ෂී ජින්පින් ගේ පැමිනීමෙන් හා ඔහු ගේ ප‍්‍රකාශයෙන් මෙය මොනවට හෙලිදරව් විය. “ලෝකය කිසි සේත්ම සාමයක නොපවතී, සාමය සුරක්ෂිත කල යුතුය” යි කියූ ෂී චීන භටයන්ට මෙසේ ද පැවසුවේ ය: “සැමවිටම කීකරු වී පක්ෂය අනුගමනය කරන්න. පක්ෂයේ පෙන්වන්නාවූ ස්ථානය කොතැනද ඒතැනට ගොස් සටන් කරන්න.”

චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රය හෝ ක්‍රෙම්ලිනය වොෂින්ටනය සමග මිලිටරි ගැටුමක් තෝරා ගන්නේ ද, මෙය ලෝකය ඉතා ඉක්මනින් න්‍යෂ්ටික ගිනිජාලාවකට මග පෑදිය හැකිය.

වඩාත් හදිසි කර්තව්‍යය වන්නේ ලෝකය පුරාම කම්කරු පන්තිය අතර වැඩෙමින් පවතින යුද්ධය හා සමාජ අසමානතාවට එරෙහි මනෝගතීන් බලමුලුගැන්වීම යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන ප‍්‍රකාශනය තුල පැහැදිලි කල පරිදි:

* යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

* නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

* එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන් ම, මුලුමනින් ම හා පැහැදිලිව ම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධානවලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

* අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: