ශ්‍රී ලංකාවේ සසප කීර්ති බාලසූරියට උපහාර දක්වයි

SEP in Sri Lanka pays tribute to Keerthi Balasuriya

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 දෙසැම්බර් 20

දෙසැම්බර් 18දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) කීර්ති බාලසූරියට උපහාර දැක්වීය. සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 පිහිටවූ තැන් පටන් එහි ප‍්‍රධාන ලේකම් වූයේ බාලසූරියයි. 39 වියට එලඹ යන්තම් ගත වූ 1987 දෙසැම්බර් 18දා ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු අභාවයට පත් විය.

බොරැල්ල කනත්තේදී පවත්වන ලද සැමරුමට පක්ෂ සාමාජිකයින් හා ආධාරකරුවන් එක්ව සිටියේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ජාතික සංස්කාරක කේ. රත්නායක එහි මුලසුන දැරීය. බාලසූරිය සහෝදරයාගේ මතකය වෙනුවෙන් විනාඩියක නිහඬතාවකින් පසුව අනුස්මරන රැස්වීම ආරම්භ විය.

විශේෂයෙන්ම එවක හජාජාක එවක බ්‍රිතාන්‍ය ශාඛාවේ කම්කරු විප්ලවවාදී පක්ෂ (කවිප) නායකත්වයේ ජාතික අවස්ථාවාදී පිරිහීමට එරෙහි බාලසූරියගේ සම්මුති විරහිත දේශපාලන අරගලයේ වැදගත්කම රත්නායක පෙන්වා දුන්නේය.

කීර්ති 1987 දෙසැම්බරයේ මිය යන විට, හජාජාක, ට්ස්කිවාදය වර්ධනය කිරීමේ හා වැඩි දියුනු කිරීමේ ප්ර ගාඪ අරගලයක යෙදී සිටියේ ය. මෙය සිදු වූයේ 1985දී බ්‍රිතාන්‍යයේ කවිපයේ භ්‍රෂ්ඨයන්ට එරෙහි අරගලයකින් ඔවුන්ගෙන් බිඳී වෙන්වීමෙන් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ වර්තමාන සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයාගේ නායකත්වයෙන් ගෙනගිය මේ අරගලයට ඔහු එක්විය.

“කීර්තිගේ වියෝව විකොසට ද, හජාජාකට ද දැරිය නොහැකි පාඩුවකි. ට්‍රොට්ස්කිවාදය සඳහා ගෙනගිය මේ පුනර්ජීවනය කල අරගලයේ පදනම මත අපගේ ව්‍යාපාරය දැවැන්ත න්‍යායික හා දේශපාලන පියවර ගෙන තිබේ. අප දැන් සිටින්නේ, ලෝක ධනවාදයේ ගැඹුරු අර්බුදයක් හා නැගී එන සමාජ අරගල මධ්‍යයේය. සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේදී අපගේ ව්‍යාපාරයෙහි ඉතිහාසයේ පාඩම් තීරනාත්මක වන්නේ මේ නිසාය.”

ඉන් පසුව රත්නායක ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලය හා ඇමරිකාවේ සසප වෙනුවෙන් නොර්ත් විසින් රැස්වීමට එවන ලද ලිපිය කියවන ලදී.

විලානි පීරිස් කථාකරමින්

බාලසූරියගේ ජීවිත කාලීන සහකාරිය වූ, සසප දේශපාලන කමිටු සාමාජික විලානි පීරිස් ඉන් පසුව කථාකරමින් විකොස පිහිටුවීමේ අරගලයේ ජාත්‍යන්තර පදනම් හා පක්ෂය පිහිටුවීමේ දී බාලසූරිය ඉටුකල භූමිකාව ගෙනහැර දැක්වීය. විකොස පිහිටුවනු ලැබුවේ 1966දී හජාජාක තුන්වන ලෝක සම්මේලනය විසින් විස්තාරනය කරන ලද දේශපාලන මූලධර්ම පාදක කරගෙනය.

ධනවාදය නව යුගයක් අරඹා ඇතැයි තර්ක කල, ප‍්‍රමුඛ “ට්‍රොට්ස්කිවාදී අර්ථශාස්ත‍්‍රඥයා” යයි ප්‍රෝඩාකාරී ලෙස හඳුවන්වා දෙන ලද, පැබ්ලෝවාදී නායක අර්නස්ට් මැන්ඩෙල් සමග ගනුදෙනු බේරාගැනීමේ අවශ්‍යතාව බාලසූරිය විසින් අවධාරනය කරන ලද බව පීරිස් පැවසුවාය.

ඉන් පසුව පීරිස් කලෙක හුවාදක්වන ලද නායකයින් වූ මා ඕ සේතුං, හෝචී මිං හා ෆිඩෙල් කැස්ත්‍රෝ කෙරෙහි අවධානය යොමු කලාය. “ඔවුන්ගේ ජාතිකවාදී ඉදිරිදර්ශන බිඳ වැටී ඇත. ශ්‍රී ලංකවේදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන්ව හුවා දැක්වීය. විප්ලවවාදී බලවේගය වන්නේ ගොවි ජනතාව යයි ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. ජාත්‍යන්තරවාදී පිලිවෙතක් විස්තාරනය කරමින් එවන් සංකල්ප වලට එරෙහිව නිරන්තර න්‍යායික හා දේශපාලන අරගලයක කීර්ති යෙදී සිටියේය. අපගේ ව්‍යාපාරයට ආකර්ෂනය වන තරුන පරම්පරාවට මේ පාඩම් අත්‍යවශ්‍ය ය.”

විජේ ඩයස්

සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් සිය කථාව ආරම්භ කලේ, වසරක් තිස්සේ හජාජාක විසින් ගෙනයනු ලබන, 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සැමරීමේ ලෝක පරිමාන ශත සංවත්සර වැඩසටහනට අවධානය යොමු කරමිනි. මෙම සිදුවීම් වලදී, ගොවි ජනතාවගේ සහාය ලබමින් කම්කරු පන්ති පාලනයක් පිහිටුවීමේදී ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් ඉටුකල තීරනාත්මක කාර්ය භාරය ඔහු අවධාරනය කලේය.

“මේ ශත සංවත්සරය අප ඉදිරියේ මතුකර ඇත්තේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයෙහි කොටසක් ලෙස අපගේ ම ඉතිහාසය යලි හැදෑරීමේ වගකීමයි. මෙරට මෙන්ම දකුනු ආසියාවේ ද අපගේ ම ඔක්තෝබරයේ කර්තව්‍යයන් ඉටුකිරීමට, 1917 පටන්ගත් සටන පෙරට ගෙනයාම සඳහා නව කාර්යධරයන් පුහුනුකර ගැනීමට මෙය තීරනාත්මකය.

“කීර්ති බාලසූරිය සහෝදරයා මිය ගොස් 30 වසරක් ගතවීමේ සංවත්සරය, සසප පූර්වගාමී විකොස පිහිටුවීමේ 50 වන සංවත්සර උද්ඝෝෂනයේ පලමු පියවර බවට පත්කර ගැනීමට අපි තීරනය කලෙමු. විකොස පිහිටුවීමට මූලිකත්වය ගත් කන්ඩායම තුල ප‍්‍රධාන ක්‍රියාකලාපය ඉටු කලේ කීර්ති ය. ඒ අනුව ඔහු යුක්ති සහගතවම විසිවසරක් පුරා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලෙස තම අකල් මරනය තෙක්ම කටයුතු කලේය.

“විකොස පිහිටුවන විට කීර්තිට යන්තම් වයස අවුරුදු 19 වූවා පමනි. අප මෙන් නොව ඔහු දේශපාලනයට අලූතෙන් ඇදී ආ කෙනෙක් විය. ඔහුට වඩා වසර කිහිපයකින් වැඩිමහල්වූ අපට, 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුලූවූ ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීමේ (ලසසප) තුච්ඡ සිදුවීම් තුලින් ගමන් කිරීමට සිදුව තිබුනි. එසේම පැබ්ලෝවාදී ප‍්‍රවනතාවය විසින් විසින් ඉදිරිපත් කරන ලද එම සාපරාධී සංශෝධනවාදී දේශපාලන පිලිවෙතම අනුගමනය කරන ලද කැඩීගිය ලසසප (විප්ලවකාරී) කන්ඩායමේ අත්දැකීම් ඔස්සේ යාමට ද අපට සිදුවිය

“ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්වූ විප්ලවවාදී සටන්කරුවන්ගේ නව පරම්පරාවක් පුහුනුකර ගැනීමේදී ජාතික අවස්ථාවාදයට එරෙහිව හජාජාක විසින් ගෙනයන ලද දීර්ග අරගලයේ සාරය ඉක්මනින් ග‍්‍රහනය කර ගැනීමට ඔහුට හැකි විය. ඔහු අපගේ නායකයා ලෙස තෝරාගත්තේ එබැවින්ය. 1987 දෙසැම්බරයේ සිදුවූ බාලසූරියගේ අකල් මරනය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ඔහුගේ නොමිනිය හැකි කැපවීම හා ප‍්‍රතිපදානය අනපේක්ෂිත නිමාවකට ගෙනාවේය. විකොස පිහිටුවීම සඳහා සූදානම් වීමේ දිනවල කීර්ති සමග සිටි, රත්නායක, වික‍්‍රමසිංහ හා වක්කුඹුර සමග මා ද ඇතුලූ සම්පූර්න කන්ඩායම, තවමත් දේශපාලන යුද පිටියේ රැඳී සිටීම ම, 1938දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ ට්‍රොට්ස්කිගේ ක්‍රියාමාර්ගයෙහි වැඩෙන අදාලත්වය හා බලය පිලිබඳ සාක්ෂියකි.

“මෙම රැස්වීමට එවන ලද සිය ලිපියේදී ඩේවිඩ් නෝර්ත් සහෝදරයා සඳහන් කල පරිදි කීර්ති, හජාජාක බ්‍රිතාන්‍ය කවිපයේ භ‍්‍රෂ්ඨයින්ගෙන් බිඳී වෙන්වීමෙන් පසුව තමන්ගේ පලදායී විප්ලවවාදී කටයුතුවල මුදුනටම පැමින සිටියේය. හජාජාක විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය යලි නගාසිටුවීමේදී ද ලෝක ව්‍යාපාරයේ ට්‍රොට්ස්කිවාදී පදනම් යලි පිහිටුවීමේදී ද ඔහු අපගේ ට්‍රොට්ස්කිවාදී සම චින්තකයින් සමග ජාත්‍යන්තර වැඩකටයුතුවල දිරිමත්ව යෙදී සිටියේය. එම නොමිනිය හැකි කටයුතු මත පදනම් ව, එම අරගලය පෙරට ගෙනයාමට අප කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නව ස්ථරයන් බඳවාගෙන පුහුනු කල යුතුය. ම්ලේච්ඡ ආඥාදායකත්වයන් හා තවත් ලෝක යුද්ධයක් පැනනැගීම වැලැක්විය හැකි හා ලෝක මානව වර්ගයේ අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම සමාජ අවශ්‍යතා මුදුන්පත් කිරීම සඳහා සමස්ත පෘතුවි ගෝලයේම නිෂ්පාදන බලවේග සමාජවාදී පදනමක ප‍්‍රතිසංවිධානය කල හැකි එකම මග මෙය පමනක්” බව පමනක්” බව අවධාරනය කරමින් ඩයස් සිය කථාව සමාප්ත කලේය.

Share this article: