ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි “දේශද්‍රෝහී” චෝදනාව

The “treason” charge against Donald Trump

2018 ජූලි 19

සිය රුසියානු ප්‍රතිරූ ව්ලදිමීයර් පූටින් සමග හෙල්සින්කි හි හමුව නිසා එජ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අඛන්ඩව කෙරෙන හිස්ටීරියාත්මක උමතුව සහ හෙලාදැකීම් මධ්‍යයේ, නිව්යෝර්ක් ටයිම්ස්, “දේශද්‍රෝහීත්වය යන වචනය විවාදයට ඇතුලු වෙයි” යන හිසින් බදාදා මුල්-පිටු ලිපියක් පල කලේය.

ටයිම්ස් හි ලිපිය ලියන ලද්දේ ධවල මන්දිර වාර්තාකරු පීටර් බේකර් විසිනි. ඔහු The Call of History(ඉතිහාසය කැඳවුම් කරයි) යන හිසින් ඔබාමා ගැන සාන්තුවර චරිතාපදානයක් වැනි එක් පොතක්ද, Kremlin Rising: Vladimir Putin’s Russia and the End of Revolution (ක්‍රෙම්ලීනය උත්ථානයේ: ව්ලදිමීයර් පූටින්ගේ රුසියාව සහ විප්ලවයේ අවසානය), යනුවෙන් පූටින්ව සීතල යුද මාදිලියෙන් යක්ෂාවේෂ ගැන්වූ තවත් පොතක්ද වශයෙන් පොත් දෙකක කතෘ විය. ඔහු, ඩිමොක්‍රටික් පක්ෂය සහ සංස්ථාගත-මාධ්‍ය ලිබරල්වාදය සේ කලෙක පෙනී සිටි ඒවායේ තියුනු දක්ෂිනාංශික මාරුව පිලිබද අනධ්‍යාශයික (නොසිතාම) නිරාවරනයක් සපයයි.

ට්‍රම්ප්, “රුසියාව මැතිවරනයට ඇඟිලි ගැසීම ගැන ඇමරිකානු බුද්ධි අංශ වල වචනය වෙනුවට ඒ පිලිබඳව පූටින්ගේ වචනය” පිලිගන්නා සෙයක් පෙනීම නිසාවෙන් චෝදනා පැන නගින බව සටහන් කරමින් බේකර්ස් ලියන අයුරු:

“ට්‍රම්ප් මහතා චෝදනා ලබන්නේ දුර්වල විනිශ්චය නිසා පමනක් නොව දේශද්‍රෝහීත්වය නිසාය - නිකම්ම (සමාජ)වාටියේ මූලධාතුන්ගෙන් (අයවලුන්/දේවල්) හා ලිබරල්වාදී සාකච්ඡා මන්ඩප සත්කාරකරුවන් ගෙන් නොව, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂකවරයකු ගෙන් වෙයි.

පූර්වාදර්ශයක් නැති ජනාධිපතිකමක් තුල තවත් මොහොතක් ඉතිහාස පොත්වල සලකුනු කරන්න. දේශද්‍රෝහීත්වය පිලිබඳ චෝදනාව විටින් විට දේශපාලන විවාද වාටියේ එහා මෙහා විසිකර ඇතත්, එය වර්තමාන යුගයේදී මෙතරම් කැපීපෙනෙන ආකාරයකට කෙදිනකවත් ජාතික සාකච්ඡාවේ කොටසක් බවට පත්වූයේ නැත.”

ඇත්තෙන්ම බේකර් සම්බන්දයෙන් නම් “නවීන යුගය” කෙටි එකක් වන බවපෙනේ. එපමනක් නොව, ඉතාමත් අදාලවූ ලේඛනයක් එක්සත් ජනපද සංස්ථාපිතයේ “වාර්තාමය (ප්‍රධානතම) පුවත්පත” හි ඇතුලු පිටුවල එදිනම පලවී ඇති බව කිසිවකු විසින් ඔහුට දැනුම් දුන් නැති බවද පෙනේ, ඒ: ඊට රාජද්‍රෝහීකම යැයි කීමට කිසිවෙක් එඩිතර නොවීය නමින් 1964 රචිත පොතේ කර්තෘ ජෝන් ස්ටෝර්මර් සඳහාවූ අවමංගල්‍ය සටහනයි.

අසාර්ථකවූ එවක රිපබ්ලිකානු අපේක්ෂක බැරි ගෝල්ඩ්වෝටර් වෙනුවෙන් ජනාධිපති තරඟයේදී ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටු කල මෙම පොත, කොමියුනිස්ට් ඒජන්තයින් සහ “රැවටුනවුන්” විසින් එජ ආන්ඩුව බොහෝ දුරට අයත් කරගෙන, ක්‍රෙම්ලිනයේ අවශ්‍යතාවන් උදෙසා එය මෙහෙය වන බවට, සෙනේට් සභික ජෝෂප් මැකාති සමග කාලයක් අනන්‍ය වී සිටි, ඇමරිකානු දේශපාලනයේ අන්ත දක්ෂිනාංශය විසින් වර්ධනය කර තිබුනු කතන්දරය, සාරාංශගත කරමින් එය ව්‍යාප්ත කලේය.

පොතෙහි ග්‍රන්ථ නාමය සහිත පිටුව මෙසේ හඬගායි: “1964 වනාහි අර්ඛුදයෙත් තීරනයේත් වසරයි. ඇමරිකාව කොමියුනිස්ට්වාදී සතුරාට දිගටම ආධාර කරනේද, අනතුර ඉදිරියේ නිරායුධ වෙන්නේද, පෘතුවියේ සෑම මුල්ලකම ඉන්නා කොමියුනිස්ට් ඒකාධිපතීන් ඉදිරියේ දන ගසන්නේද? තීරනය ඔබ අතෙහි ය.”

මෙම පීඩනොන්මාදී (භීතිකාමය) ශෛලිය ඩිමොක්‍රටික් පක්ෂය සහ ටයිම්ස් තුලමත් ප්‍රතික්ෂේප කල නොහැකි ආකාරයට දෝංකාරයන් සොයාගනී. යන්තම් දින දෙකකට පෙරාතුව “රුසියානු බුද්ධි අංශයේ සම්පතක්” ලෙස ට්‍රම්ප්ව විස්තර කරමින්, එම පුවත්පතේ වචනයෙන් විස්තර නොකලැකි විදේශ කටයුතු තීරුපිටු ලේඛක තෝමස් ෆ්‍රීඞ්මන්, ‘සන්නද්ධ’ වීම සඳහා එවැනිම කැඳවුමක් නිකුත් කලේය: “මාගේ සහෝදර ඇමරිකානුවනි, අප අමාරුවේ වැටී සිටිමු, අද අපට සමහර විශාල තීරන ගැනීමට සිදුවී ඇත.” පසුගිය වසරේ, මෙම ෆ්‍රීඞ්මන්ම තම ලිපි තීරයේ පලකල විවෘත ලිපියක් මගින් ට්‍රම්ප් පරිපාලනයේ සිටින හමුදා නිලධාරීන්ට මාලිගා කුමන්ත්‍රනයක් මගින් ජනාධිපති නෙරපීමට ආයාචනය කලේය.

දේශද්‍රෝහීත්වය පිලිබඳ තම ලිපිය සඳහා බේකර් විසින් උපුටා දැක්වූ ප්‍රධාන බලධරයා වන්නේ, ඔහු විසින් “ට්‍රම්ප්ගේ වඩාත්ම උග්‍ර විවේචකයින්ගෙන් කෙනෙකු” ලෙස විස්තර කෙරුනු එජ මධ්‍යම ඔත්තු ඒජන්සියේ හිටපු අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙනන් ය. බ්‍රෙනන් හෙල්සින්කිහිදී ට්‍රම්ප්ගේ චර්යාව හෙලා දුටුවේ, “දේශද්‍රෝහීත්වය මිස අන් කිසිවක් නොවේ.” කියමිනි.

ට්‍රම්ප් ක්‍රෙම්ලීනයේ ඒජන්තයකි යන අදහස, අයිසන්හවර්ට සහ කෙනඩිට එරෙහිව මැකාර්ති, ස්ටෝර්මර් සහ ජෝන් බර්ච් සමාජය වැන්නවුන් විසින් ශතවර්ෂ අඩකටත් එහා එල්ල කරන ලද මෙවැනිම චෝදනා තරමටම විශ්වසනීයභාවයක් ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය ඇමරිකානු දේශපාලන පරාසයේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් සමග අනන්‍ය වී ඇති කතන්දරයක් යලි පන ගන්වයි යන කාරනාව අසුභ ඇඟවීම් දරා සිටියි. මෙය ජනතාව තුල දේශපාලන අවමංගත කිරීමක් වගා දිගා කිරීමට පමනක් සේවය කල හැකි අතර ඇමරිකානු ධනේශ්වර රාජ්‍යයේ අන්තවාදී ප්‍රතිගාමී සහ භයානක හැරීමකට අඩිතාලම දැමිය හැක.

ට්‍රම්ප්ගේ “දේශද්‍රෝහීත්වයේ” හරය කුමක්ද? කම්පනයේ සහ කෝපයේ ස්වරයෙන් රූපවාහිනි නාලිකාවන්හි කථිකයන් විසින් නිමක් නැතිව නිරන්තරයෙන් එල්ල කරන චෝදනාව කුමක්ද? මෙම පන්දම් කාරයන් ම, ට්‍රම්ප් පරිපාලනය විසින් සිදුකරන එජ-මෙක්සිකානු දේශ සීමාවේ සරනාගත දරුවන්ට එරෙහි වධබන්ධන ද, එහි සිරියාවේ සහ ඉරාකයේ යුද අපරාධද, එය යේමනයේ ජනතාවට එරෙහි ජන සංහාරක යුද්ධ සඳහා දෙන සහයද පිලිබඳව මුනිවත රැකීමට ආසන්න පිලිවෙතක් හෝ යුක්ති යුක්ත භාවය සපයනා පිලිවෙතක් අනුයති.

සිදුව ඇත්තේ ට්‍රම්ප් ඇමරිකානු බුද්ධි ඒජන්සිවල වචනය පිලි නොගැනීමයි. “ඉහල අපරාධයක්” මෙන් පෙන්වා, ඒ පිලිබඳ ප්‍රාමානිකයන් සේ ඉදිරියට වඩම්මවා ඇත්තේ රූපවාහිනි ජාලයන් සඳහා “ආරක්ෂක සහ ඔත්තු විශ්ලේෂන” සැපයීම වෙනුවෙන් දැන් තම බැංකු ගිනුම් පුම්බා ගන්නා හිටපු ඔත්තු සේවා ප්‍රධානීන් තුන්කට්ටුවක් වන: ජෝන් බ්‍රෙනන්, මයිකල් හේඩන් සහ ජේම්ස් ක්ලැපර් වෙති.

මොන තරම් සත්‍යයේ මුර දේවතාවන් නොවියහැකියවුන්ද! සීඅයිඒ හි අධ්‍යක්ෂවරු ලෙස හෝ ජාතික ඔත්තු සේවා අධ්‍යක්ෂවරයා ලෙස, ඔවුන් සියල්ලෝම ඇමරිකානු ජනතාවට හොරෙන් අනෙකුත් අපරාධ සිදු කලා මෙන්ම, වධබන්දන, “කලු අඩවි” (රහස්‍ය රැඳවුම් ස්ථාන), “සුවිශේෂී පැහැරගැනීම්”, සහ ඩ්‍රෝන් ඝාතන අධීක්ෂනය කලහ.

බ්‍රෙනන් සීඅයිඒ ඔත්තුකරුවන් මගින් සෙනෙට් සභා ඔත්තු සේවා කමිටුවේ පරිගනක යන්ත්‍ර හැක් කිරීමට අන කිරීම මගින් සීඅයිඒ හි වධ බන්දන හෙලිදරව්වීම වැලැක්වීමට මාන බැලීය. ක්ලැපර් වනාහි එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව්වීම් මගින් අනාවරනය වූ බොරුවක් වන ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ ) ඇමරිකානු පුරවැසියන්ගේ දත්තයන් එකතු කල බව ප්‍රතික්ෂේප කරමින් කොන්ග්‍රස් මන්ඩලයට බොරු සාක්කි දුන් අයෙකි. ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියකු වූ හේඩ්න් රට තුල (රටේ වැසියන් ගැන) දැවැන්ත ඔත්තු සෙවීමේ වැඩ පිලිවෙලක් දියත් කලේය.

ඉතිහාසය පිලිබඳව මතුපිට දැනුමක් ඇත්තෙකු පවා “දේශද්‍රෝහී” ට්‍රම්ප්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස මෙම ආයතන හා පුද්ගලයින් වත්මනෙහි උත්කර්ෂයට නැංවීම ප්‍රශ්න කල යුතුය.

ධනේශ්වර රාජ්‍යයේ රහස් පොලීසිය සහ ඔත්තු සේවා බලකායන් ගැන ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සෑමවිටම සලකනු ලැබ ඇත්තේ අති මහත් සැකයෙනි. ඇමරිකාවේ තරම් වෙන කොහේවත් මෙය සත්‍ය නොවේ.

ඇත්ත වශයෙන්ම සීඅයිඒ පිලිබඳ සැකය කෙතරම් ඉහල වූයේද කිවහොත්, එහි ආරම්භක ප්‍රඥප්තියම, එය එජ තුල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තහනම් කලේය. මෙයට පදනම වූයේ ජාතික සහ ජාත්‍යන්තර යන දෙඅංශයන්හිම නීතියේ පරාමිතීන්ට පිටින් එහි රහසිගත ක්‍රියාකාරකම් සිදුවීමයි.

ඝාතන සංවිධානය කිරීම නිසා “ඝාතක සමාගම” ලෙස පට බඳින ලදුව, එය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ආන්ඩුවලට එරෙහිව කුමන්ත්‍රන මෙහෙයවූ අතර, මෘග ආඥාදායකත්වයන් ඉරානය සහ ගුවාතමාලාවේ සිට තුර්කිය සහ ග්‍රීසිය දක්වාද ලතින් ඇමරිකාව පුරාද ඇටෙව්වේය.

එෆ්බීඅයි ගත්කල, එහි වාර්තාව ව්‍යාජ නඩු ඇටවීම්, ප්‍රකෝපකරන සහ ඝාතනවලින් කෙලසී ඇත. මෙම ආයතනය දහස් ගනන් ඔත්තුකරුවන් සහ ඒජන්ත ප්‍රකෝපකරුවන් පුරවා උතුරුවමින්, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර වලටත්, යුද විරෝධී ව්‍යාපාර වලටත් සහ ඇමරිකානු වාමාංශයේ සෑම අංශයකටත් එරෙහිව යුද සමාන මෙහෙයුමක් දියත් කලේය.

මෙම ආයතන නිමක්නැති ආක්‍රමනකාරී යුද්ධ මත පදනම් වූ එජ විදේශ ප්‍රතිපත්තියේ පසුගිය කාර්තු ශතකය යුක්තියුක්ත කිරීම සඳහා ද්විත්ව මුසාවන් -“ජනසංහාරක අවි” සහ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”- ඇදබෑමට බොහෝසේ වගකිව යුතුය.

සීඅයිඒ, එෆ්බීඅයි සහ එන්එස්ඒ හි සත්‍යතාව හා අවංකභාවය පිලිබඳ සැකය ප්‍රකාශ කිරීම දේශද්‍රෝහීත්වය වශයෙන් හංවඩුගැසීම එජ පොලිස් රාජ්‍යයක උවදුර පිලිබඳව පැහැදිලි අනතුරු ඇඟවීමක් නියෝජනය කරයි.

අනෙක් “දේශද්‍රෝහීත්වය” ක්‍රියාව වූයේ මොස්කෝව සමග ආතතිය තුනී කිරීමට දැරූ තැතයි. ට්‍රම්ප් තම ගනුදෙනුකාරී “පලමුව ඇමරිකාව” විදේශ ප්‍රතිපත්තියේ ප්‍රිස්මය තුලින් රුසියාව දෙස බලන අතර, එජ පාලක සංස්ථාපිතයේ සහ වොෂින්ටනයේ විසල් හමුදා සහ ඔත්තු සේවා ආයතනවල බලගතු කල්ලීන් රුසියානු ෆෙඩරේෂනය කෑලිවලට කපා වෙන් කර විජිතකරනය කිරීමේ එල්ලය ඇතිව හමුදා අභිමුක වීමකට සූදානම් වීමට කොතරම් කැපවී සිටිත්ද යත් කිසිම දුර්වල කිරීමකට ඉඩ නොතබති.

මෙම අවශ්‍යතාවනුයි වෝල්වීදියේ සහ සීඅයිඒ හි පරිපූර්න පක්ෂයවන ඩිමොක්‍රටිකයන් විසින් ප්‍රකාශිත වූයේ. එය, වාමාංශීය කෙසේ වෙතත්, ප්‍රගතිශීලීත්වයේ ආස්ථානයකින් ට්‍රම්ප්ට එරෙහි වීමට අකමැති වන්නේ සහ නොහැකි වන්නේ, එය මූල්‍යය ප්‍රාග්ධනය සහ මෙම ලොවෙහි ජෙෆ් බෙසෝස්වරුන්ගේ උත්සුකයන්හි ආරක්ෂකයින් වන නිසාවෙනි.

එජයේ ධනේශ්වර දේශපාලනයේ සන්දර්භය තුල “වම” සහ “දකුන” යන පදවලට කුමන හෝ යථා අරුතක් පැවතීම ඇනහිට ඇත. ඩිමොක්‍රටිකයින් විසින් නව-මැකාතිවාදී දේශපාලනය වැලඳ ගැනීම සමස්ත පාලක සංස්ථාපිතයේත් සහ එහි යුදවදින කල්ලිවලත් ප්‍රතිගාමීත්වයේ දිශාවට සහ පුලුල් වැඩ කරන ජනතාවගේ මූලික සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමේ දිශාවට මාරුව ප්‍රකාශ කරයි.

මෙම ගතිකයම ඩිමොක්‍රටික් පක්ෂය වටේ සැරිසරන ව්‍යාජ වාම සංවිධාන අතර පැතිරී පවතියි යන්න, හෙල්සින්කි සමුලුව පිලිබඳව ඝෝෂාවට, ඉන්ටනැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් (අයිඑස්ඕ) හි ප්‍රතිචාරය මගින් පැහැදිලි විය. එය මෙහිදී ප්‍රකාශ කලේ, “ට්‍රම්ප් ග්‍රහලෝකයේ වඩාත්ම විනිවිද පෙනෙන දුෂ්ට මිනිසුන්ගෙන් කෙනෙකුගේ රැවටෙන්නකු ලෙස පෙනී සිටීමට සමත් වුනි” කියාය.

ඉහල මධ්‍යම පන්තියේ වඩාත්ම වරප්‍රසාදිත ස්ථරයන්ගේ අවශ්‍යතාවයන් පිලිබිඹු කරන මේ සියලුම දේශපාලන ප්‍රවනතාවන්, එජ යේත් සහ ජාත්‍යන්තරවත් උද්ගත වන පන්ති අරගලය මගින් සහ විප්ලවවාදී සමාජ පිපිරීමේ තර්ජනය මගින් තියුනු ලෙස දකුනට තල්ලු කරමින් පවතී.

බිල් වෑන් ඕකන්

Share this article: