ශ්‍රී ලංකාවේ සසප 50 වන සංවත්සර රැස්වීමට ඩේවිඩ් නෝර්ත්ගේ සුභපැතුම්

Greetings from David North to the 50th anniversary meeting of the Sri Lankan SEP

ඩේවිඩ් නෝර්ත් විසිනි,2018 ජූනි 27

හිතවත් සහෝදරවරුනි,

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියාවූ විප්ලවාවදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීමේ පනස්වැනි සංවත්සරය උත්කර්ශවත් අවස්ථාවකි. සුවිශේෂි තරුන විප්ලවවාදීන්ගේ කන්ඩායමක් විසින් 1968දී පිහිටුවන ලද පක්ෂය, අර්ධ ශතවර්ෂයක් තිස්සේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ධජය ඔසවාගෙන ගෙන ගොස් තිබේ. මෙම ජයග්‍රහනය ආස්වාදජනක කාරනාවක් වන තරමටම ඓතිහාසික අවස්ථාවකි.

විකොස පිහිටුවීම, සමාජවාදී මූලධර්ම කෙරෙහි වන ස්ථිරසාර කැපවීමේ, අවස්ථාවාදයට එරෙහි සම්මුතිවිරහිත විරුද්ධත්වයේ, දේශපාලන පෙරදක්නාභාවයේ ප්‍රකාශයක්. එමෙන්ම එහිලා කැපකෙරී ඇති කායික දිරිමත්භාවය සුලුකොට තැකිය හැකි වන්නේ නැහැ. විකොස සමාරම්භකයන් මෙම කර්තව්‍යය තමන් වෙත පවරාගනු ලැබුවේ, ස්ටැලින්වාදීන්, මාඕවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ධනපති ජාතිකවාදීන් හා ලංකාවේදී ට්‍රොට්ස්කිවාදයේ භ්‍රෂ්ටයින් විසින් පාලිත පක්ෂ හා ඒ හා සම්බන්ධ සංවිධාන කම්කරු පන්තිය හා පීඩිත ජනයාගේ දේශපාලන ජීවිතය මත ආධිපත්‍යය දරා සිටින කාල පරිච්ඡේදයක යි.

තාරුන්‍යයේ මහානුභාවසම්පන්න නිර්භීතභාවයෙන් යුත් නව ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ නායකයෝ කම්කරු පන්තියේ සියලුම ව්‍යාජ නායකයන් කෙරෙහි යුද ප්‍රකාශ කලහ. ඔවුන් අවාධාරනය කොට කියා සිටියේ, පැරැනි සංවිධාන ඔවුන්ගේ අපරාධ සහ පාවාදීම් සඳහා වගකිවයුතුවනු ඇති බව යි. අනාගතය අයිති වන්නේ නිර්ව්‍යාජ විප්ලවාදී මාක්ස්වාදයේ මූලධර්ම සහ වැඩපිලිවෙල නියෝජනය කරන හතරවන ජාත්‍යන්තරයට බව ඔවුහු සඳහන් කලහ.

අඩ සියවසක අත්දැකීම මගින් විකොස සමාරම්භකයින් ගන්නා ලද ආස්ථානය සනාථ කොට තිබේ. සියලුම පැරැනි සංවිධාන ඉතිහාසයේ තරාදිය තුල මනිනු ලැබ එම කර්තව්‍යයයට නොසරිලන බව සනාථ කොට තිබෙන අතර ඒවායේ නටබුන් හැර කිසිවක් ඉතිරිව ඇත්තේ නැත. කෙසේවෙතත්, විකොස/සසප එයට අභිමුඛවූ සියලුම පරීක්ෂනවලට සාර්ථකව මුහුන දී ඇත.

විප්ලවවාදී පක්ෂය පදනම් වන්නේ විද්‍යාත්මක වැඩපිලිවෙලක් මත යි. එහෙත් එය නිර්මානය කරන්නේත් මෙහෙයවන්නේත් ජීවමාන මිනිසුන් විසිනි. පක්ෂය එනයින්ම ගොඩ නැගුනා නොවේ. ඒ අනුව සැලකූ කල, මෙම සැමරුම් දිනයේදී ජාත්‍යන්තර කමිටුව විකොස/සසප ගොඩනැගීමට ආරම්භකත්වය ගත් හා ඒ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැපකල සහෝදරවරුන්ට ගෞරව පුද කිරීම යුක්තියුක්ත ය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ පලමු ජාතික ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා විකොස පලමු විසිවසරේදී එයට මග පෙන්වීය. පක්ෂයේ දේශපාලන පදනම් ගොඩනැංවීමේදී ඔහුගේ කර්තව්‍ය තීරනාත්මක විය. හතරවන ජාත්‍යන්තරයේ ප්‍රතිපත්තිමය මූලධර්ම සහ උරුමය ආරක්ෂා කිරීමට ගෙන ගිය සටනේදී ජාත්‍යන්තර කමිටුවේ මූලික සාමාජිකයෙක් වසයෙන් 1985දී ඔහු ඔහුගේ ශාඛාව මෙහෙයවීය. 1987 දෙසැම්බර්වලදී වයස 39ක්ව සිටියදී ඔහුගේ හදිසි මරනය නොතකා, ඔහුගේ වැඩකටයුතු සහ ඔහුගේ ජීවිතය ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරවත් ඔහුගේ සහෝදරයින්ට ආවේශය සම්පාදනය කරයි.

පසුගිය තිස් අවුරුද්ද පුරා ශ්‍රී ලංකා ශාඛාවට නායකත්වය දුන් විජේ ඩයස් සහෝදරයාට හතරවන ජාත්‍යනත්රය උනුසුම් සුභපැතුම් ඉදිරිපත් කරයි. එමෙන්ම කේ. රත්නායක සහෝදරයා, විලානි පීරිස් සහෝදරිය, නන්ද වික්‍රමසිංහ සහෝදරයා, ආනන්ද වක්කුඹුර සහෝදරයා, රත්නසිරි මලලගම සහෝදරයා සහ ආර්.එම්. ගුනතිලක යන සහෝදරවරුන්ට ද ජාත්‍යන්තර කමිටුව සිය ගෞරවය, ආදරය සහ කෘතඥතාව පලකර සිටී සිටී.

ලෝක ව්‍යාප්ත නැගිටීමක සහ අරගලයේ නව කාලපරිච්ඡේදයකට අද අපි ඇතුලුවෙමින් සිටිමු. පසුගිය අඩ සිවසක කාලපරිච්ඡේදයේදී විකොස-සසප විසින් සිදුකල හා අත්කරගත් සියල්ල දැන් දිගහැරෙමින් පවතින අරගල සඳහා පක්ෂය සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ පමනක් නොව සමස්ත ආසියාවේම ඉදිරියේ එලැඹෙන අරගලවලදී ඉමහත් ඓතිහාසික කර්තව්‍යයක් සිදුකිරීමට සසපට නියමව ඇත.

සමාජවාදී සමානතා පක්ෂය දිගුකල් දිනේවා!

ශ්‍රී ලංකා-ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම කරා පෙරට!

ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට!

විප්ලවවාදී සුභ පැතුම් සමග

ඩේවිඩ් නෝර්ත්

Share this article: