ට්‍රම්ප් පාලනාධිකාරිය චීනයට එරෙහි යුද ව්‍යායාමය වේගවත් කරයි

Trump administration accelerates war drive against China

පීටර් සිමන්ඞ්ස් විසිනි, 2018 ඔක්තෝබර් 19

එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් තම ආක්‍රමනකාරී චීන විරෝධී කතාව පැවත් වීමෙන් පසු ඉක්ම ගිය සති දෙක තිස්සේ දක්නට ලැබුනේ, කල් තියා ප්‍රවේසම් සහගතව සූදානම් කල ඔහුගේ අදහස් දේශපාලනික, ආර්ථික, හා මිලිටරි යන සියලු පෙරමුනුවල බීජීනය සමග ට්‍රම්ප් පාලනාධිකාරියේ ඉවබව නැති ගැටුම් පැතිර යාම සංඥා කල බවයි.

විදේශික විරෝධී ප්‍රහාරයේ දී පෙන්ස්, දකුනු චීන මුහුදේ චීනයේ මිලිටරි ප්‍රකෝප කිරීම්, “පිලිවෙලින් එහි වැඩෙන මිලිටරිය ශක්තිමත් කර ඇති ආර්ථික ආක්‍රමනය,” එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරකම, හා සාක්ෂි අංශුමාත්‍රමයක් හෝ නො සපයා, ට්‍රම්ප්ට වල කැපීම හා ඔහු ඉවත් කිරීම අරමුනු කර ගැනුනු, එලඹෙන මධ්‍යවාර මැතිවරනය ඇතුලු ඇමරිකානු දේශපාලනයට මැදිහත් වීම සම්බන්ධයෙන් චීනයට චෝදනා කලේ ය.

“අප කතා කරන අතර, තම බලපෑම ඉදිරියට ගෙන යාමට හා එක්සත් ජනපදය තුල තම උත්සුකයන්ට වාසි ලබා ගැනීමට, දේශපාලනික, ආර්ථික, හා මිලිටරි උපකරන, මෙන් ම ප්‍රචාරය ද යොදා ගනිමින් බීජීනය සෑම උපායක්ම යොදා ගනිමින් සිටී” යැයි පෙන්ස් ප්‍රකාශ කලේ ය. තහවුරු නො කෙරෙනු දුෂ්ඨ චෝදනා මගින්, භයානක ම මූලෝපායික තරඟකරුවා යැයි තමන් සලකන රට ඕනෑ ම වියදමකින් උපුටා දැමීම අරුමුනු කර ගැනුනු ට්‍රම්ප් පාලනාධිකාරියේ මූලෝපාය යුක්තිසහගත කිරීම අපේක්ෂිත ය.

පෙන්ස්ගේ කතාවේ තැන් පටන්, එක්සත් ජනපද නිලධාරීන්ගේ චීන විරෝධී යුද බෙර වැයුම වැඩි වී ඇත.

*ඔක්තෝබර් 8වැනිදා තම චීන සහකරු සමග බීජිනයේ පැවත් වූ මාධ්‍ය හමුවක දී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙලඳාම සම්බන්ධයෙන් චීනයට පහර දුන් අතර තායිවානය සමග බැදීම් වැඩි කිරීමේ එක්සත් ජනපද පියවර ආරක්ෂා කලේ, “අපිට අතිමූලික වෙනස්කමක්” එමෙන් ම “චීනය ගෙන ඇති පියවර ගැන විශාල උත්සුකයක් තියෙනවා” යැයි පවසමිනි.

*ඔක්තෝබර් 10වැනිදා එක්සත් ජනපද සෙනෙට් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින්, එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රයි පැවසුවේ රුසියාවට වඩා චීනය එක්සත් ජනපදයට වඩා විශාල තර්ජනයක් එල්ල කරන බව යි. “බොහෝ ආකාරයන්ගෙන් චීනය නියෝජනය කරන්නේ අප මුහුන දෙන ඉතාමත් පුලුල්, වඩාත් ම සංකීර්න, වඩාත් ම දීර්ග කාලීන ප්‍රතිඔත්තුසේවා තර්ජනය” බව ඔහු පැවසී ය.

*ඔක්තෝබර් 12වැනිදා, ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් චීනයට එරෙහිව හැම පත්තෙන් ම තව දුරටත් ආක්‍රමනකාරී පියවර සංඥා කලේ ය. බීජීනය “කවරදාකවත් මෙච්චර තද ඇමරිකානු ජනාධිපතිවරයෙක් දැකලා නැතැ”යි කයිවාරු ගැසීමෙන් පසු, ඔහු මෙසේ අනතුරු ඇඟවූයේ ය, “මම හිතන්නේ වෙලඳාම, ජාත්‍යන්තර ,මිලිටරි හා දේශපාලන යන සියළුම ක්ෂේත්‍රවල ඔවුන්ගේ හැසිරීම හදා ගන්න ඕනෑ කියලා”

බෝල්ටන් දකුනු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් වෙන් කර පෙන්වා දුන් අතර එක්සත් ජනපදය සහ තම බි්‍රතාන්‍ය හා ඕස්ට්‍රේලියානු සහචරයන් චීනයේ මුහුදු මාර්ග හිමිකම් කියා පෑමට අභියෝග කිරීමට නිදහස් නාවික ගමනාගමනයේ යෙදෙන බව සංඥා කලේ ය. එක්සත් ජනපදය “චීන සහයෝගය ඇතිව හෝ නැතිව දකුනු චීන මුහුදේ වඩ වඩා ඛනිජ සම්පත්” ගවේෂනයට සහාය දෙනු ඇති බව ද ඔහු ප්‍රකෝපකාරී ලෙස පැවසීය. ඔක්තෝබර් 16වැනිදා, පෙන්ටගනය දකුනු චීන මුහදේ චීන පාලිත කොදෙව් ආසන්නයට න්‍යෂ්ටික හැකියාව ඇති බී-52 මූලෝපායික බෝම්බ ප්‍රහාරක යානා දෙකක් පියාසර කරවී ය.

*ඔක්තෝබර් 16වැනිදා වියට්නාමයට ලඟා වීමට පලමුව කතා කරමින්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මැටිස් ද චීනයේ චූදිත මිලටරීකරනයට ප්‍රචන්ඩ ලෙස පහර දුන් අතර චීනයේ “කොල්ලකාරී ක්‍රියා ගැන වොෂින්ටනය බොහෝ උත්සුක වන බව ප්‍රකාශ කලේ ය. කුඩා රටවල් “දැවන්ත නය” ගොඩනැගීම දිරිමත් කරන්නා වූ ද, ඔවුන්ට “ආපසු ගෙවීමට අපහසුවක්” ඇති කරන්නා වූ ද, “හැම අතින් ම කොල්ලකාරී වන, සමහර අවස්ථාවල දී නිශ්චිතව ම කොල්ලකාරී යැයි අපි සලකන ආර්ථික හැසිරීම්වලට” ඔහු පහර දුන්නේ ය.

චීන “නය උගුලේ” අසු වී සිටින රටවල් පිලිබඳ ඒ සමාන චෝදනා එක්සත් ජනපද හා ජාත්‍යන්තර මාධ්‍ය තුල වඩ වඩා ප්‍රබන්ධ කෙරමින් තිබේ. තම උත්සුකයන් ඉදිරියට ගෙන යාමට චීනය නිශ්චිතව ම ආධාර හා නය යොදා ගන්නා අතර, එක්සත් ජනපදය හා අනෙකුත් මිලිටරි බලවතුන් දශක ගනනාවක් පුරා නරුම ලෙස ආධාර හා නය (ඍජුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ඒජන්සි හරහා) යොදාගෙන ඇත්තේ, තම ආර්ථික හා මූලෝපායික ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට වඩා කුඩා හා ආර්ථික වසයෙන් පසුගාමී රටවලට බලපෑම් කරනු පිනිස ය.

චීනය “ජාත්‍යන්තර නීතියට මෙන් ම ඒවා වඩා විශාල හෝ කුඩා වුවත් සියලුම රටවල ස්වාධිපත්‍යයට ගරු කල යුතුව” ඇතැ යි යන මැටිස්ගේ ප්‍රකාශය, තම අරමුනු සාක්ෂාත් කර ගැනීමට වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බියවැද්දීම්, දේශපාලන කුමන්ත්‍රන හා යුද්ධ පිලිබඳ දීර්ග ඉතිහාසය සලකා බලන විට අතිශයින් ම කුහක ය.

එක්සත් ජනපදය “චීනය මෙල්ල කිරීමට උත්සාහ ගන්නේ නැතැ යි” ආරක්ෂක ලේකම් කරන ප්‍රකාශය හුදු විකාරයකි. ඔබාමාගේ “ආසියාවට හැරීමෙන්” අරඹා ට්‍රම්ප් යටතේ උත්සන්න කර, එක්සත් ජනපදය චීනය හුදකලා කිරීමට හා වට කිරීමට උත්සාහ ගෙන ඇත්තේ ඉන්දු-ශාන්තිකර කලාපය පුරා, විශේෂයෙන් ම ජපානය, ඕස්ටේ්‍රලියාව හා ඉන්දියාව සමග බැදීම් හා සන්ධාන ශක්තිමත් කිරීම මගිනි. එය කලාපය තුල තම මිලිටරි සහභාගිත්වය විශාල ලෙස ව්‍යාප්ත කර ඇති අතර කුරිරු ලෙස කොරියානු අර්ධද්වීපය, තායිවානය හා දකුනු චීන මුහුදේ භයානක පිපිරුම් කේන්ද්‍රයන් ඇවිල වීය.

චීන තන්ත්‍රය විසින්, 1978 සිට ධනේශ්වර පුනස්ථාපනයේ ක්‍රියාදාමය ඔස්සේ පොහොසත් වී ඇති සුපිරි ධනපතියන් තුනී තට්ටුවක උත්සුකයන් චීන කම්කරු පන්තියේ වියදමින් ක්‍රියාත්මක කරමින් සිටින බවට සැකයක් නැත. කෙසේ නමුත්, බීජීනය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, එක්සත් ජනපද වෙලඳ යුද්ධ පියවරයන් ද එක්සත් ජනපදය සමග යුද අනතුර ද විසින් මතු කෙරෙන සැබෑ තර්ජනයට යි, එක්සත් ජනපදය තවමත් ලෝකයේ විශාල ම ආර්ථිකය ද බොහෝ දුරට ප්‍රබල ම මිලිටරි බලවතා ද වෙයි.

පසු ගිය දෙසැම්බරයේ දී නිකුත් කෙරුනු, ට්‍රම්ප් පාලනාධිකාරියේ “ජාතික ආරක්ෂක මූලෝපාය” එක්සත් ජනපදය විසින් ප්‍රමුඛත්වය ගන්නා ජාත්‍යන්තර පර්යායට තර්ජනය කරන රුසියාව හා චීනය “සංශෝධනවාදී බලවතුන්”ලෙස හංවඩු ගැසූ අතර, දැන් එක්සත් ජනපදයේ ප්‍රමුඛත්වය වන්නේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නොව “මහා බලවතුන්ගේ තරඟය ” බව ප්‍රකාශ කලේ ය.

පෙන්ස්ගේ කතාවෙන් දිනකට පසු, පෙන්ටගනය ප්‍රධාන මූලෝපායික ද්‍රව්‍යද හා අයිතම සඳහා විදේශ මූලාශ්‍ර මත, විශේෂයෙන් ම චීනය වැනි තරඟකරුවන් මත ඇමරිකානු රඳා පැවැත්ම අධ්‍යයන කරන වාර්තාවක් නිකුත් කලේ ය. චීනයේ ආර්ථික මූලෝපායන් “එක්සත් ජනපද ආරක්ෂක කර්මාන්ත පදනමට සැලකියයුතු තර්ජනයක් එල්ල කල අතර, ඒ මගින් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට වැඩෙන අවදානමක් මතු කරන” බව ද එය ප්‍රකාශ කල අතර බලගතු ආරක්ෂක පදනමක් හා පහසුවෙන් නැමෙන සැපයුම් දාමයන් ජාතික ප්‍රමුඛත්වය විය යුතු” යැයි ඉල්ලා සිටියේ ය. වෙනත් වචනවලින් කියතොත්, චීනය සමග දිග්ගැස්සෙන පූර්න යුද්ධයක් සඳහා එක්සත් ජනපදයට ස්ථීර කාර්මික ධාරිතාවක් තිබිය යුතුය.

ට්‍රම්ප් පාලනාධිකාරිය, න්‍යෂ්ටික බලවතුන් පැටලෙන විනාසකාරී ගැටුමක් දෙසට ලෝකය ඇද දැමීමත් සමග, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී විකල්පයක් සඳහා අරගලය මගින් යුද තර්ජනය නැවත්වීමට සමත් එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය පමනි. දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේ, 1938 සිට හතරවැනි ජාත්‍යන්තරය පෙනී සිටියේ මේ ඉදිරිදර්ශනයට යි: එනම්, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ලාභ පද්ධතිය ද ලෝකය තරගකාරී ජාතික රාජ්‍යයන්ට බෙදා දැමීම ද තුරන් කිරීමට ලෝකය පුරා කම්කරුවන් එක්සත් කිරීමයි.

Share this article: