ජාමූඅ එක්සත් ජනපද හා ලෝක ආර්ථික වර්ධනය පිලිබඳ අනාවැකි කප්පාදු කිරීමෙන් පසු

මහ බැංකුව ව්‍යාපාර සඳහා ලාභ නය නය සැපයුම වැඩි කරයි

After IMF cuts growth forecasts for US, world economy
Fed moves to increase cheap credit for business

By Barry Grey, 22 September 2011

එක්සත් ජනපද මහ බැංකුව සිය ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව හෙවත් එෆ් ඕඑම්සී යන ප‍්‍රතිපත්ති සම්පාදක මන්ඩලයේ 21දා පැවති රැස්වීම නිමා කලේ දිගු කාලීන පොලී අනුපාත පහත හෙලීමේ සාපේක්ෂ නව පියවර නිවේදනය කරමිනි. එහි අරමුන පූර්න පරිමාන අවපාතයක් තුලට ලුහුටා යාම වලක්වා ගැනීමේ උත්සාහයක් ලෙස බැංකු හා සංගත වලට ලාභ නය සැපයුම වැඩිකිරීමයි.

2007 දෙසැම්බරයේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කල ආර්ථික පසුබෑමෙන් දෙවසරකට වැඩි කාලයකට පසුව රැකියා තත්වය කෙරෙහි එක්සත් ජනපද මහ බැංකුව විසින් නිවේදනය කල පියවර සැලකිය යුතු බලපෑමක් ඇති නොකරනු ඇත. රැකියා තත්වය පවතින්නේ 1930 මහා අවපාතයෙන් පසුව නරක ම මට්ටමක ය. ඔබාමා පාලනය හා මාධ්‍ය පවසන පරිදි විරැකියා අර්බුදය මුදල් හිඟකමේ හෝ ආයෝජන බලාපොරොත්තු පිලිබඳ "අවිනිශ්චිත” භාවයේ ප‍්‍රතිපලයක් නොවේ.

මහ බැංකුව හා ආන්ඩුව ක‍්‍රියා කරන්නේ මුලුමනින්ම පාහේ පොලී රහිත නය, බදු කපාහැරීම් හා අනෙකුත් සහන පිරිනමමින් කම්කරුවන් බඳවා ගැනීමට ව්‍යාපාර පෙලඹවීමේ ආස්ථානයක සිටයි. එහෙත් ව්‍යාපාරික ඇමරිකාව දැනටමත් සිටින්නේ ව්‍යාපාර හකුලුවාලීමෙන්, වැටුප් කැපීමෙන් හා වැඩ වේගවත් කිරීමෙන් පොදිගසා ගත් ඩොලර් ටි‍්‍රලියන දෙකකටත් වැඩි මුදල් කන්දරාවක් අතැතිව ය. එය ආයෝජන වර්ජනයක් පවත්වාගෙන යන අතර වැටුප් හා සහන පහත හෙලීමේ, සමාජ වැඩසටහන් කැපීමේ හා ව්‍යාපාරයන් මත පැනවී ඇති තවමත් ඉතිරිව තිබෙන සීමා ඉවත්කර ගැනීමේ රූපය ගත් තවත් සහන සූරා ගැනීම සඳහා රට ප‍්‍රාන ඇපයට ගැනීමට තර්ජනය කරයි.

21දා මහ බැංකුව නිවේදනය කල ප‍්‍රධාන පියවර වූයේ ඩොලර් බිලියන 400ක කෙටිකාලීන භාන්ඩාගාර සුරැකුම් අලෙවිකර එයින් දිගු කාලීන භාන්ඩාගාර සුරැකුම් මිලට ගැනීමේ තීරනය යි. මූල්‍ය වෙලඳපොලවල දී "ඇඹරීමක්” ලෙස හඳුන්වන මෙම පියවර සැලසුම් කරන්නේ නිවාස උකස්කර අනුපාතයන් ද ඇතුලුව දිගු කාලීන පොලී අනුපාත පහත හෙලීමට පීඩනය යෙදීම පිනිස ය.

එසේම මහ බැංකුව කියා සිටියේ අඩක් රජය සතු, උකස් නය සැපයීමේ ෆැනී මේ හා ප්‍රෙඩී මැක් යන ආයතන ප‍්‍රතිග‍්‍රහනය කරන උකස්කර පිටුබලය සහිත සිය සුරැකුම් හිමිකම් වලින් ලැබෙන මුල් ආදායම තව තවත් ආයතන සතු උකස් පිටුබලය සහිත සුරැකුම් මිලට ගැනීම පිනිස ප‍්‍රති ආයෝජනය කරන බවයි. එසේම දැනටමත් තම ගිනුම්වල ඇති භාන්ඩාගාර බිල්පත් කල් පිරීමෙන් පසුව යලි ආයෝජනය කරන බව ද පැවසීය. මෙම පියවර වලින් අරමුනු කරන්නේ ව්‍යාපාර නයදීම් හා නිවාස වෙලඳපොල නඟාසිටුවීමයි.

බිලියන සිය ගනන් භාන්ඩාගාර සුරැකුම් මිලට ගැනීම පිනිස මහ බැංකුව අවශයෙන්ම මුදල් අච්චු ගැසූ පසුගිය දෙවසරේ එය අනුගමනය කල ඊනියා "ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” දෙවටයේදී මෙන් නොව මෙම "ඇඹරීමේ” උපාමාරුව මහ බැංකුව සතු ශුද්ධ භාන්ඩාගාර සුරැකුම් හිමිකමට අලුතින් එකතු කරන්නේ හෝ එහි ශේෂ පත‍්‍රයෙහි මුලු වත්කම් අගය නංවන්නේ හෝ නැත.

අවසන් වරට පසුගිය අගෝස්තුවේ පැවැත්වූ මහ බැංකුවේ එෆ් ඕඑම්සී රැස්වීමේ දී අඩුම තරමින් 2013 මැද වන තෙක් වත් කෙටිකාලීන පාදක පොලී අනුපාතිකය සියයට 0 සිට 0.25 මට්ටමේ පවත්වා ගන්නා බවට දුන් පොරොන්දුව එලෙස ම පවතින බව ද බැංකුව කියා සිටියේය.

මහ බැංකුව අගෝස්තුවේ දී එම පොරෙන්දුව දුන් කල වෝල් වීදිය ප‍්‍රතිචාර දැක්වූයේ කොටස් වෙලඳ පොලෙහි උත්සවාකාර රැලිවීමකිනි. කෙසේ වෙතත් මේ වාරයේ එෆ් ඕඑම්සී නිවේදනය නිකුත් වීමත් සමග එක්සත් ජනපද කොටස් රූටා ගිය අතර වෙලඳාමේ අවසන් විනාඩි 30 ඇතුලත කඩා වැටුනි. ඩව් ජෝන්ස් දර්ශකය සියයට 2.49න් හෙවත් ඒකක 283.8න් වැටුනු අතර සියලු ප‍්‍රධාන දර්ශක තියුනු ලෙස පහත වැටුනි.

මෙය සලකුනු කලේ එක්සත් ජනපදයේ මෙන්ම ජාත්‍යන්තරව ද ආර්ථික හා මූල්‍ය තත්වයේ තියුනු පහත වැටීම හා පෙදු අර්ථයකින් සමස්ත ජාතීන්ම හා මහා බැංකු ද බංකොලොත්වීමේ තවත් මූල්‍ය අර්බුදයක් සමග වර්ධනය රින අගයකට වැටීම වැලැක්වීමට මහ බැංකුවේ මැදිහත්වීම මේ වාරයේ කෙසේවත් සමත් නොවනු ඇතැයි යන මතයයි.

මහ බැංකුවේ නිවේදනය නිකුත් වුනේ මේ සති අන්තයේ වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත ජාමුඅ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුලුවට පෙරාතුව ජාමූඅ වසරකට දෙවරක් නිකුත් කරන එහි වාර්ෂික ලෝක ආර්ථික දැක්ම යන වාර්තාව නිකුත් කර දිනකට පසුව ය. එම සමුලුවට සමගාමීව විශාලතම දියුනු හා නැඟී එන ආර්ථිකයන් නියෝජනය කරන 20 කන්ඩායමේ මුදල් ඇමතිවරු හා මහ බැංකු ප‍්‍රධානීන්ගේ රැස්වීමක් ද පැවැත්වෙයි.

සෑම කලාපයක ම හා ලෝකයේ විශාලතම ආර්ථිකයේ ද සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයේ ද වර්ධනය පිලිබඳ සිය අනාවැකිය ජාමූඅ විසින් තියුනු ලෙස පහත හෙලීය. "එකක් පසුපස එන තවත්” පසුබෑමක් පිලිබඳ අන්තරාය ගැන සඳහන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය පහත දැක්වෙන දරුනු තක්සේරුව ද සමගින් සිය ලෝක ආර්ථික දැක්ම සාරාංශ ගත කලේය.

"ගෝලීය ආර්ථිකය අන්තරායකාරී නව අදියරකට පිවිස තිබේ. ගෝලීය කටයුතු දුර්වලව වඩාත් අසමාන බවට පත්ව ඇත. මෑතක දී විශ්වාසය තියුනු ලෙස පහත වැටුනු අතර යටිතලයේ අවදානම වැඩෙමින් තිබේ.”

ජාමූඅ දැන් පුරෝකථනය කරන්නේ ගෝලීය දල දේශීය නිෂ්පාදිතය මෙම වසරේ හා එලඹෙන වසරේදී සියයට හතරක් වන බවට ය. මෙය 2010 සඳහා පැවති සියයට 5.1 අනුපාතයට වඩා තියුනු පහත අගයකි. ජාමූඅ ජූනියේදී නිකුත් කල 2011 සඳහා වන පුරෝකථනය සියයට 0.3න් දැන් පහතට ගෙන ඇත. 2012 සඳහා වන එහි අලුත් පුරෝකථනය ජූනියේ දැක්වුනාට වඩා සියයට 0.5න් පහත අගයකි.

වර්ධනය සියයට දෙකකින් පහතට යාමත් සමග ලෝක ආර්ථිකයේ දැඩි මන්දගාමිත්වයක අවස්ථාව ජාමූඅ දැන් ගනන් බලන ආකාරයට වසර මුල පැවතුනාක් මෙන් දෙගුනයක් වී තිබේ.

අරමුදල තම ජූනි අනාවැකියේ තැන් පටන් 2011 හා 2012 යන දෙවසරේ ම එක්සත් ජනපදය සඳහා වන සිය ප‍්‍රස්ථාරය නාටකාකාර ලෙස පහත හෙලා තිබේ. තෙමසකට පෙර එක්සත් ජනපද ආර්ථිකය මෙම වසරේදී සියයට 2.5න් ප‍්‍රසාරනය වන්නේ යයි එය අනාවැකි පලකර තිබුනත් දැන් එය සියයට 1.5ක් වනු ඇතැයි කියා සිටී. ලෝක ආර්ථික දැක්මට අනුව එලඹෙන වසරේ එක්සත් ජනපද ආර්ථිකය යාන්තම් සියයට 1.8න් වර්ධනය වනු ඇති අතර ජූනියේ දී ප‍්‍රකාශ කලේ එය සියයට 2.7ක් වනු ඇති බවයි.

නියම අගය බොහෝ ඉහල වුවත් දැන් නිල වශයෙන් සියයට 9.1ක් ලෙස දැක්වෙන විරැකියාව පහත හෙලීමට අවශ්‍ය අවම මට්ටමටත් වඩා මෙම වර්ධන අගයන් ඉතා පහත් ය. අරමුදල අනාවැකි පල කරන්නේ එක්සත් ජනපදයේ විරැකියාව ඊලඟ වසර පුරා ද සියයට 9ක හෝ ඉහල අගයක පවතිනු ඇති බවටයි. "එක්සත් ජනපදය විරැකියාවේ ඉතා මන්දගාමී ප‍්‍රකෘතිමත් වීමක් අත් විඳිනු ඇති” අතර "කාලයක් යන තෙක්” එරට ඉහල විරැකියාවක් හා පහත් වැටුප් මට්ටම් පවතිනු ඇති බව එය කියා සිටියි. ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ හා මූල්‍ය ප‍්‍රභූවේ ප‍්‍රතිපත්තිය පිලිබිඹු කරමින් මූල්‍ය අරමුදල "හිමිකම්වල ප‍්‍රතිසංස්කරන” (සමාජ සහන සඳහා ඇති) මත විශේෂ අවධාරනය යොදමින් එක්සත් ජනපද මධ්‍යම කාලීන "රාජ්‍ය මූල්‍යයේ ස්ථාවරත්වයක” අවශ්‍යතාවය අවධාරනය කරයි. මෙහි අර්ථය වනුයේ කෙටි කාලයේදී ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා ගන්නා කිසියම් අවම පියවර පවා, සෞඛ්‍ය පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂනය හා සමාජ ආරක්ෂනය වැනි සෞඛ්‍ය සේවා හා විශ‍්‍රාම වැඩසටහන්හි මූලික කප්පාදු ද ඇතුලු පුලුල් කප්පාදු පියවර ඉන් පසුව වහාම ක‍්‍රියාත්මක කිරීම මත පදනම් විය යුතු බවයි.

දියුනු ආර්ථිකයන් සමස්තයේම "මූර්ත දදේනි 2011දී සියයට 1.5 හා 2012දී සියයට 2ක පමන රක්තහීන වේගයකින් ප‍්‍රසාරනය වනු ඇති බවට ප‍්‍රක්ෂේපනය කෙරෙන” බව ලෝක ආර්ථික දැක්ම වාර්තාව සඳහන් කරයි. යුරෝපයේදී එහි රාජ්‍ය නය අර්බුදය විසඳාගැනීම හා කොරගසන බැංකු පද්ධතිය නඟා සිටුවීම සිදු නොවුනහොත් මෙම අවම වර්ධනයට පවා සුදුසුකම් ලැබීම අවිනිශ්චිත ය.

2011 සඳහා ජාතීන් 17න් සැදුම්ලත් යුරෝ කලාපයේ ජාමූඅ වර්ධන අනාවැකිය සියයට 0.5න් එනම් සියයට 1.6 දක්වා පහත හෙලා ඇත. 2012 සඳහා එහි වර්ධන පුරෝකථනය ඊටත් අඩු සියයට 1.1ක් පමනි. දැනට යුරෝ කලාපය බොහෝ කොටම ඇනහිට තිබෙන අතර වර්ධනය වන්නේ සියයට 0.25ක වාර්ෂික අනුපාතයකින් පමනි.

ජපාන ආර්ථිකය මෙම වසරේදී සියයට 0.5න් හැකිලේ යයි ද ලබන වසරේදී සියයට 2.3කින් ප‍්‍රසාරනය වනු ඇතැයි ද ගනන් බලා තිබේ. ජූනියේ දී ජාමූඅ ගනන් බැලුවේ ජපාන ආර්ථිකය ලබන වසරේදී සියයට 2.9න් ප‍්‍රසාරනය වන බවටයි.

නැඟී එන ආර්ථිකයන් මෙම වසරේදී සියයට 6.4න් ද ලබන වසර වන විට ඊට අඩු සියයට 6.1න් ද ප‍්‍රසාරනය වනු ඇත. ජාමූඅ චීනය හා ඉන්දියාව වැනි අනෙකුත් නැඟී එන ආසියාතික ආර්ථිකයන් පිලිබඳ පුරෝකථන ද පහත හෙලා ඇත.

බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ඉතාලිය යන රටවල පුරෝකථන ද ජාමූඅ විසින් පහත දමා ඇත. ජූනි මාසයේදී ග‍්‍රීසියේ ආර්ථිකය සියයට 3.8න් හැකිලෙනු ඇති බව කියා සිටි අරමුදල දැන් එරට මෙම වසරේදී සියයට 5න් හැකිලෙන බව කියයි. ලබන වසරේදී හැකිලීම සියයට 2කි. ජූනියේ දී එය කියා සිටියේ ග‍්‍රීසිය 2012 වන විට ප‍්‍රකෘතිමත් වනු ඇති බවයි.

උප සහරා අප‍්‍රිකානු කලාපයේ ද වර්ධනය පහත වැටෙනු ඇතැයි එය කියා සිටියි.

ජාමූඅ එහි වාර්තාව නිකුත් කලේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනය ඉතාලියේ රාජ්‍ය නය ආපසු ගෙවීමේ හැකියාව පිලිබඳ තම වර්ගීකරනය පහත හෙලූ දින ම ය. 21දා මූඩීස් ආයෝජන සේවා ආයතනය බෑන්ක් ඔෆ් ඇමරිකා, සිටිගෲප් හා වෙල්ස් ෆාගෝ යන එක්සත් ජනපදයේ විශාලතම බැංකු තුනක නය හැකියාව පහත දැමීය. යුරෝපීය ඇපදීමේ අරමුදල අධීක්ෂනය කරන ත‍්‍රිමුර්තිය ලෙස සැලකෙන ජාමූඅ, යුරෝපීය සංඟමය හා යුරෝපීය මහ බැංකුව හා ග‍්‍රීසිය අතර පැවති හදිසි සාකච්ඡා ඊලඟ මාසයේදී නය පැහැරහැරීම වලක්වා ගැනීමට නම් ග‍්‍රීසියට අවශ්‍ය වන යුරෝ බිලියන 8ක වාරිකය මුදාහැරීම පිලිබඳ කිසිදු එකඟත්වයකින් තොරව අවසන් විය.