ඊජිප්තු විප්ලවය, "මුස්ලිම් සහෝදරත්වය” පක්ෂය හා විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul, 7 January 2012

තුන්වන කොටස

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ අවසන් කොටසයි. මෙහි පලමු කොටස ජනවාරි 28 දින ද දෙවන කොටස පෙබරවාරි 3 දින ද පල කෙරින

සහෝදරත්වය සහ 2011 විප්ලවීය වර්ධනයන්

එය විඳි හිංසාවන් තිබිය දී ම, මුස්ලිම් සහෝදරත්වය මුබාරක් තන්ත‍්‍රය පෙරලා දැමීමට නො ව, දිගට ම එහි පිලිසරන පැතී ය. පසු ගිය ජනවාරියේ මහජන පෙලපාලි ආරම්භ කෙරෙන විට, සහෝදරත්වය හා අනෙකුත් ඉස්ලාම්වාදී කන්ඩායම් ජුන්ටාවට එරෙහි ව එලියට බැසීම ප‍්‍රතික්ෂේප කලෝ ය. ජනවාරියේ අග දී මුබාරක්ට ගැලවීමක් නොමැති බව පැහැදිලි වූ විට පමනි දේශපාලන පර්යායට මුක්කු ගැසීමට සහාය වීමේ අරමුනින් සහෝදරත්වය පෙරට ආවේ.

උප ජනාධිපති ලෙස බුද්ධි අංශ ප‍්‍රධානී හා හිටපු ජෙනරාල්වරයකු වන ඕමාර් සුලෙයිමාන් පත් කරන ලෙස මුබාරක්ට බල කරමින් ඔබාමා පරිපාලනය මිලිටරියට හා බුද්ධි අංශ සංවිධානවලට රුකුල් දීමට යටින් වැඩ කරමින් සිටියේ ය. එය මුබාරක්ගේ ඉවත්වීම අනිවාර්ය කෙරෙන පරිදි ඔහු වෙනුවටට දේශපාලනික විකල්පයක් ද සූදානම් කරන්නට පටන් ගත්තේ ය. එම කාර්යය සඳහා එක් අපේක්ෂකයකු වූයේ මොහමඩ් එල්බරාදෙයි විය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යෂ්ටික අධීක්ෂන අංශයේ හිටපු ප‍්‍රධානියා ය. ඔහු වියනාහි සිය නිවසේ සිට ඊජිප්තුවට යලි පැමින සිටියේ විරෝධතා ඔවුන්ගේ පරිපාලනයෙන් ලිස්සා යාම වැලැක්වීමේ පැහැදිලි අරමුනින් යුතු ව ය.

වොෂින්ටනයට තත්වය පාලනය කර තබා ගත හැකි වූයේ සැලකිය යුතු සහායක් සහිත එක ම දේශපාලන පක්ෂයට නායකත්වය දුන් සහෝදරත්වයේ ආධාරය ඇති ව පමනි. ධවල මන්දිරය සහෝදරත්වය සමඟ සම්බන්ධතා ආරම්භ කල අතර සහෝදරත්වය ද වොෂින්ටනය සමග එක් ව වැඩ කරන්නට ඒ සමාන ම උද්යෝගයක් පෙන්වී ය. එන්බීසී ප‍්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් එක් නායකයෙක් ඔවුනට "එක්සත් ජනපදය සමඟ වැඩ කල” හැකි යැයි ප‍්‍රසිද්ධියේ කීවේ ය. කිසිදු ජනාධිපතිවරනයකට තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවටත් එල්බරාදෙයිට සහාය පල කිරීමට එකඟ බවටත් ඔවුහු ප‍්‍රතිඥා දුන්හ.

මෙම ව්‍යායාමයේ දී විප්ලවවාදී සමාජවාදීහු ඔබාමා පරිපාලනය වෙනුවෙන් ප‍්‍රධාන දේශපාලන භූමිකාවක් රඟ පෑහ. ඔවුන් "සමාජ සාධාරනය” සඳහා අරගලයේ දී මිතුරන් හැටියට ඉස්ලාම්වාදීන් ප‍්‍රවර්ධනය කිරීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමඟ මැනවින් ගැලපින.

සුලෙයිමාන් පෙබරවාරි 6 වෙනිදා අර්බුදයෙන් ගොඩ යාම සඳහා මාවතක් සෙවීම පිනිස විරුද්ධවාදී කන්ඩායම්වල නියෝජිතයන් හමු වන බව නිවේදනය කල විට සහෝදරත්වය, වාෆ්ඩ්, ටැගම්මු, තරුන කන්ඩායම් මගින් තෝරා ගන්නා ලද කමිටුවක සාමාජිකයන් හා විවිධ දේශපාලන හා ව්‍යාපාරික පෞරුෂයන් ඔහු ඊට අන්තර්ගත කර ගත්තේ ය.

සමාජවාදී විප්ලවවාදීන් සහෝදරත්වය හඳුන්වා දුන්නේ ප‍්‍රතිසංස්කරනවාදී හා ප‍්‍රගතිශීලී ප‍්‍රවනතාවක් ලෙසිනි. තන්ත‍්‍රය සමඟ "සියලු දේශපාලන හා ජාතික බලවේග මෙම කතිකාව තුලට යා යුතු” යැයි දේශපාලන පක්ෂ පොලඹවමින් ඔවුහු ප‍්‍රකාශයක් නිකුත් කලහ. "විශේෂ වර්ගයක එක්සත් පෙරමුනක්” වශයෙන් ඔවුන් විස්තර කල "විවිධ ජාතික බලවේග විසින් නියෝජනය කල නායකත්වයක හැඩ ගැස්මක්” කැඳවුම් කරමින් සහෝදරත්වය හා අනෙකුත් ධනපති පක්ෂ පිටුපස කම්කරුවන් ගාල් කිරීමට ආර්එස් ප‍්‍රයත්නයක් දැරී ය.

නාසීන්ට විරුද්ධ ව, විශාල කම්කරු පන්ති පදනමකින් යුත් පක්ෂ දෙකක් වූ ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අතර එක්සත් පෙරමුනක් සඳහා ට්‍රොට්ස්කි කල කැඳවුම සමඟ ඓතිහාසිකව බැඳුනු නාමකරනයක් උපයෝගී කර ගනිමින් ද අනුචිත ආකාරයට භාවිත කරමින් ද ආර්එස්වරු මුස්ලිම් සහෝදරවරුන් සමඟ සන්ධානයක් ගැසූහ. ඔවුන් මෙය කලේ සහෝදරත්වය මුබාරක්ගේ මැරයන්ගේ ප‍්‍රහාරවලින් අසල ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට ගොඩ නැගූ මහජන කමිටු විසුරුවා දමමින් සිටි තතු තුල ය.

ඔවුන්ගේ අරමුන වූයේ නිර්ව්‍යාජ මහජන සංවිධානයන්ගේ වර්ධනයේ හුස්ම හිර කිරීමත් කම්කරුවන් මුස්ලිම් සහෝදරත්වයේ ද එල්බරාදෙයි සහ ඔහුගේ ගෝලයන්ගේ වෘත්තීය සමිති නිලධරයේ ද "ජාතික බලවේගවල” පරිපාලනයට නතු කිරීමත් ය. ආර්එස් "උත්තරීතර කවුන්සිලයක්” නිර්මානය කොට ඉදිරිපත් කලේ ය. එයට "දේශපාලන වර්නාවලියේ ඔවුන්ගේ වර්නය නොසලකා, විශ්වාසවන්ත මිනිසුන් අන්තර්ගත කර ගත් අතර අවශ්‍ය වූයේ ඔවුන්ගේ කවුන්සිලයේ උවමනාවන් හොඳින් ආරක්ෂා කිරීමට හැකි අය වීම ය.” ඔවුන් අවධාරනය කලේ "විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමේ දී කේඩර්වරුන් සමඟ එය කිරීම වඩා හොඳ” බව ය. මේ කේඩර්වරුන් වූකලි සහෝදරත්වය හා සමාගමේ අත්දැකීම් සහිත ක‍්‍රියාධරයන් ය.

පෙබරවාරි 11 දින මුබාරක්, ආරක්ෂක ඇමති මොහමඩ් හුසේන් ටන්ටාවි විසින් නායකත්වය දුන් සන්නද්ධ හමුදාවල උත්තරීතර කවුන්සිල ජුන්ටාව (එස්සීඒඑෆ්) මඟින් ප‍්‍රතිස්ථාපනය කෙරින. දින දෙකකට පසුව, ටන්ටාවි පාර්ලිමේන්තුව විසුරුවා හල අතර ව්‍යවස්ථාව අත්හිටුවා ජුන්ටාවට ආඥාදායක බලතල දුන්නේ ය.

තමන් නව ව්‍යවස්ථාවක් යටතේ මාර්තු 19 දා ජනමතවරනයක් පැවැත්වීමට සැලසුම් කරන බවත් එමඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිවිල් පාලනයකට සංක‍්‍රමනය වීමට වගබලා ගන්නා බවත් ජුන්ටාව ප‍්‍රකාශ කලේ ය. එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මවාපෑම්වල බොරුව පැහැදිලි ව පෙනී ගියේ වැඩවර්ජන හා විරෝධතා නැවැත් විය යුතු බව කියා සිටීමත් මාර්ෂල් නීතිය පනවන බවට තර්ජනය කිරීමත් හේතුවෙනි. දේශපාලන පක්ෂයක් වශයෙන් මුස්ලිම් සහෝදරත්වය නීත්‍යානුකූල කෙරුනා වූ ද පාර්ලිමේන්තු මැතිවරන නොවැම්බර් මාසයේ පැවැත්වීමට යෝජනා කෙරුනා වූ ද මිලිටරි ජුන්ටාවේ මාර්තු ජනමතවරනයට සහෝදරත්වය සහාය පල කලේ ය.

ආර්එස් හා අනෙකුත් ඉස්ලාම් නොවන විරුද්ධ පක්ෂ නිල වශයෙන් ජුන්ටාවේ ව්‍යවස්ථාවට ඡන්දය පාවිච්චි නොකරන ලෙස කියා සිටිය ද ඔවුන් සහෝදරත්වයෙන් කැඩුනේ නැත. ඒ වෙනුවට, "ජනවාරි 25 විප්ලවයේ දී කම්කරුවන්ගේ සභාගයක් පිහිටුවීම දෙසට” නමින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් පෙබරවාරි 25 දා නිකුත් කල අතර ඉන් යෝජනා කෙරුනේ "වාම බලවේග” හා මුස්ලිම් සහෝදරත්වය අතර සන්ධානගත වීමක් ය.

ඉස්ලාම්වාදීන් ඔවුන්ගේ සහායකයන් බලමුලු ගැන්වූ අතර ව්‍යවස්ථාමය ජනමතවරනය මාර්තු 19 දා අඩු ඡන්ද ප‍්‍රකාශ වීමක් මත සියයට 77ක ප‍්‍රතිශතයක් ගනිමින් අනුමත කෙරුනේ ය.

මැයිවල දී, සලාෆිස්ට්වරු ක‍්‍රිස්තියානි විරෝධී පෙලපාලියකට නායක ඇනියක් සූදානම් කල අතර එය අඩු ගනනේ දුසිමක් මිනිසුන් මිය ගිය, වෙඩි වැදුනු 65ක් ඇතුලත් ව 240ක් තුවාල ලද කල්ලිවාදී සටනකට තුඩු දුනි. මෙම ප‍්‍රහාරය කම්කරු පන්තිය බෙදාලීම සඳහා කල්ලිවාදී අරගල ඇවිලවීමේ ද මහජන විරෝධතා දඬු ගැසීමට මිලිටරිය වෙත සම්පාදනය කල අවසරයක් ද හැටියට ජුන්ටාව විසින් කොල එලිය දල්වන ලදි.

ගිම්හානය මුලුල්ලේ මහජන විරෝධතා වැඩින. කම්කරුවෝ හා තරුනයෝ් ජුන්ටාව පෙරලා දැමීම සඳහා "දෙවන විප්ලවය” කැඳවුම් කරන්නට පටන් ගත්හ. මුස්ලිම් සහෝදරත්වය සමග "විවෘත සංවාදයක්” ස්ථාපිත කරන්නෙමැ යි නිවේදනය කරමින් වොෂින්ටනය ප‍්‍රතිචාර දැක්වී ය. සෞදි අරාබිය තමන්ගේ බලකාරයා ලෙස සලාෆිස්ට් කන්ඩායම්වලට අනුග‍්‍රහය දැක්වී ය. අල් -ගාමා අල්- ඉස්ලාමියා ෆැසිස්ට්වාදී පක්ෂය ඇතුලත් ඉස්ලාම්වාදීන් සමඟ එක් ව තාහ්රීර් චතුරස‍්‍රයේ විරෝධතාකරුවන්ට ඔවුන් චෝදනා කලේ "මහජනතාව හා හමුදාව අතර සටන් අවුලවමින් දේශපාලන බලය කොල්ලකෑමට උවමනා කරන කොමියුනිස්ට්වාදීන් හා අනාගමිකයන් වීම” ගැන ය. වෙනස් ඉස්ලාම්වාදී කන්ඩායම් පොදු වේදිකාවක් ස්ථාපිත කර ගැනීමට වැඩ කල අතර ජූලි 29දා "ස්ථාවරවීමට පක්ෂ විරෝධතාවක්” කැඳවුම් කලෝ ය.

තව මත්, ඉස්ලාම්වාදීන්ට ලිබරල්වරුන්ගෙන් ද ව්‍යාජ වාම කන්ඩායම්වලින් ද සකී‍්‍රය උදව් අඛන්ඩ ව ලැබෙමින් පැවතින.

"දෙවන විප්ලවයක් නො ව, තන්ත‍්‍රය වැටෙන තුරු නො නවතින විප්ලවයක්” යැයි හාස්‍ය ජනක ලෙස ප‍්‍රකාශ කරමින් ආර්එස් පක්ෂය දෙවන විප්ලවය හෙලා දුටුවේ ය.

දෙවන විප්ලවයක් වෙනුවට ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය හරහට පිහිටුවීමේ මෙම ප‍්‍රයත්නය මුලුමනින් ම වංචාකාරී විය. නොනවතින විප්ලව න්‍යාය සාක්ෂාත් කර ගත හැකි එක ම ක‍්‍රමය වූයේ දෙවන විප්ලවයක් හරහා කම්කරු පන්තිය විසින් ජුන්ටාව පෙරලා දැමීම මගින් පමනකි. ආර්එස් පක්ෂය ගත් විට, ඔවුන්ගේ සැබෑ අරමුන වූයේ ජුන්ටාවේ ආඥාදායකත්වය "සදාකාලික කරමින්” ජුන්ටාවට සහාය දෙන ධනේශ්වර පක්ෂවල ආධිපත්‍යයේ අඛන්ඩතාවට අනුමැතිය ලබා දීම ය.

ජූලි 27 දා, ආර්එස් පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂය හා සමාජවාදී එලයන්ස් පක්ෂය එක්සත් මහජන පෙරමුනක් ගොඩ නැඟූ අතර එය මුස්ලිම් සහෝදරත්වය, සලාෆිස්ට් හා අල්-ගාමා අල්-ඉස්ලාමියා ඇතුලත් ඊජිප්තු ප‍්‍රධාන දේශපාලන කන්ඩායම් සමඟ ප‍්‍රකාශයකට අත්සන් තැබී ය. ඔවුහු සියලු "මතභේදාත්මක ප‍්‍රශ්න” පැත්තකින් තැබීමට එකඟ වූහ. ඉස්ලාම්වාදීන් මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ එක්සත් මහජන පෙරමුන මඟින් කැඳවුම් කල රැලියකට ලිබරල් හා "වාම” කන්ඩායම්වල සංඛ්‍යා බෙහෙවින් ඉක්මවා ගිය තමන්ගේ සාහායකයින් පිරිසක් බලමුලු ගැන්වීම මඟිනි. විශාලතම පිරිස පැමිනියේ සලාෆිස්ට් අල්-නූර් (ආලෝකය) පක්ෂය හා මුස්ලිම් සහෝදරත්වය වෙතිනි. ඔවුහු "අනාගමිකවාදයට” හා "කොමියුනිස්ට්වාදයට” විරුද්ධ සටන් පාඨ හඬ නගමින් ඉස්ලාමික රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියහ.

ආර්එස් හා ව්‍යාජ වාම පක්ෂ බොරු කම්පනයක් හා සාහසික බවක් මවා පාමින් ජූලි 31 දා තමන් තව දුරටත් තහ්රීර් චතුරස‍්‍රයේ වාඩි ලා ගැනීමට සහභාගි නොවන බව ප‍්‍රකාශ කලහ. මෙය චතුරස‍්‍රය ශුද්ධ කරනු පිනිස මාරක බලය යෙදවීමට මිලිටරියට පාර කපා දුනි.

ආර්එස් පක්ෂය ඊනියා ස්වාධීන වෘත්තීය සමිති තුල මුස්ලිම් සහෝදරත්වයේ තත්වය උසස් කිරීමට ද ක‍්‍රියා කොට තිබේ. සැප්තැම්බරයේ මහජන වැඩවර්ජන රැල්ලක් පැන නැඟීමෙන් පසුව, මෙම සංවිධානයෝ ධනපති පාලනයට තර්ජනය කරමින් එස්සීඒඑෆ් පෙරලා දැමීමට කෙරෙන ඉල්ලීම් වලක්වා ලීමෙන් තුමූ ඉවත් ව සිටියහ. මෙම "ස්වාධීන” වෘත්තීය සමිති සත්‍ය වශයෙන් ම දැඩි ලෙස ප‍්‍රති-කොමියුනිස්ට්වාදී ඒඑෆ්එල් -සීඅයි ඕ සංවිධාන හරහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිටුබලය දෙනු ලබන ඒවා ය. රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊජිප්තු ක‍්‍රියාධරයන්ට මෙසේ කීවා ය: "තන්ත‍්‍රයට ඇති දේශපාලන විරුද්ධත්වය උදෙසා සංවිධානය වන වෘත්තීය සමිතිවලට ආන්ඩුව අප දෙන ආධාර ලබා දීමට කැමති නැත....අප බලාපොරොත්තු වූ දෙය සිදු ව ඇත.”

ඊජිප්තුවේ ඒඑෆ්එල්-සීඅයි ඕ විසින් සම්පාදනය කරන දුම්රියට ගොඩ වීමට ආර්එස් නොඉවසිල්ලෙන් සිටී.

එස්සීඒඑෆ්ට ඇති මහජන විරුද්ධත්වය වැඩෙත් ම, ඔක්තෝබර් 2 දා, නිදහස් හා සාධාරනත්ව පක්ෂය (මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන අංශය), සලාෆිස්ට් අල්-නූර් පක්ෂය, වාෆ්ඩ් සහ නසෙරයිට් කාරාමා පක්ෂය (Karama) ඇතුලත් දේශපාලන පක්ෂ 13ක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට වැදගත් පියවරක් ලෙස වර්නනා කරමින් පාර්ලිමේන්තු මැතිවරන නොවැම්බරයේ පැවැත්වීමට ගිවිසුමක් අස්සන් කලහ.

මෙය සිදු කෙරුනේ, මාස හයකට පසු ඉවත් වන බවට දුන් ආරම්භක පොරොන්දුවලට පසුපස හරවමින් අඩු වශයෙන් 2012 අවසාන වන තුරු මිලිටරිය බලය තම අත තබා තබාගෙන සිටින තතු තුල ය. අල් අහ්රාම් ඔන්ලයින්ට අනුව, මෙම ලියවිල්ලට අස්සන් කලවුන් "සන්නද්ධ හමුදාවන්ගේ උත්තරීතර කවුන්සිලයට ඔවුන්ගේ පරිපූර්න සහාය පල කර තිබූ අතර විප්ලවය ආරක්ෂා කිරීමේ දී ද බලය මහජනතාව අතට මාරු කිරීමේ එහි ක‍්‍රියාවලියේ දී ද ඔවුන්ගේ භූමිකාව ගැන අගය කර තිබුනි.”

මෙම කුනු වූ ගිවිසුම කම්කරුවන් මතට මර්දනය කඩාපාත් කිරීමට හා රුදුරු ප‍්‍රහාර එල්ල කිරීමටත් හදිසි නීති විස්තාරනය කිරීමටත් බලයට ඇති එහි ග‍්‍රහනය තද කර ගැනීමටත් එස්සීඒඑෆ්ට උදව් කලේ ය.

අලුත් වුනු මහජන විරෝධතා මඟින් කම්කරු පන්තිය හා සමස්ත දේශපාලන සංස්ථාපිතය අතර ඇති යෝධ පරතරය හෙලිදරව් කෙරින. තහ්රීර් චතුරස‍්‍රයෙන් මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහමඩ් එල් බෙල්ටාජි ඉවත් කිරීමට විරෝධතාකරුවන්ට නායකත්වය දෙමින් සහෝදරත්වය ප‍්‍රසිද්ධියේ ජුන්ටා-විරෝධී විරෝධතා විවේචනය කලේ ය. මැතිවරනයට පූර්ව කාලය තුල මහජන විරෝධතා පැවති අතර නොවැම්බර් 19 දා විප්ලවයේ විරුවන්ගේ පවුල්වලට එරෙහි ව ජුන්ටාවේ රුදුරු ප‍්‍රහාර එල්ල විය. මෙහි දී ආරක්ෂක හමුදා 40 දෙනකුට වැඩියෙන් මරා දැමී ය. රට පුරා නගරවල පෙලපාලි පැන නැංගේ එස්සීඒඑෆ් පෙරලා දැමීමට කැඳවුම් කරමිනි.

මේ කොන්දේසි යටතේ, එල්බරාදෙයි ඇතුලු ධනපති හා සුලු ධනපති දේශපාලන පෞරුෂයන් හා සංවිධාන ගනනාවක් "ජාතික ගැලවීමේ ආන්ඩුවක්” කැඳවුම් කලේ ය. ඉස්ලාම්වාදීහු මෙම කැඳවුම අනුමත කලහ. ලේ වැකි මර්දනය දියත් කලා වූ මේ එක ම ඊජිප්තු මිලිටරියේ අනින් ස්ථාපිත කෙරෙන එබඳු ආන්ඩුවක කේන්ද්‍රීය කාර්යභාරය වනු ඇත්තේ "විප්ලවයේ” එක්සත්කම ආරක්ෂා කිරීමේ නාමයෙන් කම්කරු පන්තියේ ස්වාධීන අරගලවල හුස්ම හිර කරලීමයි. නමුත් කෙටි කාලයකට එය නැවත දේශපාලන ආරම්භකත්වය ජුන්ටාවට බාර දුනි. එය මැතිවරනවල දී කමකට නැති සම්මුතිකාමී ලිබරල් විපාර්ශවයන් හා එහි ව්‍යාජ- වාම උපාංගයන් ඉදිරියේ ආධිපත්‍යය ලබා ගැනීමට ඉස්ලාම්වාදීන්ට හැකියාව ලබා දුන්නේ ය.

අවසාන විග‍්‍රහයේ දී, ඊජිප්තුවේ හා ජාත්‍යන්තර ව ඉස්ලාම් දේශපාලනයේ වර්ධනය වූකලි ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතක අධිරාජ්‍යවාදයට එරෙහි ව කිසිදු ස්වාධීන අරගලයකට නායකත්වය දීමට ඓන්ද්‍රීය ව අසමත් වූ විවිධ ජාතික ධනපති සංවිධානවලට කම්කරු පන්තිය යටත් වීම නිසා ඔවුන්ට ගෙවන්නට වූ වන්දියයි.

අනගාමික වේවා ආගමික වේවා, ජාතිකවාදය සේවය කරන්නේ කම්කරු පන්තිය ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන්ගෙන් බෙදා ඔවුන් අධිරාජ්‍යවාදයේ උවමනාවන්ට යටත් කිරීම සඳහා පමනි. මෙය, පලමුව ස්ටැලින්වාදීන්ගේ ද පසුව ආර්එස් හා අනෙකුත් හිටපු-වාම කන්ඩායම්වල ද පාවාදීම් මඟින් නිර්මිත දෘෂ්ටිවාදී ව්‍යාකූලත්වයත් දේශපාලන අවමංගත කිරීමත් සමඟ එක් ව කම්කරු පන්තිය ඔවුන්ගේ පාලක පන්තියට හා අධිරාජ්‍යවාදයට එරෙහි ව ඵලදායී අරගල මාවතක් ගැනීම වලක්වාලයි.

ඉස්ලාම්වාදීන් සමඟ වැඩ කරමින් ජුන්ටාව යටතේ ඔවුන් "ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයට” තල්ලු කිරීමේ ආර්එස් ඉදිරි දර්ශනය දැවැන්ත අන්තරායන් මතු කරයි. සහෝදරත්වයත් අල්-නූර් සහ ලිබරල්වාදීනුත් විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවක් නිර්මානය කිරීම ජුන්ටාව හා - දැන් ඊජිප්තුවේ නිල "විරුද්ධ” පක්ෂ විසින් සහාය දෙනු ලබන - එහි අධිරාජ්‍යවාදී සහායකයනුත් කම්කරු පන්තියත් අතර පුපුරන සුලු නව අරගලවලට වේදිකාවක් සම්පාදනය කරයි.

සමාජ සමානතාව හා සැබෑ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් දිනා ගත හැක්කේ ජුන්ටාවට හා දකුනේ සිට නාමික වම දක්වා වූ එහි ආරක්ෂකයන්ට එරෙහි ව කම්කරු ගොවි ජනතාවගේ දැනුවත් විප්ලවවාදී අරගලයක් හරහා පමනි. එයින් අදහස් කෙරෙන්නේ කම්කරුවන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරමුනින් මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීම ය.

මෙම අරගලය ගෙන යාමට ඊජිප්තු කම්කරුවන්ට දේවල් දෙකක් අවශ්‍ය ය: ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් හා ඔවුන්ගේ ම ස්වාධීන සටන් සංවිධාන ඒවා වේ. ඉදිරියට යාමේ මාවත ඇත්තේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍ය සඳහා ධනපති සූරාකෑමටත් අධිරාජ්‍යවාදී පරිපීඩනයටත් එරෙහි ව එකමුතු අරගලයක් සඳහා කලාපය පුරා තමන්ගේ සහෝදර සහෝදරියන් සමඟ ඊජිප්තු කම්කරුවන් හා ගම්බද දුප්පතුන් එක්සත් කිරීම සඳහා සටන් වැදීමෙන් පමනි. මේ සඳහා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම අවශ්‍ය කෙරේ.

අවසානයි.

Share this article: