ශ‍්‍රී ලාංකික නාට්‍ය නිෂ්පාදක වරයා එඩ්වර්ඩ් ස්නොඩන්ව ආරක්ෂා කරයි

Sri Lankan dramatist defends Edward Snowden

2013 ජූලි 23

ප‍්‍රශස්ත ශ‍්‍රී ලාංකික නාට්‍ය නිෂ්පාදක සහ චිත‍්‍රපට නිෂ්පාදක ධර්මසිරි බන්ඩාරනායක එක්සත් ජනපද ආරක්ෂක ආයතනයේ සේවකයකුව සිට විද්‍යුත් මාධ්‍ය මහා පරිමානයෙන් ඔත්තු බැලීමට ලක් කිරීම ගැන අනතුරු හැඟවීම නිසා ඇමරිකානු ආන්ඩුව විසින් දඩයමට ලක් කරනු ලැබ සිටින එඩ්වර්ඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීමේ ව්‍යායාමයට සහය දක්වමින් ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ.

ධර්මසිරි බන්ඩාරනායක

ඔබාමා පාලනාධිකාරය ඔහුගේ ගමන් බලපත‍්‍රය අහෝසි කරමින්, ඔහුට ඔත්තු චෝදනා එල්ල කරමින්, ඔහුට සරන නොදෙන ලෙස රට වලට බල කරමින්, ස්නෝඩන්ට විරුද්ධව පෙර නුවූ විරු ජාත්‍යන්තර දඩයමක් ලිහා හැර තිබේ. දැන් ඔහු මොස්කව්හි ශරෙමේත්යෙවෝ ගුවන් තොටුපලට කොටු වී සිටි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ නාට්‍ය නිෂ්පාදකයෙකු වන බන්ඩාරනායක වඩාත් සුපතල පවන්නේ බර්ටෝල්ට් බ්‍රෙච්ට්, ජින් පෝල් සාත‍්‍ර, එව්ගිනි ශ්වාර්ට්ස් සහ තවත් සුප‍්‍රසිද්ධ නාට්‍ය කරුවන්ගේ නාට්‍ය ආශ‍්‍රිත නාට්‍ය නිෂ්පාදනය කිරීම පිලිබඳව ය. 1999යේ දී ඔහු ඉයුරිපයිඞ්ස් ගේ ට්‍රෝජන් විමෙන් නාට්‍යයේ සිංහල අනුවර්තන යක් නිෂ්පාදනය කලේ ය.

එම නාට්‍යය ශ‍්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවත්නා යුද විරෝධී හැඟීම් වලට ප‍්‍රකාශනයක් අත්පත් කර දුන් අතර පුලුල් ජනප‍්‍රියත්වයක් දිනාගති. ඒ අතර බන්ඩාරනායකට මරන තර්ජන එල්ල විය. එම නාට්‍යය ට සම්බන්ධ වූවන්ට එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවෙන් ආධාර ලත් දක්ෂිනාංශික මැරයෝ පහර දුන් හ.

ධර්මසිරි බන්ඩාරනායක ස්නෝඩන් ආරක්ෂා කරමින් කල ප‍්‍රකාශය මෙහි පලවේ.

***

නිර්භීත අනතුරු හැඟවුම්කරු ආරක්ෂා කරනු!

ඇමරිකා එක්සත් ජනපදයේ ආන්ඩුව ද එහි ජාතික ආරක්ෂක අංශය ද සියරට, ඉන්දියාව සහ බ‍්‍රසීලය ඇතුලු ලෝකය පුරා රටවල කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ විද්‍යුත් පනිවුඩ වලට හොරෙන් ඇහුම්කන් දුන් බව එලිදරව් කිරීමේ වරදට එක්සත් ජනපද ආන්ඩුව විසින් ලුහුබඳිනු ලැබ සිටින එඩ්වර්ඩ් ස්නොඩන් මොස්කව් ගුවන් තොටුපලට සිරවී දැන් මාසයක තරම් කල් ය. ඔබාමා පලනාධිකරයට අවශ්‍ය වී ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා උඩ නඩු පවරා උපරිම දඬුවම පැනවීමට ය

ඔහු කල අපරාධය නම් ගෝලීය සිරකඳවුරක් තුල සිර වී ජීවත් වීම ප‍්‍රතික්ෂේප කිරීමට කෝටි සංඛ්‍යාත ජනයාට ඇති අයිතිය ආරක්ෂා කිරීම ය.

ස්නොඩන් පිලිබඳ තීන්දුව එක්සත් ජනපදයේ මහජන මත විමසීම් වලදී ප‍්‍රකාශය ට පත් කරනු ලැබ ඇත. ඉන් පැහැදිලිවන්නේ සියලු වයස්වල මහජනයාගෙන්, වැඩිදෙන ඔහුව දේශ ද්‍රෝහියෙකු නොව ජනයාගේ අයිතිවාසිකම් රකින්නෙක් ලෙස තීන්දු කර ඇති බවයි.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු ද නාට්‍ය නිර්මානකයෙකු ද ලෙස කලා කාර්යයෙහි නිරතව සිටි මා කිව යුතු කරුනක් ඇත. එක්සත් ජනපදය තහවුරු කර ඇති පොලිස් රාජ්‍යය ද, තහවුරු කරගන්නට කස කවන ගෝලීය අධිකාරය ද ක‍්‍රියාත්මක වනු ඇත්තේ මානව සංස්කෘතියේ ගෙල මිරිකා කලා නිර්මානයේ ඉඩකඩ වනසාලීමට ය. අප දැන් දැක ගනිමින් සිටින්නේ ඔර්වෙල් ගේ 1984 හුදු ලමා රැඟුමක් බවට පත් කරන්නා වූ ක‍්‍රියාවලියකි. එය සමග ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ද ගෙනෙනු ලබයි.

මෙවන් දුෂ්ට සංනිරික්ෂනයක් සිදුකලහැකිව තිබෙන්නේ සියලු විද්‍යුත් මාධ්‍ය මත රජය ද බිලියනපති බහුජාතික මහා සංගත ද පවත්වාගෙන යන අධිකාරය නිසාය.

මානව වර්ගය මෙය පිලිගනු ඇති ද ?

මෙයට ස්නෝඩන් දී ඇති පිලිතුර උද්දීපනය කරන්නේ දැන් වැඩිමහල්ලන් බවට පත් වෙමින් සිටින්නාවූ කෝටි සංඛ්‍යාත තරුනයන්ගේ ප‍්‍රතිචාරයයි. ඔවුහු විද්‍යුත් සංනිවේදනය ද ඇතුලු නව තාක්ෂනය මානව වර්ගයට, සැබවින් ම මෙම ග‍්‍රහලෝකයෙන් ඔබ්බ ද ඇතුලත් දීප්තිමත් අනාගතයක ශක්‍යතාවය විවෘත කරන බව දැන සිටිති. මේ අතරම ධන කුවේරයන් හා බල කුවේරයන් විසින් පාලනය කරනු ලබන පාලන තන්ත‍්‍ර මහජනතාව මත අව-මිනිස් තත්වයක් අටවමින් ගෝලීය පරිමාන සිර කඳවුරක් පිහිටුවීම සඳහා එම තාක්ෂනයම යොදාගන්නට කටයුතු කරන බව ද ඔවුහු දකිති.

ස්නෝඩන්ගේ ක‍්‍රියාව පෙන්නුම්කරන්නේ නව පරම්පරාව එවන් අව-මානුෂික පැවත්මක් පිලිගැනීමට සුදානම් නැති බවයි. ඔවුන් නිෂ්පාදන බලවේග සියතට ගෙන අපේ ග‍්‍රහලෝකය මානව සංස්කෘතියේ වර්ධනයට ක්ෂේමභූමියක් බවට පත් කරනු ඇත.

මෙම ධෛර්යමත් අනතුරු හැඟවුම්කරු ට එරෙහි දඩයම නවත්වනු යි කියා සිටින කෝටි සංඛ්‍යාත ජනයාට මගේ හඬ ද එක් කරමි.

චිත‍්‍රපට නිෂ්පාදක සහ නාට්‍ය නිෂ්පාදක

ධර්මසිරි බන්ඩාරනායක.

Share this article: