ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන ඉදිරිපත් කරන සසප රැස්වීම

Sri Lankan SEP public meeting on Independent Workers Inquiry into Water Pollution

2014 ජූලි 14

වැලිවේරිය ජල දූෂනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය විසින් සිදුකරන ලද ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තාව හා එහි නිගමන, ජූලි 20 ඉරිදා ගම්පහ නගරයේදී පැවැත්වෙන රැස්වීමේදී ඉදිරිපත් කෙරෙනු ඇත. ගම්පහදී රැස්වීමක් පැවැත්වෙන්නේ, සසප විසින් වැලිවේරිය විලා ගයා උත්සව ශාලාවේ ජූනි 29දා පැවැත්වීමට සැලසුම් කල රැස්වීම පොලිසිය විසින් කඩාකප්පල් කල තතු හමුවේ ය. රැස්වීම සඳහා සසප වෙන්කරගත් ශාලාව තුල රැස්වීම පැවැත් වීමට ඉඩ නොදිය යුතු බවට පොලිසිය නීති විරෝධී නියෝගයක් ශාලා හිමිකරු වෙත නිකුත්කර තිබුනි.

පසුගිය නොවැම්බරයේදී සසප පරීක්ෂන කමිටුව පිහිටුවූයේ, වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් වැලිවේරිය භූගත ජල සැපයුම දූෂනය කිරීම පිලිබඳව පරීක්ෂා කිරීමට ය. අපගේ පරීක්ෂනයේදී, වෙනිග්‍රොස් කම්හලේ නොඉවසිය හැකි සේවා කොන්දේසි, පසුගිය අගෝස්තු 01දා ජල දූෂනයට එරෙහිව ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවට හමුදාව පහරදීම හා සමාගම ආරක්ෂා කිරීමට ආන්ඩුව දරන උත්සාහය අතුලු කරුනු පිලිබඳව වැදගත් තොරතුරු හෙලිදරව් කරගෙන තිබේ.

වැලිවේරිය ගම්වාසීන් හා වෙනිග්‍රොස් කම්කරුවන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු ගැන්වීම සඳහා සසප ගෙන ඇති මූලිකත්වයේ නොවෙන්කල හැකි කොටසක් බවට කම්කරු පරීක්ෂනය පත්ව තිබේ. අප්‍රේල් මාසයේදී පරීක්ෂන කමිටුව, ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමටම අයිති තුන්නාන රබර් නිෂ්පාදන කම්හල, හංවැල්ල ප්‍රදේශයේ සිදුකරන ජල හා වායු දූෂනය පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වීමට ද තීන්දු කලේ ය.

පසුගිය මාස කීපයේ දේශපාලන ගමන් මග, මෙම ස්වාධීන මූලිකත්වය ගැනීමේ අවශ්‍යතාව තහවුරු කර තිබේ. පොලිසිය සසප රැස්වීම කඩාකප්පල් කිරීම, ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් සිදුකරන ජල හා වායු දූෂනය හා ආන්ඩුව සමාගමේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීමට දරන උත්සාහය, කම්කරු පරීක්ෂනය යටතේ හෙලිදරව් කෙරෙනු ඇතැයි ආන්ඩුව බියට පත්වීම පිලිබඳ සලකුනකි.

විශේෂයෙන්ම වැලිවේරිය හා තුන්නාන ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් ද කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ, රැස්වීමට සහභාගි වෙමින් කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන පිලිබඳ සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස යි.

දිනය හා වේලාව: ජූලි 20 ඉරිදා සවස 2.00ට

ස්ථානය: ගම්පහ සනස කුඩා ශාලාව (උසාවිය පාර)

Share this article: