සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: දෙවැනි කොටස

The Nazi war of annihilation against the Soviet Union: Part Two

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 13

Nazi Policy on the Eastern Front, 1941: Total War, Genocide, and Radicalization නැඟෙනහිර පෙරමුනේ නාසි ප්‍රතිපත්ති, 1941: පූර්න යුද්ධය, සමූලොත්පාටනය හා රැඩිකලීකරනය

පහත පලවන්නේ ඇලෙක්ස් ජේ.කේ, ජෙෆ් රදර්ෆඩ්, හා ඩේවිඩ් ස්ටහෙල් විසින් සංස්කරනය කරන ලදුව රොචෙස්ටර් විශ්වවිද්‍යාල මුද්‍රනාලය මගින් 2012දී ප්‍රකාශයට පත්කරන ලද පිටු 359කින් යුත් නැගෙනහිර පෙරමුනේ නාසි ප්‍රතිපත්තිය: පූර්න යුද්ධය, ජනසංහාරය, හා රැඩිකලීකරනය නම් ග්‍රන්ථය පිලිබඳ කොටස් දෙකකින් යුක්ත විවේචනයක දෙවැනි කොටස යි.

සඳහන් නොකරන්නේ නම් සියලු උපුටා ගැනීම් මෙම පොතෙනි.

බාබරෝසා මෙහෙයුම හා හොලෝකෝස්ටය

1941 ජූනි 22දා බාබරෝසා මෙහෙයුමේ ආරම්භය, හෝලෝකෝස්ටයේ සන්ධිස්ථානයක් සලකුනු කල අතර “අවසාන විසඳුම” - ආසන්න වසයෙන් යුරෝපීය යුදෙව්වන් මුලුමනින් ම විනාශ කිරීම - ක්‍රියාත්මක කිරීමේ තීරනයට කිට්ටුවෙන් සම්බන්ධ වුනි. මෙම සම්බන්ධය විද්‍යාර්ථීන් අතර පුළුල් ව පිලිගැනුනු නමුත් ඒ ආකාරයෙන් ම මහජන විඥානය හෝ හෝලෝකෝස්ටය පිලිබඳ පොදු වැටහීම විනිවිද ගොස් නොමැත.

ජර්මානු නාසිවාදී සංකල්පයේදී ‍“යුදෙව් බොල්ෂෙවික්වාදය” පිලිබඳ ප්‍රතිරූපයල එහි රුදුරු යුදෙව් - විරෝධය තුල කේන්ද්‍රීය ස්ථානයක් දැරී ය. මෙම සම්බන්ධය විස්තාරනය කරමින් ඊස්රායල් ඉතිහාසඥ ලියොනිඩ් රේන් මෙසේ ලිය යි:

“මුලාරම්භයේ පටන් ම ජර්මානුවන් බලාපොරොත්තු වූයේ, හතුරාගේ සන්නද්ධ හමුදා විනාස කිරීම පමනක් නො වල පසමිතුරු බොල්ෂෙවික් සංකල්පයේ සැබෑ හා කල්පිත වාහකයන් මර්දනය කිරීම හා තුරන්කිරීම යග නාසීන්ට අනුව, කොමියුනිස්ට් සංකල්පයේ ප්‍රධාන වාහකයන් වූවෝ යුදෙව්වෝ ය. ආක්‍රමනය කෙරුනු භූමිභාගයන් හි ජීවත් වූ මිලියන ගනනාවක් යුදෙව්වන් දැකගත්තේ, සෝවියට් සංගමයේ ආධිපත්‍ය දරන ප්‍රකට බොල්ෂෙවික්වාදයේ නියම ප්‍රතිමූර්තියක් ලෙස ය. ජර්මනිය තුල බලයට පත්වීමට බොහෝ කලකට පෙර සිටම හිට්ලර් හා අනෙකුත් නාසි නායකයන් විසින් මෙම ප්‍රතිරූපය ප්‍රචාරය කර තිබුනි. මේ අයුරින් සෝවියට් යුදෙව්වන් තුරන්කිරීම දැකගත්තේ, හුදු වාර්ගික හතුරෙකු සමූලෝත්පාටනය කිරීමක් ලෙස නො වල නැගෙනහිර නාසි භූදේශපාලනික ඉලක්ක ජයගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස ය.” (පිටු- 220)

සත්‍ය වසයෙන් ම, 1941 දක්වා නාසි නායකත්වය ප්‍රචන්ඩ ලෙස යුදෙව් විරෝධී වූ නමුත් යුරෝපීය යුදෙව්වන් කායිකව සමූලෝත්පාටනය කිරීමේ සංයුක්ත සැලසුම් ඔවුන් සතු නොවීය. ඔවුන්ගේ ආර්ථික පැවත්ම විනාශ කෙරුනු අතර පලමුව ජර්මනිය තුල ද ඊට පසු අල්ලා ගත් ප්‍රදේශවල දී ද සහමුලින්ම කොල්ල කන ලදී; මුලින් ම පෝලන්තයේ ශ්‍රම කඳවුරු හා යුදෙව් දනව් (ghettos) පිහිටුවන ලදී; එමෙන් ම මහා නගර හා නගර බොහොමයක යුදෙව්වන් තොග පිටින් වෙඩි තබා මරා දැමීම මෙන් ම උසිගන්වන ලද ප්‍රකෝපකාරී සංහාර සිදුවුනි.

කෙසේ නමුත්, තවමත් “යුදෙව් ගැටළුවට” විසඳුම ලෙස දකින ලද්දේ සමූහ වශයෙන් බලහත්කාරී ලෙස පිටමං කිරීම යි. යුදෙව්වන් යුරෝපයේ සිට මැඩගස්කරයට පිටුවහල් කිරීමේ අදහස මගින් 1942දී නාසි ආන්ඩුව පොලඹවන ලද බව ප්‍රකටය. කෙසේ නමුත් මෙයට පලමුව මහා බ්‍රිතාන්‍ය මිලිටරිමය වසයෙන් පරාජය කිරීම අවශ්‍යවූ අතර ඒ මගින් බටහිර පෙරමුනේ යුද්ධය දිග්ගැස්සීමට ඉඩ තිබීම, 1941 මුල දී මෙම අදහස අත්හැරීමට නාසීන් පෙලඹවී ය.

සෝවියට් යුදෙව්වන්ගේ සමස්ත සමූලෝත්පටනය සඳහා වූ නිල ආඥාවක් වෙත ඇඟිල්ල දිගු කරන වාර්තාවක් 1941 ජූනි මසට පෙර නොතිබුනු අතර ඒ ගැන සඳහන් කෙරී ඇත්තේ නාසි නායකයින්ට එරෙහි පශ්චාත් යුද නඩුවල දී ය. (පලමුව ඒවායින් බොහොමයක් ඉදිරිපත් නො කිරීමට නාසීන් අත්‍යන්තයෙන් ම ප්‍රවේසම් වූ බැවින් ද, දෙවනුව යුද්ධය අවසානයේ දී විනාස කල හැකි දේ විනාස කෙරුනු නිසා ද “අවසාන විසඳුම” ගැන නාසි නායකත්වයේ තීරන ගැනීමේ ක්‍රියාදාමයේ වාර්තා මුළුමනින් ම වාගේ නොමැති බව ද සඳහන් කල යුතු ය)

කෙසේ නමුත්, පැහැදිලි හා මෙම ග්‍රන්ථයේ බලගතු ලෙස විස්තාරනය කෙරෙන දේ නම්, ජය ගත් සියළුම භූමිභාගවල යුදෙව්වන් සම්පූර්නයෙන් ම සමූලෝත්පටනය කිරීම ඇරඹුනේ බාබරෝසා මෙහෙයුමේ පලමු දවස් සමග බව යි.

ලිතුවේනියාවේ දී, මාස හයකට නො වැඩි කාලයක් තුල, යුදෙව්වන් 220,000ක ගෙන් 180,000ක් ඝාතනය කරන ලදී. මෙයට “ලිතුවේනියාවේ ජෙරුසෙලම” යනුවෙන් හැඳින්වුනු විල්නා හි සංස්කෘතිමය හා ඓතිහාසිකව වැදගත් යුදෙව් ප්‍රජාව ද ඇතුලත් වුනි. ලැට්වියාව තුල, 1941 ඔක්තෝබර් වන විට යුදෙව්වන්ගෙන් ආසන්න වසයෙන් සියයට 50ක් මිය ගොසිනි. 1941 අග වන විට එස්ටෝනියාව යුදෙව්වන්ගෙන් නිදහස් (නාසි යෙදුමෙන් “ජූඩෙන්ෆේයි”) යැයි ප්‍රකාශ කෙරුනි. ලියොනිඩ් රේන් සඳහන් කරන පරිදි යුදෙව් ජනයා මෙසේ කෙටි කලක් තුල ඝාතනය කල හැකි වූයේ, සියල්ලටත් වඩා “දේශීය ජාතිකවාදී කන්ඩායම්වල ඉමහත් සහයෝගය හා මැදිහත්වීම” නිසා ය. (පි.231)

බෙලාරුස් හි නැගෙනහිර කොටසේ, ප්‍රායෝගිකව මුළු යුදෙව් ජනගහනය ම වසර අවසාන වන විට අතුගා දමා තිබුනි. ඒ ලඟකදී සෝවියට් සංගමයේ කොටසක් බවට පත්ව තිබුන බටහිර බෙලාරුස් හි යුදෙව්වන් බොහෝ දෙනා මරා දමා තිබුනි. අවුෂ්විට්ස් ගෑස් කාමර ක්‍රියාත්මක කිරීමට පෙර, 1942 මුල දී යුදෙව්වන් ඝාතනය කිරීමට ගෑස් වෑන් පාවිච්චි කිරීම ඇරඹුනි.

මෙම ග්‍රන්ථයේ සඳහන් නො වන නමුත් සෝවියට් යුදෙව්වන් විනාස කිරීම නාගරික ජනගහනයේ සැලකිය යුතු කොටසක් දියකර හැරීම ද සංකේතවත් කල බව සඳහන් කල යුතු ය; නැගෙනහිර යුරෝපයේ ඉතා වැදගත් නගරවල යුදෙව්වෝ සම්ප්‍රදායානුකූලව ජනගහනයෙන් සියයට 10 සිට 50 දක්වා සංඛ්‍යාවක් වූහ.

සෝවියට් සංගමය තුල මෙම වර්ධනයන්ට සමාන්තරවල අවුෂ්විට්ස් හා අනෙකුත් මූලෝත්පටන කඳවුරුවල යුදෙව් ජන ඝාතන සඳහා පුළුල් වශයෙන් සූදානම් කටයුතු සිදු විය. ඉන් පසුව 1942 ජනවාරි 20දා වන්සී සම්මේලනය එලඹුනු අතර එය සලකුනු කලේ, අවුෂ්විට්ස් හා අනෙකුත් කඳවුරුවල ගෑස් කාමරවල යුරෝපීය යුදෙව්වන් මහා පරිමානයෙන් සංහාරය කිරීමේ ආරම්භය යි. ඒ වන විටත්, සෝවියට් භූමිභාගයන් හි යුදෙව්වන් 800,000ක් ඝාතනය කෙරී තිබුනි. රතු හමුදාව විසින් එම ප්‍රදේශ නිදහස් කර ගැනීමට පෙර තවත් යුදෙව්වන් 700,000ක්, එස්එස් ජංගම ඝාතක ඒකකවල හා සෝවියට් සංගමය තුල ඒවායේ දේශීය හවුල්කරුවන්ගේ දෑත්වලින්ම මරා දැමුනි.

දේශීය හවුල්කරුවන්ගේ කාර්යභාරය හා හොලෝකෝස්ටය තුල අක්ෂ බලවතුන්

පොත තුල සාකච්ඡා කෙරෙන මාතෘකාවලින් දේශපාලනිකව ඉතාමත් වැදගත් එකක් වන්නේ, දේශීය ජාතිකවාදීන්ගේ හා අක්ෂ බලවතුන්ගේල එනම් සෝවියට් සංගමයට එරෙහිව නාසි උද්ඝෝෂනයට එක් වූ රුමේනියාවල හංගේරියාව, හා ස්ලෝවැකියාවේ කාර්යභාරය යි. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග සිය බලපෑම වැඩි කරගෙන ඇති මෙම කන්ඩායම්වල ඓතිහාසික උරුමකරුවෝ අද සෝවියට් සංගමයට එරෙහිව අධිරාජ්‍යවාදී යුද තල්ලුව හමුවේ බලමුළු ගැන්වෙමින් සිටිති. බෝල්ටික් රටවල හා බෙලාරුස්වල රැඩිකල් දක්ෂිනාංශික සහයෝගිතාකරුවන්ට අමතර ව, විශාල වසයෙන් යුක්‍රේනියානු ෆැසිස්ට් සංවිධානය වූ යුක්‍රේනියානු ජාතික සංගමයේ (ඕයූඑන්) අනුගාමිකයන්ගෙන් සැදුම් ලත් යුක්‍රේනියානු මිලීෂියාවන් යුක්‍රේනය තුල පමනක් නො ව බෙලාරුස්වල ද හොලෝකෝස්ටයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර තිබුනි.

ඇමරිකානු ඉතිහාසඥ වෙන්ඩි ලෝවර්ගේ ලිපියක් යුක්‍රේනයේ හොලෝකෝස්ටය තුල අක්ෂ බලයන්ගේ කාර්යභාරය සාකච්ඡා කර යි. නාසි ධජය යටතේ සෝවියට් සංගමයට ගමන් කල සෑම සොල්දාදුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකු සපයන ලද්දේ අක්ෂ බලයන් විසිනි. අක්ෂ බලයන්ගේ අන්ත දක්ෂිනාංශික තන්ත්‍ර නාසින්ගේ ප්‍රචන්ඩ කොමියුනිස්ට් විරෝධය බෙදාහදා ගත්හ. මේවා නැගෙනහිර යුරෝපයේ දී යුදෙව් විරෝධයට කිට්ටුවෙන් බැඳුනි. (බලන්න: යුදෙව් විරෝධය හා රුසියානු විප්ලවය)

නාසීන්ට පසු හොලෝකෝස්ටය තුල ඉතා වැදගත් කාර්යභාරය ඉටු කලේ ඉයන් ඇන්ටොනෙස්ක්‍යුගේ රුමේනියානු ෆැසිස්ට් තන්ත්‍රය යි. ට්‍රාන්ස්නිස්ට්‍රියා, බුකෝවිනා, හා බෙසරේබියාවේ භූමිභාගවල ජය ඇන්ටොනෙස්ක්‍යුට පැවරීමට හිට්ලර් එකඟවූවාට පසුව, රුමේනියාව බාබරෝසා මෙහෙයුමට එක් විය. මෙම සියළුම ප්‍රදේශවල, විශේෂයෙන් ම බුකෝවිනාවේ (දැන් සිතියමෙන් ඉවත් ව ඇත) දීර්ග ඓතිහාසික සම්ප්‍රදායන් සහිත සැලකිය යුතු යුදෙව් ජනගහනයක් වාසය කොට තිබුනි.

Ion Antonescu and Adolf Hitler at the Führerbau in Munich in June 1941 [© Bundesarchiv]

ඇන්ටොනෙස්ක්‍යු කලින් ම මෙම ප්‍රදේශයේ ගම්වලින් සියළුම යුදෙව්වන් පිටමං කිරීමට තීරනය කලේ ය. ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ වහල් කඳවුරුවල හා යුදෙව් දනව් වල පලල් ජාලයක් පිහිටුවන ලදී. මෙහි දී යුදෙව්වෝ 250,000ක් හා රෝමාවරුන් 12,000ක් ඝාතනය කරන ලදී.

අද යුක්‍රේනය නමින් හැඳින්වෙන ප්‍රදේශයේ රුමේනියානු හමුදා නපුරු ම යුදෙව් සංහාර කීපයකට දැඩි ලෙස සම්බන්ධ වූහ. හොලෝකෝස්ට් සංහාරයන්ගේ ඉතාමත් කුප්‍රකට එකක් වූ, ඇන්ටනෙස්ක්‍යු විසින් ඍජුව අනදෙන ලද ඔඩෙස්සා සංහාරය (1941 ඔක්තෝබර් 22-24 අතර) තුල දී යුදෙව්වෝ 35,000ක් ඝාතනය කරන ලදී. මෙම ප්‍රචන්ඩ මදනෝත්සව නාඬගමේ (orgy) ම්ලේච්ඡත්වය පිලිබඳ දැකීම් මාත්‍රයක් සපයමින් ලෝවර් මෙසේ ලිය යි:

“දැව ගොඩනැගිලිවලට දහස් ගනනින් ගාල් කරන ලද යුදෙව්වන් දෙසට ග්‍රනේඩ් බෝම්බ විසිකිරීම හා වෙඩිතැබීම රුමේනියානු ඝාතන ක්‍රමවේදයට ඇතුලත් වුනි. පහලොස්වැනි සියවසේ ස්ට්‍රාබරෝ යුදෙව්වන් ගිනිතැබීම සිහිගන්වන ක්‍රියාවක දී රුමේනියානුවෝ, වරාය චතුරශ්‍රයට යුදෙව්වන් බලහත්කාරයෙන් ගාල් කර ගිනි තැබූහ. ඒ හැර මෙම විසිවන සියවසේ රූපාන්තරයේ දී, අන්‍යාගම් ගත වීම (බෞතීස්ම) හරහා යුදෙව්වන්ට බේරී යාමට රුමේනියානුවෝ ඉඩ නො දුන්හ. ඒ ආකාරයෙන් ආගමික යුද්ධවල ම්ලේච්ඡත්වය පරයන ලද්දේ යටත්විජතකරනයේ හා ජාතික පවිත්‍රකරනයේ මෙම නූතන උද්ඝෝෂන මගිනි.” (පි.205- 206)

සති කීපයකට පසුව, බොග්ඩනිව්කාහි නත්තලේ දී රුමේනියානු සොල්දාදුවන්ල ජර්මානු එස්එස් හා යුක්‍රේනියානු මිලීෂියා හමුදා මෙන් ම අනකුත් හවුල්කරුවන් විසින් අඩු වසයෙන් යුදෙව්වෝ 48,000ක් මරන ලදී.

2004 වාර්තාවක් එය තහවුරු කල අතර, සමස්තයක් ලෙස ඇන්ටොනෙස්ක්‍යු තන්ත්‍රය, ට්‍රාන්ස්නිස්ට්‍රියා, බුකෝවිනා හා බෙසරේබියා හි යුදෙව්වන් 280,000 සිට 380,000ක් දක්වා ඝාතනයට වගකිව යුතු ය.

The “Kingdom of Romania” in its borders of 1942

අධිරාජ්‍යවාදී යුද සූදානම තුල රුමේනියානු ආන්ඩුව දැන් රුසියාවට එරෙහිව සමීපව කටයුතු කරන්නේ ද යුක්‍රේනය තුල සිවිල් යුද්ධය මෙලවීමේ කාරනය සැලකීමේ දී ද රුමේනියානු ධනේශ්වරයේ මෙම ඓතිහාසික වාර්තාව නැගෙනහිර යුරෝපයේ කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. (කියවන්න: රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද තල්ලුවට රුමේනියාව එක්වෙ යි)

හංගේරියානු හමුදා ද බියකරු සංහාරවලට සම්බන්ධ වූහ. විශේෂයෙන් ම, 1941 අගෝස්තු 27-28 යන දිනවල බටහිර යුක්‍රේනයේ කැමියානෙට්ස්-පොඩිල්ස්කි සංහාරයේ දී යුදෙව්වන් 23,600කට පමන වෙඩිතැබීමට ඔවුහු සහභාගී වූහ. මෙම සංහාරය ප්‍රධාන වසයෙන් ඉලක්ක කලේ කාපතෝ-යුක්‍රේනයේ රැඳී සිටි හංගේරියානු යුදෙව් සරනාගතයන්ට එරෙහිව ය.

Mass grave from the Kamianets-Podilsky massacre [© Yad Vashem Photo Archive]

එක් එක් බලයන් තම භූමිභාගයන් හි යුදෙව්වන් පිලිගැනීමට අකමැති වීමත් සමග “යුදෙව් ප්‍රශ්නය” “අක්ෂ රාජතාන්ත්‍රිකත්වයේ” වැදගත් කොටසක් වී යැයි ලෝවර් අවධාරනය කර යි. ඉතිහාසඥයාට අනුවල “යුදෙව් ගැටළුව පිලිබඳ ඔවුන්ගේ දෘෂ්ටීන් පුළුල් ලෙස යුදෙව් විරෝධී වූ අතර, ජාතික දේශසීමා හා භූමිභාග ජයගැනීම පිලිබඳ විශේෂ ගැටුම්වල හරි මැද ද විය.”(පි.197)

බාබරෝසා මෙහෙයුම තුල ස්ලෝවැකියානු මැදිහත්වීම එතරම් ප්‍රකට නො වේ. කෙසේ නමුත්, “අවසාන විසඳුම” ගැන මුලින් ම ටිසෝ ආන්ඩුව දැනුවත් කර තිබුනු අතර ඔවුන් එය මුළුමනින්ම පිලිගන්නා ලදී. සැබවින් ම, 1942 මාර්තුවල දී අවුෂ්විට්ස්වලට පිටුවහල් කරන ලද පලමු යුදෙව්වන් පැමිනියේ ස්ලෝවැකියාවෙනි. “පැහදිලිව ම, ටිසෝ ඔහුගේ රට යුදෙව්වන්ගෙන් විමුක්ත කර ගැනීමට උනන්දු වූ අතර පිටුවහල් කෙරුනු සෑම යුදෙව්වෙකු වෙනුවෙන් ම ඔහු රයික්මාක් 500ක් හිට්ලර්ට ගෙව්වේ ය.” (පි.203)

මෙම ග්‍රන්ථයේ වැදගත්කම

එක්සත් ජනපද හා ජර්මානු අධිරාජ්‍යවාදීන්ගේ නව යුක්‍රේන උද්ඝෝෂනය ආසන්නයේ වර්තමාන ග්‍රන්ථය ප්‍රසිද්ධ කිරීම කාලෝචිත ය.

දෙවැනි ලෝක යුද්ධයේ ම්ලේච්ඡත්වය නැගෙනහිර යුරෝපයේ, ඒ අර්ථයෙන් ජර්මනියේ කම්කරුවන්ගේ ඓතිහාසික මතකය තුලට ගැඹුරින් කා වැදී තිබෙන නමුත් බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයේ පොදු මහජනතාවගේ මතකය තුල බාබරෝසා මෙහෙයුම බොහෝකොටම පැවතී ඇත්තේ “අප්‍රසිද්ධ යුද්ධය” හැටියට ය.

මෙම අවබෝධයේ මඳකමට නිශ්චිත ඓතිහාසික හා දේශපාලනික හේතු පවතී. මෙම ග්‍රන්ථයේ කතුවරුන් විසින් යම්තාක් දුරකට ඒවා පැහදිලි කරනු ලැබේ. සීතල යුද්ධ කාලය තුල පැවතුන තත්වයන් නිසා ඇංග්ලෝ-සැක්ෂන් ඉතිහාස ලේඛනයේ දී, සෝවියට් සංගමයට එරෙහි නාසි යුද්ධය පිලිබඳ කෘති විශාල වශයෙන් අවධානය යොමු කලේ මිලිටරි ඉතිහාසය ගැන ය.

“සීතල යුද වාතාවරනය හා බටහිර ජර්මනිය නේටෝ කාන්ඩයට ඒකාබද්ධ වීමේ කැමත්ත නිසා, නැගෙනහිර ම්ලේච්ඡ යුද්ධය පිලිබඳ වඩා මුල් පර්යේෂන නිතරම එය මුලුමනින්ම මෙහෙයුම් ඉතිහාසයකට ලඝු කලේ ය... පලමුව, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය දේශපාලන හා මිලිටරි නායකයින්ට රතු හමුදාව සමග සටන් කිරීමේ අත්දැකීම් නො තිබුනු අතර ඔවුන් හැකි තරම් උත්සාහ ගත්තේ තම නව හතුරා ගැන ඉගෙන ගැනීමට ය. දෙවැන්න, මෙම කෘතිවලින් බොහොමයක් වාරුවුනේ, හිටපු ඉහල මට්ටමේ ජර්මානු නිලධාරීන්ගේ මතකයන් හා අධ්‍යයනයන් මත ය. ගෞරවනීය ජර්මානු හමුදාවක් පිලිබඳ මිත්‍යාව බටහිර ලෝකයේ ඒකාබද්ධ මනස තුල ගැඹුරින් මුල් බැසගත්තේ ය.” (පි.4-5)

ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ ධනේශ්වරයට, 1917 සාර්වාදය හා ධනවාදය පෙරලා දැමීම හා ඒ මගින් ලෝකයේ මහා පාදාසයක්, ලෝක ධනවාදයේ ආසන්න කක්ෂයෙන් ඉවත් කිරීමේ “අපරාධය” හා සසඳන විට නාසීන්ගේ අපරාධ මැකී යයි. කොමියුනිස්ට් විරෝධය තුල හා සෝවියට් සංගමය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඉලක්කයේ දී ඔවුහු, පැරනි නාසිවාදීන් සමග පොදු පදනමක් සොයා ගත්හ.

පශ්චාත් යුද ජර්මනිය තුල සියළුම මට්ටම්වල දී, පැරනි යුද අපරාධකරුවන්ට -විනිශ්චයකාරවරුන්ගේ සිට වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් හා මිලිටරි නායකයින් දක්වා - ඔවුන්ගේ වෘත්තීන් පවත්වාගෙන යාමට හෝ කීර්ති නාමයෙන් අඩු නොවනල නව තනතුරු ලබා ගැනීමට විශාල වසයෙන් අවසර දෙන ලදී. බබාරෝසා මෙහෙයුමට හා “අවසාන විසඳුමට” ඍජුව මැදිහත් ව සිටි රේන්හාර්ඩ් ගේහ්ලෙන් වැනි ප්‍රමුඛ යුද අපරාධකරුවන් සීඅයිඒ සංවිධනය විසින් ඍජුව කුලියට ගෙන නව ජර්මානු රහස් ඔත්තු සේවය, එනම් බීඑන්ඩී ගොඩනැගීමට සහාය වීම පිනිස යොදා ගත්තේය.

“අවසාන විසඳුම” සකස් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී මැදිහත් වුනු බොහෝ ප්‍රමුඛ දෘෂ්ටිවාදීන් හා ශාස්ත්‍රාලිකයින්, කොමියුනිස්ට් විරෝධී දෘෂ්ටිවාදීන් ලෙස ඔවුන්ගේ ලේඛක වෘත්තීන් දිගටම ගෙන ගියේය. එක් උදාහරනයක් වනුයේ, පෝලන්තයේ හා පසුව යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල යුදෙව්වන් වධ බන්ධනයට ලක්කිරීම සඳහා ආවේශයක් හා මගපෙන්වීමක් ලෙස උදව් කරන ලද නැගෙනහිර යුරෝපයේ යුදෙව්වාදය (Das Judentum im osteuropäischen Raum) නම් ග්‍රන්ථයේ කතුවර හේන්ස් සෙරපීම් ය. (3) යුද්ධයෙන් පසු, ඇමරිකානු වාඩිලාගැනීමේ හමුදාවන්ගේ සහාය ඇතිව ඔහු ගේහ්ලන් වෙනුවෙන් වැඩ කල අතර කොමියුනිස්ට් විරෝධී ලේඛකයෙකු හා නැගෙනහිර යුරෝපය ගැන සුප්‍රසිද්ධ විශේෂඥයෙකු ලෙස ප්‍රසිද්ධ විය.

එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපයේ අන්ත ජාතිකවාදී හා ෆැසිස්ට් හවුල්කරුවන්ගේ නාසි ජාලයන් බොහොමයක් ඩැහගත්තේ, නිශ්චිතව ම තම සැඟවුනු සංග්‍රාම මූලෝපායේ වැඩි කොටස හරියටම මෙම කන්ඩායම් මත පදනම් කරමිනි. (බලන්න: යුක්‍රේනයේ ජාතිකවාදය හා ෆැසිස්ට්වාදයථ ඓතිහාසික පරිදර්ශනයක්)

ඉංග්‍රීසි භාෂාවෙන් පලකල මෙම ග්‍රන්ථය, බාබරෝසා මෙහෙයුම පිලිබඳ වැදගත් කෘතියක් ලෙස ශාස්ත්‍රාලික ප්‍රකාශන තුල යුක්ති යුක්තව ප්‍රශංසාවට ලක් කෙරී ඇත. මුල් පරියේෂනය, රචනා තුල අන්තරගත වන අතර සියල්ලටත් වඩා ඒවා නියෝජනය කරන්නේ පසු ගිය දශක දෙකේ ඓතිහාසික පර්යේෂනවල ඉතා වැදගත් නිගමනයන් සමහරකගේ සංක්ෂිප්ත සාරාංශයක් ලෙසය.

මුලින් වසා තිබූනු සෝවියට් ලේඛනාගාර 1991දී විවෘත කිරීමත් සමග ජනසංහාරක යුද්ධය හා හොලෝකෝස්ටය පිලිබඳ අධ්‍යයන යෝධ ආවේෂයක් ලබා ඇත. විශේෂයෙන් ම, තරුන ජර්මානු ශාස්ත්‍රාලිකයින් නාසි තන්ත්‍රයේ අපරාධ හෙලිකිරීමේදී වැදගත් කාර්යයක් ඉටු කර ඇත. කෙසේ නමුත්, නව ප්‍රකාශනයන්ගේ ප්‍රවාහයෙන් මේ දක්වා ඉංග්‍රීසි භාෂා ප්‍රේක්ෂකයින් වෙත මාවතක් සොයා ගෙන ඇත්තේ ඇබිත්තක් පමනකි.

සෝවියට් සංගමය තව දුරටත් නො පවතී. දෙවැනි ලෝක යුද්ධයේ දී නාසීන්ට ජය ගැනීමට නොහැකි වූ සෝවියට් සංගමය, 1991දී විසුරුවා හැරීම හා ධනවාදය පුනස්ථාපනය මඟින් ස්ටැලින්වාදීන් විසින් ඉටු කරන ලද්දේ ය. කෙසේ නමුත්, මෙම කලාපය පිලිබඳ ලෝක ධනවාදයේ භූ-දේශපාලනික හා ආර්ථික උත්සුකතා පෙර නොවූ විරූ ආකාරයෙන් උත්සන්නව පවතී. මෙම අර්ථයෙන් ගත් විට, එක්සත් ජනපදයේ හා ජර්මානු අධිරාජ්‍යවාදීන්ගේ උද්ඝෝෂනය නැගී සිටින්නේ නාසීන්ගේ බාබාරෝසා මෙහෙයුමේ සම්ප්‍රදාය මත ය.

ඉදිරිපත් කරන ලද ඓතිහාසික තොරතුරු සියල්ලක්ම මෙම දෘෂ්ටි කෝනයෙන් අධ්‍යයනය කල යුතු අතර අධිරාජ්‍යවාදයට කල නොහැක්කේ කුමක්ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමක් ලෙස එය දැකගත යුතුය. මොනවා වුනත්, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් නතර නො කල හොත් එක්සත් ජනපදය හා ජර්මානු අධිරාජ්‍යවාදය අද ඔවුන්ගේ භූදේශපාලනික හා ආර්ථික උත්සුකතා පෙරටුකර ගැනීමේ දී ඊටත් වඩා ම්ලේච්ඡ වනු ඇත.

(3) ඩෑන් මික්මෑන්: The Emergence of Jewish Ghettos during the Holocaust, හෝලෝකෝස්ටය අතරතුර යුදෙව් දනව් මතුවීම, (කේම්බ්‍රිජ් 2011), පි.45-101

Share this article: