ප්‍රොයෙක්ට්ගේ බොරු පිලිබඳ පසු සටහනක්

Proyect’s A postscript on lies

2015 ජූනි 11

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපියක් තුල, රුසියාවට එරෙහි ඔබාමා පාලනාධිකාරයේ මිලිටරි තර්ජන උත්සන්න කිරීම අතිශයෝක්තියට නැංවීම අරමුනු කර ගත් සාවද්‍ය තොරතුරු ඇතුලත් බවට “ක්ෂමා විරහිත මාක්ස්වාදියා” නම් වෙබ් පිටුවේ ප‍්‍රකාශක ලූයිස් ප්‍රොයෙක්ට් කල චෝදනාව ජූනි 08දා ලෝසවෙඅ විසින් හෙලිදරව් කලේ ය.

සහකාර ආරක්ෂක ලේකම් රොබට් ස්ෂර්ගේ ප‍්‍රකාශය ගොතා තිබූ බවට ප්‍රොයෙක්ට් කල ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝත් විසින් සම්පාදනය කරන ලද පිලිතුරට කොන්ග‍්‍රසයේ සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ කල ස්ෂර්ගේ සාක්ෂියේ සජීව වීඩියෝවකට සම්බන්ධයක් (ලින්ක්) සැපයුවේ ය. ගොතන ලදැ යි ප්‍රොයෙක්ට් කියා ඇති ස්ෂර්ගේ වැකිය, පාඨකයන්ට දැකීමට හා ඇසීමට හැක. එනම්, “පරීක්ෂා කරන තවත් (මිලිටරි විකල්පයක්) එකක් නම්, එම මිසයිලය රුසියාව තුල ස්ථානගතකර ඇති තැනටම ලගාවී පහර දිය හැක්කේ කෙසේදැයි” යන්නය.

ප්‍රොයෙක්ට තම යෝජනාව ඉල්ලා අස් කර ගැනීමට හෝ ඔහුගේ කට වහ ගන සිටීමට මෙය ප‍්‍රමානවත් විය යුතුව තිබුන ද උපුටාගත් කොටස ගොතන ලදැ යි ඔහු දිගට ම ප‍්‍රකාශ කලේ ය. තාක්ෂනික ඇනහිටීමක් හේතුවෙන් ඉවත් කෙරී තිබුන “ප‍්‍රහාරය” යන වචනය කෙසේ වත් නො කියන ලදැ යි යන ආස්ථානය මත ඔහු පදනම් විය. ඔහු මෙසේ ලිවීය: “පටිගත කිරීමෙහි ‘ප‍්‍රහාරය’ යන වචනය ශ‍්‍රවනය කල නො හැකි බව නෝත් පිලිගන්නා නමුත් අර්ථවත් එක ම නිගමනය මෙය බව ඒත්තු නොගැනීම සැබෑවටම කනගාටුවට කාරනයකි.”

කෙසේ නමුත්, යමෙකුට ශෝකය වෙනුවෙන් නිමිත්තක් ඇත් නම්, ඒ ලූයිස් ප්‍රොයෙක්ට් ය. නිට්ටාවට ම කාරනය අවසන් කිරීමට ලෝසවෙඅ ස්ෂර් ගේ සාක්ෂිය වාර්තා කරන ලද හා ලෝසවෙඅ විසින් සඳහන් කරන ලද ඇසෝසියේටඩ් ප්‍රෙස් ලිපියේ කතුවර රොබට් බර්න්ස් සම්බන්ධ කර ගත් අතර ප්‍රොයෙක්ට් ගේ චෝදනාව ඔහුගේ අවධානයට යොමු කලේ ය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන තිබූ ස්ෂර්ගේ ප‍්‍රකාශයේ නියම පිටපතක් බර්න්ස් ලෝසවෙඅ වෙත ඉදිරිපත් කලේ ය. එම පිටපත වීඩියෝව තුලින් මේ වන විටත් ස්ථාපිත කර තිබූ දෙය තහවුරු කරයි: වාක්‍ය හරියට ම බර්න්ස් හා ලෝසවෙඅ විසින් වාර්තා කර තිබූ එක ම විය.

රුසියාව මධ්‍යම දුර න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම (අයිඑන්එෆ්) උල්ලංඝනය කිරීම ගැන ඇමරිකාව කුමන පියවර ගනිමින් සිටී දැ යි? කොංග‍්‍රස් සභිකයෙකු අසන ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් ස්ෂර් මෙසේ පැවසී ය (අවධාරනය ඈඳුනි):

අයිඑන්එෆ් ගිවිසුමේ මොන යම් හෝ උල්ලංඝනය කිරීමක් රුසියාවට සැලකිය යුතු මිලිටරි වාසියක් නොසපයන බව සහතික කිරීමට අපට ගත හැක්කේ කුමන පියවර දැ යි අප විපරම් කරමින් සිටිමු. මීට පෙර මෙම උප කමිටුවට හා වෙනත් තැන්වල දී පුද්ගලයන් සාක්ෂි දී ඇති ආකාරයට අපි මිලිටරි ක‍්‍රියාකාරකම්වල ප‍්‍රභේද තුනක් පරීක්ෂා කරමු. එකක් නම් ක‍්‍රියාකාරී ආරක්ෂාව යි, එනම් ගිවිසුම උල්ලංඝනය කරන මිසයිල ලඟා විය හැකි යුරෝපයේ ස්ථාන ආරක්ෂා කිරීමට අපට කල හැකි දේ කිරීම. පරීක්ෂා කරන තවත් එකක් වන්නේ අපට ආසන්නයට යා හැක්කේ කෙසේ දැ යි සොයා බැලීම හා රුසියාවේ ස්ථානගතකර තිබෙන තැනදීම එම මිසයිලයට පහරදීම යි. ඊලඟට තුන්වැනි කොටස වන්නේ එම ශඛ්‍යතාවට නිකම්ම පහරදීම නො ව රුසියාව තුල ම අපට මොන දේවල් අවදානමට ලක් කල හැකි දැ යි අවබෝධයක් ලබා ගැනීම යි.

අප තවමත් මෙම සියලූ හැකියාවන් දෙස පරීක්ෂාවෙන් සිටින්නේ, වඩාත් ඵලදායි කුමක් විය හැකි දැ යි අප සිතන දෙයට සීමා වෙමින් හා මෙම රුසියානු ආක‍්‍රමනය හොඳින් ම වලක්වන්නේ කෙසේ ද, වලක්වාලීම හා රුසියාව දනගස්වන්නේ කෙසේ දැ යි තීන්දු කිරීමට අපේ මිතුරන් සමග කිට්ටුවෙන් වැඩ කරමිනි.

මෙය කාරනය සමථයට පත් කරන අතර බොහෝ අය කාලයක් තිස්සේ දැන සිටි දෙයට තව දුරටත් සාක්ෂි සපය යි: ලූයිස් ප්‍රොයෙක්ට් බොරු කාරයෙකු මෙන් ම ප‍්‍රකෝපකාරයෙකි.

Share this article: