මොසූල්, ඉරාකය සහ ඔබාමාගේ යුද උරුමය

Mosul, Iraq and Obama’s legacy of war

2016 දෙසැම්බර් 22

බැරක් ඔබාමා යනු, දෙවරක් ධුරකාලය හෙබවූ ඇමරිකානු ජනාධිපතිවරු අතරින් සිය ධුර කාලය තුල දෛනිකව යුද්ධය මෙහෙය වූ පලමුවැන්නා ය. ඔහු අග්නිදිග පකිස්ථානයේ ඩ්‍රෝන් ප‍්‍රහාර, 2011 දී ලිබියාවේ

සිදු කරන ලද විනාශයේ ප‍්‍රතිඵල, සිරියාව සිවිල් යුද්ධයකට ඇද දැමීම, යේමනය තුල කුරිරු සෞදි මැදිහත්වීම සඳහා එජ අනුග‍්‍රහය, යුක්රේනය, කොකේසස් සහ අප‍්‍රිකාව පුරා සිවිල් ගැටුම්, ට‍්‍රම්ප් පරිපාලනයකට උරුම කර දෙයි.

කෙසේ වුවද, ඔබාමාගේ ලේ වැකි උරුමය ඉරාකය තුල වඩාත්ම පැහැදිලිව ප‍්‍රකාශයට පත් වේ. බුෂ් පරිපාලනයේ ආක‍්‍රමනය සහ රට තුල වාඩිලා ගැනීම සම්බන්ධයෙන් ඔබාමාගෙන් ප‍්‍රකාශිත විරුද්ධත්වය සහ තම ධූර කාලයේ ආරම්භයේ සිට ආසන්න වශයෙන් වසර 03 ක් තිස්සේ අඛන්ඩව යුද්ධය කරගෙන යාමෙන් පසු 2011 දෙසැම්බර් හි දී එජ හමුදාවන් නිල වශයෙන් ඉවත් කර ගනිමින් එය අවසන් කරන බවට ගසන ලද කයිවාරු 2008 දී ඔහු පත් කර ගැනීම සම්බන්ධයෙන් සුවිසල් ලෙස බල පෑවේය යන්න කටුක උත්ප‍්‍රාසයකි. අයිඑස්අයිඑස් සංවිධානය විසින් 2014 දී මොසූල් නගරය අල්ලා ගැනීමෙන් පසු දිග හැරෙමින් පවතින්නේ ඉරාකයට සහ එහි ජනයාට එරෙහි විසිපස් වසරක එක්සත් ජනපද ප‍්‍රචන්ඩත්වයේ වඩාත්ම සාපරාධී සිදුවීම්ය.

මෙම උතුරු ඉරාක නගරය එජ මගින් මෙහෙයවන ඉරාක හමුදා බලකායන්, කුර් දි ප‍්‍රාදේශීය ආන්ඩුවේ භට කන්ඩායම් සහ නිකායවාදී ෂියා මිලිටරි භටයන් දස දහස් ගනනක් විසින් නතු කරගෙන සිටී. සුන්නි අන්තවාදී අයිසිස් අතින් නගරයේ පාලනය නැවත තමා අතට ගැනීම මෙහි අරමුනයි. අයිසිස් සංවිධානයට මොසූල් සහ අනෙකුත් ඉරාක නගරයන් අල්ලා ගැනීමට හැකිවූයේ බෂාර් අල් අසාද් ආන්ඩුවට එරෙහි තන්ත‍්‍ර මාරුව සඳහා යුද්ධයේ දී එක්සත් ජනපදය සහ එහි හිතමිතුරන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස සේවය කිරීමෙන් සිරියාව තුල එය අත්පත් කරගත් යුද ආයුධ සහ බඳවා ගැනීම් නිසා පමනකි.

තමාගේම පිලිවෙත් හේතුවෙන් ඇති වූ මෙම පසුබෑම, ඉරාකය තුල මහා පරිමාන ඇමරිකානු මෙහෙයුම් යලි ආරම්භ කිරීම සඳහා සහ සිරියාව තුල යුද්ධයට සෘජුව මැදිහත් වීම සඳහා ඔබාමා පරිපාලනය වහා ඩැහැ ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නොගිනිය හැකි තරම් ඉරාක වැසියන් සහ සිරියානුවන් ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවා ඇත. අයිසිස් ඉවත් කිරීමේ ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් ලෙස බටහිර ඉරාකයේ ෆලූජා හා රමාදී යන සුන්නි ජනයා බහුතරය වන නගර මහත්සේ විනාශ කොට ජනශූන්‍ය කෙරී ඇත. මිලියන 1.5 ක් පමන ජනගහනයක් සහිත ඉරාකයේ දෙවන විශාලතම නගරය වන ‘මොසූල් නිදහස් කර ගැනීමට’ දැන් එම විනාශයම සිදු කෙරෙමින් පවතී.

එජ විසින් නායකත්වය දෙන ලද ප‍්‍රහාරයෙන් දෙමසකට පසු මොසූල් වලින් එන වාර් තා, විශාල පරිමානයෙන් සිවිල් වැසියන් මරා දැමීම්, මහා ජන ස්කන්ධයන්ගේ අවතැන් වීම්, යටිතල ව්‍යුහය සහ නිවාස ඇතුලු ගොඩැනැගිලි සමස්තයක් ලෙස විනාශ කිරීම සහ භයංකර මානව වදවේදනාවන්ට සාක්ෂ්‍ය දරයි.

බැග්ඩෑඩ් ආන්ඩුව මොසූල් නිවැසියන්ට සිය නිවෙස්වලම රැදී සිටින ලෙසත් නගරය අත්හැර පලා නොයන ලෙසත් උපදෙස් දී ඇත. එජ සහ බ්‍රිතාන්‍ය, ප‍්‍රන්ස, ඕස්ට්‍රෙලියානු, කැනේඩියානු, ජෝර් දානියානු සහ ඉරාක යුද ගුවන් යානාවන්හි ගුවන් ප‍්‍රහාර ඇරැඹිතැන් පටන් ගත වූ සති තුල, ටයිග‍්‍රීස් ගංගාව හරහා නගරයේ බටහිර සහ නැගෙනහිර සම්බන්ධ කරන පාලම් කුඩුපට්ටම් කොට ඇති අතර ජල සැපයුම් මාර්ග විනාශ කොට ඇත. බොහෝ ප‍්‍රදේශ වලට විදුලි බලය අහිමි කෙරී ඇත. මහාමාර්ගවල රථවාහන භාවිතා කිරීම නතර කිරීම පිනිස “ආවාට සාදමින්” සිටින අතර විශ්ව විද්‍යාල සහ අනෙකුත් මහජන ගොඩනැගිලි සුන්බුන් බවට හීන කොට තිබේ.

ලමයින් විශාල ගනනක් ඇතුලු සිය දහස් ගනන් මිනිසුන් සනීපාරක්ෂක පානීය ජලය, ප‍්‍රමානවත් ආහාර හො වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ප‍්‍රවේශය නොමැතිව සිරවී සිටී. අයිසිස් ත‍්‍රස්තවාදීන් පුපුරන ද්‍රව්‍ය වලින් ගොඩනැගිලි සන්නද්ධ කොට ඇති අතර ආන්ඩුවේ හමුදාවන් නැගෙනහිර තදාසන්න ප‍්‍රදේශයන්ට පලවා හරිනු වස් එම හමුදාවන්ට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පදවන රථ පිටත් කරමින් සිටී. නගරය ඝන කලු දුමාරයෙන් ආවරනය කොට එමගින් සතුරු ගුවන් ප‍්‍රහාරයන්ට බාධා කරනු වස් තෙල් පිරවූ අගල් ගිනි තබා ඇත. දරුනු විරෝධය නිසා එජ විසින් මෙහෙයවන ප‍්‍රහාරය සීමිත ජයග‍්‍රන පමනක් ලබා ගනිමින් සිටී.

අධික ජනගහනයෙන් යුත් ප‍්‍රදේශ තවමත් අයිසිස් විසින් අත්කරගෙන සිටී. දහස් සංඛ්‍යාත කූඩාරම් වලින් සමන්විත අවතැන් කඳවුරු වලට පලා යාමට හැකියාව ලැබී ඇත්තේ එජ නායකත්වය යටතේ මෙහෙයවෙන භට කන්ඩායම් විසින් නැවත අත්පත්කර ගත් ප‍්‍රදේශ තුල මිනිසුන් 100,000 කට පමනි. අයිසිස් ආධාරකරුවන් වියහැකි යැයිි හැඟෙන පිරිමින් රඳවා තබා ප‍්‍රශ්න කිරීම පිනිස ඔවුන්ගේ පවුල්වලින් වෙන් කොට ඇත. තන්හි තන්හි පලවන වාර් තාවන් මගින් නිකායවාදී ෂියා භටකල්ලි හෝ මිලිටරි කන්ඩායම් විසින් මරා දමනු ලැබූ හෝ වදදෙනු ලැබූ සුන්නි සිවිල් වැසියන් පිලිබඳව හෙලිදරව් වෙමින් පවතී. “ආරක්ෂක හේතු” මත යැයි පවසමින් වරෙක එම ජනතාවට කඳවුරු වලින් පිටතට යාමද වලක්වා ඇත.

සෑම දිනකම 2000 කට වඩා මිනිසුන් නගරයෙන් පලා යන බව කුර් දි ආන්ඩු නියෝජිතයෙකු මේ සතියේදී ප‍්‍රකාශ කලේය. “සැපයුම් නොමැති තත්වයකට පත් වෙමින් සිටීම සම්බන්දයෙන් අපි කනගාටු වන්නෙමු. අපට ඇත්තේ සීමිත ද්‍රව්‍ය ප‍්‍රමානයක් පමනක් වන අතර මොසූල් තුල සහ එය ආසන්නයේ සිටින සියල්ලන්ම ආධාර ඉල්ලා සිටියහොත් අපට අවශ්‍ය තරම් නොමැත. කොහෙත්ම නොමැත” යැයිි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලීසා ග‍්‍රැන්ඬේ වොෂිංටන් පෝස්ට් පුවත් පතට ප‍්‍රකාශ කලාය.

වෙඩි තැබීම් හෝ පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන්ගෙන් සෞඛ්‍ය පහසුකම් සැපයෙන මධ්‍යස්ථාන පිරී ඉතිරී පවතී. රෝහල් ක‍්‍රියාත්මක නොවන නගරය ඇතුලත තුවාල ලැබූ බහුතරයකගේ ඉරනම පිලිබඳ සිතීමත් බියජනකය.

එජ සහය ලබන ඉස්ලාමීය“කැරලිකරුවන්” ඇලෙප්පෝ නගරයෙන් පලවා හැරීමට රුසියානු සහායෙන් සිරියානු ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය, ඔබාමා පරිපාලනය සහ ඇමරිකානු මාධ්‍ය මෙන්ම හිතමිතුරු රාජ්‍යයන්ගේ ආන්ඩු සහ මාධ්‍යයන් විසින් ද යුද අපරාධයක් ලෙස විවේචනය කොට ඇත. ඇලෙප්පෝ හි සිවිල් වැසියන්ගේ ඛේදවාචකය, විශේෂිතවම පීඩා විඳින ලමයින් පිලිබඳව පුලුල් ලෙස වාර් තා වෙයි.

කෙසේ වුවද, අධිරාජ්‍යවාදී කුහකයන් මොසූල් හි ජනයා සලකනු ලබන්නේ“පාර් ශ්වීය හානි” (collateral damage) සටන්කරුවන්ට ඉලක්ක කෙරෙන ප‍්‍රහාර හේතුවෙන් ඔවුන් අතර සිට මියයන සහ තුවාල ලබන සිවිල් වැසියන් මටසිලිටි ලෙස හඳුන්වන නාම පදයක්- ලෙසයි. මොසූල් හි සිවිල් වැසියන්මිය යන්නේ සහ තූවාල ලබන්නේ ඔවුන් “මිනිස් පලිහ” ලෙස යොදා ගැනීම සහ නගරයෙන් පලා යාමට උත්සාහ දරද්දී ස්නයිපර් හෝ මෝටාර් ප‍්‍රහාර එල්ල කිරීම නිසාය යන චෝදනාව අයිසිස් ට එරෙහිව සුවිසල් ලෙස එල්ල වෙමින් පවතී.

“මොසූල් වල මිනිසුන්ට විකල්ප දෙකක් ඇත. ඇතුලතම රැඳී සිට බෝම්බ වලින් හෝ බඩගින්නෙන් මිය යාම හෝ කඳවුරු තුලට, නැතහොත් සිරගෙවල් තුලට යාම මෙම විකල්ප දෙකයි. මේ ක‍්‍රම දෙකෙහිම ප‍්‍රතිඵලය සෙමින් සිදුවන මරනයකි” යනුවෙන් තත්ත්වය සංක්ෂේපනය කරමින් එක් අවතැන් පුද්ගලයෙක් වොෂිංටන් පුවත්පතට ප‍්‍රකාශ කලේය.

එජ මිලිටරිය ප‍්‍රහාරය අඩුතරමේ මාස දෙකේ සිට හතර දක්වා, එනම් ට‍්‍රම්ප් ජනාධිපති ධූරයක පලමු අදියර තුලටම යනු ඇතැයි ප‍්‍රකාශ කොට තිබේ. මොසූල් ඇද වැටෙන්නේනම් එවිට සම්පූර්න සිවිල් මරන ප‍්‍රමානය අසම්භාව්‍ය ලෙස වෙන කිසි දිනක අසා තිබුනාටත් වඩා අධික වනු ඇත. එජ ආක‍්‍රමනයෙන් වසර 14 ක් ආසන්න වෙද්දී ලැන්සෙට් මගින් සිදුකල තක්සේරුව, එනම් 2003 මාර් තු සහ 2006 ජුනි අතර කාලයේ 650,000 කට වඩා මරන සිදුව ඇති බවට කරන ලද විශ්වාසනීය තක්සේරුව, අතිශයෝක්තියක් බව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ බැග්ඩෑඩය තුල රූකඩ ආන්ඩුවේ ක්ෂමාලාපකයන් විසින් තවමත් පුරුද්දක් ලෙස ප‍්‍රතික්ෂේප කරයි. මේවසරේ ෆලූජා සහ රාමාදී වල රුධිරස්නානයන්ගෙන් සිදුවූ මරන සංඛ්‍යාව මෙතෙක් අනාවරනය කොට නැත.

අහිමිවූ මිනිස් ජීවිත සංඛ්‍යාව පිලිබඳ නිරවද්‍යම අගයන් නොදන්නා නමුදු, 1991 ගල්ෆ් යුද්ධය, ඉරාකය මත පනවන ලද වසර ගනන් දිගු සම්බාධක, 2003 එජ ආක‍්‍රමනය සහ අද දින මොසූල්හි ලේ හැලීම්පිටුපසින් පවත්නා ප‍්‍රමුඛතම ගාමකය තෙල් බවට කවර හෝ සැකයක් නොමැත.

2003 ආක‍්‍රමනය වනාහි බුෂ් පරිපාලනය සහ ප‍්‍රධාන තෙල් සමාගම් අතර සැලසුම් සහගත කුමන්ත‍්‍රනයකි. ඉරාකය සතු “ජන සංහාරක අවි” මගින් එක්සත් ජනපදයට තර්ජනය කෙරුනේය යන අමු බොරුව මත එම ආක‍්‍රමනය සාධාරනීකරනය කරුනි. වසර ගනනක ඉරාකයේ විරෝධතා විසින් රටෙහිි බලශක්ති සම්පත මත හෝ පුලුල් මැදපෙරදිග මත තම සීමා රහිත අධිකාරිය ස්ථාපිත කර ගැනීමෙන් එක්සත් ජනපදය වලක්වා තිබූ හෙයින් ඔබාමා යටතේ යුද්ධය ඉදිරියටම කරගෙන ගියේය. පසුගිය වසර තුන අතරතුර, ඉරාකය තුල අයිසිස් ජයග‍්‍රන සහ සිරියානු අසාද් ආන්ඩුවට යුදමය සහාය ලබාදෙනු වස් ඉරානය සමග අත්වැල් බැඳගැනීමට රුසියාව ගත් තීරනය හේතුවෙන් එජ වැඩපිලිවෙල තවදුරටත් පසුබෑමට ලක් කෙරී ඇත.

මැද පෙරදිග තුල එජ කූටෝපාය ට‍්‍රම්ප් යටතේ ඉදිරියට යනු ඇත. ඇමරිකානු අනසකට ප‍්‍රදේශයම ඈඳා ගැනීමට 25 වසරක් තුල දරන ලද උත්සාහයේ ඉදිරි පෙලින්ම සිටි පුද්ගලයන් විසින් ඔහු වට කොට ගෙන සිටී. ඉරාක තෙල් කර්මාන්තයේ වැඩිමනත් ප‍්‍රමානයක් මිලදී ගැනීමට මාන බලන එක්සොන් මොබයිල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රෙක්ස් ටිලර්සන් ද මෙයට අයත් වේ. පෙන්ටගනයේ ප‍්‍රධානියා වනු

ඇත්තේ, 2004 දී ෆලූජා ප‍්‍රහාරය සඳහා නාවික භටයන්ට අනදුන්, 2011 දී එජ හමුදාවන් ඉවත් කර ගැනීමට විරුද්ධ වූ සහ ඉරාකය හා සිරියාව තුල ඉරානයේ බලපෑම බිඳ විසුරුවා දැමීමට ඉරානය සමග යුද ගැටුමකට උපදෙස් දුන්, “පිස්සු බල්ලා” යන විරුදාවලිය ලත් ජනරාල් ජේම්ස් මැටිස් ය.

ට‍්‍රම්ප් යටතේ එජ ප‍්‍රකෝපකරනයේ ඉලක්කය බවට මැද පෙරදිග පත්වන පරිමානය නිර් නය වනුයේ එහි ලෝක තත්ත්වයට අභියෝග කරන ප‍්‍රධාන තරගකරුවන් අතරින් ක්ෂනික ඉලක්කය විය යුත්තේ කවරෙක්ද යන්න පිලිබඳව ඇමරිකානු සංස්ථාපිතය තුල පවත්නා කටුක අරගලයේ ප‍්‍රථිපලය මගිනි. ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රනය “රුසියානු මැදිහත් වීමේ” ප‍්‍රතිඵලයක් යැයි පවසමින් ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ඇමරිකාවේ බොහෝ මාධ්‍යයන් විසින් එල්ල කරන චෝදනාවන් පැන නගින්නේ, චීනය සමග ගැටුම ඉහල දැමීම සඳහා වඩාත් ක්ෂනිකව අවධානය යොමු කරනු වස් මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපය තුල රුසියාව සමග ගැටුම පාලනය කිරීමට නව පරිපාලනය අදහස් කරන බවට වූ ඔවුන්ගේ ගනන් බැලීම් වලිනි.

ට‍්‍රම්ප් පරිපාලනයක් විසින් අවසානයේදී කුමන පෙරමුනක් තෝරා ගත්ත ද, බැරක් ඔබාමාගේ උරුමය යනු තුන්වන ලෝක යුද්ධයක් පිලිබඳ උත්සන්න කෙරුනු අනතුරයි.

ජේම්ස් කොගාන් විසිනි

Share this article: