අධිරාජ්‍යවාදී යුද්ධය සහ දෙමල ජාතිකවාදය පිලිබඳ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක් යාපනයේ දී පැවැත්වෙයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

අධිරාජ්‍යවාදී යුද්ධය සහ දෙමල ජාතිකවාදය පිලිබඳ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක් යාපනයේ දී පැවැත්වෙයි

Sri Lankan SEP to hold Jaffna public meeting on imperialist war and Tamil nationalism

2016 මාර්තු 14

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් විවිධ දෙමල ජාතිකවාදී පක්ෂ වල අධිරාජ්‍ය ගැති පිලිවෙත එලිදරව් කිරීමේ සහ යුද්ධයේ වැඩෙන අන්තරායට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සමාජවාදී ඉදිරිදර්ශනය පැහැදිලි කරන ප‍්‍රසිද්ධ රැස්වීමක් මාර්තු 20 යාපනේ දී පවත්වනු ලබයි.

අධිරාජ්‍යවාදී බලයන්, විශේෂයෙන් ම එක්සත් ජනපදය, ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ඔවුන්ගේ ප‍්‍රතිවාදීන් ට විරුද්ධව යුද්ධය සුදානම් කිරීමෙන් හා රට තුල කම්කරු පන්තියට එරෙහිව කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමෙනි. වොෂින්ටනය චීනයට විරුද්ධව ගෙනයන “ආසියාවට හැරීම” කලාපය පුරාම ආතතිය තීව‍්‍ර කර යුද ගිනි අවුලුවන තැන් වියරු ගන්වමින්, භයානක ප‍්‍රතිවිපාකයන් සහිත ගෝලීය ගැටුමක් පුපුරුවා හැරීමේ තර්ජනය මතු කර තිබේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට විවෘත ව සහයෝගය දෙන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි දෙමල ධනේශ්වර පක්ෂ, ඇමරිකානු ගැති මෛතී‍්‍රපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආ එක්සත් ජනපදයේ පිටුබලය ලත් කොලඹ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට අනුබල දුන්හ. දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මෙන් ම ටීඑන්ඒය ද යෙදී සිටින්නේ දෙමල ප‍්‍රභූවේ තත්වය ශක්තිමත් කර ගැනීම සඳහා මහ බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීමේ තැතක ය.

ශී‍්‍ර ලංකා ආන්ඩුව විසින් දෙමල ජනතාව සමූල ඝාතනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අධිරාජ්‍යවාදය සමග කටයුතු කරමින් සිටි බව ප‍්‍රකාශ කරමින් අවලාදාත්මක කතුවැකියක් සහිතව දෙමල ජාතිකවාදය ආරක්ෂා කිරීමට ටැමිල්. නෙට් මෑත දී තකහනියේ ම ඉදිරිපත් විය. ඇත්ත වසයෙන් ම නම්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට සහ ශී‍්‍ර ලංකාවේ සසප ට ඇත්තේ, අධිරාජ්‍යවාදයට සහ කොලඹ ආන්ඩුවට නො සැලී, අනවරත ව විරුද්ධ වීමේත් දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමේත් දිගු වාර්තාවකි. ටැමිල් නෙට් කතුවැකිය වනාහි, දෙමල ජාතිකවාදී පක්ෂ, කොලඹ සහ අධිරාජ්‍යවාදය අතර වඩ වඩා විවෘතව සිදුවන සහයෝගීතාව වසන් කිරීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයකි.

කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට සැමවිට ම සේවය කල සිංහල ස්වෝත්තමවාදය සහ දෙමල ජාතිකවාදය යන දෙකට ම සසප නිරතුරු ව ම විරුද්ධ වී ඇත. ශී‍්‍ර ලංකාවේ සහ ආසියාවේ කම්කරු පන්තිය එකමුතු කිරීමේ අපගේ අරගලය සමාජවාදය සඳහා සටන මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් බලමුලූ ගැන්වීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන යනු ලබන උද්ඝෝෂනයේ අත්‍යන්ත කොටසකි.

අපගේ යාපනයේ රැස්වීමට සහභාගී වන ලෙසත්, යුද්ධය නතර කිරීමේ සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසත් කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්ථානය: වීරසිංහ ශාලාව, යාපනය

දිනය සහ වේලාව: මාර්තු 20 වන ඉරිදා පස්වරු 3 ට

Share this article: