ඉන්දියානු රැස්වීමේදී යුද්ධය හා සමාජවාදය සඳහා සටන ගැන සාකච්ඡා කරයි

Meeting in India discusses war and the fight for socialism

අපගේ වාර්තාකරුවන් විසිනි , 2016 ඔක්තෝබර් 10

රැස්වීම ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන මැයෙන් පල කල ප‍්‍රකාශය මත පදනම් වෙමින්, සිරියානු යුද්ධය ද ඇමරිකානු අධිරාජ්‍යවාදය හා රුසියාව ද චීනය ද අතර යුද්ධයේ තර්ජනය මතුකර තිබෙන දකුනු චීන මුහුදු ප‍්‍රදේශයේ ආතතීන් ද ඇතුලු වර්තමාන වර්ධනයන් සාකච්ඡාවට ගනු ලැබින. ඒ වන විට යුද්ධයේ මුවවිටට පැමින තුබුන ඉන්දියාව හා පකිස්ථානය අතර ආතති සහගත ගැටුම මධ්‍යයේ රැස්වීම පැවැත්වින.

රැස්වීමට පෙරාතුව ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෝ, කාර්මික ප‍්‍රදේශ ගනනාවකට ද පාසැල් හා විශ්වවිද්‍යාල තුල ලෝසවෙඅ ප‍්‍රකාශන හා ලිපි ලේඛන බෙදාහරිමින් උද්ඝෝෂනයේ යෙදුනහ.

ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෙක් වන සතිෂ් සයිමන් රැස්වීමේ මුලසුන දැරීය. ඔහු ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් රැස්වීම සඳහා එවන ලද ශුභ පැතුම් ඉදිරිපත් කලේය.

එය මෙහි වෙනම පල කෙරේ. සිය කථාවේදී සතිෂ්, ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෑතකදී පලකරන ලද යුද්ධයේ සියවස් කාලක්: 1990-2016 අතර ඇමරිකා එක්සත් ජනපදය ගෝලීය ආධිපත්යිය කරා තල්ලුවීම නමැති කෘතියේ ගැඹුරු විශ්ලේෂනය වෙත අවධානය යොමු කලේය. පසුගිය 25 වසරේ වර්ධනයන් දැන් තවත් ව්‍යසනකාරී යුද්ධයක අද්දරට ලෝකය ඇද දමා තිබෙන ආකාරය සතිෂ් ගෙනහැර දැක්වීය. එහෙත් ලෝක ධනවාදයේ අර්බුදය යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කරනවා පමනක් නොව කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීම් වලට ද තුඩු දෙන බව ඔහු පැවසීය.

රැස්වීම ඇමතූ අරුන් කුමාර්, සෝවියට් සංඟමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකානු අධිරාජ්‍යවාදය, සිය ගෝලීය ආධිපත්‍ය්‍ය යලි පිහිටුවා ගැනීම පිනිස සිය සුපිරි මිලිටරි බලය යොදාගනිමින් සිටින බව පැවසීය. තම ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් සේ සලකන රුසියාවට හා චීනයට විරුද්ධව වොෂින්ටනය මිලිටරි බලය යෙදවීමට තර්ජනය කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක ආර්ථිකය ස්ථාවරත්වකට ගෙන ආ ඇමරිකාව අද ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදයේ හරි මැද පවතින අතර දැන් එරට යුද්ධයේ තර්ජනය මතු කරන වත්මන් භූ දේශපාල ආතතීන් අවුලුවන මධ්‍යස්ථානය බවට පත්ව තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව, චීනයට එරෙහි ඇමරිකාවේ යුද කරත්තයට ඉන්දියාව දැඩි ලෙස බැඳ දමා ඇතැයි අරුන් කුමාර් පැවසීය. චීනයට එරෙහිව ඉන්දියාව “පෙරමුනු රාජ්‍යයක්” ලෙස ඒකාග‍්‍ර කර ගැනීමට දරන වෑයමේදී ඇමරිකාව, මූලෝපායික මිලිටරි වාසි ඉන්දියාවට සලසා ඇත. පසුගිය අගෝස්තුවේදී ඇමරිකානු ආන්ඩුව සමඟ ඉන්දීය ආන්ඩුව අත්සන් තැබූ ලෙමෝආ ගිවිසුම යටතේ ඇමරිකාවට ඉන්දියානු මිලිටරි කඳවුරු වලට ඇතුලූ වීමේ ඉඩ කඩ ලැබී ඇත.

ඇමරිකාව සමග ඇතිකරගෙන තිබෙන මෙම ආරක්ෂක බැඳීම් වලින් දිරිමත්ව සිටින නවදිල්ලිය, කලාපයේ ඉන්දියානු ආධිපත්‍යය අවධාරනය කරමින් පකිස්ථානයට එරෙහිව මිලිටරි ප‍්‍රචන්ඩත්වය යොදාගැනීමට උත්සාහ කරයි. න්‍යෂ්ටික අවි දරන දෙරට අතර යුද්ධයක් ඇවිලී යාමේ තර්ජනය ගෙන එන වත්මන් ඉන්දු පකිස්ථාන ගැටුම, 1947 ඉන්දියානු උප මහාද්වීපය බෙදා වෙන්කිරීමේ ප‍්‍රතිගාමී ක‍්‍රියාමාර්ගය තුල මුල්බැස තිබේ.

“කිසිදු වෙනසක් නැතිව ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ දෙක ද ඇතුලු ඉන්දියාවේ පාලක සංස්ථාපිතය, හින්දු ස්වෝත්තමවාදී මෝඩි ආන්ඩුව උසිගන්වනු ලබන පකිස්ථාන විරෝධී උද්ඝෝෂනය පිටුපස පෙලගැසී සිටිති. පකිස්ථානය පැත්තෙන් ෂරීෆ් ආන්ඩුව, ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදය උසිගන්වමින් ඉන්දියාව යටතේ ඇති ජම්මු කාෂ්මීර ජනතාවගේ දුක්ගැනවිලි ගසාකයි.”

තුන්වන ලෝක යුද්ධය වැලැක්වීමේ එකම ක‍්‍රමය සමාජවාදය සඳහා අරගලයේදී කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟම සඳහා ජාත්‍යන්තර කමිටුව කර ඇති කැඳවුමෙහි වැදගත්කම කුමාර් අවධාරනය කලේය.

කථා වලින් පසුව ප‍්‍රශ්න වලට පිලිතුරු දීමේ අවස්ථාව එලඹුනු අතර එහිදී පහත දැක්වෙන ප‍්‍රශ්න අසනු ලැබීය.

රුසියාව හා චීනයට විරුද්ධ යුද්ධය සූදානම් කිරීමේදී එක්සත්ව සිටින අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැටුම් ඇතිවීමේ අවස්ථාවක් තිබේ ද? අධිරාජ්‍යවාදී බලවතුන් ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුනදී සිටියදී වියදම් අධික යුද්ධය සූදානම් කරන්නේ කෙසේ ද? රුසියාව හා චීනය අධිරාජ්‍යවාදී යුද තර්ජනයට මුහුන දෙන්නේ කෙසේ ද? අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමයට සහාය දීමේදී ව්‍යාජ වම්මුන්ගේ ක‍්‍රියාකලාපය කුමක් ද? කුඩා සංවිධානයක් ලෙස ඔබට යුද විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය හැක්කේ කෙසේ ද?

ලෝසවෙඅ වාර්තාකරුවන් රැස්වීමට සහභාගී වූවන් සමඟ කථා කලේය.

යාන්ත‍්‍රික ඉංජිනේරු සිසුවෙක් වන යුආන් පැවසුවේ, “සාමාන්‍යයෙන් අප ප‍්‍රශ්න දකින්ට පුරුදුවෙලා ඉන්නෙ ජාතික දෘෂ්ටියකින්. මම හිතන්නෙ යුද්ධ ඇතිවන්නෙ දෙරටක් අතර කියලයි. ඒත් මට තේරෙනවා කොල්ලකාරී අධිරාජ්‍යවාදීන් එකිනෙකා එක්ක ගැටෙන්නෙ වෙලඳපොලවල් හා සම්පත් වෙනුවෙන් බව. මේ යුද්ධ සිදුවන්නෙ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නෙවේ. ධනපති පාලක පන්තීන්ගේ ඕනෑ එපාකම් උඩයි.”

ඉන්ටග‍්‍රල් කොච් කම්හලේ කම්කරුවෙක් වන රාජ් මෙසේ පැවසීය: “රැස්වීම හොඳයි. කම්හලේදී මම ලෝසවෙඅ කියවන ලෙස මිතුරන්ගෙන් ඉල්ලා සිටියා. මේ ව්‍යාපාරය ධනපති රාජ්‍ය මර්දනය යටතේ වුනත් විනාශ කරන්ට බැරිවෙයි. අප බොහෝ දෙනා මාක්ස්වාදීන් ලෙස පුහුනු විය යුතුයි. අපට බොහෝ නායකයින් අවශ්‍යයි.”

Share this article: