ට්‍රම්ප් පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම: දේශගුනික විපර්යාසයට සමාජවාදී විසඳුම

Trump’s withdrawal from the Paris agreement: The socialist solution to climate change

2017 ජූනි 3

දේශගුනික විපර්යාසය පිලිබඳ පැරිස් ගිවිසුමෙන් ඉවත් වීමට ජනාධිපති ට‍්‍රම්ප් ගත් තීන්දුව ඔහුගේ පාලනයේ දැඩි ප‍්‍රතිගාමිත්වය නිරූපනය කරන, ප‍්‍රගාමීව උග‍්‍ර වන වැඩ පිලිවෙලක තවත් එක පියවරකි.

පසුගිය බ‍්‍රහස්පතින්දා ඔහු කල “ඇමරිකාව ප‍්‍රථමයෙන්” ව්‍යාජ ජනතාවාදී දේශනයේ වාග්ප‍්‍රහාරය ට‍්‍රම්ප්ගේ මාන්ඩලික ප‍්‍රධානි ස්ටිෆන් බන්නොන් ගේ ෆැසිස්ට් අඩයාලම පැහැදිලිවම දරා සිටි අතර, එය තහවුරු කල කාරනය නම් මහසංගත මුල්‍ය ප‍්‍රභූවේ කාපාලු ජාවාරම් වලට සීමා මාත‍්‍රයකින් හෝ පනවන මොනම දෙයක්වත් ඉවසා දරා සිටිනු නැති බව ය. මෙම වැඩ නිසා පොලොව ගිනිගත්තත් විසවුනත් කමක් නැත, එය එසේ වුනාවේ.

ට‍්‍රම්ප්ගේ දේශීය සහ ජාත්‍යන්තර පිලිමල්ලු පරිසරයේ ආරක්ෂකයන් ලෙස ඉරියව් පෑමට මේ අවස්ථාව අල්ලා ගත්තෝ ය. නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පොස්ට් පුවත්පත්වල කතුවැකි ට‍්‍රම්ප් ගත් පියවර ‘අදුරදර්ශී’ සහ ‘ආත්මඝාතක’ යයි කියා සිටියෝය. “යුරෝපයේ දී, ඉතාලි අගමැති පා ඕලා ගෙන්ටිලෝනි, ජර්මන් අගමැති ඇන්ජෙලා මර්කල් සහ ප‍්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් දේශගුන ගිවිසුම යලිත් වතාවක් සාකච්චාවට ගන්නට සුදානම් නැති බවට ප‍්‍රකාශයක් නිකුත්කලහ. ඔවුන් කියා සිටියේ “මෙම ගිවිසුම අපගේ ග‍්‍රහලෝකයේ ද, සමාජෙයහි ද ආර්ථිකයන්හි ද ප‍්‍රානසම යාන්ත‍්‍රනයක් ය” යි කියා ය.

මෙවැනි විවේචන පෙන්නුම් කරන්නේ භූගෝලය රත්වීම වැලැක්වීමට ගන්නා බරපතල පියවර ගැන හෝ දේශගුනික විපර්යාසයේ සැබෑ ගැටලුව ගැන හෝ පවත්නා උත්සුකතා නොව, පාලක පන්තියේ විවිධ කල්ලින් අතර තිබෙන ජාත්‍යන්තර සහ දේශීය ඝට්ටනයන් ය. අත්ලන්තික් සාගරය හරහා වැඩෙන භේදයක් මැද්දෑවේ ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපිය බලවතුන් යෙදී සිටින්නේ ට‍්‍රම්ප් පැරිස් එකඟතාවයෙන් බිඳීම පාවිච්චි කොට, තමන්ගේ ස්වාධීන ආර්ථික සහ ලෝක - මුලෝපායික ආසක්තයන් තහවුරු කරගැනීමක ය.

දේශීය වශයෙන් ගත් කල්හි, ට‍්‍රම්ප්ගේ ක‍්‍රියා ඇමරිකානු පාලක පන්තිය තුල විදෙස් පිලිවෙත පිලිබඳ ගැඹුරු ඝට්ටන හා එකට බැඳී තිබේ. බ්රුක්ලින්ස් ඉන්ස්ටිටියුෂන් හි සමන්තා ක්‍රොස් මෙම පොදු තේමාව ඉස්මතුකරමින්, ට‍්‍රම්ප්ගේ තීන්දුව “විදෙස් පිලිවෙතේ අතිමහත් දෝෂයක්” යයි ද එය “එක්සත් ජනපදයේ ගෝලීය තත්වයට වලකපනු ඇතැයි” ද කියා සිටියාය. “එක්සත් ජනපදය හැරපියා යන නායකත්ව භූමිකාව චීනය පුරවාලයිද ?” යනුවෙන් ඇය තෝන්තු වුවාය.

දේශගනිික විපර්යාසය වනාහි වහා විසඳුම් පියවර ඉල්ලා සිටින සැබෑ තර්ජනයකි. දේශගුනික විපර්යාසය පිලිබඳ ප‍්‍රථම අන්තර්-ආන්ඩු මන්ඩලයේ (අයිපීපීසී) 1990 වාර්තාවට පසුව පොදු වැටහීමක් බවට පත්ව තිබෙන්නේ ගෝලීය උනුසුම් වීම වනාහි මානුෂික කාර්මික හා කෘෂිකාර්මික ක‍්‍රියාවන්ගෙන් පෘථිවියේ වායු ගෝලය තුලට සිදු කෙරෙන කාබන් විකලනයේ (මූලික වශයෙන්ම කබාන් ඩයොක්සයිඩ් සහ මීතේන්) විපාකයක් බවයි. එවක් පටන්, විද්‍යාමය මන්ඩල විසින් ප‍්‍රකාශනය කර ඇති වාර්තා විසින් ඒකමතිකව තහවුරු කර ඇත්තේ වහවහා දුරදිග යන බරපතල පියවර ගැනීම මගින් ම පමනක් ම භයංකර ප‍්‍රතිවිපාක වලක්වා ගත හැකි බව ය.

අවුරුදු 30ස් ගනනකට ඉහත පෙර දක්නා ලද විපාක දැනටමත් පලදෙමින් පවතී. ගනන් බලා ඇති පරිදි, මින් අවුරුදු 136කට පෙර කාලසීමාව තුල ඇතිවුනු, උනුසුම් ම අවුරුදු 17න් 16ක් එලඹ ඇත්තේ 2001 වර්ෂයෙන් මෙපිට ය. වඩ වඩාත් උෂ්න තරංග සහ නියං සාය ලෝකය පුරාම කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරේ බලපා ඇත. 1998, 2005, සහ 2007 වර්ෂවලදී ඇමේසන් වර්ෂා -වනාන්තර මහා පරිමානයෙන් යයි කිවහැකි තරම් ගිනි පත්තු වී ගියේ ය. සමුද්‍රවල උනුසුම ඉහලයාමත් සමග ජලයේ පරිමාව ද ඉහලයන තතු තුල මුහුදු මට්ටම් ඉහලයන්නට පටන් ගෙන ඈත. මෙයත් සමග සුලි සුලං හා කුනාටු වැඩිවෙමින් ඒ සමගම ජලගැල්මද ඉහල නැගෙමින් පවති.

ඉහලයන සාගර උෂ්නත්වය ද ඉන් කොරල් මත ඇති කෙරෙන්නා වූ පීඩනය ද සාගරයේ ආම්ලික බවඋග‍්‍ර කරමින්, ග‍්‍රහලෝකයේ ආහාර සංදාමයේ ද පොදු පාරිසරික සංතුලන යේ ද වැදගත් පුරුකක් වූ, (ඔස්ටේ‍්‍රලියා වේ) මහා බාධක කොරල් පරයෙන් අඩක් පමන නසා දමා ඇත. ඇමරිකාවේ සහ ග‍්‍රීන්ලන්තයේ ග්ලැසියර සාගරය තුලට කඩාවැටී මට ආසන්න අතර එය ක්ෂනිකවම මුහුදු මට්ටම් ඉහල දමා ලෝකය පුරා දේශගුනික රටාවන් කඩා බිඳ දමනු ඇත. ජීවන පරිසරයේ හදිසි වෙනස්කම් හේතු කොටගෙන මෙන්ම උනුසුම් පරිසරයන්හි පවත්නා රෝග මෙම ප‍්‍රදේශවලට අලුතින් බෝවී ඒම නිසා ද සත්ව වර්ග වඳවී යමින් පවති.

තත්වයේ ඇති බරපතල කම හා සසඳනවිට ධනපති බලවතුන් එකඟව සිටින විසඳුම් වල දුබලකම කැපී පෙනේ. “කැපී පෙනෙන සන්ධි ස්ථානයක්” යන වචනයෙන් මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පැරිස් එකඟතාවය ඇත්තවශයෙන් ම දත් නොමැති ලොඹු එකකි. එය සමන්විතවන්නේ ගෝලීය උෂ්නත්වය සෙල්සියස් අංශක දෙකට වැඩියෙන් ඉහල යාම (දැනට පවතින උනුසුම් වීම දෙගුනයකුත් තව ස්වල්පයක් ඉහලයාම) සිදු නොවන මට්ටමක් තබාගැනීමට කෙරෙන කිසිදු බැඳීමකින් තොර වූ පොරොන්දුවකිනි.

එය සම්මත කරගත් 2015 වර්ෂයේ දී ප‍්‍රමුඛ දේශගුන විද්‍යාඥ ජේම්ස් හැන්සන් එය නිවැරදිව විස්තර කර තිබුනේ “ප්රෝඩාවක්” සහ “රැවටිල්ලක්” ලෙස ය. පැරිස් සම්මුතියට එක්සන් මොබිල් තෙල් කොම්පැනිය වැනි යෝධ සංගතයන් ගේ සහය ලැබීම ම පෙන්නුම් කරන්නේ එහි සැබෑ තත්වයයි.

පැරිස් එකඟත්වය ඇතිකරන ලද්දේ 1997 කියෝටෝ සම්මුතිය වෙනුවටය. කිසිසේත්ම සෑහෙන වැඩ පිලිවෙලක් නුවූ එයට පවා ඇමරිකාව ඇතුලු ප‍්‍රධාන ධනපති බලවතුන් විරුද්ධව සිටියෝය. ඔවුන් එහි තිබු නිශ්චිත සීමාවන්ට එකඟ වුයේ ද නැත. පැරිස් එකඟතාවයට පෙර පැවති සාකච්ඡාවලට සහභාගිවූ, දේශගුන විපර්යාසය ගැන විසිතුරු කතා පැවත්වීම හොඳට පුරුදු බරක් ඔබාමා එ තැනදී කියා සිටියේ එක්සත් ජනපදය අලුත් දේශගුනික ගිවිසුමකට එලඹීමට සූදානම් බව ය.

දේශගුන විපර්යාසයට බරපතල ලෙස මුහුන දීම සඳහා ලෝක පරිමානව ආර්ථික ජීවිතය ප‍්‍රති සංවිධානය කිරීමක් අවශ්‍යවේ. බලශක්ති සම්පාදනයේ රාමුව ෆොසිල ඉන්ධන වල සිට නව්‍යකරනීය ඉන්ධන කරා පරිවර්තනයක් අවශ්‍යව ඇත. මෙය අනෙක් අතට අවශ්‍ය කර සිටින්නේ ලෝකයේ බිලියන පතියන්ට පොහොසත් වී ගැනීමට සහ ලෝකයුද්ධයට ටි‍්‍රලියන ගනන් යට කරනවා වෙනුවට, පොදුකාර්ය පිරිවැය සඳහා ද, වත්මන් තාක්ෂනයන් වර්ධනය කිරීම සඳහා ද නව සොයාගැනීම් හා ගවේෂනයන් සඳහා ද යෝධ අරමුදල් යොදවන ජාත්‍යන්තර ප‍්‍රයත්නයකි.

අද දින, ලෝක ජනතාවගේ දිනපතා ජීවිතය ද ජීවන තත්වය ද ඉහල දමන අතරම සාර්ථකව ගැටලු විසඳා ලීම සඳහා තාක්ෂනය පවතී. එහෙත් ධනේශ්වර පර්යායේ රාමුව තුල එය ඉටු කර ගත නොහැකි වේ.

දේශගුනික විපර්යාසය ජයගැනීමට දැරෙන උත්සාහය ලෝක ධනේශ්වර ක‍්‍රමයේ මුලික ප‍්‍රතිඝතිතාවන් දෙක සමග ඝට්ටනය වෙයි. එනම්: ගෝලීය ආර්ථිකය හා ලෝකය බෙදා ඇති ප‍්‍රතිමල්ල ජාතික රාජ්‍ය අතර භේදය ද, සමාජගත නිෂ්පාදනය හා ආර්ථික ජීවිතය පුද්ගලික ලාභ ගොඩ ගසාගැනීම ට යටත් කිරීම අතර භේදය ද වේ.

මානව වර්ගයා එලඹී ඇත්තේ සිය ක‍්‍රියාකාරකම්, ගෝලීය දේශගුනික රටාව කෙරේ ඉතා දුර දිග යන යෝධ බල පෑමක් ඇති කරවන තත්වයකට ය. මෙය නිෂ්පාදන බලෙව්ගයන්ගේ අති දැවැන්ත වර්ධනයේ බලපෑමේ ප‍්‍රකාශනයකි. එහෙත් මේ නිෂ්පාදන බලවේගයෝ යල්පැනගිය සහ අතාර්කික සමාජ-ආථිික පර්යායක් තුල හිරවී පවතිත්. ඒවායේ වැඩිදුර වර්ධනය සඳහා තාර්කික සහ විද්‍යාත්මක පදනමක් මත, සමාජ සම්බන්ධතාවන් ගේ පරිපූර්න ප‍්‍රති සංවිධානයක් අවශ්‍ය වේ.

දේශගුනිික විපර්යාසය ජයගැනීම සඳහා පියවර ගැනීම වලක්වන්නාවූ ධනේශ්වර පර්යායේ ප‍්‍රතිඝතිතාවන්ම, මුලුග‍්‍රහලෝකයටම තර්ජනයක් වන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය නිර්මානය කිරීමට ද, දිලිඳුකම, විරැකියාව, සහ සමාජ අසමානතාව ඉහල දැමීමටද ක‍්‍රියාත්මක වේ. ඒ සමගම මෙම ප‍්‍රතිඝතිතා ලෝකය පුරාම කම්කරුවන් දේශපාලනිකව රැඩිකලිකරනය කොට ඇත.

මානව වර්ගයා මුහුන දී සිටුනා අනෙක් සකල සියලු ප‍්‍රධාන ප‍්‍රශ්න මෙන්ම දේශගුනික විපර්යාසයද අති මූලිකව ගතහොත් පන්ති ප‍්‍රශ්නයකි. ගෝලීය උෂ්නත්වය උග‍්‍ර වීමේ බරද තදින්ම දරනු ඇත්තේ කම්කරු පන්තිය විසින්ම වේ. වෛෂයිකවද, එන්න ඒන්නම වැඩි වශයෙන්ද ජාත්‍යන්තර පන්තියක් ලෙස තමන්ව නිර්වචනය කර ගන්නේද කම්කරු පන්තියම වේ. ධනවාදය පෙරලාදමා නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය අහෝසි කොට සුරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇතුලුව මානව අවශ්‍යතා සන්තර්පනය කරන ආර්ථික ක‍්‍රමයක් තහවුරු කිරීම තමන්ගේ සමාජමය ආසක්තය වන්නා වූ පන්තිය කම්කරු පන්තියයි.

ගෝලීය උෂ්නත්වයේ නැගීම පිලිබඳ අන්තරායයන් ජයගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් අරාජක යල්පැනගිය පසුගාමී ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමයට එරෙහිව කරනු ලබන දේශපාලන අරගලයක් මගින් පමනි. ලෝක ආර්ථිකය තාර්කිකවද විද්‍යාත්මකවද ප‍්‍රතිසංවිධානය කලහැක්කේ හා පරිසරය පිලිබඳ මහා ව්‍යසනයෙන් ගලවාගත හැක්කේ මෙ මගින්ම පමනි. කොටින් කියෙතාත් දේශගුන විපර්යාසයට විසඳුම සමාජවාදයයි.

බ‍්‍රයන් ඩයින්

Share this article: