මැඩ්රිඩ්හි ප‍්‍රචන්ඩ මර්දනයෙන් ඉක්බිති: ස්පාඤ්ඤ හා කැටලන් කම්කරු පන්තිය සඳහා ස්වාධීන පන්ති මූලෝපායක් !

After Madrid’s violent crackdown: An independent class strategy for the Spanish and Catalan working class!

2017 ඔක්තෝබර් 05

(ඔක්තෝබර් 1) ඉරිදා දින පැවැති ස්පාඤ්ඤයන් ස්වාධීන වීමේ ජනමත විචාරනයට සහභාගීවීමට අපේක්ෂා කල සාමාන්‍ය කැටලන් ජනයා වෙත ස්පාඤ්ඤ රාජ්‍යය මුදා හල ප‍්‍රචන්ඩත්වය, මුලුමහත් ස්පාඤ්ඤයේ ද, සමස්ත ලෝකය පුරා ම ද කම්කරුවන් හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් නිවැරදි ලෙසම කම්පනයට පත් කොට ඇත.

ස්පාඤ්ඤ ධනේශ්වරය විසින් ස්පාඤ්ඤ විප්ලවය යකඩ සපත්තුවෙන් මැඩලීමෙන් දශක අටකට පසුව, සහ සේනාධිපති ෆ‍්‍රැන්සිස්කෝ ෆැන්කෝගේ රජයේ අවසානයෙන් සතලිස් වසකට පසුව ස්පාඤ්ඤ පාලක පන්තිය යලිත් මෘග මර්දනය කරා එලැඹී සිටී.

ස්පාඤ්ඤ අධිකාරීන් විසින් කැටලන් ජනයා සිය දේශපාලන මත ප‍්‍රකාශ කිරීමෙන් වලකා ලීම සඳහා නග්න ප‍්‍රචන්ඩත්වය භාවිතා කරනු ලැබීම “නීතියේ පාලනය”ට අයත් වෙතැයි පකාශයට පත් කොට ඇති යුරෝපා සංගමයේ සියලු බලවතුන්ගේ ද වොෂින්ටනයේ ද දෘඪතර සහාය මේ සඳහා ඔවුන්ට හිමි වී ඇත.

ස්පාඤ්ඤයේ මර්දනය, යුරෝපාකරය පුරාම පාලනයේ ඒකාධිපතිවාදී ආකාරයන් කරා දිනෙන්දින වැඩිවන වේගයකින් සිදුකෙරමින් පවතින හැරීමක කොටසකි. ස්පාඤ්ඤයේ උතුරුදිග දේශසීමාවේ පිහිටි ප‍්‍රන්සයේ අලුතින් පත්ව සිටින මැක්රෝන් රජය රැකියා සුරක්ෂිතතාව, වැටුප් හා කම්කරු ප‍්‍රමිතීන් වනසා ලන කම්කරු-විරෝධී කම්කරු ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාවට නංවා ඇති අතර, එය දැන් සිටින්නේ සහමුලින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී “හදිසි අවස්ථා” නියෝග ස්ථාවර බවට පත් කිරීමේ වැඩ පිලිවෙලක මධ්‍යයේය.

මේ අතර, නාසි තර්ඩ් රීචයේ බිඳ වැටීමෙන් පසු ප‍්‍රථම වරට ෆැසිස්ට්වාදීන් දැන් පාර්ලිමේන්තුවට ඇතුලු වී සිටින ජර්මනිය තුල, ඊනියා වෛරක්කාරී කථා පැතිර යාම පාලනය කිරීමේ නාමයෙන් සමාජ මාධ්‍ය සේවා සම්පාදකයන්ට එකී මාධ්‍ය වාරනය කරන්නන් බවට පත්වීමට බල කෙරන නීතියක් දැන් කි‍්‍රයාවට නැංවී ඇත.

පසුගිය 1 වන ඉරිදා මුදා හල කුරිරු මර්දනය ඉදිරියට ගෙන යමින් ස්පාඤ්ඤයේ මහජන පක්ෂ (පීපී) රජය හා ස්පාඤ්ඤ පාලක පභුව දැන් සූදානම් වන්නේ, එම රටෙහි ව්‍යවස්ථාවේ මින් ඉහත කිසිදා භාවිතයට නොදැමූ 155 වන වගන්තිය කියාවට නැංවීමට ය. ආන්ඩුවට සහාය දක්වන මාධ්‍යවලින් පවා “න්‍යෂ්ටික විකල්පය” ලෙස හඳුන්වා දී ඇති 155 වගන්තිය මගින් කැටෙලෝනියාවේ ස්වාධිපත්‍යය අත්හිටුවා, එහි තේරී පත් වූ ප‍්‍රාන්ත ආන්ඩුව බලයෙන් පහ කොට, මධ්‍යම ආන්ඩුවේ පාලනය පිහිටුවීමට මැඞ්රිඞ් පාලනයට බලය ලැබේ.

පූර්න ෆැසිස්ට්වාදීන් ද ඇතුලුව වඩාත්ම දක්ෂිනාංශික බලෙව්ග ස්පාඤ්ඤයේ එක්සත්භාවයේ නාමයෙන් බලමුලු ගැන්වෙමින් සිටිති. අඟහරුවාදා සන්ධ්‍යාවේ, තමන්ට කිරීටය ලැබීම පිලිබඳව රාජාන්ඩුව ප‍්‍රතිස්ථාපනය කල ෆ‍්‍රැන්කෝට නය ගැති 6 වන ෆිලිප් රජු තර්ජනාත්මක දේශනයක් පවත්වමින්, “ඉවසා දරා සිටිය නොහැකි පරිදි රාජ්‍යයේ බලයට අකීකරුවීම” සම්බන්ධයෙන් කැටලන් අධිකාරීන්ට චෝදනා කලේය.

ධනේශ්වර ජාතික රාජ්‍යයක් - ඉනුත් විශේෂයන්ම, පිහිටවුවෙහොත් එසැනින් යුරෝපා සංගමයේ හා නැටෝවේ සාමාජිකත්වය ලබා ගැනීමට යත්න දරනු ඇති ධනපති ජාතික රාජ්‍යයක් කපා වෙන් කර ගැනීමට කැටලන් ධනේශ්වරය දරන ප‍්‍රයත්නයට සිය විරුද්ධත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇත. එතෙකුදු අපේ විරුද්ධත්වය ඊට එරෙහි වෙමින්, කම්කරු පන්තියේ ස්ථාවරයේ සිට, නැගෙන්නක් වන අතර එය ස්පාඤ්ඤයේ හා සමස්ත යුරෝපය සිසාරා සිටින කම්කරුවන් එක්සත් කිරීමේ අරගලයේ ආස්ථානයෙන් නැගෙන්නක් විනා ස්පාඤ්ඤ රාජ්‍යය හෝ ධනපති ස්පාඤ්ඤයේ භෞමික අඛන්ඩතාවය හෝ ආරක්ෂා කිරීමේ ආස්ථානයකින් පැන නැගෙන්නක් නොවේ.

අද දින කැටලන් ස්වාධීනත්වයට එරෙහිව බලමුලු ගැන්වෙන රාජ්‍ය යන්ත‍්‍රය හා දක්ෂිනාංශික කොටස් හෙට දිනයේ සමස්ත ස්පාඤ්ඤ කම්කරු පන්තියට එරෙහිව මෙහයවනු ඇත්තේ යලි සන්නද්ධකරනයට, මැද පෙරදිග හා ඉන් ඔබ්බෙහි අධිරාජ්‍යවාදී යුද්ධවලට සහභාගිවීමට සහ 2008 පටන් ස්පාඤ්ඤ සංස්ථාපිතයේ සෑම පාර්ශ්වයක්ම කි‍්‍රයාවට නැංවූ කුරිරු කප්පාදු වැඩ පිලිවෙලට ඉදිරියට ගෙන යාමට, තල්ලුව ලබා දීම සඳහාය.

මෙම අර්බුදයට ස්වාධීනව මැදිහත්වීම මගින් ස්පාඤ්ඤ කම්කරුවන් තම පන්ති උත්සුකයන් හඬ ගා පැවසිය යුතුය. එනම්, මැඞ්රිඞ් පාලනයේ කියාමාර්ගවලට තිරසාරව එරෙහි වෙමින්, කප්පාදු වැඩපිලිවෙල හා යුද්ධයට එරෙහිව ද එක්සත් යුරෝපා සමාජවාදී සමූහාන්ඩුවක් තුල කම්කරු ස්පාඤ්ඤයක් සඳහා ද කෙරන පොදු අරගලයක් සඳහා තමන් හා එක්වීමට කැටලෝනියාවේ සිය සෙහෝදරයන් හා සෙහෝදරියන් කැඳවිය යුතුය.

කාල්ස් පුජ්දෙමොන් නායකත්වය දෙන කැටලානු ධනපති පන්තියේ ස්වාධීනතාවය සඳහා වන කන්ඩායම මැඞ්රිඞ්හි සිය පසමිතුරන්ට නොඅඩු ලෙසම කම්කරු පන්තියට සතුරු වෙති. ඇත්තෙන්ම ස්වාධීනත්වය සඳහා ඔවුන්ගේ වත්මන් ප‍්‍රයත්නය දියත් කිරීමේ ප‍්‍රධාන හේතුවක් වන්නේ කප්පාදු වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීම තුල ඔවුන්ගේම කාර්යභාරයට එරෙහිව නැගෙමින් පවත්නා සමාජ ප‍්‍රතිවිරෝධයන් වෙනතක හරවා යැවීමේ අවශ්‍යතාවයයි.

ස්වයංනිර්නයේ නාමයෙන් ඔවුහු තමන්ගේම ගර්වාන්විත පන්ති අරමුනු එනම් අන් සියල්ලටමත් වඩා, අතරමැදියා ලෙස මැඞ්රිඞ්හි මැදිහත්වීමෙන් තොරව යුරෝපා සංගමය හා වෛාෂින්ටනය සමග තමන්ම ගනුදෙනු කල හැකි තතු නිර්මානය කර ගැනීම, පසුපස හඹා යති. ඔවුන්ගේ එක් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ ස්පාඤ්ඤයේ අඩු සශී‍්‍රකත්වයෙන් යුත් ප්‍රදේශවලට ආධාර කරනු වස් කැටෙලෝනියාව පමනට වඩා බදු ගෙවන බවයි.

මැඞ්රිඞ් පාලනයේ ලේ වැකි මර්දනයට පතිචාර ලෙස පුජ්දෛමොන් යුරෝපා සංගමයේ මැදිහත්වීමක් සඳහා ආයාචනා කොට ඇති අතර කැටෙලෝනියාවේ පා‍්‍රදේශීය පාර්ලිමේන්තුව ලබන සඳුදා ස්වාධීනතා ප‍්‍රකාශනයකට ඡන්දය දෙනු ඇත.

මෙම දෙපියවරම, කැටලන් මෙන්ම ස්පාඤ්ඤ කම්කරු පන්තියේ උත්සුකයන් හා අභිලාෂයන්ට එකසේම පටහැනි වන අතර හරයෙන් ප‍්‍රජාතන්ත‍්‍ර-විෙරෝධී වෙයි.

පලමු පියවර මගිින් කැටලන් ජාතිකවාදීහු බ‍්‍රසල්ස්, බර්ලින් හා පැරිස් පාලකයන්ට සිය ස්වාමිභක්තිය පල කිරීමට: එනම්, යුරෝපාකරය පුරා කම්කරු ජනයා දරිද්‍රතාවයේ ගිල්වා ලූ පශ්චාත් 2008 යුගයේ කුරිරු කප්පාදු වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීමට නායකත්වය දුන් සහ ලෝ රඟමඬල මත සිය අධිරාජ්‍යවාදී උත්සුකයන් වඩාත් ප‍්‍රචන්ඩ ආකාරයකින් සාක්ෂාත් කර ගනු වස් යුරෝපය යලි මිලිටරීකරනය කිරීමටත් යුරෝපා හමුදාවක් වර්ධනය කිරීමටත් යොමු වී සිටින යුරෝපීය ප‍්‍රාග්ධනයේ වඩාත්ම බලගතු කොටස් කෙරේ සිය පක්ෂපාතිත්වය පල කිරීමට; යත්න දරති.

දෙවැනි පියවර මගින් එම කැටලන් ජාතිකවාදීන් ප‍්‍රයත්න දරන්නේ, ස්පාඤ්ඤයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත්වීම කෙරේ, හොඳින් වටහා ගත හැකි පරිදිම එල්ල වී ඇති මහජන කෝපය ගසාකමින්, කැටලාන් ජනයාගේ බහුතරයක් ඊට සහාය නොදක්වන බවට යලියලිත් ජනමත විචාරන මගින් පෙන්නුම් කෙරී ඇති තතු යටතේ, ස්පාඤ්ඤයෙන් වෙන්වීමේ සිය වැඩපිලිවෙල වෙනුවෙන් එය භාවිතා කිරීමයි.

මැඞ්රිඞ් හා කැටලන් ජාතිකවාදීන්ගේ අභිප‍්‍රාය වන්නේ තම ජනයා ධ‍්‍රැවාන්තගත කොට, ජාතිකවාදී ආයාචනයන් මගින් කුපිත කොට, ඔවුන් එකිනෙකාට එරෙහි පසමිතුරු කඳවුරුවලට ගාල් කිරීමයි.

ඉබේරියානු අර්ධද්වීපය සිවිල් යුද්ධයකට පටලැවී ගැනීමේ අනතුර ලඹ දෙමින් පවත්නා මෙම වර්ධනයන් අභිමුබයේ කැටලාන් හා ස්පාඤ්ඤ කම්කරුවන් එක සේ භාවිත කල යුතු ආදර්ශ පාඨය විය යුත්තේ; කම්කරු පන්තියේ ස්වයංනිර්නය වෙනුවෙන්, යන්නයි!

තම පන්ති උත්සුකයන් ස්පාඤ්ඤ හා කැටලන් ධනේශ්වරයේ සියලූ කන්ඩායම්වලට පෑහිය නොහැකි පරිද්දෙන් ප‍්‍රතිවිරුද්ධ බවට වන අවබෝධය මත පදනම් වෙමින් කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන මූලෝපාය විස්තාරනය කල යුතුය.

ස්පාඤ්ඤ හමුදාවන් කැටලෝනියාවෙන් වහා ආපසු කැඳවා ගත යුතුයැයි ඉල්ලා සිටිමින්, කැටලෝනියාව ධනපති ස්පාඤ්ඤයේ සීමාවන් තුල බලහත්කාරයෙන් රඳවා ගැනීමට දැරෙන සෑම ප‍්‍රයත්නයකටම කම්කරු පන්තිය එරෙහි විය යුතුය. තම වෙන්වීමේ සැලසුම් කි‍්‍රයාවට ලීම සඳහා ස්පාඤ්ඤ රාජ්‍යයේ පාදේශීය රාජ්‍ය යන්ත‍්‍රය භාවිතා කිරීමට කැටලන් ධනේශ්වරය විසින් දරනු ලබන පයත්නයට එරෙහි වෙමින් කැටලන් කම්කරුවන් ධනේශ්වරයේ සියලූ කන්ඩායම්වල කප්පාදු වැඩපිලිවෙලට හා යුදවාදී න්‍යායපත‍්‍රයන්ට අභියෝග කිරීමට ස්පාඤ්ඤය පුරා කම්කරුවන් සමග අත්වැල් බැඳ ගත යුතුය.

මෙම ස්වාධීන පන්ති මූලෝපාය සඳහා අරගලය තුල (පැබ්ලෝවාදී ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් වැනි) විවිධාකාර ව්‍යාජ වාම බලෙව්ග විසින් කම්කරු පන්තිය පසමිතුරු ධනපති කන්ඩායම් අතරින් එකකට හෝ ඒ දෙකටම හෝ ගැට ගැසීමට දැරෙන ප‍්‍රයත්නයන් සම්බන්ධයෙන් කම්කරුවන් හා තරුනයන් ප‍්‍රවේශම්කාරී විය යුතුය. කැටලන් ජාතිකවාදීන්ට ප‍්‍රගතිශීලී ඔපයක් ලබාදීම හා පොදෙමොස්වරුන් හුවා දැක්වීම ද මීට ඇතුලත්ය. මේ පසු කී කොට්ඨාශය, එනම් පොදෙමොස්වරු, පීපී ආන්ඩුවේ මර්දනයට ඔල්වරසන් දෙමින් සිටින සමාජවාදී පක්ෂය වෙනුවෙන් පෙනී සිටිමින් ද ස්පාඤ්ඤ රාජ්‍යය කැඞීබිඳී යාමෙන් ආරක්ෂා කර ගනු වස් විකල්ප ආන්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ධනපති පන්තියට ඉදිරිපත් කරමින් ද ස්පාඤ්ඤ ධනේශ්වරයට තම පක්ෂපාතිත්වය යලි ඔප්පු කොට ඇත.

වත්මන් අර්බුදය විසින් අනාවරනය කරනු ලැබ ඇත්තේ, පශ්චාත්-ෆ‍්‍රැන්කෝ රාජ්‍යය හා ස්පාඤ්ඤ ධනවාදය අපකීර්තියට හෙලීමේ කම්කරු පන්ති අභියෝගය නිෂ්ප‍්‍රභා කිරීම අරමුනු කොට ස්ටැලින්වාදීන් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සහාය සහිතව අටවා ගැනුනු ප‍්‍රතිවිප්ලවවාදී සමථයක කොටසක් ලෙස 1978 දී ප‍්‍රතිසංවිධානය කරන ලද ස්පාඤ්ඤ රාජ්‍යයේ සැබෑ ස්වභාවයයි. මේ සතියේ සිදුවීම්වලින් පෙන්වා දී ඇති පරිදි, පාර්ලිමේන්තුවේ පරිබාහිර මුහුනතට පසුපසින් ෆ‍්‍රැන්කෝ විසින් ගොඩනගන ලද මර්දනකාරී ආම්පන්න තවමත් එලෙසම පවතී.

එහෙත් මෙය හුදු ස්පාඤ්ඤ අර්බුදයක් නොවේ. ඒ වූ කලී සමස්ත යුරෝපා සංගමය අලලා ගත් ක‍්‍රමානුකුල අර්බුදයක නිෂ්පාදිතයක් ද එම අර්බුදයේ ම කොටසක් ද වෙයි. එය මුල් බැස තිබෙන්නේ මහා අවපාතයන් හා එහි අවසාන ප‍්‍රතිඵලය වූ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක ධනවාදයේ ඇති වූ විශාලතම අර්බුදය තුලය.

යුරෝපා සංගමය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා “සමාජයික” යුරෝපයක් සාමකාමී ලෙස සමෝධානය කිරීමේ වාහනයයැයි කියැවුනු කියාපෑම් 2008 අර්බුදයේ වැලි පර මත ගැටී බිඳී ගොස් ඇත.

යුරෝපා සංගමය එය මුලසිටම, සෑමවිටම පැවැති දෙය කුමක්දැයි දැන් හෙලිදරව් වී ඇත; එනම්, යුෙරෝපා ප‍්‍රාග්ධනය සතු ලාභය උපරිමයට නැංවීමේ, කම්කරු පන්තිය මැඩ පැවැත්වීමේ සහ වෙලඳපොලවල් හා භූ දේශපාලන බලපුලූවන්කාරකම් සඳහා තරග වැදීමේ උපකරනයක් බවට; එමෙන්ම, යුරෝපාකරයේ එකිනෙකාට පරසතුරු සහ පා‍්‍රදේශීයව පදනම් වූ ධනපති කල්ලි සඳහා තරඟකාරී හා මූලෝපායයික වාසි වෙනුවෙන් සටන් වැදීමේ රන මඬලක් බවට එය හෙලිදරව් වී හමාරය.

යුරෝපා සංගමය හා එක්ව සමාජවාදී පක්ෂයේ හා මහජන පක්ෂෙය් අනුක‍්‍රමික ආන්ඩු විසින් කි‍්‍රයාවට නංවනු ලැබූ කප්පාදු පිලිවෙත්වලින් ස්පාඤ්ඤය සෝදාපාලූ වී ගොස් ඇත.

යුරෝපය පුරා කම්කරු පන්තිය තම සමාජයික හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් මත පතිත කල ප‍්‍රහාරයන්ට කටුක ලෙස ප‍්‍රතිරෝධය දක්වා ඇත. එතෙකුදු වෘත්තීය සමිති, සමාජ පජාතන්ත‍්‍රවාදීන්, ස්ටැලින්වාදීන්, හිටපු-ස්ටැලින්වාදීන් හා ව්‍යාජ වාම පක්ෂ පන්ති අරගලය මැඩලීමට කමානුකුලව කි‍්‍රයා කොට ඇත. ප‍්‍රදර්ශනශීලි “වම්මු” තමන් බලයේ සිටින කල්හි සුබසාධක රාජ්‍යයේ ඉතිරි වී ඇති සියල්ල ගලවා දැමීමට හා සංක‍්‍රමනික-විරෝධී අගතීන් අවුස්සා ලමින් කම්කරු පන්තිය භේද කිරීමට කටයුතු කර ඇත්තාහ. විපක්ෂයේ සිටින විට, කම්කරුවන්ගේ කලකිරීම නිහඬ කිරීමට අසමත් ඔවුන් කි‍්‍රයාත්මක වී ඇත්තේ, අරගල හුදෙකලා කිරීමටත්, ජාතිකවාදී, ධනේශ්වරවාදී හා යුරෝපා සංගම්වාදී ඉදිරි දර්ශනයක් තුල ඒවා සිර කොට තැබීමටත්ය.

2015 ජනවාරියේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගුනු කම්කරු පන්ති ප‍්‍රතිරෝධතා රල වේගය මත නැගී බලයට පත් ව්‍යාජ වාමවාදී සිරිසාවේ අත්දැකීම මෙහි ලා සුවිශේෂී ආලෝකයක් විහිදුවන්නකි. වරප‍්‍රසාදිත ඉහල පන්තිවල පක්ෂයක් වූ එය කප්පාදු වැඩපිලිවෙලටත්, මූල්‍ය පාග්ධනයේ කතිපයාධිපත්‍යයික හා ඒකාධිකාරවාදී උපකරනය වන යුෙරෝපා සංගමයටත් එරෙහිව යුරෝපාකරයේ කම්කරු පන්තිය බලමුලූ ගැන්වීමේ කවර හෝ ප‍්‍රයත්නයකට එරෙහි විය. තම කප්පාදු ඉල්ලීම් යන්තමින් අඩු කරන මෙන් ඔවුන් ඉදිරිපත් කල ආයාචනාවන් බර්ලිනය හා බ‍්‍රසල්ස් විසින් ප‍්‍රතික්ෂේප කෙරුනු කල්හි, තමන්ට පූර්වගාමී සමාජ ප්‍රජාතන්තවාදීන් හා විවෘත දක්ෂිනාංශිකයන්ගේ කප්පාදු වැඩ පිලිවෙලවල් බොහෝ සෙයින් ඉක්මවා යන කප්පාදු කිරීම් කි‍්‍රයාවට නැංවීමට ඔවුහු කටයුතු කලෝය.

කම්කරු පන්තිය දේශපාලනිකව හිරි වැටී සිටින හා යුෙරෝපය අන් කවර කලෙකටත් වඩා පසමිතුරු ධනපති කන්ඩායම් අතර කුලල්කාගැනීම්වලින් (දිනෙන් දින හැකිලෙමින් පවතින ආර්ථිකයේ රොටියෙහි වැඩි පංගුව ඩැහැ ගැනීම සඳහා වන බලූ පොරයකින්* සංලක්ෂිත වී ඇති තතු තුල, ජාතිකවාදී බලෙව්ගවල පුනර්ජීවනයක් දක්නට ලැබේ. මින් බොහොමයක් සමාජ අතෘප්තිය ගසා කා වර්ධනය වීමට සමත් වූ නව-ෆැසිස්ට්වාදී ලක්ෂන පැහැදිලි ලෙසම ප‍්‍රකට කරන සංවිධානයෝ වෙති.

ලෝක යුද්ධ දෙකක් ද, මහා අවපාතය ද ෆැසිස්ට්වාදය ද කරා ලෝකය කැඳවා ගෙන ගිය ලාභය පදනම් කර ගත් පර්යායේ මූලික පතිවිරෝධයන් යලිත් ඉස්මත්තට පැමිනෙමින් පවතින අතරතුර, යුරෝපයේ ධනවාදය එහි දෙපතුල දක්වා ම කුනු වී ඇති බව ප‍්‍රකට කෙරමින් පවතී.

21 වන සියවසේ යුරෝපා සංගම් උන්මත්තකාගාරයට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේ ම මූලෝපාය; එනම්, කම්කරු පන්තියේ ප‍්‍රතිප‍්‍රහාරය වර්ධනය කිරීම; යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කෙරෙන සටන තුල යුරෝපා සංගමයට, එය සැදුම් ලත් සියලූ දක්ෂිනාංශික ආන්ඩුවලට, යුෙරෝපීය බැංකුවලට හා මහා ව්‍යවසායවලට එරෙහිව පොදු අරගලයකට කම්කරුවන් බලමුලූ ගැන්වීම; පෙරට ගෙන ආ යුතුය. කම්කරුවන්ගේ යුරෝපය, කම්කරු පන්තිය සූරාකනු ලැබීම උග‍්‍රවන ආකාරයට නොව සමාජ අවශ්‍යතා සපුරා ලන පරිදි කම්කරු ජනයාගේ ප‍්‍රජාතන්තවාදී පාලනය යටතේ සමාජ-ආර්ථික ජීවිතය සංවිධානය කිරීමට ආර්ථික සමෝධානය හා තාක්ෂනයේ ප‍්‍රගමනයන් භාවිත කරනු ඇත.

ස්පාඤ්ඤය තුල මෙම ජාත්‍යන්තර මූලෝපාය සඳහා සටන් වැදීමට නම්, අධිරාජ්‍යවාදී යුරෝපා සංගමයේ අනුමැතිය සහිතව මැඩි‍්‍රඞ්හි රජය මුදා හල ප‍්‍රචන්ඩත්වයට සම්මුති විරහිතව එරෙහි විය යුතුය.

කැටලන් ධනපති ජාතිකවාදීන්ට එරෙහිව අත්‍යවශ්‍ය දේශපාලන අරගලය දියත් කරමින්, කම්කරු පන්තියේ හා තරුනයන්ගේ හොඳම කොටස් ජාත්‍යන්තරවාදී පෙලගැස්මක් කරා ගොනු කර ගත හැක්කේ මෙම පදනම මත පමෙනකි.

කීත් ජෝන්ස්

Share this article: