ජූලියන් අසාන්ජ් සහ ලතින් ඇමරිකාවේ “වමේ” පාවාදීම

Julian Assange and the betrayal of Latin America’s “left”

2018 ජූලි 28

ජූලියන් අසාන්ජ් සහ ලතින් ඇමරිකාවේ “වමේ” පාවාදීමඉක්වදෝරයේ ජනාධිපති ලෙනින් මොරිනෝ, ඔහුගේ ආන්ඩුව විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය භූමියට පා තබනා විටම ඔහුව අල්ලා ගැනීමට ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටත පොලීසිය යොදා බලා සිටින බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත ඔහුව භාරදීමට සක්‍රීයව සාකච්ඡා කරමින් සිටින බව සිකුරාදා පැහැදිලි කලේය.

බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ පාලනය යටතට පත්වීමට ඔහුට සිදුවුව හොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ ඔත්තු බැලීම හා කුමන්ත්‍රනය කිරීමේ වරද මත ඇතැම් විට මරනීය දන්ඩනයට පවා ඔහුට මුහුනු දීමට සිදු විය හැකි එක්සත් ජනපදයට උදර්පනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සිර දඬුවම් විඳීමට ඔහුට සිදු වනු ඇත.

ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ඔහු සහ ඔහුගේ ආන්ඩුවට වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් යුරෝපීය චාරිකාවක් සිදුකරන මොරිනෝ සිකුරාදා වුවමනාවෙන්ම අසාන්ජ්ව අපකීර්තියට පත් කලේය.

“අසාන්ජ් මහතා සිදුකරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මා කිසිදා එකග වී නැතැ”යි මොරේනෝ ප්‍රකාශ කලේය. “ආන්ඩුව සහ ජනතාව විසින් සිදු කරනු ලබන ඇතැම් අනිටු ක්‍රියාවන් එලිමහනට ගෙන ඒමට එය කොතෙක් ප්‍රයෝජනවත්ද යන්න නොතකා, තොරතුරු ලබා ගැනීමට ජනතාවගේ විද්‍යුත් තැපැල් වලට මැදිහත්වීම සම්බන්ධයෙන් මම කිසිදා එකඟ නොවෙමි. ඒ සඳහා නිවැරදි හා නීත්‍යානුකූල මාර්ග පවතී”. මීට පෙර මොරේනෝ, අසාන්ජ් “පරිඝනක දත්ත සොරෙකු”, “ප්‍රවේනිගත ගැටලුවක්” සහ “අපේ සපත්තුව තුල ඇති ගලක්” ලෙස හැදින්වීය.

අසාන්ජ් හෝ විකිලීක්ස් ඒ කාරනය සඳහා කිසිවෙකුගේ විද්‍යුත් තැපෑල තුල ඇති තොරතුරු සොරා ගත් බවට හෝ කිසිදු නීතියක් උල්ලංඝනය කර ඇති බවට කොහෙත්ම සාක්ෂි නැත. වොෂින්ටනය සහ අනෙකුත් ආන්ඩු මෙන්ම අන්තර්ජාතික සංගත විසින් සිදු කරන ලද අධිරාජ්‍යවාදී යුද අපරාධ, මහජන ඔත්තු බැලීම සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී කූටෝපායන් සහ කුමන්ත්‍රන පිලිබඳව ලෝකයාගෙන් සඟවා ඇති තොරතුරු වලට ප්‍රවේශ වීමට ජනතාවට හැකියාව ලබා දුන් ප්‍රශංසනීය හා ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියෙකු ලෙස අසාන්ජ් අගනා කාර්යයක් ඉටු කර ඇත.

මෙම අපරාධ හෙලිදරව් කිරීම වෙනුවෙන් ඔහු දේශපාලන හිංසනයකට මුහුන දුන් බවට වූ පැහැදිලි සාක්ෂි හේතුවෙන් 2012 දී රෆායෙල් කොර්යාගේ පූර්ව ඉක්වදෝර ආන්ඩුව විසින් අසාන්ජ්ට රැකවරන ලබා දෙන ලදී.

අසාන්ජ්ට සරනාගත රැකවරනය ලබා දීම සඳහා ක්විටෝ හි තීරනය කිරීම නිවේදනය කරමින්, ඉක්වදෝර් විදේශ කටයුතු ඇමති රිකාර්ඩෝ පැටිනෝ, අසාන්ජ්ගේ හෙලිදරව් කිරීම් සඳහා වොෂින්ටනයේ පලිගැනීම දක්වන “ඔහුගේ ආරක්ෂාව, අවංකභාවය සහ ඇතැම් විට ඔහුගේ ජීවිතය පවා අනතුරට ලක්කල හැකි” බව ප්‍රකාශ කලේය. සාක්ෂි වලින් පෙන්නුම් කරනුයේ අසාන්ජ් මහාතා එක්සත් ජනපදයට උදර්පනය කල හොත් ඔහුට සාධාරන නඩු විභාගයක් නොලැබෙනු ඇති බවයි. කුරිරු හා අවමන් සහගත සැලකීම් වලට ඔහු පත් විය හැකි බව සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ මරනීය දන්ඩනයට පවා යටත්කල හැකි බව කිසි සේත්ම අසම්භව්‍යයක් නොවේ” පැටිනෝ පැවසීය.

එතැන් සිට වෙනස් වී ඇත්තේ කුමක්ද? අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලය තුල සිරවී පසුගිය වසර හයක කාලය ගතකොට ඇත. විකිලීක්ස් “රුසියාව වැනි රාජ්‍යයන් විසින් බොහෝ විට සහය දක්වන රාජ්‍ය නොවන සතුරු රහස් ඔත්තු සේවයක්” බව ප්‍රකාශ කරමින් සහ එහි වාර්තා කිරීම් එජ ව්‍යවස්ථාවේ පලමු සංශෝධනය මගින් ආරක්ෂා නොකරන බව නිවේදනය කරමින් හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ සහ වත්මන් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග ට්‍රම්ප් පාලනාධිකාරය වඩාත් විස්තරාත්මකව එක්සත් ජනපද අභිලාෂයන් අනුව කටයුතු සිදු කොට ඇත.

නිශ්චිත අභිචෝදනා වලට මුහුන දීමට අසාන්ජ් මාංචු දමා එජයට ගෙන ඒම එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුවට ප්‍රමුඛ කටයුත්තක් බව නීතිපති ජෙෆ් සෙෂන්ස් අවධාරනය කර ඇත.

සිකුරාදා සිය ප්‍රකාශනය තුල ඉක්වදෝර ජනාධිපති මොරේනෝ මෙසේ පැවසීය: “අපට ඇවැසි එකම දෙය වනුයේ ඔහුගේ ජීවිතය අනතුරේ නොවන බවට වූ සහතිකයකි. අප ඒ සම්බන්දයෙන් කතා කොට ඇති අතර සත්‍ය වශයෙන්ම අපි ඒ සම්බන්ධයෙන් අසාන්ජ්ගේ මහතාගේ නීතිඥ කන්ඩායම සහ බ්‍රිතාන්‍ය ආන්ඩුව සමග කටයුතු කරමින් සිටිමු”.

අසාන්ජ්ගේ සරනාගත රැකවරනය ඉවත් කිරීම සහ ඔහුගේ අභිචෝදනාකරුවන්ට ඔහුව භාර දීම සඳහා හැරී ගැනීම යටින් පවත්නා එකම කොන්දේසිය වනුයේ අසාන්ජ් ඝාතනය නොකරන බවට බි්‍රතාන්‍ය සහ එජ අධිකාරීන්ගෙන් නොවටිනා පොරොන්දුවක් ලබා ගැනීම බව පෙනෙන්නට ඇත. “කුරිරු හා අවමන්සහගත සැලකීම” සහ “ජීවිතාන්තය දක්වා සිරදඬුවම්” ඇතුලුව, 2012 දී ඉක්වදෝර අධිකාරීන් විසින් ගෙන හැර දක්වන ලද අසාන්ජ්ට එල්ල වන අනෙකුත් තර්ජන දැන් පැහැදිලිවම පිලිගත හැකි ඒවා සේය.

බ්‍රිතාන්‍ය ආන්ඩුව සමග ඔහුගේ සාකච්ඡා වලට අමතරව, ඉක්වදෝරයේ වෙලෙඳ පොලවල්, සම්පත් සහ ලාභ ශ්‍රමය සඳහා ස්පාඤ්ඤ ධනවාදීන්ට නිදහස් ප්‍රවේශයක් සහතික කරමින් පෙඞ්රෝ සන්චෙස්ගේ සුලුතර ආන්ඩුව වන දක්ෂිනාංශික සමාජවාදී කම්කරු පක්ෂය (පීඑස්ඕඊ) සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්නට, මොරේනෝ ස්පාඤ්ඤයට සංචාරය කොට ඇත.

මොරේනෝ ආන්ඩුව විසින් අසාන්ජ් ව සාමාන්‍ය සිරකරුවෙකුට වඩා අඩු අයිතීන් සහිතව සන්නිවේදනය කපා හල තත්වයට පහත හෙලමින් ඔහුගේ අන්තර්ජාල ප්‍රවේශය කප්පාදු කිරීමට සහ දුරකථන ඇමතුම් ලබා ගැනීම හෝ අමුත්තන් හමුවීම වැලැක්වීමට තුඩු දුන්නේ හිටපු කැටලෝනියානු ප්‍රදේශීය ජනාධිපති චාල්ස් පියුජිමොන්ට් අත්අඩංගුවට ගැනීම පිලිබදව අසාන්ජ් විසින් මැඞ්රිඞ් තන්ත්‍රය හෙලා දකිනු ලැබීම පිලිබදව ස්පාඤ්ඤයේ විරෝධතාව බව වාර්තා කෙරිනි.

මෙයින් ඉස්මතු වන්නේ ලෙනින් මොරේනෝගේ ආන්ඩුව පමනක් නොව, ලතින් ඇමරිකාවේ සියලු ඊනියා පින්ක් ටයිඞ්ස් සහ ඔවුන්ගේ ව්‍යාජ වාම අනුචරයන් තියුනු ලෙස දකුනට හැරීමකි.

මොරේනෝ යනු වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ “බොලිවියානු විප්ලවයේ” කොටසක් ලෙස තමාවම ප්‍රකාශයට පත් කරගත් චාවේස්ට පසු හිටපු ජනාධිපති රෆායෙල් කොරයා විසින් තෝරා ගත් අනුප්‍රාප්තිකයාය. මොරේනෝ සහ සහ කොරයා දරුනු ලෙස මත ගැටී තිබුනද, අධිරාජ්‍යවාදය සමග යලි මිත්‍රවීමේ දක්ෂිනාංශික පිලිවෙත් සහ කම්කරු පන්තිය මත ඉහල දමන ප්‍රහාර, හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහනය සහ බර්නි සැන්ඩර්ස්ගේ පරාජය සහතික කිරීමට 2016 මුල් අවස්ථා මැතිවරන ව්‍යාපාරයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ සම්බන්ධතා හෙලිදරව්කරමින් විකිලීක්ස් ඊමේල් පලකිරීමට ප්‍රතිචාර වශයෙන් අසාන්ජ්ගේ අන්තර්ජාල ප්‍රවේශය කපා දැමීමට මුලින්ම මුල පිරූ ආන්ඩුව වුයේ කොරයාගේ ආන්ඩුවයි.

මේ අතර, ලතින් ඇමරිකාවේ ඊනියා “වමට හැරීම” සමඟ අනන්‍යවූ අනෙකුත් ආන්ඩු මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇත. චාවේස්ගේ අනුප්‍රාප්තික නිකොලස් මදුරෝ, ජාත්‍යන්තර බැංකු වලට නය ගෙවීම් මෙන්ම රටේ කතිපයාධිකාරීන් හා මිලිටරි අනදෙන නිලධාරීන්ගේ ධනය හා වරප්‍රසාද සුරක්ෂිත කිරීම සහතික වෙමින් කම්කරු පන්තියේ කොඳු නාරටිය මත වෙනිසියුලාවේ දැවැන්ත ආර්ථික අර්බුදයේ සම්පූර්න බර පටවා ඇත.

නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ජනාධිපති ඩැනියෙල් ඔර්ටෙගා කප්පාදු පියවරයන්ට එරෙහිව මහජන විරෝධතා කුඩුපට්ටම් කර දමමින් 400 කට අධික සංඛ්‍යාවක් මරනයට පත් කල ලේවැකි සංහාරයක් මුදා හැර ඇත. බ්‍රසීලයේ කම්කරු පක්ෂයේ (පීටී) හිටපු ජනපති ලුලා සිරගතව සිටින අතර පීටීය මිලිටරි ආඥාදායකත්වයේ සිට වඩාත් දක්ෂිනාංශික ආන්ඩුවට සහ විවෘත ෆැසිස්ට්තාලයේ අපේක්ෂක ජෙයාර් බොල්සොනාරෝට මාවත විවෘත කල තමාගේම ප්‍රජාතන්ත්‍ර විරෝධි පියවරයන් හා කම්කරුවන්ගේ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් මගින් දැඩි ලෙස අපකීර්තියට පත්ව ඇත.

සුලු ධනේශ්වර ජාතිකවාදය විසින් ආධිපත්‍යය දරන සහ ජාතික කම්කරු නිලධාරී තන්ත්‍රයන් වෙත අනුගතව පාර්ලිමේන්තු තනතුරු ලුහුබැඳීමට සහ අනන්‍යතා දේශපාලනයට නතුව ඇති ලතින් අමෙරිකානු ව්‍යාජ වම අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇඟිල්ල එසවීම ප්‍රතික්ෂේප කරමින් ඔහුට එල්ල කරන ප්‍රහාර බොහෝ සෙයින් නොසලකා හරිමින් ඔහුගේ ඉරනම සමග බැදී ඇති තීරනාත්මක ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අභිලාෂයන් පිලිබද ලතින් ඇමරිකානු කම්කරුවන් දැනුවත් කිරීමට අසමත්වී ඇත.

ආර්ජන්ටිනාවේ ප්‍රධාන ව්‍යාජ වමේ පක්ෂවල සාමාන්‍ය ප්‍රතික්‍රියාව, වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රතික්‍රියාවක් නොමැති වීම පීටීඑස් (පාටිඩෝ ඩි ලොස් ට්‍රබජඩෝස් සෝෂලිස්ට්ස්) හා පීඕ (පාටිඩෝ ඔබ්රේරෝ), වැනි ඒවායේ වෙනස්කම් කුමක් වුවද මූලධර්ම විරහිත මැතිවරන සඳහා “වමේ හා කම්කරුවන් ගේ පෙරමුන” (එෆ් අයි ටී) ට ඒකාබද්ධ වී සිටී.

පීටීඑස් පක්ෂයේ වෙබ් අඩවිය වන ඉස්ක්විර්ඩා ඩයරියෝ හි 2017 අප්‍රේල් 03 වනදා පල කල ලිපිය අසාන්ජ් පිලිබඳ අවසන් ප්‍රධාන ලිපිය විය. සිය මාතෘකාව තුල එය මෙසේ ප්‍රකාශ කලේ ය. “ලෙනින් මොරේනෝගේ ජයග්‍රහනයත් සමග, ජූලියන් අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පලවා හැරීම වැලැක්වී ඇත.” අසාන්ජ්ට එල්ලවූ තර්ජනයන් පිලිබඳව නොතකාහරිමින් සහ දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලකයෙකු වන මොරේනෝ පිලිබඳව මිත්‍යාවන් වපුරමින් විකිලීක්ස් සංස්කාරකගේ ආරක්ෂාව පීටීඑස් සත්‍යවශයෙන්ම නොතකා හැරියේය.

පීඕ පක්ෂය ගත්විට, එය වසර පහකට අධික කාලයක් තිස්සේ අසාන්ජ්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිවක් නොලියමින් එම ප්‍රශ්නය මුලුමනින් ම නොතකා හැර ඇත. සිය රට තුල පෙරොන්වාදී වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය සමග සහ විදේශීයව රුසියානු ස්ටැලින්වාදයේ අන්ත දක්ෂිනාංශික බලයන් සමග සංධානයක් වෙත දිශා ගත වූ මෙම පක්ෂය සියලු ප්‍රධාන දේශපාලන ප්‍රශ්න පිලිබඳව පරිදිම අසාන්ජ්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්ද කම්කරු පන්තිය මත අධිරාජ්‍යවාදී පීඩනය යෙදවීමේ මාධ්‍යයක් ලෙසින්, ලතින් ඇමරිකානු සුලු ධනේශ්වර ජාතිකවාදයේ ප්‍රතිගාමී දෘෂ්ටිය ප්‍රකාශයට පත්කරයි.

ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ කාර්යය වඩා පලල්ව ගතහොත් අධිරාජ්‍යවාදී මර්දනයෙන්, සමාජ අසමානතාවයෙන් හා දරිද්‍රතාවයෙන් ලතින් අමෙරිකාව මුදා ගැනීම සමගම, වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම කල හැකි වනුයේ සියලු “වාම” ධනපති පක්ෂයන්ගෙන් සහ ඒවාට සහය දෙන සුලු ධනේශ්වර ව්‍යාජ වාම කන්ඩායම් වලින් ස්වාධීන වූ කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම හරහා පමනි.

ලෝක යුද්ධයෙන් හා ආඥාදායකත්වයෙන් මනුෂ්‍යත්වයට තර්ජනය කරන ධනේශ්වර පද්ධතිය අවසානයකට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන් එක්සත් කිරීමට වූ සටනේ කොටසක් ලෙස පමනක් ආරක්ෂා කරගත හැකි, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වන සමාජ කන්ඩායම කම්කරු පන්තියයි.

ඔහුව අත් අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට වූ කුමන උත්සාහයකට වුව විරුද්ධව මහජන විරෝධතා හා වැඩවර්ජන සූදානම් කරමින් සහ එජ සහ බ්‍රිතාන්‍ය අධිකාරීන් විසින් සිදුකරන හිංසනයෙන් ඔහුව වහාම නිදහස් කිරීම සඳහා සටන් කරමින් ඔහුගේ රැකවරනය ඉවත් කිරීමට වූ ප්‍රතිගාමී නියෝගය නවත්වන ලෙස ඉක්වදෝර් ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින් අසාන්ජ්ගේ ආරක්ෂාවට පැමිනෙන ලෝකය පුරා කම්කරුවන් සමග ලතින් ඇමරිකානු කම්කරුවන් සම්බන්ධ විය යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: