ලූෂියානාහි දී ගුරුවරිය අත්අඩංගුවට ගැනීම: තවත් දිනයක්, තවත් හිංසනයක්

Teacher’s arrest in Louisiana: Another day, another outrage

2018 ජනවාරි 12

ප‍්‍රාදේශීය පාසල් මන්ඩල නගර ශාලා රැස්වීමකට වඩා “ඇමරිකානු” විය හැක්කේ කුමකට ද? එය වනාහි, නෝමන් රොක්වෙල්ගේ චිත‍්‍රයක් නිරූපනය කරන ආකාරයේ, සාමාන්‍ය පුරවැසියන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාවේ යොදවමින් තමන්ගේ පැමිනිලි මුදාහැර, තමන්ගේ හඬට කන්දෙනු ලැබීම අවශ්‍ය කරන “ප‍්‍රජා රාජකාරියේ” හා වගකීමේ ප‍්‍රතිමූර්තිය යි. එහෙත්, ලූෂියානා ගුරුවරියක් වන ඬේෂියා හාෙග්‍ර්ව්ගේ ඉරනමට සාක්ෂි දරන වර්තමාන ඇමරිකාව තුල සිටින රොක්වෙල්ට, ෆ‍්‍රැන්සිස්කෝ ගෝයා හෝ හියරොනිමස් බොෂ්ගේ විලාසය අනුමත කිරීමට බල කරනු ඇත.

ජනවාරි 8දා පැවැත්වූ පාසල් මන්ඩල රැස්වීමක දී දකුනු ලූෂියානාවේ වර්මිලියන් පැරිෂ්හි රෙනේ ඒ, රොස්ට් මධ්‍යම පාසලේ දිරිමත් ගුරුවරියට, සන්සුන් එහෙත් නිශ්චිත අවධාරනයක් සහිත ව, දිස්ත‍්‍රික් පාසල් අධිකාරී ජෙරෝමි පුයාවුට ඔහු ලබන ඩොලර් 110,000 වැටුපට තවත් ඩොලර් 38,000ක් එකතු කිරීමට ප‍්‍රාදේශීය පාසල් මන්ඩලය ඡන්දය දුන්නේ ඇයිදැයි ප‍්‍රශ්න කිරීමට නිර්භීතකම තිබුනි.

ඇයගේ මධ්‍යම පාසලේ 2015-16 වසරවල වසරේ ගුරුවරිය ලෙස නම් කරන ලද හාෙග්‍ර්ව්, ඉහත සඳහන් කල තීරනය “පිච්චියක් වත් නො ලබන ගුරුවරුන්, ආපන ශාලා කම්කරුවන් හා ඕනෑම සහායක කාර්ය මන්ඩල සාමාජිකයන් මත එල්ල කල අතුල් පහරක්” බව අවධාරනය කලා ය. ගුරුවර ගුරුවරියන් දශකයක් තිස්සේ වැටුප් වැඩිවීමක් නො ලබා සිටින තතු තුල දිස්ත‍්‍රික්කයේ පන්තිවල තරම සිසුන් 21 සිට 29 දක්වා පිම්මක් පැන ඇතැයි ද ඇය පෙන්වා දුන්නා ය.

අනෙකුත් බොහෝ පාසල් දිස්ත‍්‍රික්කයන් මෙන් ලූෂියානා “තෙල් තීරුවේ” පිහිටි වර්මිලියන් පැරිෂ් ප‍්‍රදේශය ද පිරිවැය කප්පාදුව හා බදු ආදායම් පහත යාම හේතුවෙන් ඇති වී තිබෙන සම්පත් හිඟයට හා ඩොලර් මිලියන ගනනක ශේෂ හිඟයට මුහුන දෙයි. “මූලික වසයෙන් ගුරුවරුන්ගේ පඩි පැකැට්ටුවලින් උදුරාගන්නා නිසා, අවශ්‍ය මුදල් ඔබ සොයා ගන්නේ කොහෙන් දැයි” වැටුප් ඉහල දැමීම ගැන හාගේ‍්‍රව් ප‍්‍රශ්න කලා ය.

කට වසා ගන්නා ලෙස හාගේ‍්‍රව්ට අනකරනු ලැබිනි. ඇය එයට විරෝධය පෑ විට පාසල් මන්ඩල සභාපතිගේ උපදෙස් පරිදි ක‍්‍රියාකල නියෝජ්‍ය මාෂල්වරයෙක් ඇයට පිට වී යන ලෙස කීවේ ය. ඇය එයට එකඟවීමෙන් පසු මාෂල්වරයා ඇය ව බිම හෙලා, අත්වලට මාංචු දමා මුර සංචාරයේ යෙදෙන මෝටර් රථයකට ඇද දැම්මේ “තහනම් කිරීමෙන් පසු රැඳී සිටීම” හා “නිලධාරියෙකුට විරෝධය පෑම” ගැන ඇයට චෝදනා කරමිනි. සමස්ත ක‍්‍රියාදාමය වීඩියෝගත කර ඇති අතර ඉන්පසු මිලියන ගනන් ජනයා විසින් එය නරඹා ඇත.

සෑම දිනක ම එවැනි හිංසනයන් ගනන් නැති ආකාරවලින් පුනර්කරනය කරනු ලැබේ. දුබල, දරිද්‍රතාවට ඇද හෙලනු ලැබ ඇතැයි සාක්ෂි තිබෙන කාන්තාවක්, දැරිය නො හැකි සීතලෙන් පෙලෙමින් බැල්ටිමෝර්හි බස් නැවතුම්පොලක රාත‍්‍රීය ගත කරන ආකාරය පෙන්වන නව වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යාම නිසා ලූෂියානාවේ ප‍්‍රවෘත්ති ආවරන සිද්ධි ඉහලින් ම තිබුනි. රක්ෂනාවරන නොමැති පුද්ගලයන් බලහත්කාරයෙන් රෝහල්වලින් බැහැර යැවීම හෙවත් “රෝගීන් අතහැර දැමීම” පිලිබඳ උදාහරනයක් යයි පැහැදිලි වන මෙයට මුහුන දුන් කාන්තාව, එම බස්නැවතුම් පොලේ ගෙනැවිත් දමා තිබුනේ මේරිලෑන්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂක කාර්ය මන්ඩලය විසිනි.

හාගේ‍්‍රව් ගේ ඉරනම මහජන අනුකම්පාවක් දල්වා ඇත. “මා ඬේෂියා හාගේ‍්‍රව් සමග එකඟ වන්නේ මන්ද” නමැති අන්තර්ජාල පෙත්සමකට දැනටමත් 20,000කට වැඩි අත්සන් ලැබී තිබෙන අතර ඉන් 4,000කට ආසන්න ගනනක් ලූෂියානාව තුලින් පැමින ඇත. එක්සත් ජනපදය හා බටහිර හා නැගෙනහිර යුරෝපය, රුසියාව, බ‍්‍රසීලය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, දකුනු අප‍්‍රිකාව හා ඇල්ජීරියාව යනාදී ලොව පුරා රටවලින් එම පෙත්සමට අත්සන් ලැබී තිබේ.

“අපි අපේ රාජකාරිය ඉෂ්ට කරමු” යන්න හා “ඔබ අපේ රැකියාව දුෂ්කර කරමින් සිටී” නමැති මධ්‍යම පාසල් ගුරුවරියගේ ප‍්‍රකාශය එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද වැඩකරන ජනයාගේ දෛනික අත්දැකීම් සමග අනුනාද වේ.

සම්පත් උදුරා ගැනීමට හා විරෝධතා මැඩපැවැත්වීමට පාසල් මන්ඩල නිලධාරීන්ට හැකියාව ලබා දෙන්නේ කුමක් ද? ඔවුන්ගේ හොරකමට වඩා විශාල හොරකමක් විසින් හැකියාව ලබා දෙන අතර ඔවුන්ගේ ආධිපත්‍යධාරී නැඹුරුව පෝෂනය ලබන්නේ වඩා පෘථුල සමාජීය වටපිටාවකිනි.

මිලියන ගනන් කම්කරුවන් ජීවන තත්ත්වයන් පහල යාමෙන් පීඩා විඳින්නේ කොටස් වෙලඳපොල දර්ශකය 25,000 සීමාව පසුකරන හා සංගත ඇමරිකාව යෝධ බදු සහන අත්විඳින තතු තුල ය. මහජනයා එකකට පසු තවෙකක් වසයෙන් ව්‍යසනවලට මුහුන දෙමින් සංගත පාලිත ආන්ඩුවල නොතැකීමට ද මුහුන දෙති. අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සම්පත් හිඟයෙන් පෙලෙන්නේ ඩිමොක‍්‍රටික් වේවා රිපබ්ලිකන් වේවා සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ දේශපාලන නියෝජිතයන් බැංකු ඇප, බදු සහන හා යුද්ධයන් මගින් අසීමිත සම්පත් සොයාගනිද්දී ය.

පාලක ප‍්‍රභූන් තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට පුරුදු වී සිටින්නේ ඕනෑම විරෝධයකට පලමු අවස්ථාවේ දී ම මුහුන දීමට පොලිස් මුගුරු යොදාගනිමිනි. වැඩ කරන ජනයාගේ අවශ්‍යතා හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් කෙරෙහි පවත්නා මෙම පන්තිමය අවඥාව, වොෂින්ටනයේ ධවල මන්දිරය හා කොංග‍්‍රස් සභා ගොඩනැගිල්ලේ සිට අයවැය හා අනෙකුත් කප්පාදු පැටවීමේ කාර්යය පැවරී ඇති කුඩා නිලධාරියා දක්වා වන ප‍්‍රභූව තුලින් පෙරී එයි.

කුඩා ගුරුවරුන් කන්ඩායමකට ප‍්‍රාදේශීය පාසල් මන්ඩලයක ප‍්‍රතිචාරය මෙය නම්, ඇමේසන් අයිතිකාර ජෙෆ් බෙසෝ වැන්නවුන් තමන්ගේ අසීමිත ධනයට හා තම පන්තියේ ආඥාදායක පාලනයට එරෙහි කම්කරු පන්තියට හා මහජන ව්‍යාපාරයකට දක්වන ප‍්‍රතිචාරය කුමක් විය හැකි ද? නියෝජ්‍ය මාෂල්වරුන් හා කුලියට ගත් ආරක්ෂකයන් වෙනුවට බෙසෝ කැඳවනු ඇත්තේ එක්සත් ජනපද හමුදාව යි.

සමාජ අසමානතාව නමැති පොදු හේතුවේ විවිධාකාර විපාකයන් වන පුද්ගලික අභිමානයට එරෙහි එවැනි අසාධාරනයන් හා හිංසා කිරීම් කම්කරු පන්තියේ විඥානය ඉහල දමයි. මෙම මනෝගතිය දේශපාලන රූපයක් ලෙස ඉස්මතු වූ විට ඉලක්කය වනු ඇත්තේ හුදෙක් ප‍්‍රාදේශීය පාසල් නිලධාරීන් පමනක් නො වේ.

ජෙරී වයිට්

Share this article: