ශ්‍රී ලංකාවේ සසප සංවත්සර රැස්වීම සංක්‍රමන-විරෝධී ප්‍රහාර හෙලා දකී

SEP anniversary meeting in Sri Lanka denounces anti-immigrant attacks

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) විසිනි, 2018 ජූනි 27

මේ මස කොලඹ දී පැවති සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සර රැස්වීමේ දී පහත යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදි.

එක්සත් ජනපද ට්‍රම්ප් ආන්ඩුව ද යුරෝපීය බලයන් ඇතුලු සෙසු අධිරාජ්‍යවාදී බලවතුන් ද සංක්‍රමනිකයන්ට එරෙහිව දියත් කර ඇති මෘග ප්‍රහාර තරයේ හෙලා දකින මෙම සභාව, සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම පිනිස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයත් ගෙන යන උද්ඝෝෂනයට පූර්න සහයෝගය ප්‍රකාශ කර සිටී.

සංක්‍රමනිකයන්ට එරෙහි මෙම ප්‍රහාරය ගෝලීය ප්‍රපංචයකි. යුරෝපයෙත් ඉන් පිටතත් රටක් රටක් පාසා මෙලෙස සංක්‍රමනික-විරෝධී පිලිවෙත් ක්‍රියාවට දැමෙමින් පවතී. එමෙන් ම එය හුදු දක්ෂිනාංශික පක්ෂවලට පමනක් සීමා වූවක් නොව, පාලක පන්තියේ සියලුම පක්ෂ අන්ත දක්ෂිනාංශික පැසිස්ට් පක්ෂවලට සංක්‍රමනික-විරෝධී පිලිවෙත් වඩවඩා වැලඳ ගනිමින් සිටි, විශේෂයෙන් ම එක්සත් ජනපදය තුල ට්‍රමප් ආන්ඩුව යටතේ ක්‍රියාවට දැමෙන පිලිවෙත්වට ඉන් පෙර බලයේ සිටි ඩිමොක්‍රටික් පාලනය යටතේ පදනම දැමුනි.

සංක්‍රමනිකයන්ට එරෙහි මෙම ප්‍රහාර සමස්ත ධනපති ක්‍රමයේ ම ජරාජීර්න භාවය හා තියුනු අර්බුදය ප්‍රකාශයට පත් කරයි. ධනවාදය යටතේ උග්‍රවන විරැකියාව, දරිද්‍රතාව හා අසමානතාව ඇතුලු සමාජ ප්‍රශ්නවලට ධනපති පන්තියට මොනම විසදුමක් හෝ නොමැත. ඔවුහු එම ප්‍රශ්නවලට සංක්‍රමනිකයන් දඩමීමුන් බවට පත් කොට දේශීය රටවල් කම්කරවන් සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව පිහිටුවීමට තැත් කරති.

ධනපති පන්තියේ ස්වෝත්තමවාදී සංක්‍රමනික-විරෝධී පිලිවෙතට එරෙහිව, කම්කරුවන්ට පුර්න පුරවැසි අයිතීන් සහිතිව ලෝකයේ තමන් කැමති ඕනෑම රටක වාසය කිරීමේ, වැඩ කිරීමේ අයිතිය කොන්දේසි විරහිතව ආරක්ෂ කරන මෙම සභාව, සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීම පිනිස ජාත්‍යන්තර පරිමානව කම්කරවන්ගේ ඒකාබද්ධ ව්‍යාපාරයක අවශ්‍යතාව අවධාරනය කරයි. එය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය මත ලෝක කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීමේ ව්‍යාපාරයක් බව අපි කියා සිටිමු.

Share this article: