සමාජවාදී සමානතා පක්ෂය ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පිලිබඳ සාර්ථක රැස්වීමක් පවත්වයි

SEP (Sri Lanka) holds successful public meeting on political crisis

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 නොවැම්බර් 22

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), පසුගිය සඳුදා කොලඹ ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පිලිබඳ සාර්ථක රැස්වීමක් පැවැත්වූ හ. 60 කට අධික කම්කරුවෝ, තරුනයෝ හා ගෘහනියෝ රැස්වීමට සහභාගි වූ හ.

දේශපාලන අර්බුදය අවුලුවන ලද්දේ ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීම මගිනි.

රැස්වීම ගොඩනැගීම සඳහා කල උද්ඝෝෂනයේ දී සසප හා සසජාතශි සාමාජිකයෝ “ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු” යන සසප ප‍්‍රකාශයේ පිටපත් දහස් ගනනක් සිංහල හා දෙමල භාෂාවලින් විශ්ව විද්‍යාල, කම්කරු නිවහන් ප‍්‍රදේශ හා වැඩබිම්වල බෙදා හැරිය හ.

විලානී පීරිස්

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩල සාමාජිකා විලානී පීරිස් ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ධනවාදයේ ලෝක අර්බුදයේ කොටසක් බව පැහැදිලි කලා ය. ඉන්දියාව ද කේන්ද්‍රීය ක‍්‍රියා කලාපයක් ඉටුකරන සහ එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන චීනයට එරෙහි ගැටුම තුල දී ශ‍්‍රී ලංකාව භූ-මූලෝපායික ව තීරනාත්මක ස්ථානයක් ලෙස දැකගන්නා බව ඇය සඳහන් කලා ය.

පැවතීගෙන යන කන්ඩායමික අරගලයෙන් වික‍්‍රමසිංහ හෝ රාජපක්ෂ යන කවරෙක් ජයග‍්‍රහනය කල ද ඊලඟ ආන්ඩුව අධිරාජ්‍යවාදී බලයන්ට යටහත් වනු ඇති බවට පීරිස් අනතුරු ඇඟවූවා ය. රාජපක්ෂගේ ආන්ඩුවක් චීනය දෙසට යොමු වනු ඇතැයි උත්සුක වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ඉන්දියාව වර්තමානයේ වික‍්‍රමසිංහට පිටුබලය දෙමින් සිටින බව ඇය අවධාරනය කලා ය.

සිරිසේන විසින් මූලික අමාත්‍යාංශ ඔහු යටතේ තබාගෙන සිටින තතු තුල හා තමා කැමති කවරෙකු හෝ අගමැතිධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බව රාජපක්ෂ විසින් අවධාරනය කරන තතු යටතේ, අර්බුදය සලකුනු කරන්නේ ආඥාදායකත්වය දෙසට තබන වැඩිදුර තල්ලු වීමකි.

ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය, වික‍්‍රමසිංහ “ශ්‍රේෂ්ඨ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු” ලෙස හුවා දක්වමින් සිටින බව පීරිස් විස්තර කලා ය. මෙහි ඉලක්කය වන්නේ කම්කරු පන්තිය පාලක ප‍්‍රභූවට බැඳතබමින් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වාර්තාව ආවරනය කිරීම යි.

කපිල ප‍්‍රනාන්දු

සසජාතශි කැඳවුම්කාර කපිල ප‍්‍රනාන්දු එජාපය හා සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සියලු ධනේශ්වර පක්ෂවල අධිරාජ්‍ය-ගැති ස්වභාවය පැහැදිලි කලේ ය.

වික‍්‍රමසිංහට සහයෝගය දීම ගැන රාජපක්ෂගේ පාර්ශවයේ සමහර නායකයන් බටහිර බලයන් විවේචනය කර තිබුන ද තමන් නායකත්වය දෙන ආන්ඩුවක් එක්සත් ජනපදය හා ඉන්දියාව සමග වැඩකිරීමට සූදානම් බව රාජපක්ෂ සංඥා කොට ඇත. පෙර පැවති රාජපක්ෂ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ලේවැකි යුද්ධය දියත් කරද්දී එක්සත් ජනපද මිලිටරිය සමග සමීප ව ඒකාබද්ධ වී සිටි බව ප‍්‍රනාන්දු සඳහන් කලේ ය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ඉස්මතු වන ව්‍යාපාරයක් සහ කම්කරුවන් හා දුගීන්ගේ මහජන අරගලයන් දේශපාලන අර්බුදය ජනනය කිරීමේ දී සෘජු භූමිකාවක් ඉටුකල බව ප‍්‍රනාන්දු කීවේ ය. කම්කරු පන්තිය දෙසට හැරෙන ලෙසත්, පාලක ප‍්‍රභූවේ ඒ හෝ මේ කන්ඩායමට තරුනයන් යටත් කිරීමට ශිෂ්‍ය සංගම් දරන උත්සාහයන් ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු තරුන ජනයාගෙන් ඉල්ලා සිටියේ ය.

රැස්වීමට සහභාගිවූ අයගෙන් කොටසක්

ප‍්‍රධාන කථිකයා වූ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, දේශපාලන අර්බුදය පිලිබඳව අඛන්ඩ ව ලිපි පලකරමින් එය මාක්ස්වාදී විශ්ලේෂනයකට බඳුන් කර ඇති එකම පක්ෂය සසප බව විස්තර කලේ ය.

”සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ධනේශ්වර පාලනයේ අර්බුදය සැහැල්ලූවෙන් ගන්නේ නැහැ” යයි ඩයස් කීවේ ය. “පැරනි පාර්ලිමේන්තු රූපාකාර පුපුරායාම, කම්කරු පන්තිය විසින් විප්ලවවාදී නිගමන උපුටා ගත යුතු විප්ලවීය ගම්‍යයන් දරා සිටිනවා. කම්කරු පන්තියට මෙය කලහැක්කේ සසපයේ දේශපාලන වැඩකටයුතු හා විශ්ලේෂනයේ උදවුවෙන් පමනයි.

”අර්බුදය පිලිබඳ සියලු ධනේශ්වර හා ව්‍යාජ-වාම වාර්තා අතර තීරනාත්මක වචන දෙකක් වන‘ධනේශ්වර’ හා ‘පන්ති’ යන වචන දෙක නැති බව බුද්ධිමත් නිරීක්ෂකයෙකු නිරීක්ෂනය කර තිබිය යුතු යි. පුපුරා ගොස් ඇති අර්බුදය ධනේශ්වර පාලනය පිලිබඳ එකක් බවත්, පවතින ඝට්ටනය ධනපති පන්තියේ කන්ඩායම් දෙකක් අතර එකක් බවත් ඔවුන් කිසිවිටෙක සඳහන් කරන්නේ නැහැ. එයට හේතු වන්නේ, එවැනි පන්ති සැඳහුමක්, ඔවුන් විරුද්ධ වන දෙයක් වන කම්කරු පන්තිය හා තරුනයන් විසින් ස්වාධීන දේශපාලන ඉදිරිදර්ශනයක හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාව දැකගැනීම ඉස්මතු කරන නිසයි.”

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෑමවිට ම ධනේශ්වර ආඥාදායකත්වයේ ධූමාවරනයක් ලෙස සේවය කර ඇති බව ඩයස් විස්තර කලේ ය. ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කාල් කවුට්ස්කිගේ ප‍්‍රතිසංස්කරනවාදී තර්ක කිරීම්වලට විරුද්ධ ව්ලැදිමීර් ලෙනින්ගේ විවාදයෙන් ඩයස් උපුටා දැක්වී ය. ලෙනින් මෙසේ අවධාරනය කලේ ය: “බහුතරය වන සූරාකැවෙන්නන් සූරාකන්නන් විසින් පාලනය කිරීම තිබෙනතාක් කල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය අත්‍යවශ්‍ය වසයෙන් ම සූරාකන්නන් සඳහා පවතින ප‍්‍රජාතන්ත‍්‍රයක් වේ.”

පාලක ප‍්‍රභූව තුල පවතින ඝට්ටනය පවතින්නේ කම්කරුවන් හා පීඩිතයන් අතරින් ඉස්මතු වන අරගල වඩා හොඳින් මර්දනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත‍්‍රනය සූදානම් කරගැනීම අරබයා වන එකක් බව ඩයස් සඳහන් කලේ ය.

පාර්ලිමේන්තු පාලනය පිලිබඳ විප්ලවවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ආකල්පය කථිකයා විසින් විමර්ශනයට ලක්කලේ ය. 1948 දී නාමික නිදහස ප‍්‍රදානය කිරීමට වසරකට පෙර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ‍්‍රී ලංකාවට පාර්ලිමේන්තුව හඳුන්වා දුන් අවස්ථාවේ, එය “මහජනතාවට එරෙහි කුමන්ත‍්‍රනයක්” බව ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) සංලක්ෂනය කලේ ය.

බීඑල්පීඅයි පසුකලෙක පසුබැස්ස ද සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මෙම විප්ලවීය සමාජවාදී ඉදිරිදර්ශනය පසුගිය වසර පනහ තිස්සේ ආරක්ෂා කර ඇත. පාර්ලිමේන්තු මැතිවරනවලට ආක‍්‍රමනශීලී ව මැදිහත්වීමේ දී පවා, කම්කරු පන්ති බලයේ ස්වාධීන ආයතන මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සසප නිරන්තරයෙන් අවධාරනය කර ඇත.

වර්තමාන අර්බුදයේ දී සසප වගකීම් කැටිකර දක්වමින්, 2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරනය ජෝර්ජ් බුෂ් හා රිපබ්ලිකන් පක්ෂය විසින් හොරකම් කල අවස්ථාවේ ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කල කතාවක්, ඩයස් විසින් උපුටා දැක්වී ය.

“අවසාන විග‍්‍රහයේ දී විප්ලවය වලක්වන්නේ ධනේශ්වර රාජ්‍යයේ ශක්තිය විසින් පමනක් නො වේ. වඩා ප‍්‍රගාඪ හා ඓතිහාසික ව අත්‍යවශ්‍ය මට්ටමක දී එයට හේතු වන්නේ, සමාජය ඉහල සිට පහලට ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා මැදිහත්වීමට පුලුල් මහජනයා අතර දේශපාලන විශ්වාසය හා සවිඥානකත්වය නොමැති වීම යි” යනුවෙන් නෝර්ත් ලීවේ ය. ඔහු මෙසේ ද එකතු කලේ ය: “එහෙත් වර්තමාන අර්බුදය සමාජ විඥානයේ අර්ථභාරී හා ප‍්‍රගතිශීලී මාරුවක් සඳහා අවශ්‍ය ගාමකය සම්පාදනය කරනු ඇත.”

ශ‍්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම 2008 මූල්‍ය අර්බුදය සමග ආරම්භ වූ ලෝක ධනවාදයේ කඩාවැටීමෙන් ජනනය කෙරුනු බව ඩයස් කීවේ ය. මෙය ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා තවත් තැන්වල කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පැනනැංවීමට හේතු විය.

2011 දී නිදහස් වෙලඳ කලාපවල, 2012 දී ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි ව ධීවරයන් අතර හා 2013 දී පානීය ජලය සම්බන්ධ මහජන විරෝධතා ආදී වසයෙන් ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රධාන අරගල පුපුරා ගියේ ය.

එවකට ජනාධිපති වූ රාජපක්ෂ මේ සෑම අරගලයකට ම එරෙහි ව පොලිස් මිලිටරි මර්දනය මුදාහැරී ය. වැඩී එන ව්‍යාපාරය පීලීපැන්නවීම සඳහා ඔහු ඉන්පසු නියමිත කලට පෙර 2015 දී ජනාධිපතිවරනයක් කැඳවී ය.

ධනේශ්වර “පොදු අපේක්ෂකයා” වූ සිරිසේන, “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” කප්පිත්තකු බවත් සමාජ සහන ප‍්‍රදානය කරනු ඇති බවත් ප්‍රෝඩාකාරී ව කියාපාමින් සියලු ව්‍යාජ-වාම කන්ඩායම් හා වෘත්තීය සමිති ඔහු වටා වහාම රොද බැඳගති. මෙහි දී ඔවුන්ට, රාජපක්ෂ චීනය සමග ගොඩනගාගෙන තිබූ වැඩෙන සබඳතා පිලිබඳ ව වඩ වඩා උත්සුක වූ වොෂින්ටනයේ සහාය ලැබුනි.

“‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ පිලිබඳ මෙම කුනු වූ අද්වකාත්වරුන්ගේ කරමතින් බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ධනේශ්වර ‘සමගි’ ආන්ඩුව, ආරම්භයේ පටන් ම කම්කරුවන්ගේ අරගල තලාදැමීම සඳහා ප‍්‍රචන්ඩ ලෙස බලය මුදාහැරි” යයි ඩයස් කීවේ ය. තැපැල්, විදුලි බල හා වරාය කම්කරුවන්ගේ, විශ්ව විද්‍යාල සේවකයන්ගේ, ශිෂ්‍යයන්ගේ හා ගම්බද දුගීන්ගේ වර්ජන හා අරගලවලට විරුද්ධ ව පොලීසිය හා මිලිටරිය මුදාහරිනු ලැබින.

වර්ධනය වන ව්‍යාපාරය පසුගිය මාසයේ සිරිසේන හා වික‍්‍රමසිංහ අතර විරසකයට තුඩුදෙමින් ආන්ඩුවේ අර්බුදය වැඩි දියුනු කලේ ය.

විජේ ඩයස්

ඩයස් මෙසේ කීවේ ය: “දේශපාලන අර්බුදයේ ක්ෂනික භාවය හා එය විසින් නිර්මිත ව්‍යාකූලත්වයේ බර මධ්‍යයේ වර්තමානයේ පන්ති අරගලය යටපත් ව තිබුනත්, යුද්ධය, කප්පාදුව හා ආඥාදායකත්වයට එරෙහි මහජන අරගල න්‍යාය පත‍්‍රයේ තිබෙනවා. මහජනයා විසින් කිසිදු මැදිහත්වීමක් කිරීමට පෙර කන්ඩායම් දෙක අතර සම්මුතියක් සඳහා පාලක ප‍්‍රභූවේ වඩාත් හිතන මතන කොටස් තල්ලුව දෙමින් සිටින්නේ මේ නිසයි.”

දිවයිනේ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමටත් දකුනු ආසියාව තුල ඔවුන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යාමටත් අධිරාජ්‍යවාදී බලයන් ක‍්‍රියාශීලී ව උත්සාහ දරන බව ඩයස් සඳහන් කලේ ය.

ඇදී යන අර්බුදය තුල “බොහෝ දේ පරදුවට තැබී තිබෙන” බව පැවසෙන එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප‍්‍රකාශයක් වාර්තා කරමින් සන්ඬේ ටයිම්ස් පත‍්‍රය පලකල ලිපියකින් ඔහු උපුටා දැක්වී ය. “වඩා ඍජු මිලිටරියෙන්-මිලිටරියට අභ්‍යාස, හුවමාරු කරගැනීම් හා පුහුනු වැඩසටහන් සමගින් 2015 ජනවාරියේ සිට ශ‍්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස වර්ධනය විය.... පසුගිය මාස දෙක තුල ලංකාවේ ආරක්ෂක සම්මන්ත‍්‍රනවලට ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද, ජපාන හා ඕස්ටේ‍්‍රලිියානු මිලිටරි නායකත්වයන් සහභාගි වීම, එම රටවල් ශ‍්‍රී ලංකාව සමග සබඳතාවන්ට දී තිබෙන වැදගත්කම අවධාරනය කරයි” යනුවෙන් එය සඳහන් කලේ ය.

“දේශපාලන අර්බුදයට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමේ තීරනාත්මක වැදගත්කම මෙම වර්ධනයන් විසින් අවධාරනය කරනවා. එවැනි මැදිහත්වීමකට අවශ්‍ය ඉදිරිදර්ශනය අහසින් පාත්වන්නේ නැහැ. එම ඉදිරිදර්ශනය අතීත පන්ති අරගලවල මූලෝපායික අත්දැකීම් මත දැඩි ව පිහිටාගත යුතු යි” යයි ඩයස් කීවේ ය.

මෙම අත්දැකීම්වල දේශපාලන පාඩම් පිලිබඳ කෝෂ්ටාගාරය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වර්තමානයේ නියෝජනය කරන මාක්ස්වාදී ව්‍යාපාරය යි. සියල්ලට ඉහලින්, මේ සඳහා, ඉස්මතු වන කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල නායකත්වය ලෙස සසප හා හජාජාක ගොඩනැගීම අවශ්‍ය වේ.

Share this article: