සෑම මිනිසකුම සමානයන් ලෙස මවා නැත
ජන්ම අයිතියේ පුරවැසිභාවයට එරෙහි ඇමරිකානු කතිපයාධිකාරයේ ප‍්‍රහාරය

Immigrant tent cities and right-wing terror: The new normal in America

2018 නොවැම්බර් 1

එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 14වන සංශෝධනයේ තහවුරු කර ඇති එක්සත් ජනපද භූමියේ උපත ලද සියලූම ජනයාගේ ජන්ම අයිතියේ පුරවැසිභාවය අවසන් කිරීමේ ට‍්‍රම්ප් පරිපාලනයේ යෝජනාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයේ තවත් සන්ධිස්ථානයකි.

මෙම යෝජනාව සමග, “සෑම මිනිසකුම සමානයන් ලෙස මවනු ලැබ ඇත” යන නිදහසේ ප‍්‍රකාශනය (Declaration of Independence’s proclamation) අන්තර්ගතව ඇමරිකානු සමූහාන්ඩුව පිහිටුවන ලද මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මය ඇමරිකානු කතිපයාධිකාරය ප‍්‍රතික්ෂේප කරමින් සිටියි. ඇමරිකානු ජනාධිපතිවරයාට විධායක නියෝගයක් මගින් 14වන සංශෝධනය අහෝසි කල හැකිනම්, භාෂනයේ නිදහස, අසාධාරන සෝදිසි සහ අත්අඬංඟුවට ගැනීම්වලින් ආරක්ෂාව, නිසි නීතිමය කි‍්‍රයාදාමය, සහ නීති උපදෙස් ලබා ගැනීමේ අයිතිය ඇතුලූ අනෙකුත් අතිමූලික ආරක්ෂාවන් සහතික කරන සමස්ථ අයිතීන්ගේ ප‍්‍රඥප්තිය (Bill of Rights) ඔහු විසින් පෙරලා දමනු ලැබීම නවත්වන්නේ කුමක් මගින් ද?

අන්තර්වාර මැතිවරන උද්ඝෝෂනයේ අවසන් දිනවල මතුවූ ට‍්‍රම්ප්ගේ යෝජනාව විදේශිකයන් නොරිස්සීමේ මනෝගතීන් අව්ලවාලීමේත්, ව්‍යවස්ථාවට බාහිර දක්ෂිනාංශික කන්ඩායමක් නිර්මානය කිරීමේත් එල්ලය පෙරදැරිකරගත් පරිපාලනය සහ එහි ෆැසිස්ට්වාදී නිලධරයේ ප‍්‍රකෝපකරනයකි. එවැනි ව්‍යාපාරයක් ට‍්‍රම්ප්ගේ සංගත ගැති, යුද ගැති, ආගමනික විරෝධී න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව විශ්වාස කෙරෙයි.

කම්කරු පන්තියේත් සහ ආගමනිකයන්ගේත් ජන්ම අයිතියේ පුරවැසිභාවය අහෝසි කිරීමෙහි බලපෑම ව්‍යසනකාරීය. මෙමගින් එක්සත් ජනපදයේ පුරවැසිනොවන දෙමව්පියන්ට දාව උපත ලත් ලදරුවන් 300,000 ක් රඳවාගනු ලැබීමේ සහ පිටුවහලට ගොදුරු වීමේ අවදානමට සෑම වසරකම පත්වනු ඇත.

මෙය තම දරුවන් පාසැල්වලට යැවීමටත්, රෝහල්වල දරුප‍්‍රසූතියට යැවීමටත් නැත්නම් තම රෝගී දරුවන් වෛද්‍යවරු මුනගැසීමට යැවීමටත් බියවන ආගමනික පවුල් වලින් සමන්විත අසාධාරනයට ලක්වූ සමාජ ස්ථරයක් (underclass) නිර්මානය කරනු ඇත. කුමන හෝ රටක පුරවැසිභාවය නොමැති මිලියන ගනන් දරුවන් රටක් නැත්තවුන් බවට පත්වනු ඇත. පැල්පත් සහිත දිස්ත‍්‍රික්කයන්ද, බිත්ති වලින් වට කල මුඩුක්කු බිම් වල තුන්වන ලෝකයක්ද වර්නභේදවාදී කොන්දේසිද සාමාන්‍යය බවට පත් වනු ඇත.

අතීතයට මෙම යෝජනාව භාවිතා කලහොත්, ජන්ම අයිතියේ පුරවැසිභාවය අහෝසි කිරීම මගින් මිලියන 10 ක ජනතාව ක්ෂනික පිටුවහල් කිරීමේ අවදානමට පත්වනු ඇති බව වාර්තා වෙයි. මොන හෝ මාර්ගයකින් වේවා, ලේඛනගත නොවූ මහජනතාවගේ ව්‍යාප්තවීමට ප‍්‍රතිචාරය දැක්වීමට, තවතවත් රැඳවීම් කඳවුරු ගොඩනැගීමද, දේශසීමාවල පමනක් නොව ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවලද ආගමනික ඒජන්තයින් සහ හමුදා භටයින් යෙදවීමද ඇතුලත් වන යුද නීතිය දෙසට ආන්ඩුව තව තවත් ගමන් කරනු ඇත.

ඊයේ ඇමරිකානු ආගමනික කව්න්සිලය (American Immigration Council) ලියූ පරිදි තීරනය, “පුරවැසිභාවය සනාථ කිරීම ලෙස උප්පැන්න සහතිකය තවදුරටත් පෙන්වීමට නොහැකි සියලුම ඇමරිකානුවන් මත දුෂ්කරතාවන් පමුනුවයි. උපන් ස්ථානය තවදුරටත් පුරවැසිභාවය සහතික කරන්නේ නැත්නම්, එවිට එක්සත් ජනපද පුරවැසියකු ලෙස පිලිගනු ලැබීමට ආන්ඩුවට තම දෙමව්පියන්ගේ ජාතිකත්වය සනාථ කිරීමට සියලුම ඇමරිකානුවන්ට ( හුදු තම දෙමව්පියන් ලේඛනගත නොවූ පුද්ගලයින්ට පමනක් නොව) බල කෙරෙනු ඇත.

තම පවුල්වල උරුමයේ අතීතය සෙවීමට වඩාත්ම අසීරුතාවයට මුහුන දෙන කම්කරුවන් සහ දුගීන්ට, මේ නිසා, නිසි නීතිමය කි‍්‍රයාදාමයේ අයිතියත්, ඡන්ද සහ සමාජ සේවාවන් සඳහා අයිතියත් ප‍්‍රතික්ෂේප කෙරෙනු ඇත.

මෙම යෝජනාවෙන් එලිදරව්වන්නේ පාලක පන්තිය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවල හෝදාපාලුවේ පරිමාවයි. 2000 දී මැතිවරනය සොරා ගැනීමෙන්ද සහ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කර ආසන්නව වසර 20 අනතුරුව, ව්‍යාජ කඩතුරාවන් යටතේ රටවලට බෝම්බ දමමින්ද, දහස් ගනන් ඩ්‍රෝන ප‍්‍රහාර මගින් ඝාතනය කරමින්ද, වධබන්දන, මහජන ඔත්තු බැලීම්, සහ මහජන පිටුවහල් කිරීම් කරගෙන යමින්ද පක්ෂ දෙකම දැනටමත් අයිතීන්ගේ ප‍්‍රඥප්තිය කෑලිවලට ඉරා දමා ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ඩිමොක‍්‍රටික ගැති සංගත මාධ්‍යය ට‍්‍රම්ප්ගේ ජන්ම අයිතියේ පුරවැසිභාවය අවලංගු කිරීමට සහය දැක්වූහ, නැතහොත් එය ලඝුකොට තැකූහ.

ඊයේ ඉන්දියානාහි ඩිමොක‍්‍රටික සෙනේට් සභික ජෝ ඩොනෙලි නිවේදනය කලේ ජන්ම අයිතියේ පුරවැසිභාවය අවලංගු කිරීමට තමන් සහය දක්වන බවයි. මේ අතර, මිසෝරිහි ඩිමොක‍්‍රටික සෙනේට් සභික ක්ලෙයාර් මැක්කැස්කිල් සීඑන්එන් ට පැවසුවේ, “දේශසීමාව ආරක්ෂා කිරීමට ඔහුට අවශ්‍ය දෙය සඳහා මම ජනාධිපතිට සියයට 100 ක් සහය දෙමි” යනුවෙනි.

එන්බීසී වාර්තා කලේ මේරිලන්ඞ්හි ඩිමොක‍්‍රටික සෙනේට් සභික අපේක්ෂක වෙනුවෙන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂන රැලියකදී කථා කල බර්නි සෑන්ඩර්ස් සිතාමතාම ජන්ම අයිතියේ පුරවැසිභාවයට එරෙහි ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාරය ගැන සඳහන් කිරීම මගහැරි බවයි.

පෙර දිනයේදී අන්ත දක්ෂිනාංශයේ අනතුර ගැන ලඝුකොට තැකූ සෑන්ඩර්ස් පිට්ස්බර්ග්හි ට්‍රී ඔෆ් ලයිෆ් සිනගෝගය (යුදෙව් පල්ලිය) තුල සෙනසුරාදා යුදෙව් පුද්ගලයින් 11කුට එල්ල කෙරුනු වෙඩි ප‍්‍රහාරවලට ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී කයිවාරු සම්බන්ද කිරීමට වෑයම් දැරූවන් හෙලා දැක්කේය. “මම මෙතැන සිට ජනාධිපතිට බැන නොවදිමි”, යනුවෙන් සෑන්ඩර්ස් පැවසීය.

නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් වල ඊයේ පලවූ ඔන්ලයින් කලාපවල කතුවැකි සහ තීරු ලිපි 28 න් යන්තම් තුනක පමනක් ට‍්‍රම්ප්ගේ ජන්ම අයිතියේ පුරවැසිභාවයට එරෙහි ප‍්‍රහාර ගැන සඳහන් කෙරින.

මේවායින්, ජෝර්ජ් කොන්වේ සහ නීල් කැටියල් විසින් පෝස්ට්හි ලියන ලද එක් තීරු ලිපියක් ට‍්‍රම්ප්ගේ යෝජනාව “නිසැකවම” අධිකරනය විසින් නවතනු ඇතැයි නිඳි ගන්වනසුලු වූ අතර මෙගන් මැක්ආර්ඩල් විසින් ලියන ලද අනෙක් ලිපිය ආගමනිකයන්ට එරෙහි ඔහුගේ යෝජනාවලට ෆැසිස්ට්වාදය හෝ ආඥාදායකත්වය කුමන හෝ සම්බන්දයක් ඇතැයි පැවසීම “ප‍්‍රහාරාත්මක උන්මාදයක්” යනුවෙන් ට‍්‍රම්ප් ආරක්ෂා කලේය. “මේ ආකාරයට තර්ක කිරීම පිස්සුවකි. වාමාංශිකයින් විසින් මෙය ඉවත් කල යුතුය.” යනුවෙන් ඇය ලියන්නීය.

ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එය සමග පෙල ගැසී ඇති පුවත්පත්වල ප‍්‍රතිචාරය සනාථ කරන්නේ මෙම කල්ලියේ මූල්‍ය ප‍්‍රභූන්, (ඔවුන් දෙගොල්ල අතර ප‍්‍රමූඛතාවන් පිලිබඳව වෙනස්කම් තිබුනද) ට‍්‍රම්ප් සහ රිපබ්ලිකානුවන් තරමටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට සතුරු බවයි.

ආගමනිකයන්ට එරෙහිව ජන සංහාර වාතාවරනයක් නිර්මානය කිරීමට මහජනතාවගේ පසුගාමී කන්ඩායමක් ඇවිස්සීමට රිපබ්ලිකානුවන් සහ ට‍්‍රම්ප් මාන බලන අතර, ඩිමොක‍්‍රටික් පක්ෂයේ එල්ලය වී ඇත්තේ සංගත සහ සීඅයිඒ (මධ්‍යම ඔත්තු සේවා අධිකාරිය) සංවිධානය “ආධිපත්‍යධාරි නොවන” ලෙස සලකන අන්තර්ජාල වාරනය කිරීමට සහ ඕනෑම දේශපාලන අදහසක් සඳහා මුඛවාඩම් දැමීමට හමුදා ඔත්තුසේවා ඒජන්සීන් සහ තාක්ෂනික සමාගම් සමග එකට වැඩ කිරීමයි.

“විදේශ අතපෙවීම්” සහ “රුසියාව” වෙනුවට “ආගමනික ආක‍්‍රමනිකයෝ” සහ “නරක (ලතින් ඇමරිකානු) මිනිස්සු” ආදේශ කලවිට ඩිමොක‍්‍රටික සහ රිපබ්ලිකානුවන් විසින් උසිගැන්වෙන දක්ෂිනාංශික උමතුව වෙන්වෙන්ව දැකගත නොහැක. මෙම අවස්ථා දෙකේදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වලට එරෙහි වඩාත්ම දුෂ්ට ප‍්‍රහාර “ජාතික ආරක්ෂාවට” පවතින තර්ජනවල නිමක්නැති අනතුරු ඇඟවීම් විසින් යුක්තියුක්ත කෙරෙයි.

1866 කොන්ග‍්‍රස් මන්ඩලය විසින් සම්මත කරන ලදුව, වසර 150 ට පෙරාතුව 1868 ජූලි 28 දා ජනපදවලින් හතරෙන් තුනක් විසින් අනුමත කරන ලදුව, ජන්ම අයිතියේ පුරවැසිභාවය එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 14වන සංශෝධනය ලෙස අන්තර්ගත කෙරින.

සංශෝධනය ආරම්භ කරන වචන වන්නේ, “එක්සත් ජනපදයේ උපතලද හෝ ලියාපදිංචි කල පුරවැසියන් ... එක්සත් ජනපදයේ පුරවැසියෝ වෙති,” සහ එය තව දුරටත් තහවුරු කලේ, මෙම අයිතිය සමග බැඳීමෙන් කිසිදු ජනපදයකට “නිසි නීතිමය කි‍්‍රයාදාමයකින් තොරව කිසිදු පුද්ගලයකුගේ ජීවිතය, නිදහස, හෝ දේපොල අහිමි කල නොහැකිය.”

තම යෝජනාව ආරක්ෂා කරමින් ට‍්‍රම්ප් ඊයේ ට්වීට් පනිවිඩයකින් “මෙම කාරනාව එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් සමථයකට පත් කෙරෙනු ඇත” යනුවෙන් සඳහන් කලේය.

ජන්ම අයිතියේ පුරවැසිභාවයේ “කාරනාව” දැනටමත් විසඳී ඇත- ඒ මහජනතාව 600,000 කගේ ජීවිත ඉක්මවා බිලිවූ සිවිල් යුද්ධය මගිනි. 1863 තම ගෙටිස්බර්ග්හි කථාවේදී ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් පැහැදිලි කල පරිදි 1861 සිට 1865 දක්වා පැවැති යුද්ධය පරීක්ෂාවට ලක් කලේ “සෑම මිනිසෙකුම සමානයන් ලෙස මවනු ලැබ ඇත යන ප‍්‍රස්තූතයට කැපවූ” ජාතියක් “...... දීර්ඝ කාලයක් පැවතීමට ඇති හැකියාවයි”.

14වන සංශෝධනය හැඳින්වෙන්නේ “සිවිල් යුද්ධ සංශෝධන” තුනෙන් එකක් ලෙසිනි. වහල් ක‍්‍රමය අහෝසි කල 13 වන සංශෝධනය සමග වැඩිහිටි පිරිමින්ගේ ඡන්ද අයිතිය තහවුරු කල 15 වන සංශෝධනය යන නීතියේ අන්තර්ගත කෙරුනු සිවිල් යුද්ධ සංශෝධන සත්‍ය වශයෙන්ම ජනරජයේ උදාර හමුදාව විසින් අත්පත් කරගත් ජයග‍්‍රහන යි.

14වන සංශෝධනයේ ජන්ම අයිතියේ පුරවැසිභාවය පිලිබඳ වගන්තිය විසින් අයිතීන් සහ පුරවැසිභාවය ලේ, ජනවර්ගය නැතිනම් ප‍්‍රභූ තත්වයෙන් ගලා එන්නක් යන සංකල්පය බැහැර කලේය. මෙය විශේෂයෙන්ම 1857 කුප‍්‍රකට ඩෙ‍්‍රඞ් ස්කොට්ට එරෙහි සැන්ෆෝර්ඞ් ශ්‍රේෂ්ඨාධිකරන නඩු තීන්දුවට ප‍්‍රතිචාරයක් විය. මෙම තීන්දුවට අනුව අප‍්‍රිකානුවන්ගෙන් පැවතෙන්නන් පුරවැසියන් නොවූ අතර නිසි නීතිමය කි‍්‍රයාදාමය, යනාදි මූලික අයිතීන් භාවිතා කිරීමට නොහැකි විය.

මෙහි සහ ඊට සම්බන්දිත යෝජනාවල අවසාන ඉලක්කය වන්නේ ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. උග‍්‍ර වෙමින් පවතින අසමානතාවය, වැඩිදියුනුවන වර්ජන ව්‍යාපාරය සහ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මුලාව බිඳී යන තතු මධ්‍යයේ, තම විප්ලවවාදී යුගයේ “ස්වයං සාක්ෂි” ලෙස වරක් ධනපති පන්තිය දරාසිටි කුමන හෝ සත්‍යයන් අදදින තම සංගත ලාභපිපාසාව සහ ලෝක හමුදා ආධිපතයය සඳහා පිලිකුල් සහගත ධාවනය සමග නොගැලපෙයි.

භාෂනයේ අයිතිය, සහ එක්සත් ජනපද භූමිය මත පුරවැසිභාවය සහ ඊට අනුබද්ධිත අයිතීන් භුක්ති විඳීමේ ආගමනිකයන් සතු අයිතීන් (අනෙකුත් සියලුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සමග) සඳහා පාලක ප‍්‍රභූවේ අදහසට අනුව ඉඩ සලසා ගත හැකි වන්නේ, ඔවුන් වඩාත්ම බිය වන සමාජවාදී විප්ලවය හා මානවයාගේ සුභසිද්ධිය සඳහා ඔවුන්ගේ දේපොල අස්වාමික කිරීම සඳහා පදනම ලෙස ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීමත් අධ්‍යාපන ගත කිරීමත් මගින්ය.

එරික් ලන්ඩන්

Share this article: