ජර්මනිය තුල හිට්ලර් පුනරුත්ථාපනය කිරීම

Hitler’s resurrection in Germany

2018 ඔක්තෝබර 12

ජර්මනියේ නාසි නායකයා බර්ලින්හි බංකරයක් තුල සිය දිවි නසාගැනීමෙන් වසර හැත්තෑ තුනකට පසු, ඇඩොල්ෆ් හිට්ලර්ගේ වචන හා අදහස් ජර්මනියේ වඩාත් ම ප්‍රමුඛ දිනපතා පුවත්පත්වලින් එකක පුනරුත්ථාපනය කරනු ලැබ ඇත.

හිට්ලර්ගේ තන්ත්‍රය විසින් සිදුකරන ලද අපරාධවල පරිමානය කොතෙක් ද යත්, ඔහුගේ ෆැසිස්ට්වාදී හා යුදෙව්-විරෝධී ප්‍රලාප ජර්මනිය තුල තහනම් කරනු ලැබිනි. ඔහුගේ විෂකුරු ප්‍රකාශනය වන මයින් කාම්ෆ් (මගේ අරගලය) පලකිරීම ජර්මානු ආන්ඩුව විසින් වසර 70ක් පුරා තහනම් කරන ලද අතර, පාදක සටහන් සහිත වූ එහි සංස්කරනයක් යලි පලකරන ලද්දේ 2016 දී පමනි.

එහෙත් මේ වනවිට, ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂයේ සභාපති ඇලෙක්සැන්ඩර් ගවුලන්ඞ් විසින් ලියන ලද ආරාධිත තීරු ලිපියක්, ඔක්තෝබර් 6දා පුලු‍ල් ම ජාත්‍යන්තර බෙදාහැරීමක් සහිත ජර්මානු පුවත්පත වන ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ගෙමයින් සයිටුං (එෆ්ඒඉසෙඞ්) තුල පලකරන ලද අතර, එය බොහෝසෙයින් පදනම් වන්නේ 1933 නොවැම්බරයේ හිට්ලර් බර්ලිනයේ සීමන්ස් කම්කරුවන් අමතා කල කතාවක් මත ය.

“ගවුලන්ඞ්ගේ පබැඳුම පැහැදිලි ව ම හිට්ලර්ගේ පබැඳුමට සමීප වේ” යනුවෙන් ඉතිහාසඥ වොල්ෆ්ගැං බෙන්ස් ටැගෙස්ස්පීගල් තුල අදහස් දැක්වී ය: “එෆ්ඒඉසෙඞ් පුවත්පතට ඔහුගේ ආරාධිත තීරු ලිපිය ලියන විට ඒඑෆ්ඩී නායකයා, නාසි නායකයාගේ 1933 කතාව තම මේසය මත තබාගෙන සාරාංශකරනය කල බව පෙනෙන්නට තිබේ.”

නාසිවාදය හා යුදෙව්-විරෝධය පිලිබඳ ප්‍රාමානිකයෙකු වන බෙන්ස්, තීරු ලිපිය පිලිබඳ ව අදහස් දක්වමින් “1933 මෙන්ම එම බලපෑම ම පුපුරා යමින් තිබේ යයි යමෙක් සැක කරනු ඇතැයි” කීවේ ය. ඒඑෆ්ඩීය, නාසි යුගයේ “ඉතුරු පහදු ජාතිකවාදී ව්‍යාපාරය එන්එස්ඩීඒපී (නාසි පක්ෂය) හා එහි අපගතයන් සමග සැලැස්මක් ලෙස උනුසුම් කර” ඉදිරිපත් කරමින් සිටී යයි පෙනෙන්නට තිබේ යයි ඔහු කීවේ ය.

එෆ්ඒඉසෙඞ් පුවත්පත තුල ගවුලන්ඞ් තම පක්ෂයේ “ජනතාවාදය”, “නව නාගරික ප්‍රභූවකට” එරෙහි ව ආරක්ෂා කරමින්, “සාම්ප්‍රදායික මධ්‍යම පන්තියේ” හා “ඊනියා සාමාන්‍ය ජනයාගේ” අවශ්‍යතාවන් යන පදනමින් සාධාරනීකරනය කරයි. “මෙම ගෝලීය පන්තියේ” සාමාජිකයෝ “මුලු‍මනින් ම පාහේ මහා නගර තුල ජීවත් වෙමින් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන අතර, ඔවුන් තම රැකියාවන් වෙනස් කරමින් බර්ලිනයේ සිට ලන්ඩනයට හෝ සිංගප්පූරුවට විතැන් වූ විට, ඒ සෑම තැනක දී ම, එකම වර්ගයේ මහල් නිවාස, නිවාස, අවන්හල්, සාප්පු හා පුද්ගලික පාසල් සොයා ගනිති... මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම නව ප්‍රභූව ඔවුන්ගේ අදාල ස්වදේශයට දක්වන බැඳීම දුර්වල ය. වෙන්වුනු සමාන්තර සමාජයක් තුල ඔවුන්ට තමන් ලෝක පුරවැසියන් ලෙස දැනේ.”

1933 දී හිට්ලර් ද මහජනයා එකිනෙකාට එරෙහි ව කෝපගැන්වීම පිනිස “කුඩා, අක්මුල් රහිත ජාත්‍යන්තර කවයක්” හෙලාදැකීමේ දී මේ හා සමාන වචන භාවිතා කලේ ය: “ඔවුන් වනාහි සෑම තැනක ම ජීවත් වන, කිසි තැනක් තමන්ගේ රට ලෙස නොසලකන, එනම් අද දින බර්ලිනයේ, හෙට බ්‍රසල්ස්හි, අනිද්දා පැරිසියේ හා ඉන්පසු යලිත් ප්‍රාග්, වියානා හෝ ලන්ඩනයේ ජීවත් වෙමින් ඒ සෑම තැනක් ම තමන්ගේ නිවස ලෙස හඟින අය යි” යනුවෙන් ඔහු තම ශ්‍රාවකයට කී අතර, එම කතාවට “යුදෙව්වන්!” යනුවෙන් හඬ තලමින් බාධා කරන ලදී. “ඔවුන්ට ඕනෑම තැනක ව්‍යාපාර කල හැකි නිසා ජාත්‍යන්තර අවයව ලෙස සලකනු ලැබිය යුතු එකම වර්ගය ඔවුන් ය.”

“මහජනයා ඔවුන්ගේ භූමියට ගැටගැසී, ඔවුන්ගේ ස්වදේශයට ගැටගැසී, ඔවුන්ගේ රාජ්‍යයේ, එනම් ජාතියේ හැකියාවන්ට ජීවිතය සීමා වී සිටින්නන් ය. මහජනයාට ඔවුන් ව අනුගමනය කල නො හැක” යයි කියමින් හිට්ලර් ජාතික අවයවයක් ලෙස “මහජනයා” මෙම “ජාත්‍යන්තර කන්ඩායමට ” විරුද්ධ ව පිහිටුවාලී ය. ගවුලන්ඞ්ගේ “උනුසුම් කරන ලද” සංස්කරනය “...තවමත් තමන්ගේ දේශය වටිනාකමක් සහිත දෙයක් වන සහ සංක්‍රමනිකයන් පැමිනීම නිසා තම දේශය පලමු ව අහිමි කරගන්නන්” ගැන සඳහන් කරයි. “ඔවුන්ට පිටතට ගොස් වෙනත් තැනක ගොල්ෆ් ක්‍රීඩා කල නො හැක.”

මෙම පේලිවල යුදෙව්-විරෝධී තානය පැහැදිලි ය. නාසි ප්‍රචාරනය තුල මුල් රහිත “විශ්වදේශී” යුදෙව්වන්ගේ රූපය රතු හුයපටක් මෙන් දිව යයි. එහෙත් ගවුලන්ඞ් හිට්ලර්ගෙන් නයට ගන්නා දේවල් ඊට වඩා දුර යයි. ජාතිය හා දේශය -ලේ හා පස- දේවත්වයට නැංවීම ෆැසිස්ට්වාදයේ හා නාසිවාදයේ අරටුව සමන්විත කලේ ය.

නාසීන්ගේ උන්මත්තක ජාතිකවාදය, ධනේශ්වර ගෝලීය ආර්ථිකයේ ප්‍රහාරවලින් ජර්මානු මධ්‍යම පන්තිය හෝ කම්කරු පන්තිය ආරක්ෂා කලේ නැත. එය ඔවුන් ව යවන ලද්දේ ජර්මානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සඳහා දෙවන ලෝක යුද්ධයේ සංග්‍රාම භූමිවල ඝාතනය වීමට ය. මෙම උන්මත්තක ජාතිකවාදය, “සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්!” යන කාහල නාදය සමගින් 1848 දී මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය පලකල තැන් පටන් ජාත්‍යන්තරවාදී වන විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයට විරුද්ධ විය.

ධනේශ්වර ජාතිකවාදය වැඩවසම් බෙදීම් හා ආඥාදායකත්වයට එරෙහි ව යොමු වූ තාක් කල්, එය ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවනතා සමග බද්ධ ව තිබුනි. එහෙත් එම යුගය 19වන ශතවර්ෂයේ දී අවසන් විය. ජාතික රාජ්‍යය ජාත්‍යන්තර වර්ධනයට හා ධනේශ්වර ආර්ථිකයේ ඒකාග්‍රකරනයට වඩ වඩා බාධාකාරී විය. ජර්මනිය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයෝ, ඔවුන්ගේ ප්‍රතිමල්ලවයන්ගේ වියදමින් ලෝකය බලහත්කාරී ලෙස යලි බෙදාගැනීමට මං සෙවූ හ. පලමු හා දෙවන ලෝක යුද්ධවලට හේතු වූයේ එය යි.

හිට්ලර් සීමන්ස්හි දී ඔහුගේ කතාව කල 1933 නොවැම්බර් මාසයේ ම, “ජාතිකවාදයේ මලමිනියේ වෛරසය යොදාගෙන ආර්ථික ජීවිතය ප්‍රතිශක්තිකරනය කිරීමට දරන උත්සාහයන්, ෆැසිස්ට්වාදය යන නම දරන රුධිරය විෂ වීමට හේතු වේ” යයි ලියොන් ට්‍රොට්ස්කි ලීවේ ය. “ලෝක තලය මත ගිනිකඳු වර්ගයේ පිපිරීම් හා විනාශකාරී ගැටුම් සූදානම් කරන ෆැසිස්ට්වාදී ජාතිකවාදය, විනාශය මිස වෙන කිසිවක් දරා නො සිටී” (“ජාතිකවාදය හා ආර්ථික ජීවිතය”). වසර හයකට පසු පෝලන්තය ආක්‍රමනය කල හිට්ලර් දෙවන ලෝක යුද්ධය ඇරඹී ය.

හිට්ලර්ගේ රුධිර-හා-පාංශුමය දෘෂ්ටිවාදය පුනරුච්ඡාරනය කිරීම පිනිස ඒඑෆ්ඩී සභාපතිවරයාට ප්‍රමුඛ පෙලේ ජර්මානු පුවත්පතක් සිය පිටු විවෘත කර දී තිබීම, හුදෙක් පෙන්නුම් කරන්නේ ජර්මනිය තුල අන්ත දක්ෂිනාංශය කොතෙක් දුරට යලි කරලියට පැමින ඇද්ද යන්න යි. වැඩෙන ජාත්‍යනතර ආතතීන්, වෙලඳ යුද්ධය හා සමාජීය ගැටුම්වලට මුහුන දී සිටින ජර්මානු පාලක පන්තිය එහි අපරාධකාරී සම්ප්‍රදායන්ට ආපසු යමින් සිටී.

එෆ්ඒඉසෙඞ් පුවත්පතේ ප්‍රකාශකයෝ තමන් මන්ඩපයක් තනා දෙන්නේ කාටදැයි හරියට ම දැන සිටිය හ. ඒඑෆ්ඩීයට බැඳීමට පෙර ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (සීඩීයූ) ඊනියා ස්ටාල්හෙල්ම් (වානේ හිස්වැසුම්) අංශය තුල වසර 40ක් පුරා දේශපාලන වෘත්තීය ජීවිතය ගත කර තිබුනු ගවුලන්ඞ්, පක්ෂයේ නායකත්වය බර්න්ඞ් හොකේ වැනි අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලයන්ට විවෘත කර ඇත. හිට්ලර් හා නාසීහු “වසර දහස් ගනනක සාර්ථක ජර්මානු ඉතිහාසයේ කුරුලු‍ බෙටි” ය යනුවෙන් මේ වසරේ ජුනි මාසයේ ප්‍රකාශයක් නිකුත් කල විට ඔහු දේශපාලනික ව සිටගෙන සිටින්නේ කොහිදැයි ප්‍රදර්ශනය කරනු ලැබිනි.

මහ මැතිවරනයේ දී ඒඑෆ්ඩීය ලබාගත්තේ ඡන්දවලින් සියයට 12.6ක් පමනක් වුව ද දැන් මධ්‍යම ආන්ඩුවේ දේශපාලන තානය සකසන්නේ එය යි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මහා සභාග ආන්ඩුවේ සරනාගත පිලිවෙත මෙන් ම පොලීසියේ හා රහස් ඔත්තු සේවාවේ වැඩිකරන ලද බලතල සහ සන්නද්ධ හමුදාවල පිරිවැය වැඩිකිරීම ද ඒඑෆ්ඩීයේ මුද්‍රාව දරයි.

එහෙත් 1930 ගනන්වල නාසීන්ට වෙනස් ව ඒඑෆ්ඩීය ෆැසිස්ට්වාදී මහජන ව්‍යාපාරයක නායකත්වය නො දරයි. පුලු‍ල් මහජනයා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලබයි. බොහෝ නගරවල දක්ෂිනාංශික අන්තරායට එරෙහි ව මහජන විරෝධතා සුලභ ව දක්නට ලැබේ. මේ වසර තුල ඉහල දමන ලද රාජ්‍ය බලතල, සමාජ අසමානතාව හා මිලිටරිවාදයට එරෙහි ව මියුනිච්හි පමනක් තුන්වතාවක් දසදහස් ගන්නා දෙනා විරෝධය දක්වා තිබෙන අතර, ඔක්තෝබර් 13දා බර්ලිනයේ වර්ගවාදයට එරෙහි ව 40,000ක් දෙනා විරෝධතා පැවැත්වීමට නියමිත ය.

එනමුදු ජර්මානු මහජනයා අතර පවතින දැවැන්ත සමාජ අතෘප්තිය මෙන් මෙම විරෝධය ද නිල දේශපාලනය තුල ප්‍රකාශනයක් අත්පත් කර නො ගනී. බුන්ඩෙස්ටාග් හෙවත් මධ්‍යම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, සංගත මාධ්‍ය ද සමගින් ඒඑෆ්ඩීයේ දේශපාලනය විවෘත ව වැලඳ ගනිමින් සිටිති. මහා සභාගයේ රාමුව ඇතුලත එස්පීඩීය ඒඑෆ්ඩීයේ දක්ෂිනාංශික පිලිවෙත අනුගමනය කරයි. වාම පක්ෂය පෙනී සිටින්නේ ද ජාතිකවාදී මාවතක් වෙනුවෙනි. ගවුලන්ඞ් ද තම (එෆ්ඒඉසෙඞ්) තීරු ලිපිය තුල වාම පක්ෂ නායක සහ්රා වගෙන්ක්නෙක්ට් ව සුවිශේෂව උත්කර්ෂයට නැංවී ය.

ධනවත් මධ්‍යම පන්තියේ පැරනි බොහෝ ලිබරල් නියෝජිතයෝ ඒඑෆ්ඩීය ඉදිරියේ හතරගාතෙන් වැටී සිටිති. මේ සඳහා ලාක්ෂනික උදාහරනයන් වන්නේ, ගවුලන්ඞ් “දක්ෂ පඨිතයක්” ලියා ඇති බව කියමින් “ඒඑෆ්ඩීයට සමපාලනයට” ආයාචනා කල ස්පීගල් තීරු ලිපි රචක හා ෆ්‍රයිටාග් කර්තෘ ජේකොබ් ඔගස්ටයින් සහ හරිත දේශපාලනඥ බෝරිස් පාමර් ය.

සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රයර් විසින් රචිත ඔවුන් ආපසු පැමින සිටින්නේ ඇයි? යන කෘතිය පලකර ඇති අතර, එය, විශ්ව විද්‍යාල, මාධ්‍ය හා දේශපාලනය වසර ගනනක් තිස්සේ දකුනට පැද්දීම මගින් ඒඑෆ්ඩීයේ නැගීම ක්‍රමානුකූල ව සූදානම් කලේ කෙසේදැයි පෙන්වා දෙයි.

2014 තරම් ඈත දී මාධ්‍යයන් එස්ජීපීයට හා එහි තරුන ව්‍යාපාරය වන සසජාතශිට එරෙහි ව කෝපාග්නිත දඩයමක් ඇවිලවූයේ හිට්ලර් “නපුරු නො වී” යයි සතිපතා පලවන ඩර් ස්පීගල් සඟරාව තුල කියාපෑ දක්ෂිනාංශික අන්තවාදී ඉතිහාසඳ ජෝජ් බාබරොව්ස්කි ව විවේචනය කර තිබීම හේතුවෙනි.

මෙම ප්‍රහාරයේ නායක භූමිකාවක් ඉටුකලේ එෆ්ඒඉසෙඞ් ය. දැන් පත්‍රයේ සම-කර්තෘවරයා වන ජුර්ගන් කාවුබ් “ට්‍රොට්ස්කිවාදී හිංසනය” යයි චූදිත දෙයට විරුද්ධ ව බාබරොව්ස්කි ව ආරක්ෂා කලේ ය. එස්ජීපීය පෙර දැකි පරිදි, නාසීන්ගේ අපරාධ සුමටකරනය කිරීම ජර්මනිය තුල දක්ෂිනාංශීක, මිලිටරිවාදී හා ආඥාදායක දේශපාලනය යලි හිස එසවීමට මාවත හෙලිපෙහෙලි කලේ ය.

මෙම වර්ධනය ජර්මනියට පමනක් සීමා වූ එකක් නො වේ. එක්සත් ජනපදයේ ද යුරෝපය පුරා ද ධනපති පාලකයෝ ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීම දෙසට හැරෙමින් සිටිති.

ජර්මනිය තුල මිලිටරිවාදය හා ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය නැවැත්වීමට ඇත්තේ එක් මාවතක් පමනි. එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් මත බලමුලු‍ගන්වමින් එස්ජීපීය හා හතරවන ජාත්‍යන්තරය මහජන සමාජවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීම යි.

පීටර් ෂ්වාට්ස්

ආන්ඩුව හා තාක්ෂනික ඒකාධිකාරයන් විසින් අන්තර්ජාලය වාරනය කිරීමට ගෙන යනු ලබන කුමන්ත්‍රනයේ කොටසක් ලෙස ෆේස්බුක් සමාගම වාමාංශික දේශපාලන පිටු සමූහයක් බ්‍රහස්පතින්දා මකා දැමුවේය.

ඒකාබද්ධව ගත් විට අනුගාමිකයින් මිලියන ගනනාවක් සහිත, පිටු හා ගිනුම් 800ක් වහාම ඉවත් කෙරුනි. වාරනය කෙරුනු පිටුවලට පොලිස් ද පොලිස්, කොප් බ්ලොක් හා ෆිල්මින්ග් කොප්ස් වැනි පොලිස් ප්‍රචන්ඩත්වයේ සිදුවීම්වලට විරුද්ධත්වය දක්වන හා ප්‍රසිද්ධ කරන බොහෝ සේ ජනප්‍රිය, පල කිරීම් මෙන්ම ඇන්ටි මීඩියා, රිවබ් ප්‍රෙස්, කවුන්ටර් කරන්ට් නිව්ස් හා රෙසිස්ටන්ස් වැනි ප්‍රමුඛ වාමාංශික ප්‍රවෘත්ති පිටු ද ඇතුලත්ය.

මෙම පිටු ඉවත් කිරීම භාෂනය හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරෙන ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරයකි. එක්සත් ජනපද ආන්ඩුව සමග සමායෝජනයෙන් ක්‍රියාත්මක වන ෆේස්බුක්, ඇමරිකානු මහජනතාවගේ ඉතාමත් අතිමූලික අයිතීන් උල්ලංඝනය කරමින් සිටී.

පිටු ඉවත් කෙරෙමින් තිබෙන්නේ “අනුමත කල නොහැකි හැසිරීම්” වෙනුවෙන් යැයි පැවසීම විනිවිද පෙනෙන වංචාවකි. එය දේශපාලන වාරනය සඳහා කඩතුරාවකි. ෆේස්බුක් සැහසි ක්‍රියාවන්ට වඩා, ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන ප්‍රවෘත්ති හොරනෑවල ප්‍රතිචාරය ඉතා නරක බවින් අඩු නැත. ඒවා සමාගමේ තුච්ඡ බොරු ප්‍රතිරාවය කර ඇත්තේ, ව්‍යවස්ථාමය වසයෙන් ආරක්ෂා කෙරුනු භාෂනය “කුනු කන්දල්” (ස්පෑම්) යැයි ලේබල් කරන “විශේෂඥයින්” උපුටා දක්වමිනි.

විරුද්ධ පාරශ්වීය කන්ඩායම් හා ප්‍රවෘත්ති ප්‍රකාශනයන් බලාත්කාරයෙන් මර්දනය කිරීම සඳහා සූදානම් වන තත්වය තුල ෆේස්බුක් ක්‍රියා දේශපාලනික විරුද්ධත්වයේ නීත්‍යානුකූල තත්වය ඉවත් කිරීමට එල්ල කෙරුනු ක්‍රමානුකූල උද්ඝෝෂනයක මෑත ම මෙන් ම මෙතෙක් ඉතාමත් ආක්‍රමනකාරී ක්‍රියා ද වේ.

එක්සත් ජනපද මිලිටරි/ඔත්තුසේවාවල අනුග්‍රහය දැක්වුනු අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ට වූ මහජන විරුද්ධත්වය වෝල් වීදිය සමග ක්ලින්ටන්ගේ දූෂිත බැඳීම් පිලිබඳ ව විකි ලීක්ස් හෙලිදරව් කිරීම්වලින් වැඩිවුනු, 2016 එක්සත් ජනපද මැතිවරනයේ ක්ෂනික ඉක්බිත්තේ, විරුද්ධ අදහස් රුසියානු “ව්‍යාජ ප්‍රවෘත්ති” ලෙස ආලේප කිරීමට එක්සත් ජනපද මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියේ ය. නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට්, ඩෙමොක්‍රටික කොංග්‍රස් සභික ඇඩම් ස්චිෆ් හා ඩෙමොක්‍රටික සෙනෙට් සභික මාර්ක් වෝර්නර් ඇතුලු දේශපාලන නායකයින්, හා එක්සත් ජනපද ඔත්තුසේවා සංවිධාන දේශපාලන විරුද්ධත්වය වසා දැමීමට හා වාරනය කිරීමට තාක්ෂනික දැවැන්තයින්ට පීඩනය යොදනු පිනිස, “රුසියානු ඇඟිලි ගැසීම්” පිලිබඳ කතන්දරයක් ගොතන ලදී.

මෙම උද්ඝෝෂනය තුල ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරන ලද්දේ ගූගල් විසිනි, එය 2017 අප්‍රේල් මස නිවේදනය කලේ, ගවේෂන ප්‍රතිඵල මෙහෙයවමින් තමන් “විකල්ප” දෘෂ්ටි කෝනයන් පසෙක ලා “විශ්වාස කල හැකි” ප්‍රවෘත්ති මූලාශ්‍රයන් ප්‍රචාරය කරන බව යි.

2017 අගෝස්තුවේ දී,ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේ ගූගල් තම සෙවීම් අල්ගොරිතමයට මෙම වෙනස්කම් ඇති කලාට පසු වාමාංශික, සමාජවාදී හා යුද විරෝධී වෙබ් අඩවිවල ගවේෂන හුවමාරු වේගයෙන් අඩු වූ බව යි. ප්‍රධාන ඉලක්කය ලෝක සමාජවාදී වෙබ් අඩවිය ම විය. නිවේදනයෙන් පසු තම ගූගල් ගවේෂන හුවමාරු සියයට 75කින් වැටුනු බව එය දුටුවේ ය. ප්‍රතිචාර වසයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය“සියලු වාමාංශික, සමාජවාදී, යුද විරෝධී හා ප්‍රගතිශීලි වෙබ් අඩවි පිලිබඳ වාරනය” හෙලා දකිමින් ගූගල් සමාගමට විවෘත ලිපියක් නිකුත් කලේ ය.

ඊ ලඟ මාසවල දී, විශාල වාරනයක් නිවේදනය කිරීමට ෆේස්බුක් හා ට්වීටර් ගූගල් සමග එක්වූහ. ජනවාරියේ දී ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ෂුකර්බර්ග් නිවේදනය කලේ, “විකල්ප” දේශපාලන දෘෂ්ටි කෝනයන්ගේ වියදමින්, තම සමාගම, නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට්වැනි, “විශ්වාස කල හැකි” ප්‍රවෘත්ති අඩවි ප්‍රචාරය කරන බව යි. එම කතාවේ දීම, ෂුකර්බර්ග් නිවේදනය කලේ, මාර්ගගත තම පාරිභෝගිකයින් කරන්නේ කුමක් දැ යි සොයා බැලීමට හා වාරනය කිරීමට බොහෝ දෙනා පොලිස් භටයන්, නඩු පවරන්නන් හෝ ඔත්තු සේවා නිලධාරී පසුබිමක් සහිත පුද්ගලයන් 20,000ක් බඳවා ගන්නා බව යි.

පසු ගිය මාසයේ වොෂින්ටනයේ විමර්ශනයක දී, සෙනෙට් සභික වෝර්නර් “අන්ත වාමාංශික” දේශපාලන අන්තර්ගතයන් අති විශාල බහුතරය “විදේශ ක්‍රියාකාරීන් හෝ ස්වයංක්‍රීය ගිනුම්වලින් උත්පාදනය කෙරෙන” බව ප්‍රකාශ කලේ ය. ෆේස්බුක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී ෂෙරිල් සෑන්ඞ්බර්ග් “විකල්ප තොරතුරු” සමගින් “අශිෂ්ට භාෂන” වෙනස් කිරීම තම අභිප්‍රාය බව ප්‍රකාශ කලා ය.

එක්සත් ජනපද තාක්ෂන සමාගම් දැනුවත්ව දේශපාලන වාරනයේ යෙදී සිටින්නේ දැ යි යන්න තව දුරටත් ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ගේ දුබල ප්‍රතික්ෂේප කිරීම් බොරු බව පසු ගිය සතියේ ප්‍රසිද්ධ කෙරුනු අභ්‍යන්තර පර්යේෂන වාර්තාවක් හෙලිදරව් කර ඇත. වාර්තාව ප්‍රකාශ කරන්නේ තාක්ෂන ඒකාධිකාරයන් “නිදහස් භාෂනයේ සිට වාරනය දෙසට” ගමන් කර ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නිදහස් භාෂනයට ප්‍රමුඛත්වය දෙන ඇමරිකානු සම්ප්‍රදායන්” ප්‍රතික්ෂේප කරමින් බව යි.

ෆේස්බුක් ගිනුම් ඉවත් කිරීමෙන් වාරන ගමන නො නවත්වනු ඇත. ඇමසන් බිලියනපති ජෙෆ් බෙසෝස්ගේ වොෂින්ටන් පෝස්ට් විසින් එහි අසාධුලේඛන ප්‍රසිද්ධ කෙරුනු, ප්‍රොප්ඔර්නොට් නම් නො පැහදිලි සංවිධානය, වාරන උද්ඝෝෂනය දියත් කිරීමට උදව් කලේ ය, ෆේස්බුක් ගිනුම් විරේක කිරීමට ප්‍රශංසා කලේ ය. එසේ කිරීමෙන්, එය පැහදිලි කලේ මෙය හුදු ආරම්භය පමනක් බව යි.

ෆේස්බුක් විසින් ඉලක්ක කෙරුනු සියලු සංවිධානවලට තවමත් “වෙබ් අඩවි” ඇති බව ප්‍රොප්ඔර්නොට් පෙන්වා දුන් “නමුත් එක වරකට එක් දෙයක්” බව තව දුරටත් ප්‍රකාශ කලේ ය. වෙනත් වචනවලින් පවසතොත්, ගවේෂන ප්‍රතිඵලවලින් ඉලක්ක කෙරුනු ප්‍රකාශන ඉවත් කර, ඒවායේ සමාජමාධ්‍ය ගිනුම් වසා දැමීමෙන් පසු, ඊ ලඟ පියවර වනු ඇත්තේ වෙබ් අඩවි තෙමේ ම බලාත්කාරයෙන් මර්දනය කර ගැනීම යි.

වාරන උද්ඝෝෂනය මෙහෙයවමින් සිටින බලවේග ඒවායේ අභිප්‍රායන් හා අරමුනු ගැන සැලකිය යුතු ලෙස විවෘතව සිටී. ෆේස්බුක් නිල “හවුල්කරුවන්ගෙන්” එකක් වන, අත්ලාන්තික් කවුන්සිල බුද්ධිමන්ඩලය “ස්වාධිපත්‍යය” ගැන එක්සත් ජනපද විශේෂ හමුදා සමුලුවේ සිදුවීම් සාරාංශ කරමින් පසු ගිය මාසයේ ප්‍රසිද්ධ කෙරුනු වාර්තාවක අන්තර්ජාලය වාරනය කිරීමේ ආන්ඩුවේ උත්සාහයේ අරුමුනු සඳහන් කලේ ය.

වාර්තාව තර්ක කරන්නේ එක්සත් ජනපදය තුල දේශපාලන විරුද්ධත්වයේ වර්ධනය ආන්ඩුවට ජීවමාන තර්ජනයක් ඉදිරිපත් කරන බව යි. මෙම අර්බුදය විසඳිය හැක්කේ දේශපාලන විරුද්ධත්වයේ “වෛරසය” ඉවත් කිරීමෙන් පමනක් බව එය අනතුරු අඟව යි. මෙය කිරීමේ ඉතාමත් ඵලදායි මාර්ගය වන්නේ, ආන්ඩුව වෙනුවෙන් වාරනය ක්‍රියාක්මක කිරීමේ දී “කේන්ද්‍රීය කාර්යභාරයක් ” ඉටු කිරීමට එක්සත් ජනපද තාක්ෂන දැවැන්තයින් බඳවා ගැනීම බව එය පැහදිලි කරයි.

අන්තර්ජාල වාරනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන්ගේ බිඳවැටීම පිලිබඳ ඒකාග්‍ර ප්‍රකාශනයකි. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පාලනාධිකාරිය ඒකාධිපතිවාදී හා ෆැසිස්ට්වාදී ප්‍රවනතා සහිත, අන්ත ප්‍රතිගාමී ආන්ඩුවකි. කෙසේ නමුත්, ඩෙමොක්‍රැටිකයන් විසින් මෙහෙය වන, පාලක පන්තිය තුල ට්‍රම්ප්ගේ විවේචකයෝ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අඩුවෙන් විරුද්ධ ඈයෝ නොවෙති. මිලිටරි හා ඔත්තුසේවා සංවිධානවල සන්ධානයෙන්, ඩෙමොක්‍රැටිකයන්ගේ “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහි ප්‍රෝඩාකාරී උද්ඝෝෂනය තුල, නිදහස් භාෂනය හා ප්‍රකාශනයේ සිට, ඃමීටූ දඩයම තුල නියමිත ක්‍රියාවලිය හා අහිංසකත්වය පිලිබඳ අනුමානය දක්වා වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්ට පහර දීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් බාර ගෙන ඇත.

කම්කරු පන්තිය තුල විරුද්ධත්වයේ වර්ධනය හා සමාජවාදය පිලිබඳව වැඩෙන උන්නදුවෙන් පාලක පන්තියේ සියලු ම කන්ඩායම් බිය පත් කෙරෙති. වැටුප් හා සේවා කොන්දේසිවල උන්නතිය සඳහා වන කම්කරු පන්තියේ ඉල්ලීම් සහ ධනය උඩු අතට නැවත බෙදා හැරීම වේගවත් කරමින් හා නව මිලිටරි ශක්ති කිරීමක් ක්‍රියාත්මක කරමින් සිටින පාලක පන්තියේ ප්‍රතිපත්ති අතර වැඩිවෙන්නා වූ අපසරනයක් පවතී.

යූපීඑස් කම්කරුවන් සියදහස් ගනනක් විසින් වරදාන කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කිරීම හා රට පුරා නගර ගනනාවක අවන්හල් කම්කරුවන්ගේ වැඩවර්ජන ඇතුලුව, කම්කරු පන්තිය තුල හදිසි නැගීමකට මුහුන දෙන පාලක ප්‍රභූව වාරනය ද, අවසානයේ දී, ඒකාධිපතිත්වය ද සඳහා තම සැලැසුම් වේගවත් කරමින් සිටිති.

පන්ති අරගලයේ වර්ධනය දේශපාලන වාරනයට එරෙහි සටන සඳහා පදනම සපය යි. කම්කරුවන් භාෂනයේ නිදහස ආරක්ෂා කිරීමේ අරගලය ගත යුත්තේ තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම හා සමාජවාදය සඳහා අරගලයේ වෙන්කල නො හැකි සංරචකයක් ලෙස ය.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: