මාර්තු 17 වෙනිදා ශ්‍රී ලංකාවේ පැවැත් වූ කම්කරු සම්මේලනයේ අර්ථභාරය

2019 අප්‍රේල් 1

මාර්තු 17 වෙනිදා හැටන් නගර ශාලාවේ දී පවත් වන ලද වතු කම්කරු සම්මේලනය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සම්බන්ධයෙන් අර්ථභාරී සංසිද්ධියකි. ලෝක ධනවාදී පද්ධතියේ කඩා වැටීම සහ වෘත්තීය සමිති ඇතුලු පැරනි සංවිධාන වල බිද වැටීමේ සන්දර්භය තුල මෙම සම්මේලනය කම්කරු පන්තිය තුල වෛෂයිකව සිදුවන තීරනාත්මක වෙනස්කම් පිලිබිඹු කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහයෝගය ඇතිව ඇබෝට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සම්මේලනය කැඳවනු ලැබුවේ ”වතු කම්කරු අරගලයේ පාඩම් හා ඉහල වැටුප් සහ ප්‍රාජාතන්ත්‍රී ය අයිතීන් දිනා ගැනීමේ ඉදිරි මාවත” සාකච්චා කිරීම පිනිස ය. සැලකිය යුතු වතු කම්කරුවන් සංඛ්‍යාවක් ද තරුනයන්, ශිෂ්‍යයන් සහ සසප සාමාජිකයන් ඇතුලු නියෝජිතයන් 100 වැඩි පිරිසක් සම්මේලනයට සහභාගී වුහ

සම්මේලනය පවත්වනු ලැබුවේ තම දෛනික මූලික වැටුප දෙගුනයක් කර ගැනීම සඳහා සටන් කල වතු කම්කරුවන් ලැබූ කටුක අත්දැකීම් වලින් පසුවය. දෙසැම්බර් මාසයේ දින නවයක වර්ජනය ඇතුලු ඔවුන්ගේ විරෝධතාවන් දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ලංකා ජාතික වතු කම්කරු සංගමය (ලජාවකස) ඒකාබද්ධ වතු කම්කරු වෘත්තීයසමිති මධ්‍යස්ථානය(ඒවකවෘම) ජාතික කම්කරු සංගමය (එන්යුඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) සහ කඳු රට ජනතා පෙරමුන (යුපීඑෆ්) ඇතුලු වෘත්තීය සමිති වලට එරහිව කැරලිකාරී වෙමිනි.

වතු සමාගම් විසින් ඉල්ලා සිටි පරිදි පාවාදීමේ ගිවිසුම බලහත්කාරයෙන් පටවා කම්කරුවන්ගේ අරගලය නතර කිරීමට සීඩබ්ලිව්සී සහ ලජාවකස අවසානයේ දී තීන්දු කලහ. සමාගම්වල ලාබ උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට සැදීපැහැදී සිටින ආන්ඩුව වතු අරගලය පෙරලිකාරිවී සිටින සෙසු කම්කරුවන්ට ද දිරිගැන්වීමක් වනු ඇතැයි තැතිගැනී එය විසුරුවා හැරීමට සමිතිවලට කැඳවුම් කලේ ය. සමාගම් සහ වෘත්තීය සමිති අතර අත්සන් කෙරුන සාමූහික ගිවිසුම සුලු වැටුප් වැඩිවීමක් ලබා දී කොන්ත්‍රාත් ක්‍රමය නමින් නිර්දය සූරාකෑමේ තන්ත්‍රයක් ක්‍රමානුකුලව ක්‍රියාවට දැමීමේ නියමයන් පනවා ඇත.

සසප කැඳවුම වටා රැලිවීම හැර සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිතිවලට සිය විරුද්ධත්වය ප්‍රකාශයට පත් කිරීමේ විකල්පයක් කම්කරුවන්ට නො තිබුනි. වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් තෝරා පත්කර ගත් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ද ලාබ පද්ධතියට සහ එය ආරක්ෂා කරන ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමට ද සසප කම්කරුවන්ට ආරාධනය කලේ ය. එවන් දේශපාලන අරගලයකින් තොරව, මූලික ඉල්ලීම් සඳහා පවා ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යා නොහැකි බව සසප පැහැදිලි කලේ ය.

කම්කරු පන්තිය තුල සිදුවෙමින් පවතින පෘතුල වෙනස්කම් පිලිබිඹු කරමින් මෙම අරගලය කම්කරුවන් අතර පිලිරැව් දුන්නේ ය. ඇබෝට්ස්ලි වතු කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කිරීම එහි තියුනු ම ප්‍රකාශනය විය. වතු කම්කරු සම්මේලනය මෙම අරගලයේ ඉහල වර්ධනයකි. සසප සහ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම වතු කම්කරුවන් පමනක් නොව, කම්කරු පන්තියේ සෙසු කොටස් සහ තරුනයන් ද ආකර්ෂනය කර ගත්තේය.

වතු කම්කරු අරගලය ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභුව තියුනු අර්බුදයකට ඇද දැමු වැඩෙන සමාජ ප්‍රතිරෝධයේ කොටසකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දේශපාලන කුමන්ත්‍රනයකින් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් ඉවත් කර හිටපු ජනාධිපති එම තනතුරට පත් කෙරුනි. කුමන්ත්‍රනය අසාර්ථක වූ නමුත් පාලක පන්තිය තුල කා කොටා ගැනීම ප්‍රකුපිත කෙරුනේ මතුවෙමින් පවතින සමාජ විරුද්ධත්වය තලා දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට වඩාත් සුදුසු කවර කන්ඩායම ද යන ප්‍රශ්නය සම්බන්ධයෙනි.

වතු කම්කරුවන්ගේ මෙම අත්දැකීම් ජාත්‍යන්තර කම්කරු පන්තියේ සාරභුත අත්දැකීම්වල කොටසක් ලෙස මාර්තු 17 සම්මේලනය තුල සාකච්චා කෙරුනි. සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා සම්මේලනයට ඉදිරිපත් කල සිය වාර්තාව තුල දී මෙම වෙනස්කම් හුදෙක් ශ්‍රී ලංකාවට සීමාවූ ප්‍රපංචයක් නොවන බව පැහැදිලි කලේ ය. වතු කම්කරු අරගලය සහ කම්කරු පන්තියේ සෙසු කොටස් අතර--තැපැල්, දුම්රිය, ලංකා විදුලි බල මංඩලය, විශ්ව විද්‍යාල සේවකයන් සහ ගුරුවරුන් අතර-- නොසන්සුන්කම කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයේ කොටසකි.

සම්මේලනය පැවැත්වුනේ කම්කරු පන්තියේ ගෝලීය අරගලය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය එකිනෙක සමපාත වන තත්වයක් තුල ය. කම්කරු පන්තිය තුල පැවති අවස්ථාවාදී සහ ජාතිකවාදී සංවිධානවල ආධිපත්‍යය බිඳ වැටී ඇති අතර ඒවා ධනවාදී ලාබ පද්ධතියේ සෘජු ඒජන්ත සංවිධාන බවට පරිවර්තනය වී ඇත. සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර වලට එරෙහි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ගෝලීයව වර්ධනය වෙමින් තිබේ.

මෙක්සිකෝවේ මැටමොරෝස් කාර්මික කම්කරුවෝ මෑත වැටුප් අරගලයේ දී ද්‍රෝහී වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත්හ. වඩාත් වැදගත් වර්ධනයක් වූයේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝ වර්කර්ස් නිව්ස් ලෙටර් සහ රථවාහන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව කම්හල් වසා දැමීමට එරෙහිව සහ රැකියා රැක ගැනීමේ අරගලයේ කොටසක් ලෙස පෙබරවාරි මාසය මුල දී සංවිධානය කල පෙලපාලියයි. මෙම අරගලය සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තේ එක්සත් ජනපදයේ සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි.

මාර්තු 17 හැටන් සම්මේලනයේ දී නිදහසේ කතා කල කම්කරුවෝ සහ තරුනයෝ වෘත්තීය සමිතිවලින් බිදීමට, ක්‍රියාකාරී කමිටි පිහිටුවීමට සහ සමාජවාදය සඳහා අරගලයට අවශ්‍ය මෙම අත්දැකීම් උකහා ගැනීමට උත්සාහ කලහ.

ලෝක සමාජවාදී වෙබ අඩවිය, එහි පුලුල් ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස අරගලය වාර්තා කරමින්, විශ්ලේෂනය කරමින් හා වතු කම්කරුවන්ට ඉදිරිදර්ශනයක් සම්පාදනය කරමින් වතු කම්කරු අරගලය තුල ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේ ය.

තම ජාත්‍යන්තර නැඹුරුව ඇඟවුම් කරමින් සම්මේලනයට සහභාගී වුවෝ වැදගත් යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කලහ. එකක්, ඇමරිකාව විසින් උසිගන්වනු ලබන වධබන්ධන පැමිනවීමේ තර්ජනයට මුහුන දී සිටින විකීලීක්ස් ප්‍රකාශක ජුලියන් අසාන්ජ් සහ රහස් තොරතුරු හෙලිකිරීම නිසා ඇමරිකාවේ සිරගත කර සිටින චෙල්සි මෑනින් සඳහා නිදහස ඉල්ලු යෝජනාවයි; අනෙක ඉන්දියාවේ දක්ෂිනාංශික ආන්ඩුව විසින් සිරගත කර සිටින මරුටි-සුසුකි කම්කරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලන යෝජනාවයි-- මරුටි-සුසුකි කම්කරුවන් 13 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දී ඇති අතර තවත් 18 දෙනෙකු ඊට අඩු දඬුවම් වලට ලක් කර සිටිති.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලය සහ මාර්තු 17 සම්මේලනය ශ්‍රී ලංකාවේ ව්‍යාජ වම්මුන්ට සහ පස්චාත් නුතනවාදීන්ට එල්ල කෙරුන කම්මුල් පහරකි. ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් ඔවුහු ද, කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස හා සමාජවාදය සඳහා සටනේ දී එහි ඓතිහාසික කර්තව්‍ය අකා මකා දමති. කම්කරුවන්ට වතු සමාගම් මත පීඩනය යෙදීමෙන් ඔවුන්ගේ ඉල්ලීම් ජය ගත හැකියයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), සහ ”1000 ව්‍යාපාරය” ඇතුලු එහි පෙරමුනු කන්ඩායම් ද එයට සහයෝගය දෙන පස්චාත් නුතනවාදීන් හා ශාස්ත්‍රාලිකයන් ද ප්‍රකාශ කලහ. ඔවුහු කම්කරුවන් වෘත්තීය සමිති තුලට යලි හරවා යැවීමට උත්සාහ කලහ.

“ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනවාදී ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය” මැයින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජනවාරි 3 වනදා පලකල ඉදිරිදර්ශනයමෙසේ සඳහන් කලේ ය:

“කෙසේවුවත්, සමාජ ප්‍රතිවිප්ලවයේ දශක ගනනක කාලපරිච්ඡේදය, දැන් මහජන විරෝධයක අභිමුව සිටියි. පසුගිය වසරේ වර්ධනය වූ අරගල කම්කරු පන්තියේ සමාජීය සහ දේශපාලනික දිශානතියේ වැදගත් වෙනස්කමක වෛෂයික දර්ශකයකි. තවමත් ආරම්භක අදියරයන් හි පැවතියත්, දෘඩතර අරගලයකට මහෝපකාරී වන සටන්කාමි මනෝගතියක් වේගයෙන් පැතිරෙමින් පවතියි. අනිවාර්යයෙන්ම මෙම මනෝගතිය ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන විවෘත අරගලයක ස්වභාවයකට පත්වීමට බොහෝ දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලනික ගැටලු විසඳාලීමට ඉතිරිවී ඇත. එහෙත් කම්කරු පන්තියේ පුලුල් කොටස් සෘජු අරගලය මඟහැර යා නොහැකිය යන අවබෝධයට පැමිනෙමින් සිටියි. තවද, 2018 වසරේ අරගල නිල, රාජ්‍ය අනුග්‍රහ ලත් වෘත්තීය සමිතිවල පාලනයට පිටින් හටගත්තේය යන කරුන මෙම ප්‍රතිගාමී සංවිධාන කෙරෙහි කම්කරු පන්තිය අතර ඇති විශ්වාසයෙහි තීරනාත්මක ගිලිහීයාමක් ප්‍රදර්ශනය කරයි. හජාජාක අපේක්ෂා කරන පරිදි සමාජ සමානතාවය සඳහා සටන සහ ලෝක සමාජවාදය මෙම අපකීර්තිමත්, ධනේශ්වර ගැති යාන්ත්‍රනයන්ට එරෙහිව ගෝලීය තලයේ කැරැල්ලක ආරම්භක ස්වරූපය ගනු ඇත”.

කම්කරු පන්තිය තුල මෙම වර්ධනයන් වෘත්තීය සමිති සහ ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා පැබ්ලෝවාදය ඇතුලු අවස්ථාවාදී සහ ජාතිකවාදී සංවිධානවලට එරෙහිව හජාජාක සහ එහි සහෝදර පක්ෂ දියත් කල න්‍යායික දේශපාලන අරගලය හා පන්ති අරගලය අන්තර්ඡේදනය වීම විදහා දක්වයි. ශ්‍රී ලංකාවේ සසපට සහ එහි පෙර ගමන්කරු වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මෙම අරගලය පිලිබඳ අවිවාදනීය වාර්තාවක් ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉහත සඳහන් ඉදිරිදර්ශනය තුල පැහැදිලි කර ඇති පරිදි තීරනාත්මක ප්‍රශ්නය වන්නේ:

“මෙම තීව්‍ර වන සමාජ සටන්කාමිත්වය සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඤ්ඤානික ව්‍යාපාරයක් කරා පරිවර්තනය වීම රැඳී පවතින්නේ කම්කරු පන්තියේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂ, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛා, ගොඩනැගීම මතය”.

මෙම වැදගත් අත්දැකීම් වෙතට හැරෙන ලෙසත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලකා ශාඛාව ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමට උරදෙන ලෙසත් කම්කරුවන්, තරුනයන් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්.ඒ. සුනිල්

Share this article: