සමාජ ප්‍රතිවිප්ලවය සහ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත වැටීම

Social counterrevolution and the decline in US life expectancy

2019 නොවැම්බර් 28

ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය Journal of the American Medical Association -JAMA විසින් මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් තහවුරු වන්නේ එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත වැටීම කම්කරු පන්තියට දශක ගනනාවක් තිස්සේ එල්ල කෙරුනු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවයි.

ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය (ජේඒඑම්ඒ) මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක්, 2015 සිට 2017 දක්වා එක්සත් ජනපදයේ (එජ) ආයු අපේක්ෂාව, නූතන යුගයේ පෙර නොවූ විරූ ප්‍රවාහයක් දක්වමින් පහත වැටීම, පිලිබඳ විස්තර දක්වයි.

වර්ජිනියා පොදුරාජ්‍ය මන්ඩලීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය ස්ටීවන් එච්. වුල්ෆ් සහ නැගෙනහිර වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු වන හයිඩි ෂූමාකර් 1959-2016 වසරවල ආයු අපේක්ෂාව පිලිබඳ දත්ත සහ 1999-2017 සඳහා හේතු-නිශ්චිත මරන අනුපාතිකයන් විශ්ලේෂනය කලහ. දත්ත වලින් පෙනී යන්නේ ආයු අපේක්ෂාව පහත වැටීම සංඛ්‍යානයමය විෂමතාවයක් නොව කම්කරු පන්තියට දශක ගනනාවක් තිස්සේ එල්ල කෙරුනු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවයි.

ගැඹුරු සමාජ අර්බුදයක ග්‍රහනයේ සිටින රටක් වාර්තාවෙන් හෙලි කෙරෙයි. ට්‍රම්ප් විසින් තොරොම්බල් කරන ලද වාර්තාගත කොටස් මිල ගනන් ඇත්ත වශයෙන්ම කම්කරුවන් අතර ආයු අපේක්ෂාව පහත වැටීමට හේතු වූ උග්‍ර කෙරෙනු ආර්ථික සූරාකෑම පිලිබඳ මිනුමකි.

සැප්තැම්බර් මාසයේදී ෆිලඩෙල්ෆියා හි ෆෙඩරල් උසාවියෙන් පිටත, යෝජිත අධීක්ෂනය කරන ලද එන්නත් කරන ස්ථානයකට සහය දැක්වීම සඳහා පැවති උද්ඝෝෂනයක දී විරෝධතාකරුවන් මත්ද්‍රව්‍ය අධි-මාත්‍රා වෙන් පානය කර මියගිය අය වෙනුවෙන් තාවකාලික ස්මාරකයක් ඉදි කිරීම [ඡායාරූප අනුග්‍රහය: ඒපී ඡායාරූප / මැට් රූක්-Credit: AP Photo/Matt Rourke]

වෝල් වීදියේ ආයෝජකයින්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා වැටුප්, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ කප්පාදු කිරීමත් සමඟ දහස් ගනන් කර්මාන්තශාලා සහ පතල් වසා දැමීම, ගනන් කල නොහැකි තරම් වෙලඳසැල් වසා දැමීම් සහ කප්පාදු කිරීම් විසින් එජ පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වචනාර්ථයෙන්ම මරා දමා ඇත.

ආයු අපේක්ෂාව 1959 සිට 2010 වසර තෙක් වාර්ෂිකව ඉහල ගිය අතර එතැන් සිට එහි උච්චතම අගයවූ 78.9 ට 2014 දී එය ලඟාවන තුරු ඉහල යාම ඇනහිටියේ ශුන්‍ය වර්ධනයක් පෙන්නුම් කරමින්ය. 2017 වන විට ආයු අපේක්ෂාව අවුරුදු 78.6 දක්වා පහත වැටිනි.

ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනයක් ලෙස හඳුන්වා නීතිගත කල ඔබාමාකෙයාර් නමින් සෞඛ්‍ය සේවයට එරෙහිව එල්ල කල ප්‍රහාරය අත්සන් කල වර්ෂය ද 2010 වීම අහම්බයක් නොවේ. එතැන් සිට ආයු අපේක්ෂාව පහත වැටීම ඔබාමා පාලනාධිකාරයේ ප්‍රතිගාමී උරුමයන්ගෙන් එකක් පමනක් වන ඔබාමාකෙයාර් හි ප්‍රතිගාමී ස්වභාවය හෙලි කරයි.

ඔබාමාකෙයාර් යනු වැඩකරන ජනතාවගේ ආයු අපේක්ෂාව අඩු කිරීම සඳහා පාලක පන්තිය කල මෙහෙයුමක කොටසකි. ඇමරිකානු ධනවාදයේ මූලෝපායඥයින් සම්බන්ධයෙන් ගත් කල, සංගත සඳහා තවදුරටත් ලාභ උපයන්නේ නැති නමුත් සෞඛ්‍ය ගැටලු‍ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රජයේ සහනාධාර සහිත වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන වැඩිහිටි හා විශ්‍රාමික කම්කරුවන්ගේ ආයු කාලය වැඩි වන තරමට, ඒ සඳහා වැඩි මුදලක් ධනවතුන්ගේ හා හමුදා යන්ත්‍රයේ භාන්ඩාගාර වලින් වැය කල යුතුවෙයි.

වොෂිංටන් බුද්ධි මන්ඩලයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (සීඑස්අයිඑස්) ඇන්තනි එච්. කෝර්ඞ්ස්මන්ගේ 2013 වාර්තාවක් සාමාන්‍ය ඇමරිකානුවන් වැඩිකල් ජීවත්වීම එජ අධිරාජ්‍යවාදයට දැවැන්ත අර්බූදයක් බව නොවලහා ඉදිරිපත් කලේය. “ෆෙඩරල් හිමිකම් (සුබසාධන) වියදම්වල පිරිවැය ඉහල යාම මත පාලනය පවත්වාගෙන යෑමට නොහැකි වීම තරම් ..... බරපතල තර්ජනයක් එජය කිසිදු විදේශයකින් මුහුන පා නැත” යනුවෙන්ද, “ප්‍රධාන සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂන වැඩසටහන් සඳහා ෆෙඩරල් වියදම් ඉහල යාම සහ නය සඳහා වන ශුද්ධ පොලී පිරිවැය, සුවිශේෂිවම පාහේ නය අර්බුදය ධාවනය කරවන බව ද , කෝර්ඞ්ස්මන් ලිවීය.

මේ අතර, ධනවතුන් සඳහා කොන්දේසි කිසි විටෙකත් මෙතරම් යහපත් නොවී ඇත. ධනවතුන් හා දුප්පතුන් අතර වැඩෙන ආයු අපේක්ෂා පරතරයෙන් මෙය පිලිබිඹු වේ. පිරිමින්ගෙන් ධනවත්ම සියයට 1 දුප්පත්ම සියයට 1 ට වඩා අවුරුදු 14 ක් ජීවත් වන අතර කාන්තාවන්ගෙන් ධනවත්ම සියයට 1 දුප්පත්ම කාන්තාවන්ට වඩා අවුරුදු 10 ක් දිගු කල් ජීවත් වෙති.

අනෙකුත් ප්‍රධාන ධනේශ්වර රටවලට වඩා සෞඛ්‍ය රැකවරනය සඳහා ඒක පුද්ගල වියදම බොහෝ සෙයින් වැඩි වුවද, ආයු අපේක්ෂාව හා මරන අනුපාතය සම්බන්ධයෙන් එක්සත් ජනපදය බොහෝ පසුගාමී වී ඇත. 1980 දශකයේ සිට එජ අනෙකුත් සංවර්ධිත රටවල්වලට වඩා පසුගාමී වීමට පටන් ගත් අතර 1998 වන විට ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයට අයත් රටවල් සඳහා පැවැති සාමාන්‍යයට වඩා පහත වැටී තිබුනි.

පලමු හැරවුම් ලක්ෂය වූයේ, 1980 දශකයේ මුල් භාගයේදී, රොනල්ඞ් රේගන්ගේ පාලනාධිකාරය විසින් ආරම්භ කෙරෙනු සමාජ ප්‍රතිවිප්ලවයයි. මේ යටතේ වෘත්තීය සමිති බිඳදැමීම්, වැඩ වර්ජන කඩාකප්පල් කිරීම්, වැටුප් කප්පාදුව සහ රටපුරා ෆැක්ටරි වසාදැමීම්ද සමග සමගාමීව අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සහ වෙනත් සමාජ වැඩසටහන් කප්පාදුවද සිදුවිය. එය ඒඑෆ්එල්-සීඅයිඕ හි අනුග්‍රහය ඇතිව 1981 දී පැට්කෝ ගුවන් ගමනාගමන පාලක වැඩ වර්ජනය බිඳ දැමීමත් සමඟ දියත් කරන ලදී. රේගන්ගේ සමාජ ප්‍රතිපත්ති ඩිමොක්‍රටිකයින් විසින් වේගයෙන් ක්‍රියාවෙහි යෙදවුනු අතර ක්ලින්ටන් සහ ඔබාමා පාලනාධිකාරයන් විසින් එය දිගටම කරගෙන යන ලදී.

දෙවන ප්‍රධාන වර්තන ලක්ෂ්‍යය වූයේ 2008 වෝල් වීදියේ කඩාවැටීමයි. ඉන් අනතුරුව එක් අතකින් ඩොලර් ට්‍රිලියන ගනනක් බැංකුවලට ඇප ලබා දීම ද සහ අනෙක් පැත්තෙන් කම්කරු පන්තියට එරෙහිව කුරිරු කප්පාදු කිරීම් ද සිදු විය. ඊලඟ දශකය තුල එජ පුරා ප්‍රජාවන් විනාශ කර ඇති ඔපියොයිඞ් අර්බුදයේ පිපිරීම දැකගත හැකි විය.

ජේඒඑම්ඒ වාර්තාවට අනුව, ආයු අපේක්ෂාව අඩුවීම, දශක තුනකට ආසන්න කාලයක සිට මැදි වියැති වැඩ කරන වයස් කාන්ඩයේ වැඩිහිටියන් අතර, එනම් 25-64 අතර, මරන අනුපාතය වැඩිවීමේ ප්‍රතිඵලයකි. මෙය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම, මත්පැන් අනිසි භාවිතය, සියදිවි නසාගැනීම් සහ ඉන්ද්‍රිය පද්ධති රෝග මාලාවක නාටකාකාර ලෙස ඉහල යාමේ ප්‍රතිඵලයකි.

1999-2017 අතර, වයස අවුරුදු 25-64 සීමාවේ, එජ වැඩිහිටියන්ගේ ජාතිය / ජනවාර්ගිකත්වය අනුව අනධ්‍යාශයික අධි මාත්‍රා මත්ද්‍රව්‍ය පානයෙන් මරන අනුපාතය. වරහන් තුල ඇති අගයන් පෙන්නුම් කරන්නේ 2010 සහ 2017 අතර ජාතිය / ජනවාර්ගිකත්වය අනුසාරයෙන් වයස් අනුව සකස් කල මරන අනුපාතිකයේ සාපේක්ෂ වැඩි වීමකි. මූලාශ්‍රය: CDC WONDER'

1999 සිට 2017 දක්වා වන කාල පරිච්ඡේදය තුල, ඔවුන්ගේ උච්චතම ක්‍රියාකාරී සෙවා වසර වලදී මත්ද්‍රව්‍ය අධි-මාත්‍රාවෙන් භාවිතාව නිසා සිදුවූ මරන අනුපාතය 100,000 කට මරන 6.7 සිට දක්වා 32.5 දක්වා විශ්මය ජනක ලෙස සියයට 386.5 කින් ඉහල ගොස් ඇත. වයස අවුරුදු 25 ත් 34 ත් අතර මෙම වයස් කාන්ඩයේ බාලම කාන්ඩය සඳහා මරන අනුපාතය වැඩිවීම සියයට 531.4 කින් ඉහල ගියේය.

2010 සිට 2017 දක්වා කාලය තුල මැදි වයස් මරන අනුපාතය 100,000 කට 328.5 සිට 348.2 දක්වා ඉහල ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස , එම අනුපාතය ස්ථාවරව පැවතුනේ නම් සිදු නොවනු ඇති මරන 33,307 ක් සිදුවී ඇත.

මරන අනුපාතය ඉහල යාම සෑම වාර්ගික හා ජනවාර්ගික කණ්ඩයකම කම්කරුවන්ට බලපා ඇති අතර, සුදු ජාතික කම්කරුවන් අතර වැඩිම අතිරික්ත මරන සංඛ්‍යාව සිදුවී ඇත. එය “සුදු වරප්‍රසාදය” යන සංකල්පය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමකි. එවැනි වාර්ගික සංකල්ප මගින් පාලක පන්තිය වාර්ගික හා ජාතික බෙදීම් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නේ, සමාජ ජීවිතයේ යථාර්ථය සියලු‍ වාර්ගික හා ජාතිකත්වයන්හි කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ගේ මූලික අනන්‍යතාවය (ඒකීයත්වය) සනාථ කරන අතරම වෙ.

මධ්‍යම වයසේ මරන අනුපාතයෙහි විශාලතම සාපේක්ෂ වැඩිවීම විශේෂයෙන්ම කාර්මිකහරනයටත් ඔපියොයිඞ් අර්බුදයටත් ගොදුරු වී ඇති නව එංගලන්තයේ සහ ඔහායෝ නිම්නයේ කේන්ද්‍රගත වී ඇති බව වුල්ෆ් සහ ෂූමාකර් විසින් සොයා ගනු ලැබුනි. 2010 සිට අතිරික්ත මරන වලින් තුනෙන් එකක් පමන සිදුවී ඇත්තේ ඔහායෝ, පෙන්සිල්වේනියා, ඉන්දියානා සහ කෙන්ටකි යන ප්‍රාන්ත හතරක ය. අතිරික්ත මරන වැඩිම ප්‍රාන්ත 10 න් 8 ක්ම ඇත්තේ මැද-බටහිර ( ඵසාඇිඑ) හා ඇප‌ලේචියාවේ ය.

“එම ප්‍රාන්තවල සිදුවෙමින් පවතින දෙය අපට හොඳින්ම වැටහේ” වෛද්‍ය වුල්ෆ් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පැවසීය. ”‍මෙම සෞඛ්‍ය ප්‍රවනතාවය ආරම්භ වූ ඉතිහාසය මෙම ආර්ථික මාරුවීම් - එනම් නිෂ්පාදන රැකියා අහිමිවීම සහ වානේ කම්හල් සහ වාහන කම්හල් වසා දැමීම් ආරම්භ වීම හා සම්පාත වේ.

මෙම ජේඒඑම්ඒ විශ්ලේෂනය මගින් දැවැන්ත පරිමානයක අපරාධයක් සිදු කිරීම හෙලිදරව් කරයි. “වඩාත් කලින් සහ අස්වාභාවික මරනයක් අනිවාර්යයෙන් ඔවුන්ට අත්පත්වන තත්වයකට සිය ගනන් නිර්ධනීන්ව සමාජය පත් කරන්නේ නම් ....” සහ “තවමත් මෙම තත්වයන් පැවතීමට ඉඩහරින්නේ නම් එහි ක්‍රියාව තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් ලෙසින්ම ස්ථීරවම ඝාතනයක් වේ.” යනුවෙන් ෆෙඩි්‍රක් එංගල්ස් 1845 දී එංගලන්තයේ කම්කරු පන්තියේ තත්වය පිලිබඳව ලිවීය.

කම්කරුවන් වේලාසනින් මිනීවලකට තල්ලු‍ කිරීමේ වගකීම පැවරෙන්නේ ධනවාදී ක්‍රමයේ වැඩි වැඩියෙන් ලාභ සදහා වන තෘප්තිමත් කල නොහැකි ඉල්ලු‍ම මත ය. මෙම අපරාධයේ ප්‍රධාන හවුල්කරුවන් වන්නේ සංගතයන්හි කාර්මික පොලිස් බලකාය ලෙස වැඩබිම්හි සේවය කරමින්, ෆැක්ටරි ක්‍රමානුකූලව වසා දැමීම සහතික කරන සහ එකකට පසු එකක් වශයෙන් (හාම්පුතුන් සදහා) සහනදායි කොන්ත්‍රාත්තු පනවන වෘත්තීය සමිති ය.

ලාභ සඳහා වන මෙම උමතු ධාවනය තුල, කම්කරුවන් ඛන්ඩන ලක්ෂ්‍යය (breaking point) පසුවන තෙක් මිරිකනු ලැබෙමින් පවතී. පසුගිය දශකය තුල වැඩ කටයුතු ඇමසොනීකරනය කිරීම සහ “ගිග් ආර්ථිකයේ” ( කෙටි කාලීන සහ ස්වයං රැකියා වලින් යුත් ශ්රම වෙලඳ පොලක) වර්ධනය කම්කරු පන්තියේ සූරාකෑම නාටකාකාර ලෙස වැඩි කර තිබේ. අධික ලෙස වැඩ කිරීමෙන් ඇති වන තුවාල හා රෝගාබාධ සමඟ පොරබැදීමට ඔක්සොකොන්ටින් සහ ඔපියොයිඞ් ඇතුලු ප්‍රබල වේදනා නාශක වෙත කම්කරුවන් දුවවනු ලැබේ.

එජ හරහා සහ ජාත්‍යන්තරව පන්ති අරගලය යළිත් මතුවීම ඉදිරි මාවත පෙන්නුම් කරයි. එසේ වෙතත්, පසුගිය වසරේදී දස දහස් ගනනක් මෝටර් රථ කම්කරුවන්, ගුරුවරුන් සහ අනෙකුත් කම්කරුවන් වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගෙන ඇති නමුදු, ඔවුන්ගේ අරගල වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබ ඇත.

කම්කරු පන්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක් සහිත සවිඤ්ඤානික දේශපාලන නායකත්වයක් වන අතර එම පදනම මත කම්කරුවන්ට බැංකු හා සංගතවල පාලනය ලබා ගත හැකි අතර ඒවා පුද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව මෙහෙයවිය හැකිය.

නයිල්ස් නීමුත්

Share this article: