ප්‍රන්සයේ මැක්රොන් ආන්ඩුව හෙලීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

Build independent committees of action to bring down the Macron government in France!

2019 දෙසැම්බර් 17

ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ට හා ඔහු විසින් විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට එරෙහි ව දුම්රිය කම්කරුවන්, ගුරුවරුන් සහ බලශක්ති හා වරාය කම්කරුවන් මහා වැඩ වර්ජනය අරඹා සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. අද දින ප්‍රන්සය පුරා වර්ජකයන් හා ශිෂ්‍යයන් ලක්ෂ ගනනක් යලි වතාවක් විරෝධතා පෙලපාලිවල යෙදෙනු ඇත.

යුරෝපයේ හදවතෙහි පන්ති අරගලය පුපුරා යාම, සමාජයේ මූලික පන්ති රේඛා ඇඳ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලය හා විප්ලවවාදී විභවය ප්‍රදර්ශනය කර ඇත. මහජන ප්‍රවාහන සේවය සති දෙකක් තිස්සේ වැසී, බොහෝ පාසල් වසා දමා ඇත්තේ, ට්‍රක් රථ රියදුරන් හා පිරිපහදු කම්කරුවන්ගේ වර්ජන විසින් ඉන්ධන හිඟයන් හා සමස්ත ප්‍රවාහන ඇනහිටවීමක තර්ජනය ගෙන එමිනි.

විරෝධතාවක් මධ්‍යයේ “දුම්රිය කම්කරුවන් වර්ජනයේ, එම මැක්රොන් ම, එම සටන ම” යන බැනරය ප්‍රදර්ශනය කරන දුම්රිය කම්කරුවන් (ස්තුතිය: ඒපී ෆොටෝ/ ක්‍රිස්ටොෆී ඒනා) [Credit: AP Photo/Christophe Ena]

සියල්ලට ඉහලින්, මෙම වර්ජනය, ඇල්ජීරියාවේ, ඉරාකයේ, බොලීවියාවේ, චිලී රටේ මහජන විරෝධතා ද එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජන ද සමගින් ප්‍රසාරනය වෙමින් පවතින ගෝලීය පන්ති අරගලයක ඒකාග්‍ර කොටසකි. සමාජ අසමානතාවට, මූල්‍ය ප්‍රභූවට හා ධනපති ක්‍රමයට එරෙහි සීමා කර තබන ලද විරෝධය පුපුරා යාමකට එය තුඩු දී ඇත.

ප්‍රන්සයේ හා ඉන් ඔබ්බේ කම්කරුවන් මුහුන දෙන දේශපාලන ප්‍රශ්න ඉස්මතු වීමට වැඩිකලක් ගත වී නැත. දෙසැම්බර් 5දා පැවති පලමු පෙලපාලියේ යෙදුනු වර්ජකයන්ට පහර දීම පිනිස මැක්රොන් සන්නද්ධ රථ, ජල තුවක්කු හා කැරලි මර්දන පොලීසිය යැවී ය. කිසිදු සහනයක් නො දෙනු ඇති බව සංඥා කරමින් අගමැති එදුවාද් ෆිලිප් පසුගිය සතියේ කතාකලේ ය. මහජනයාගෙන් සියයට 70ක් විරුද්ධ වුව ද “ලකුනු ක්‍රමයක්” හරහා විශ්‍රාම වැටුප් ලබාදීමේ, විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් 64 දක්වා ඉහල දැමීමේ හා රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් සැලසුම් අහෝසි කිරීමේ මැක්රොන්ගේ සැලසුම් පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගන්නා බවට ඔහු පොරොන්දු විය.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පයට පාගා දමන ආඥාදායක තන්ත්‍රයකට එරෙහි මෙම අරගලය, කම්කරු පන්තියට හදිසි කර්තව්‍යයන් මුනගස්වයි: එනම්, මැක්රොන් බලයෙන් හෙලීමේ දේශපාලන අරගලයක් සංවිධානය කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ නව සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම යි.

මැක්රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු හකුලා ගන්නා ලෙස ස්ටැලින්වාදී පොදු කම්කරු සම්මේලනය (සීජීටී) ඔහුට කරන ඵලරහිත ආයාචනාවන් ප්‍රතිරාවය කිරීමට කම්කරුවන්ට සීමා විය නො හැක. නත්තලෙන් ඔබ්බට යන තෙක් වර්ජනය ප්‍රසාරනය කිරීමට වර්ජකයන් කැඳවුම් කරද්දී, සීජීටී නායක ෆිලිප් මාටිනස් විශාල රැලි කැඳවමින් හා මැක්රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු ගැන යලි සලකා ඒවා හකුලාගන්නා ලෙස ඉල්ලමින් වර්ජකයන් ව හෙම්බත් කිරීමට උත්සාහ දරන්නේ, නත්තලට පෙර සිජීටීයට වර්ජනය අවසන් කල හැකි යයි පොරොන්දු වෙමිනි. කම්කරුවන් සඳහා මෙම මාවත හේතු වන්නේ පාවාදීමට හා පරාජයට යි.

පසුගිය සතියේ හෙලිදරවු කිරීම්, මැක්රොන්ගේ පිලිවෙත්වල පන්ති ස්වභාවය ඇති තරම් පැහැදිලි කර ඇත. 2017 දී ඔහුගේ තේරී පත්වීමෙන් පසුව, ඔහුගේ ආන්ඩුව ඔහුගේ ආර්ථික පිලිවෙත සැලසුම් කරද්දී, ඔහු බ්ලැක්රොක් නමැති ඩොලර් ට්‍රිලියන 6ක වත්කම් සහිත ජාත්‍යන්තර මූල්‍ය වත්කම් කලමනාකරන සංගතය මුනගැසුනි. විශ්‍රාම වැටුප් කප්පාදු සැලසුම් කිරීමට ඔහු පත්කල ප්‍රධාන පුද්ගලයා වූ ෂෝන්-පෝල් ඩෙලෙවොයේ දෙසැම්බර් 16දා ඉල්ලා අස්වූයේ, රාජ්‍ය විශ්‍රාම වැටුප් කපා ආයෝජක විශ්‍රාම වැටුප් ගිනුම් හඳුන්වා දීමට ඍජු ව සම්බන්ධ රක්ෂන සමාගම් විසින් අරමුදල් සපයන ආයතන ඇතුලු විවිධාකාර ආයතනවලින්, ඔහු නීති-විරෝධී ලෙස ඉලක්කම් හයේ දීමනා ලබාගත්තේ යයි හෙලිදරවු වීමෙන් පසුව යි.

අවිනිශ්චිත මූල්‍ය වටිනාකමක “ලකුනුවලින්” ගනනය කරන විශ්‍රාම වැටුප් කම්කරුවන් දීමට මැක්රොන් කරන සැලසුම ගත් කල, එහි අභිප්‍රාය හිටපු දක්ෂිනාංශික අගමැති ෆ්‍රන්සුවා ෆිලන් විසින් 2016 දී කල කතාවක වීඩියෝ පටය තුල සංක්ෂිප්ත ව විදහාපාන ලදී. “ලකුනු” ක්‍රමයට විශ්‍රාම වැටුප දීම, “කිසිදු දේශපාලනඥයෙක් පිලි නො ගන්නා දෙයකට ඉඩ ලබාදෙනවා. එය සෑම වසරක ම තරමින් හා ලකුනුවල වටිනාකමින් අඩු වීමට ඉඩ ලබා දෙන්නේ, ඒ අනුව විශ්‍රාම වැටුප් මට්ටම හායනය කරමිනි” යි ෆිලන් කීවේ ය.

එවන් දූෂිත හා ප්‍රතිගාමී සැලසුමක් සමග සාකච්ඡා කිරීමට කිසිවක් ඇත්තේ නැත. මැක්රොන්ට ආයාචනා කිරීමේ සීජීටීයේ පිලිවෙත බංකොලොත් අතර ම, දශක ගනනක් තිස්සේ විශ්‍රාම වැටුප් කැපීම, ශ්‍රම වෙලඳපොල සීමා ඉවත් කිරීම හා අනෙකුත් කප්පාදු සිදුකල අනුප්‍රාප්තික ප්‍රන්ස ආන්ඩු සමග වෘත්තීය සමිති නිලධරයේ සමීප ඒකාබද්ධතාවේ කොටසකි. නව ධනපති-විරෝධී පක්ෂයේ සිට කම්කරු අරගලය (එල්ඕ) හා ෂෝන්-ලුක් මෙලෙන්චොන්ගේ නො නැමෙන ප්‍රන්සය පක්ෂය දක්වා වන සමස්ත ප්‍රන්ස ව්‍යාජ-වම, විශ්‍රාම වැටුප් කප්පාදු හකුලා ගැනීමට මැක්රොන් මත පීඩනය යෙදිය හැකි ය යන වෘත්තීය සමිතිවල කියාපෑමට සහයෝගය දී තිබේ.

කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට, මැක්රොන් බලයෙන් හෙලීම, ජාත්‍යන්තර මූල්‍ය වංශාධිපතිත්වයේ ආර්ථික හා දේශපාලන බලය කුඩු කිරීම හා ධනවාදය සමාජවාදී සමාජයකින් විස්ථාපනය කිරීම සඳහා කරන අරගලයක් අවශ්‍ය කරයි.

අද්‍යතන ගෝලීයකෘත ධනවාදය තුල, කම්කරුවන්ට විප්ලවීය මාවත හැර වෙනත් මාවතක් නො තිබෙනු ඇත. ප්‍රන්සයේ හා ජාත්‍යන්තර ව පුපුරමින් තිබෙන ගැටුම්, දශක ගනනාවක් තිස්සේ මුහුකුරා ගිය ගෝලීය සමාජ පරස්පර විරෝධයන්ගේ නිෂ්පාදිතය යි. 1991 දී ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය බිඳ විසිරවීමේ පටන් වූ යුගයේ ද විශේෂයෙන් ම 2008 මූල්‍ය අර්බුදයේ පටන් ද කම්කරුවන් විසින් නිපදවන ධනය සුපිරි-ධනවතුන්ගේ පොකට්ටු තුලට ද ඇෆ්ගනිස්තානයේ සිට සිරියාව හා මාලි දක්වා වන අධිරාජ්‍යවාදී යුද්ධවලට ද නො නැවතී මාරුකිරීම දැකගෙන ඇත.

වසර පනහකට පෙර, 1968 මැයි මහා වැඩ වර්ජනයේ දී ඉස්මතු වූ විප්ලවීය අවස්ථාව, ග්‍රෙනෙල් ගිවිසුම් අනුව වැටුප් ඉහල දැමීමට හිලවුව ලෙස ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය විසින් පාවාදෙනු ලැබී ය. දශක ගනනක් තිස්සේ නිර්කාර්මිකකරනය හා සුපිරි ධනවතුන් වෙත බදු සහන දීම මගින් විනාශ කරන ලද අද්‍යතන යුරෝපීය ධනවාදය, තව දුරටත් එවන් සහන (ග්‍රෙනෙල් ගිවිසුම් වැනි -පරිවර්තක) සම්පාදනය නො කරයි. මැක්රොන්ව “කහ කබා” විරෝධතාකරුවන් අතට පත් වුවහොත්, ඉන් මුදාගැනීම සඳහා හෙලිකොප්ටරයක් පැය 24 ක සේවා මුරයේ තැබීමට සිදුවීමෙන් විද්‍යාමානවූ ගෙවී ගිය වසර තුල ඔහු අත් කරගෙන ඇති ගැඹුරු වෛරයෙන් පසුව පවා, ඔහු හමුදාවට හා බිලියනපතියන්ට යුරෝ බිලියන සිය ගනන් ගලායාමට සලස්වා ඇත.

වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව සංවිධිත සමාජ විරෝධතාවන් සඳහා පවතින විභවය, පසුගිය වසර පුරා “කහ කබා” විරෝධතාකරුවන් විසින් දැනට මත් පෙන්නුම් කර ඇත. කම්කරු පන්තිය අරගලයට සේන්දු වෙද්දී, මූලික ප්‍රශ්නය වන්නේ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව සටන සංවිධානය කරන්නේ කෙසේ ද යන්න හා කම්කරුවන් අතරින් පැනනගින ව්‍යාපාරය මැක්රොන්ට ගැටගැසීමට එය දරන උත්සාහයන්ට විරුද්ධ වන්නේ කෙසේ ද යන්න යි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය දැන් තීරනාත්මක ය. 1936 ප්‍රන්ස මහා වැඩ වර්ජනය පුපුරා යාමට වසරකට පෙර, “වෘත්තීය සමිතිවල හා පක්ෂ යාන්ත්‍රනයේ විප්ලව-විරෝධී විරුද්ධත්වය බිඳීමේ එකම ක්‍රමය” එවන් කමිටු බව ලියොන් ට්‍රොට්ස්කි ප්‍රන්සය කොයිබට ද (විදර් ප්‍රාන්ස්) තුල ලිවී ය. 1917 බොල්ශෙවික් විප්ලවය තුල බලය ගත්, රුසියානු කම්කරුවන් විසින් ගොඩනගා ගන්නා ලද සෝවියට් සභාවන්ට ඒවා සමාන කරමින් ඔහු මෙසේ ලිවී ය:

වර්තමාන අවධියේ දී ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ ප්‍රන්සයේ පීඩිත ජනයා ආරක්ෂක අරගලයක් තුල ඒකාබද්ධ කරමින් ඉදිරියේ එලඹෙන ප්‍රහාරය සඳහා සූදානම් කිරීමට ඔවුන්ගේම බලයෙන් එම ජනයා සවිඥානික කිරීම යි. මෙම කමිටු අව්‍යාජ සෝවියට් සභා බවට පත්වන්නේ ද යන්න රැඳී තිබෙන්නේ ප්‍රන්සය තුල වත්මන් තීරනාත්මක තත්ත්වය අවසානයේ විප්ලවවාදී නිගමන තෙක් දිගහැරෙන්නේ ද යන්න මත යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ප්‍රන්සයේ ද ජාත්‍යන්තර ව ද කම්කරුවන් අතර මෙම ඉදිරිදර්ශනය පිලිබඳ පලල් සාකච්ඡාවක් ඉල්ලා සිටී. පන්ති අරගලයේ ගෝලීය පුනර්ජීවනයක් මධ්‍යයේ මැක්රොන් ආන්ඩුව හා කම්කරු පන්තිය අතර වර්ධනය වන ගැටුම, සමාජවාදය සඳහා වන විප්ලවීය අරගලය යලි වතාවක් දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුල් වී ඇති බවට වන සංඥාවකි. මේ සඳහා, වෘත්තීය සමිතිවල ද නව ධනපති-විරෝධී පක්ෂය හා නො නැමෙන ප්‍රන්සය පක්ෂය වැනි ඒවායේ ආරක්ෂකයන්ගේ ද ප්‍රති-විප්ලවවාදී විරෝධය බිඳීම අවශ්‍ය කරයි.

සෑම රටක ම ධනේශ්වරය, පුපුරනසුලු මහජන විරෝධයක් මධ්‍යයේ සමාජ ප්‍රතිවිප්ලවයක් පැනවීමේ මැක්රොන්ගේ උත්සාහයන් දෙස සමීප ව බලා සිටී. ප්‍රන්සයේ කම්කරුවන් මුහුන දෙන ගැටලු විසඳීමට ජාතික මාවතක් නැත. මෙම අරගලයේ දී ප්‍රන්ස කම්කරුවන්ගේ හොඳ ම සගයන් වන්නේ යුරෝපයේ හා ජාත්‍යන්තර ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය. නැටෝ සන්ධානයේ යුද සැලසුම්වලට හා ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල උපාමාරුවලට විරුද්ධ ව, තීරනාත්මක ප්‍රශ්නය වන්නේ අරගලය තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය වාත්තු කිරීම යි.

සසප අවධාරනය කරන්නේ කම්කරු පන්තිය තම ආර්ථික හා කාර්මික බලය සංවිධානය කිරීම, එහි අරගල ජාත්‍යන්තර ව සම්බන්ධ කිරීම හා සමාජය විප්ලවීය ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා පදනම දැමීම ආදිය සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. මේ තුල රාජ්‍ය බලය කම්කරු පන්තියේ ස්වාධීන සංවිධානවලට මාරු කිරීම, මූල්‍ය වංශාධිපතිත්වය අස්වාමික කිරීම හා ආර්ථික ජීවිතය පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතාව සඳහා ප්‍රතිසංවිධානය කිරීම යන දේශපාලන මූලෝපාය සසප ඉදිරිපත් කරයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: