ඇමරිකානු-මෙක්සිකානු දේශසීමාවේ ධනේශ්වර ප්‍රතිගාමිත්වයට එරෙහිව
මෙක්සිකානු වැඩ වර්ජිතයෝ කම්කරු පන්තියේ ප්‍රතිචාරය දක්වති

Mexican strikers show working class answer to capitalist reaction at US-Mexico border

2019 ජනවාරි 17

ධනවාදය යටතේ ඇති ප්‍රධාන පන්ති දෙක - එනම්, ධනපති පන්තිය සහ කම්කරු පන්තිය - ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාවේ දැන් දිගහැරෙමින් ඇති සිදුවීම තුල, අනාගත මානව වර්ගයා සඳහා විකල්පයන් දෙකක් ප්‍රදර්ශනය කරමින් සිටිති.

රැකවරන පතා එන සරනාගතයින්ට එරෙහිව කාන්තාරය හරහා කටුකම්බි අතුරමින්, කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට, දැඩි ලෙස සන්නද්ධ වූ ඇමරිකානු යුද භටයින් දහස් ගනනක්, ධනපති පන්තිය විසින් යොදවා ඇත. පසුගිය වසරේ “සංක්‍රමනික තවලම්වල” කොටසක් ලෙස හොන්ඩිව්රාස් හි සිට සැතපුම් දහස් ගනන් ගෙවා ආ පෙලපාලිවල “අප ජාත්‍යන්තර කම්කරුවෝ” යනුවෙන් සටන්පාඨ කියමින් පැමිනි ආගාමිකයෝ දැන් ඇමරිකානු දේශසීමාවෙහි සිට යන්තම් යාර කිහිපයක් නුදුරින් අටවා ගත් ලෙඩ රෝගවලින් ගහන කූඩාරම් නගරවල පොදිගැසී ජීවත්වෙති.

ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීමටත්, දිලිඳුකම සහ ප්‍රචන්ඩත්වයෙන් බේරීමට පලාඑන කම්කරුවන් ගේ ගලාඒම අවහිර කිරීමටත්, දේශසීමා ආරක්ෂක භටයෝ, ආගාමික කම්කරුවන්ගේ දරුවන් සිය දෙමව්පියන්ගේ අත්වලින් උදුරාගෙන මාස ගනන් සිර කරනු ලබති. මෙය සමහරෙකුට මරනීය ප්‍රතිවිපාක ගෙන දුන් අතර දහස් ගනන් මිනිසුන්ගේ මෘත දේහ ශුෂ්ක කාන්තාරයේ විසිරී පවතී.

ඇමරිකානු ආන්ඩුවේ වර්ත්මාන පරිපාලන අර්බුදය හා ඇනහිටීම කේන්ද්‍රගතවී ඇත්තේද, “දේශසීමා ආරක්ෂාව” යනුවෙන් රිපබ්ලිකානු සහ ඩිමොක්‍රටික් පක්ෂ විසින් හඳුන්වන කරුන මතය. මේ දෙපිරිසම ආගාමිකයින් ගේ පැමිනීම අවහිර කිරීම සඳහා බාධක ඉදි කිරීමටත්, ඩ්‍රෝන් යානා පියාසර කිරීමට සහ ආරක්ෂක නිලධාරින් වඩාත් සන්නද්ධ කිරීමටත් පොරොන්දු වූහ.

වර්තමාන පරිපාලන ඇනහිටීම තුල සිය දහස් ගනන් ෆෙඩරල් කම්කරුවන්ට තම වැටුප් චෙක් පත අහිමිවී ඇත. මක්නිසාදයත්, දේශසීමාව සවිමත් කිරීම සඳහා කොපමන ඩොලර් බිලියන ප්‍රමානයක් වියදම් කල යුතුද, තාප්පය කොපමන සැතපුම් සිය ගනනක් ඉදි කල යුතුද යන්න ගැන ඇති මත භේද මෙම පක්ෂ දෙකට විසඳා ගත නොහැකි වී ඇති බැවිනි. ට්‍රම්ප් - එනම්, ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ වඩාත්ම පිරිහුනු නියෝජිතයා - දුටුතැන ආගාමිකයින්ට වෙඩි තැබීමට තර්ජනය කර ඇත. “ජාතික හදිසි අවස්ථා” ප්‍රකාශ කිරීමටත්, නීතිමය ක්‍රමවේදය සහ රැකවරනය සඳහා අයිතිය ඉවත් කිරීමටත් ඔහු තර්ජනය කර ඇත.

අනෙක් පසෙන්, කම්කරු පන්තිය, මෙම ජුගුප්සාජනක යථාර්ථයට එරෙහිව තම විරෝධය වැඩිදියුනු කිරීමට ආරම්භ කරමින් සිටිති. මෙක්සිකානු දේශසීමා නගරයක් වන මැටමොරොස්හි, 70,000 ක් කම්කරුවෝ, ඇමරිකානු දේශසීමාවෙහි සිට යන්තම් සැතපුම් කිහිපයක් ඇතුලත පිහිටි දුසිම් ගනන් “මැකියුලදෝරා” වහල් කම්හල් වල නිශ්පාදනය අඩපන කරමින් වැඩ වර්ජනවලට එලඹුනහ.

ලොව සෑමතැනකම වෙසෙන කම්කරුවෝ, මැටමොරන් කම්කරුවන් විසින් තම ප්‍රථම පියවරන් සඳහා යොදාගත් සැලසුම් , පිඹුරුපතක් ලෙස අධ්‍යයනය කල යුතුය.

තමන්ට පොරොන්දු වූ බෝනස් දීමනාව ගැන තමන් රවටනු ලැබූ බව කම්කරුවෝ අවබෝධ කරගත් විට, ඔවූහු ගත් ප්‍රථම පියවර වූයේ රැස්වීමක් කැඳවමින්, සමාගම් සමග සහයෝගීව ක්‍රියාත්මකවන, තම වෛරයට පාත්‍ර වී ඇති, වෘත්තීය සමිති ප්‍රතික්ශේප කිරීමයි.

මෙම යකඩ සැට්ට බන්ධනයෙන් මිදීමෙන් පසුව, මැටමොරෙන්සි කම්කරුවන්ට අවසානයේදී එකිනෙකාට කථා කිරීම සඳහා නිදහස ලැබින. කම්හල් තුල සහ සමාජ මාධ්‍යය තුල ඔවූහු සාකච්ඡාවන් ආරම්භ කල අතර, තමන්ගේ විකල්පයන් පිලිබඳව ප්‍රජාතන්ත්‍රීයව සාකච්ඡා කලහ. ඔවූහු තේරුම් ගත්තේ වැඩ වර්ජනයක් වෙනුවෙන් ඉතා ප්‍රභල මනෝගතියක් පවතින බවයි. වෘත්තීය සමිතියක් මගින් කොටු කිරීමකින් තොරව ඔවුහු, දැවැන්ත වැටුප් වර්ධනයක්, සොරාගන්නා ලද බෝනස් දීමනාවන් යලි ලබා දීම සහ සමිති ගාස්තු ඉවත් කිරීම යන තම ඉල්ලීම් සූත්‍රගත කලහ.

අනතුරුව, මැකියුලදෝරා කම්කරුවෝ සිදුකලේ සමිතිය විසින් වසර ගනනාවක් පුරා ඔවුන් වලක්වමින් තිබුනු දෙයයි: ඔවූහු අනෙකුත් කම්හල්වල සහ කම්කරු පන්තියේ කොටස් සමග එකමුතු වූහ. ප්‍රාදේශීය ආර්ථිකය ඇනහිටුවමින්, ඔවූහු තමන් සමග එකමුතුවන ලෙස තම සහෝදර කම්කරුවන්ට ආයාචනය කරමින්, කර්මාන්ත නිවහන් පෙදෙස්වල පෙලපාලි ගියහ.

කර්මාන්ත ගැති මාධ්‍යයන් සතු නිල නාලිකාවන් සහ බොරු කියන සමිති නිලධරයින් මගහැර ගිය කම්කරුවෝ සමාජ මාධ්‍යය භාවිතා කරමින්, 500,000 මහජනතාව වෙසෙන මේ නගරයේ පුවත් නිදහසේ ගලා යාමට සැලැස්වූහ. ඇමරිකාව සහ කැනඩාව යන දෙරටෙහිම ප්‍රධාන මාධ්‍යය වර්ජනය පිලිබඳ පුවත් වාරනය කර ඇති බැවින් කම්කරුවන්ගේ ප්‍රධාන පුවත් මූලාශ්‍රය වූයේ එකිනෙකා අතර පවතින සම්බන්දයයි. අනෙකුත් දේශසීමා නගරවල ප්‍රාදේශීය මාධ්‍යය වර්ජනය ව්‍යාප්ත විය හැකියි යන අනතුරු අඟවමින් බිය වැදුනු කතුවැකි පල කරමින් සිටියි.

දේශසීමාවේ ප්‍රදර්ශනය වී ඇති ක්‍රියාදාමයන් දෙක වන්නේ ධනපති ක්‍රමයේ අර්බූදයට පන්ති දෙක විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් දෙකය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි ජනවාරි 3 දින ප්‍රකාශනයේ “ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය” යටතේ මෙසේ කෙටුම්පත් කලේය:

ධනපති පන්තියේ මේ මරලතෝනිය විසඳාලනු ඇත්තේ කෙසේද - ආඥාදායකත්වය, ෆැසිස්ට්වාදය, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට කඩාවැටීමෙන්ද, ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදීව බලය අල්ලාගෙන සමාජවාදී සමාජයකට පරිවර්තනය වීමෙන්ද - යන්න තීරනය වනු ඇත්තේ ලෝක පරිමානව පන්ති අරගලයේ ප්‍රතිඵලයෙනි.

ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය, ලොස් ඇන්ජලිස්හි ගුරුවරුන්ගේ වර්ජන සහ ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ අරගල ඇතුලුව 2019 පැන නැගුනු සෑම ප්‍රධාන අරගලයක්ම සමාජ සමානතාවය සඳහා මතුවෙමින් පවතින ලෝක ව්‍යාපාරයක කොටසකි. සෑම අරගලයක්ම එහි ස්වභාවය අනුව ජාත්‍යන්තරවේ.

තවදුරටත් “ඇමරිකානු නිශ්පාදිත” හෝ “මෙක්සිකානු නිශ්පාදිත” වාහනයක් යන ආකාරයේ දෙයක් නොපවතී. මෝටර්රථ කර්මාන්තය තුල ඇමරිකානු-නිශ්පාදිත මෝටර්රථ අමතර කොටස්වලින් සියයට 36 ක් මෙක්සිකෝවට අපනයනය කෙරෙන අතර, මෝටර්රථ අමතර කොටස්වලින් සියයට 45 ක් මෙක්සිකෝවේ සිට ඇමරිකාවට ආනයනය කෙරෙයි.

මෙක්සිකෝවේ හෝ ඇමරිකාවට පිරිද්දුම් පේලිවලින් (කොටස් එකලස් කිරීමේ කම්හලකින්ම) එලියට එන වාහනයක් දුසිම් වාරයක් නැත්නම් සිය වාරයක් දේශසීමා හරහා එහා මෙහා ගිය කොටස්වලින් සමන්විත වෙයි.

කාරයක ඇති ආසනයක් පාලනය කරන බොත්තම (සීට් කොන්ට්‍රෝල් බොත්තම) සඳහා අවශ්‍ය කරන, ආසියාවේ කම්කරුවන් විසින් නිශ්පාදිත විද්‍යුත් කොන්ඩෙන්සරයක් (කැපැසිටරයක්) - නිදසුනක් ලෙස - එජ ට ප්‍රවාහනය කෙරෙයි. නැවතත් සිව්ඩෑඞ් හුවාරේ (ක්‍සමා්ා න්‍මටිරු‘) (මෙක්සිකෝව පිහිටි නගරයක්) දක්වා ප්‍රවාහනය කෙරෙන මෙම විද්‍යුත් කොන්ඩෙන්සරය මෙක්සිකානු කම්කරුවන් විසින් පරිපථ පුවරුවකට (ජසරජමසඑ ඉද්රා) බද්ධ කෙරෙයි. අනතුරුව මෙය යලි ඇමරිකාවට ප්‍රවාහනය කෙරුනු විට නැවතත් මෙක්සිකෝවේ මතමොරොස් දක්වා ප්‍රවාහනය වන තුරු ටෙක්සාස්හි කම්කරුවන් විසින් ගුදම්වල ගබඩා කෙරෙයි. මැටමොරොස්වලදී මෙම පරිපථ පුවරුව ආසන ඇක්ටිවේටර බොත්තමකට බද්ධ කෙරෙයි. පසුව, මෙම ඇක්ටිවේටරය ටෙක්සාස් හෝ කැනඩාවට ප්‍රවාහනය කෙරුනායින් අනතුරුව මෙහිදී මෝටර්රථ කොටස් අංශයේ කම්කරුවෝ මෙම ඇක්ටිවේටරය ආසනයට සවි කරති. අවසානයේදී, එක්ලස් කිරීමේ කම්හලකට යැවෙන මෙම ආසනය කාරයේ ව්‍යූහයට සවි කෙරෙයි.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා කරන ඉල්ලීම විවේකයට කියන කථාවක් නොවේ - එය කම්කරු පන්තියේ දැවැන්ත සමාජ ශක්තිය මුදා හැරීම සඳහා මූලෝපායික අවශ්‍යයතාවයක් සහ පදනමක් වෙයි.

මෙම හේතුව නිසායි ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් වේවා වෘත්තීය සමිති නිලධරයෙන් වේවා මතුවන ජාතිකවාදී විෂ කම්කරුවෝ ප්‍රතික්ෂේප කල යුත්තේ. මොවූහු “රැකියාවන් උදුරා ගැනීම” පිලිබඳව මෙක්සිකානු කම්කරුවන්ට දෝෂාරෝපනය කරන අතර පවසන්නේ සමාගම් විසින් නිෂ්පාදනය ප්‍රාදේශීය මට්ටමේ පවත්වන බවයි. මෙක්සිකානු කම්කරුවන්ට තමන් සඳහා අන්ද්‍රසේ මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රාඩෝ (ඔහු අම්ලො - ්ඵඛධ - ලෙසද හැඳින්වෙයි) තුල මිතුරකු ඇතැයි සිතීමෙන් පලක් නැත. ඔහු ධනවතුන්ගේ සම්පත් අස්වාමික නොකරන බවට බැංකුවලට පොරොන්දු වූ අතර ඇමරිකාවේ රැකවරනය සඳහා ඉල්ලුම් කරන මධ්‍යම ඇමරිකානු කම්කරුවන් අවහිර කිරීම සඳහා ඇමරිකාවට සහය දෙන්න යයි ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් කරන ලද ඉල්ලීමට එකඟ විය.

ධනේශ්වර පද්ධතිය හා ලෝකය ජාතික රාජ්‍ය බවට බෙදී තිබීම, නිෂ්පාදන බලවේගවල ප්‍රගතිශීලී සංවර්ධනය සඳහා බාධකයක් වේ. මේවා විසින් අයතා හා අසාධාරන පරස්පරතා ඉදිරිපත් කර ඇත; ජාතික සීමාවන් පරයා ආසන බොත්තමකට යාහැකි නමුත් මිනිසුන්ට එසේ කිරීමට තහනම්ය.

ධනපති ක්‍රමය පෙරලා දැමීම, ධනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම, හා මහා සංගතයන් කම්කරුවන් විසින් පාලනය කරන පොදු සේවාවන් බවට පරිවර්තනය කර මානව අවශ්‍යතා අනුව සම්පත් හා භාන්ඩ සැපයීමට ගෝලීය ඒකාග්රිත ආර්ථිකයේ බලය යොදා ගැනීම මගින්, මෙම පරස්පරවිරෝධතා විසඳීය හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි.

එරික් ලන්ඩන්

Share this article: