ශ්‍රී ලංකාවේ සසප අසාන්ජ් නිදහස්කර ගැනීමේ රැස්වීම් හා පිකට් උද්ඝෝෂන පවත්වයි

SEP (Sri Lanka) to hold Free Assange meetings and demonstrations

2019 ජුලි 06

ආරම්භක උද්ඝෝෂන යාපනය නගරයේදී, කොලඹ නගරයේදී හා හැටන්හිදී පැවැත්වේ.

අසාන්ජ් සිරගත කර ඇත්තේ ඔහු ඇමරිකාවේ යුද අපරාධ හෙලි කිරීම නිසාය. ඇප කොන්දේසි කඩකලේය යන බොරු චෝදනාව මත, ඔහු රැකවරන ලබා සිටි ලංඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් නීති විරෝධී ලෙස පැහැරගෙන ගියේ බි්‍රතාන්‍ය පොලිසිය විසිනි. දැන් ඔහු ඔත්තු බැලීමේ පනත යටතේ එල්ල කර ඇති චෝදනා මත ඇමරිකාවට උදර්පනය කිරීමට නියමිතය. ඔහු නිහඬ කර විනාශ කිරීමට ට්‍රම්ප් ආන්ඩුව දරන උත්සාහයේ කොටසක් ලෙස අසාන්ජ් වසර 170ට සිරගත කරනු ඇත.

අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම අභීත ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා මැනිං අනියමිත කාලයකට සිරගත කර සිටියි. අසාන්ජ් හා මැනිංගේ නිදහස සුරක්ෂිත කරන ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැඟීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලය විසින් ජූනි 20දා බලගතු කැඳවුමක් කර ඇත. මෙම කැඳවුම පදනම් කරගෙන එවන් ව්‍යාපාරයක් ගොඩනැඟීමේ කොටසක් ලෙස සසප, සිය සහෝදර පක්ෂ ජාත්‍යන්තරව ගෙන යන උද්ඝෝෂන සමඟ එක්වේ.

ඇමරිකාව සහ එහි සහචරයින්ගේ යුද අපරාධ හෙලිදරව් කිරීම මඟින් අසාන්ජ්, ජාත්‍යන්තර කම්කරු පන්තියට මහඟු සේවයක් සිදුකොට ඇත. ඉරානයට පහර දෙන ලෙස නියෝග කර යන්තම් විනාඩි දහයක් තුල ප්‍රහාර එල්ල කිරීම අවලංඟු කිරීම මඟින් ට්‍රම්ප් මෑතකදී නාටකාකාරව පෙන්නුම් කලේ මෙම අනතුරයි. මෙම අධිරාජ්‍යවාදී යුද ධාවනයට අසාන්ජ් ප්‍රහාර එල්ල කර ඇත.

අසාන්ජ් නිහඬ කලහොත් එය, අදහස් පලකිරීමේ නිදහස ද ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව තව තවත් පහර දීම සඳහා සෑමතැනකම ආන්ඩු දිරිගන්වනු ඇත. ශ්‍රී ලංකාවේදී ආන්ඩුව, පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර, හදිසි නීතිය පැනවීමටත්, මිලිටරිය යෙදවීමටත්, අදහස් පලකිරීමේ නිදහස උදුරා ගැනීමටත් වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමටත් කඩතුරාව කර ගත්තේය.

ජූලියන් අසාන්ජ් හා චෙල්සි මැනිං නිදහස්කර ගැනීම සඳහා අප ගෙන යන උද්ඝෝෂනයට හා ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල එවැනි ක්‍රියා හා රැස්වීම් ගොඩනැඟීමට සහාය දක්වන මෙන් සසප හා සසජාතශි, කම්කරුවන්, සිසුන්, තරුනයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

■ යාපනයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරියේ උද්ඝෝෂනය: ජූලි 10, සවස 4ට

■ කොලඹ මහජන පුස්තකාලයේ ශ්‍රවනාගාරයේ ප්‍රසිද්ධ රැස්වීම: ජූලි 17 සවස 4ට

■ හැටන් ප්‍රධාන බස් නැවතුම ඉදිරියේ අගෝස්තු 11දා පෙව 11ට උද්ඝෝෂනය හා සීඩබ්ලිව්සී (කම්කරු සෙවන) ශාලාවේ ප්‍රසිද්ධ රැස්වීම සවස 2ට