අසාන්ජ් සහ මැනිංගේ නිදහස වෙනුවෙන් බලකරමින්, පැරිස් නුවර පැවත් වුනු රැස්වීමට ක්‍රිස් මාර්ස්ඩන් කල කථාව

Chris Marsden’s speech to Paris meeting to demand freedom for Assange and Manning

ක්‍රිස් මාස්ඩන් විසිනි, 2019 ජුනි 27

යට දැක්වෙන්නේ, ජුනි 23 දා ප්‍රන්සයේ පීඊඒඑස් (සමජවාදී සමානතා පක්ෂය) විසින් ජුලියන් අසාන්ජ් නිදහස් කරනු! චෙල්සි මැනිං නිදහස් කරනු! යන මාතෘතාව උඩ සංවිධානය කෙරනු පැරිසියේ රැස්වීමට එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් විසින් කරනලද කථාවයි.

අප්‍රේල් 11 දා විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඬංගුවට ගනු ලැබින.

බ්‍රිතාන්‍ය පොලිස් සෙවුම්-කන්ඩායමකට ඔහු අත් අඩංගුවට ගෙන බලහත්කාරයෙන් එලියට ඇදගෙන යා හැකි වූයේ ඉක්වදෝර් රජය නීතිවිරෝධීව ඔහුගේ දේශපාලන රැකවරන අයිතිය අහෝසි කල තතු තුල ය.

පැරිසියේ රැස්වීමට එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් විසින් කරනලද කථාවයි.

ඉන් පැය කිහිපයකට පසුව, ඔහු චෙල්සි මැනිං සමග එක්ව කුමන්ත්‍රනය කලේ ය යන චෝදනාවක් උඩ එක්සත් ජනපදය විසින් ඔහුට විරුද්ධව 2017 දෙසැම්බරයේ නිකුත් කරන ලද වරෙන්තුවක් ප්‍රසිද්ධියට පත් කලේය.

ඔහු කලේ යයි කියන ලද කුමන්ත්‍රනය නම් එවකට හමුදා භටයෙකු වූ මැනිං සමඟ එක්ව, 2010 මුල් සමයේ ඉරාක යුද්ධය හා ඇෆ්ගන් යුද්ධය පිලිබඳ වාර්තා ද ඇමරිකානු රාජ්‍යතන්ත්‍රික කේබල්පනිවුඩ ද බැහැරට කාන්දු කලේ ය යන්නකි.

ප්‍රසිද්ධියට පත් කරන ලද එකම චෝදනාව නම් “පරිගනක වලට හොරෙන් රිංගීමට” කුමන්ත්‍රන කිරීමයි.

එහෙත් අසාන්ජ් ගේ ඇමරිකානු නීතිඥයා පැහැදිලි කල පරිදි චෝදනාව නම් “තමා ට තොරතුරු සපයා දෙන ලෙස කිසියම් මූලාශ්‍රයක් දිරිමත් කිරීම හා එම මූලාශ්‍රයේ අනන්‍යතාව රැක දීමට තැත් කිරීමත් ය.” මෙම පෙර නුවූවිරූ අපරාධ චෝදනා වලින් ලෝකය පුරාම මාධ්‍යවේදීන් බලවත් සේ කම්පනයට පත්වනු ඇත.

එම අපරභාගයේ දීම, අසාන්ජ් 2012 දී තරම් ඈත අවස්ථාවක ඇප කඩකිරීමක් සිදු කලේ ය යන චෝදනාවට වැරදි කරුවෙකු කරන ලදී. ඉක්බිතිව මැයි 1 දා , ඩිබොරා ටේලර් නමැති විනිසුරුවිය විසින් අසාන්ජ් බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත සිරගෙයෙහි සති 50ක් සිරකර තැබීමට තීන්දු කරනු ලැබිනි. තීන්දුව දෙමින් ඈ මෙසේ ප්‍රකාශ කලා ය. “ඔබ ඔබේ වරප්‍රසාදිත තත්වය අපයෝජනය කොට නීතිය බිඳීමටද මේ රටේ නීතියට ඔබේ පිලිකුල ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීමට ද ක්‍රියා කොට තිබේ.”

අසාන්ජ් සහ ඔහුගේ නීති උපදේශක කන්ඩායම අවුරුදු අටක් තිස්සේ එක්සත් ජනපදයේ රහසිගත මහා (ටර්බා) ජුරි සභාවක් මගින් පරික්ෂනයක් කෙරෙමින් පැවති බව පැහැදිලි කලහ. අසාන්ජ් ම පැහැදිලි කල පරිදි “එක්සත් ජනපද අධිකාරිහු 1917 චර ප්‍රයෝග නීතිය ද 1986 පරිගනක වංචා සහ දූෂන පනත ද යොදාගෙන වැඩ කරමින් සිටියෝ ය.”

අසාන්ජ් ට එරෙහි ඇමරිකානු උදර්පනයක් සහ රහසිගත මහා ජුරියක් පිලිබඳව අනතුරු ඇඟවීම් ‘කුමන්ත්‍රන න්‍යායක්’ යයි නම්කර හෙලා දකින ලදී. එහෙත් පසුගිය මැයි 23 දින ඇමරිකානු අධිකරන දෙපාර්තමේන්තුව රහස් ඔත්තු පනත යටතේ අසාන්ජ්ට එරෙහිව අවුරුදු 175ක සිර දඬුවම් දිය හැකි චෝදනා 17ක් ඉදිරිපත් කලේ ය.

සියලු චෝදනා, ඇමරිකානු ආන්ඩුවේ යුද අපරාධ සහ මානව අයිතිවාසිකම් අපයෝජන පිලිබඳව විකිලීක්ස් විසින් කරන ලද එලිදරව් කිරීම් සම්බන්ධව ය.

1917 ගුප්ත චරප්‍රයෝග පනත උඩ මාධ්‍යවේදියෙකුට චෝදනා එල්ල කල ප්‍රථම වතාව යි මේ. අසාන්ජ් ට චෝදනා එල්ල කොට තිබෙන්නේ, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනයෙන් ආරක්ෂා කර තිබෙන, මූලික මාධ්‍ය කටයුතු වල යෙදීමේ කාරනය නිසාය.

අසාන්ජ්ගේ ඉරනම තීන්දු කෙරෙන්නට යන්නේ, ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත එම්මා අර්බත්නොට් නම් ඇමරිකානු විනිසුරුවිය මුලසුන දරන, ඔහු වැරැදිකරු කිරීමට කල් තබාම තීන්දුවක් ගෙන තිබෙන, කැකිල්ලෙ උසාවියක් තුලය.

ඇය, ටෝරි දේශපාලක, පාර්ලිමේන්තුවේ ආරක්ෂක තේරීම් කාරක සභාවේ හිටපු සභාපති, සහ රාජකීය එක්සත් සේවා කමිටුවේ උපදේශක මන්ඩලයේ සාමාජික ජෙම්ස් අර්බත්නොට් ගේ බිරිඳ ය.

අර්බත්නොට් වනාහී, කලින් එම්.අයි. 16 (බ්‍රිතන්‍ය චර සේවයේ ) ප්‍රධානියාව සිටි සර් ජොන් ස්කාර්ලට් සමග, සිකියුරටි ඉන්ටලිජන්ස් කොන්සල්ටන්සි එස් සී ස්ට්‍රැටජි සමාගමේ අධ්‍යක්ෂ වරයෙකි. ඔහු තෙල්ස් නමැති ආරක්ෂක සමාගම සමග සම්බන්ධකම් පවත්වයි. විකිලීක්ස් දත්ත ගබඩා වල තේල්ස් සහ ආරක්ෂක සමාගම පිලිබඳ සඳහන් 2,000ක් තිබේ.

මෙන්න, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පන්ති යුක්තිය වැඩ කරන සැටි!

විකිලීක්ස් මාධ්‍ය ජාලයට එරෙහි ප්‍රහාරය පටන් ගත්තේ ට්‍රම්ප් යටතේ නොවන බව අවධරනය කල යුතුව ඇත. අසාන්ජ් ‘සයිබර්-ත්‍රස්තයෙකු’ සහ ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්” යයි නම් කල ඔබාමාගේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ උප ජනාධිපති ජෝ බිඩෙන් ඔහු ට එරෙහිව දේශපාලන මිනිස් දඩයමක් ආරම්භ කර තිබුනි.

අසාන්ජ් ‘සයිබර්-ත්‍රස්තයෙකු’ සහ ‘ජාතික ආරක්ෂාවට තර්ජන යක්” යයි නම් කල ඔබාමාගේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ උප ජනාධිපති ජෝ බයිඩන් ඔහු ට එරෙහිව දෙශපාලන මිනිස් දඩයමක් ආරම්භ කර තිබුනි.

අනුබද්ධ ඝාතන යනුවෙන් නම් කරන ලද බැග්ඩැඞ් ගුවන් ප්‍රහාර වනාහී, 2010 අප්‍රේල් 5, ඉරාක කැරලි ගැසීම් වලට එරෙහිව 2007 ජුලි 12දා ඇමරිකානු හෙලිකොප්ටර් යානා 2ක් බිම හෙලීමට එල්ලකල ප්‍රහාර මාලාවකි.

අනුබද්ධ ඝාතන ජුලි 12, 2007 නමැති විඩියෝව පලකොට සති දෙකක් අතුලත, දැන් චෙල්සි මැනිං ලෙස ලිංග මාරුවකට භාජනව සිටින බ්‍රැඞ්ලි මැනිං අත් අඩංගුවට ගෙන, යුද නීති යටතේ අවුරුදු 35ක් සිර ගෙට යවන ලදී. ඇයගේ සිර දඬුවම සීමා කරන ලද නමුත්, අසාන්ජ්ට එරෙහිව සාක්කි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා දැන් යලිත් ඇය සිරගත කරනූ ලැබ සිටින්නීය.

අධිකරන දෙපාර්තමේන්තුව විකිලීක්ස් පිලිබඳව ‘ක්‍රියාත්මක අඛන්ඩ පරීක්ෂනයක්’ අරම්භ කර තිබෙන බව ඔබාමාගේ ඇටෝර්නි ජෙනරාල් එරික් හොල්ඩර් 2010 නොවැම්බර් 29දා ප්‍රකාශ කලේ ය.

හිටපු කථානායක නිව්ට් ගින්ග්‍රිච් ට අසාන්ජ් ‘ත්‍රස්තවාදියෙක්’ යයි ද ඔහුට සැලකිය යුත්තේ ‘සතුරු සටන් කරුවෙකු ලෙස’ නම් කිරීමට දේශපාලන වාතාවරනය සම්පාදනය කර දුන්නෝ ඩිමොක්‍රටිකයෝ ය.

‘එක්සත් ජනපදය අසාන්ජ් මැරිය යුතුය’ යි ෆොක්ස් ප්‍රවෘත්ති විශ්ලේෂක බොබ් බෙකෙල් ප්‍රකාශ කලේ ය. “මල මිනිහෙකුට තොරතුරු කාන්දු කල නොහැකිය. කරන්නට ඇත්තේ ඒකයි, නීති විරෝධී ලෙස බැල්ලිගෙ පුතාට වෙඩි තියා පියව්! ” අසාන්ජ්ට මරන දඬුවම් දිය යුතුය යි කී අනෙක්වුන් අතර ඩොනල්ඞ් ට්‍රම්ප් ද විය.

ඩිමොක්‍රටිකයෝ තවමත් අසාන්ජ් ගේ අතිශයින්ම නපුරු සහ අප්‍රතිපත්තික විරුද්ධවාවාදීන් ව සිටිති.

හිලරි ක්ලින්ටන් නමැති තුච්ඡ යුද වාදිනිය ජනාධිපති ධුරයට පත්වීම නමැති විශිෂ්ට සිද්ධිය වලක්වා ලීම සඳහා අසාන්ජ්, ට්‍රම්ප්ටත් රුසියාවටත් සේවය කලේ ය යන මුසාවාද මත ඔවුහු ප්‍රහාරය ගෙන යති වෝල් වීදිය පිනවීමට ඈ කල උත්සාහයන් ද බර්නී සැන්ඩර්ස් ට විරුද්ධව කුපාඩි උගුල් ඇටැවීමේ ඇගේ තැත ද විකිලීක්ස් විසින් එලිදරව් කලේය යන සත්‍යය යට ගසා තිබේ.

2010 අගොස්තු මැද ස්වීඩනයේ සිටියදී ව්‍යාජ ස්ත්‍රී දූෂන චෝදනා උඩ අසාන්ජ්ට බොරු නඩු ඇටවීමට මුලපුරන ලද්දේ ඔහු සදහටම නිශ්ශබ්ද කිරීමේ සැලැස්මෙහි කොටසක් ලෙස ය.

එකදු චෝදනා වක් වත් නොනඟාම බොරු නඩුව තුන් වතාවක් විවෘත කර ස්වීඩනයේ උසාවිය අසාන්ජ්ට එරෙහි චෝදනා යලි යලිත් පසෙකට දමා, අසාන්ජ් නොමැතිව නඩු විභාග කර ඔහු සිරගත නොකල යුතුය යන තීන්දුව දීමෙන්, ඔහුට විරුද්ධව ගොතා තිබෙන චෝදනා කෙතරම් වැරහැලිවී ඇත්ද යන්න පෙන්නුම් කරයි. කවරෙකුට හෝ තවදුරටත් නැතැයි කිව නොහැකි කාරනය නම්, ඔහු එක්සත් ජනපදයේ දී අනියම් කාලයක් සිරකොට තබා, වද දී, බොහෝ විට මරන දන්ඩනයට පවා ලක් කෙරෙනු අති බවයි.

ස්වීඩනයේ දී ඔහුට එල්ලකොට තිබෙන චෝදනා කරතබාගෙන ඔහු ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන සියල්ලන් ම, කරන්නේ එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි දරුනුම විවේචකයෙකු ගේ මුව වසා ලීමට කරන කුමන්ත්‍රනය ට ආධාර කිරීම යි. බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් වැනි.

අසාන්ජ්ගේ ජීවිතය අනතුරේ ය. අසාන්ජ් එක්සත් ජනපදයට බලහත්කාරයෙන් භාරදීමට පෙරාතුවම පවා ටිකෙන් ටික ඝාතනය කිරීමක් හා සමාන දෙයකට ඔහු ගොදුරු කර ඇත. අසාන්ජ් සිතාමතා ම වසර ගනනාවක් තිස්සේ උග්‍ර කරන ලද අමානුෂික හා අවමානකාරී අපචාරයන්ට සහ දඬුවම් වලට බඳුන්කරන ලද” බවත් , “ඒවා යේ උග්‍රවන විපාක විස්තර කලහැකි එකම ආකාරය නම් මානසික වධබන්දන යනුවෙන්” බවත් වධබන්ධන පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තා කාර නීල්ස් මෙල්ට්සර් ප්‍රකාශ කොට තිබේ. හේ මෙසේ නිගමනය කලේ ය: “ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කන්ඩායමක් එක්ව, තනි පුද්ගලයෙකු මේ තරම් දිගු කාලයක් සිතා මතා මානව ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය කෙරේ අබමල් රේනුවකවත් තැකීමක් නොමැතිව යකෙකු සේ හඳුන්වමින් අපහාසයට භාජනය කරනු, යුද්ධයට, ප්‍රචන්ඩත්වය ට සහ දේශපාලන මර්දනයට ගොදුරු වූවන් සමග අවුරුදු විස්සක් තිස්සේ කල වැඩ කටයුතු වලදී මා මීට පෙර කවර කලෙකවත් දැක නැත. ”

අසාන්ජ් දැනටමත් රෝහල්ගත කර ඇත. එහෙත් ඔහු ඉන්නේ මිනීමරුවන් සහ අපරාධ කරුවන් පිරුනු උපරිම ආරක්ෂිත කුටියක නිසා ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

අසාන්ජ් මෙම තත්වයට ඇද දමා තිබෙන්නේ, ඒකාධිපති පාලන ආකෘතීන් වන මිලිටරිවාදය සහ යුද්ධය කරා අධිරාජ්‍ය බලයන් ගෙන ඇති දක්ෂිනාංශික පිම්මෙහි කොටසක් ලෙසය.

මේ කාමරයේ ඉන්නා අය, ධනපතියන්ගේ ජනාධිපති වන ප්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොන් ට එරෙහි “කහ බැනියම්” විරෝධතා අවධියේදී උග්‍ර රාජ්‍ය ප්‍රචන්ඩතත්වයකට මුහුන දුන් අයයි.

එහිදී 2500ට තුවාල සිදු කරනු ලැබූ අතර ඉන් සිය ගනනක් බරපතල තුවාලකරුවන්ය. 23 දෙනෙකුගේ ඇස් පෙනීම නැති විය. පස් දෙනෙකුගේ අතක් කැඩී ගොසිනි, එක් අයෙකුගේ ලින්ගේන්ද්‍රිය විනාශ විය. 6,000ක් අත්ඩංගුවට ගනු ලැබිනි.

ගෝලීය වශයෙන් ගතහොත්, අද දින අප මෙහි රැස් වෙන විට වාර්තා පලවන්නේ, ට්‍රම්ප් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මිනිත්තු 10ක් තරම් ආසන්න ව සිටි බවය. එය මුලු මදපෙරදිගම ගිනි අවුලුවා ලෝක යුද්ධයක තර්ජනය අත ලඟට ගෙනාවේය.

දිගු කාලීන යෝධ කප්පාදුව, රුදුරු සමාජ අසමානතා මට්ටම්, මිලිටරිවාදය සහ යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් පැටවිය හැක්කේ නොවේ. ඒ සඳහා 1930ස් ගනන් වල යුරෝපයේ ෆැසිස්ට් පාලන තන්ත්‍ර වලින් පසු දකින්ට නොලැබුනු ජාතියේ රජ්‍ය මර්දනයක් ඉල්ලා සිටි.

අසාන්ජ් සහ විකිලීක්ස් නිශ්ශබ්දකිරීමට යත්න දරන්නේ, දේශපාලනිකව දැනුවත්, බලමුලු ගැන්වෙමින් සිටින කම්කරු පන්තියක් වැඩී යනු අතැයි යන භීතියෙන් ද මිලියන ගනන්, මිලියන සිය ගනන් අරගලයට පිවිසෙනුඇතැයි යන භීතියෙනි.

එම හේතුව නිසා ම, අපගේ ප්‍රවෘත්ති ජාලය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ගූගල් සහ වෙනත් සමාජ වෙබ් අඩවි දවැන්තයන් විසින් රාජ්‍යය හා එක්ව නිරන්තර වාරනයට ලක් කරයි. ජර්මනියේ අපේ පක්ෂය, ජර්මන් රාජ්‍යයට “වාමාංශික අන්තවාදී” තර්ජනයක් යයි රහස් චර සේවයේ ලයිස්තුවකට ඇතුලු කොට තිබෙ.

අපතේ යැවීමට කාලයක් නැත.

මුලුමහත් දේශපාලන සංස්තාපිතයම ජුලියන් අසාන්ජ්ට විරුද්ධව පෙලගැසී තිබේ. එහෙත් මෙම පද්ධතිය කෙරෙහි විරෝධය කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතී. අසාන්ජ්ගේ සහ මැනිං ගේ නිදහස දිනා ගැනීම සඳහා දැන් බලමුලු ගැන්විය යුත්තේ මෙම බලවේගයයි.

ජුනි 20 වන දින ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය මෙසේ කැඳවුම් කලේය, ජුලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීම වැලැක්වීම සඳහා ලෝක පරිමාන ව්‍යායාමයක්! ඔහුගේ නිදහස දිනා ගැනීම ට ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩ නැගීම සඳහා !” යන කැඳවුම නිකුත් කලේ ය,

මා දන්නවා ඔබ අත එහි පිටපත් තිබෙන බව. එහෙත් මේ සාරභුත කාරනා සිහිපත් කර ගැනීම වැදගත්ය.

■ මෙම ව්‍යායාමයේ අරමුන, මෙම ග්‍රහ ලෝකයේ අතිශයින්ම බලගතු සමාජ බලවේගය වන ජත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලනිකව පුබුදුවා බලමුලුගැන්වීමය.

■ ජුලියන් අසාන්ජ් කෙරේ මිලියන ගනන් තුල පවත්නා සැබෑ සහෝදරත්වය දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කරගත යුතුය. කම්කරු පන්තිය මිලිටරිවාදයට ද ප්‍රජතන්ත්‍ර සහ සියලු සමාජ අයිතීන් ට ද එරෙහි ප්‍රහාරය ට ද විරුද්ධ ප්‍රතිප්‍රහාරය තුල කේන්ද්‍රීය ලක්ෂ්‍යය ලෙස අසාන්ජ්ගේ නිදහස ආරක්ෂා කිරීමේ අරමුන පිහිටුවාගත යුතුය.

■ මෙම අරගලය ජයග්‍රහනය කිරීම සඳහා දේශපාලන ඉදිරි දර්ශනයක් අත්‍යාවශ්‍යය. ජුලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිං ආරක්ෂාකිරීම මෙහෙයවිය යුත්තේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය, ධනේශ්වර සූරාකෑමට සහ දේශපාලන පීඩනයට එරෙහිව සැබවින්ම ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩී එන සමාජ අරගලය සමග සවිඥානිකව සම්බන්ධ කරන ගෝලීය මූලෝපායක් විසිනි.

■ ජුලියන් අසාන්ජ්ගේ නිදහස අත්පත් කර ගැනීමේ ව්‍යාපාරය පැනනැගිය යුත්තේ සමාජයේ පතුලෙනි. ඔහු දඩයම් කරන ආන්ඩුවලට තව තවත් කන්නලව් කිරීම නිෂ්ඵල වනවා පමනක් නොවේ. අසාන්ජ්ගේ නිදහස සඳහා සටන් කල යුත්තේ පාලක පන්තියේ දේශපාලන ඒජන්තයන් ගෙන් ස්වාධීනව පමනක් නොව, ඔවුන්ට ප්‍රතිවිරුද්ධව ය.

■ එවන් මූලෝපායකින් මෙහෙයවුනු කල්හි අරගලය ජයග්‍රහනය කල හැකි ය. අසුභාවදයට කල හැකි එකම ප්‍රතිපදානය නම් දිරිසුන්බව පමනි. අත්පත් කරගත හැක්කේ කුමක් ද යන්න තීන්දුවනු ඇත්තේ අරගලය තුලය.

මෙම ඉදිරිදර්ශනය හා යොමුව නිවැරදි බව තහවුරු කරන එක් උදාහරනයක් බ්‍රිතාන්‍ය කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසයෙන් ගෙනහැර දැක්වීමට මට අවසර දෙන්න.

1970 -1974 අතර තුර එක්සත් රාජධානිය අලලාගත් පන්ති සටන් රැල්ල කොන්සර්වටිව් ආන්ඩුව බිඳවැටීමෙන් අවසන් විය. ජාතික පරිමාන පතල් කම්කරු වැඩවර්ජන දෙකක් ද, ජාතික පරිමානයේ ප්‍රථම ගොඩනැගිලි කම්කරු සටන ද ජාතික පරිමාන ඩොක් කම්කරු වර්ජන දෙකක් ද ඇතුලු කම්කරු අරගල වලින් වැඩ දින මිලියන පනහක් පමන නැතිවී ගියේ ය.

රාජ්‍යය මීට ප්‍රතිචාර දැක්වූයේ රුදුරු මර්දනයෙනි. පෞද්ගලික හමුදා ඛන්ඩ ගොඩනැඟුනි. මිලිටරිය වීදි අරක් ගත්තේය.

1972 ජුලි මාසයේදී නැගෙනහිර ලන්ඩනයේ කන්ටේනර් ගබඩාවක් ඉදිරිපිට පිකට් කිරීම නිසා වැඩපොල නියෝජිතයින් පස් දෙනෙක් පෙන්ටන්විල් නම් ස්ථානයේදී සිරගත කරන ලදී. මීට ප්‍රතිචාර දක්වමින් 2,50,000ක් ඩොක් කම්කරුවන් වර්ජනය කරද්දී රටේ සියලුම ප්‍රමුඛ වරායවල් ඇනහිටියේ ය. වීදියේ මුද්‍රන කම්කරුවන් වැඩ වර්ජනය කල අතර රටේ සියලු ජාතික පුවත් පත් නතර විය. වෙනත් කම්කරු කොටස් අතර එකක් පසුපස තවෙකක් වශයෙන් වර්ජන පැන නැඟුනි. කම්කරුවන් දහස් ගනනක් විසින් සිර ගෙවල් අවහිර කිරීම නිසා හිරකර සිටි නියෝජිතයින් 5 දෙනා නිදහස් කිරීම ට පාලකයින්ට බල කෙරුනි. එය විප්ලවකාරී ගම්‍යයන් සහිත ව්‍යාපාරයක් විය.

වෘත්තිය සමිති තත්වය පාලනය කිරීමට උත්සාහ කලහ.. පසු කලෙක හෙලිදරව් වුනේ වෘත්තිය සමිති නායකයන් 21 දෙනෙක් එම්අයි15 [‘බ්‍රිතාන්‍ය රාජ්‍ය චර සේවය] සමග නිරන්තරව එකට වැඩ කල අතර පතල් කම්කරුවන්ගේ ජාතික සමිති නායක ජෝ ගොර්ම්ලි විශේෂ රහස් පොලිසියේ ඔත්තු කරුවෙකු ලෙස වැඩ කරමින් සිටි බවය. අන්තිමේදී පාලක පන්තිය සඳහා තත්වය ස්ථාවරකොට දී, ඔවුන්ට යලිත් පෙලගැසී මාග්‍රට් තචර් යටතේ ඉදිරියට එන්නට කටයුතු සකස් කර දුන්නේ ඉක්බිති බලය ට පත් ලේබර් ආන්ඩුව විසිනි.

පිකට් කිරීමේ යෙදුනු ගොඩනැගිලි කම්කරුවන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් දෙදෙනෙකු - කො.ප. සාමාජික ඩෙස් වොරන් ද, රිකී ටොම්ලින්සන් ද අවුරුදු දෙකකට සිරගත කොට ගැලවී ගැනීමට රාජ්‍යය ට හැකි වූයේ වෘත්තිය සමිති නිලධරයේ ආධාරයෙනි.

අත්අඬංඟුවට ගත් ගොඩනැගිලි කම්කරුවෙක් වන ටෙරී රන්ශෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග සිය එකඟත්වය අවධාරනය කිරීම සඳහා, පෙන්ටන්විල් 5ස් දෙනා නිදහස් කර ගත් සැටි මතක් කලේය.

ජුලියන් අසාන්ජ් වැනි පන්ති යුද්ධයේ සිරකරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා ඉදිරි දර්ශනය පිලිබඳ දැනුවත්භාවය ඉහල දමමින් මහා ජනතාව බලමුලු ගැන්විය යුතුය. ඒ සඳහා වෙනත් විධියක් ඇත්තේ නැත. මහ ජනතාව එක්ව ක්‍රියා කලහොත් ඔවුන් දිනනු ඇතැයි මාක්ස් පෙන්වා දුන්නේ ය. අසාන්ජ් නිදහස් කර ගැනීමට ඉදිරිදර්ශනයක් සම්පාදනය කරනු ඇත්තේ නිල උසාවි මඟින් නොව කම්කරු පන්තියේ ශක්තියෙන්ම පමනකි.

ටෙරිගේ වදන් “යෙලෝ වෙස්ට්” සටනේ නිරත ස්ටෙෆනි ගේ වදන් දෝංකාරය කලේ කෙසේ ද යන කාරනය මසිතට කාවැදුනි. ඒවා උපුටා දැක්වීම අවශ්‍යය. “අප සියලු දෙනාම ලන්ඩනයේ ඔහු සිර කොට තිබෙන තැනට ගොස් ඔහු නිදහස් කර ගත යුතු වේ. මෙය ජාත්‍යන්තර ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි කියන ඔබගේ අදහස් වැදගත්ය.”

සමස්ත ලෝකයේ ම අප බිලියන 7ක ජන සමූහයකි. අප සූරාකන පන්තිය ප්‍රායෝගිකව ගත්තොත් වැදගැන්මකට නැත.. අපි සියල්ලෝම ඒ පන්තියට එරෙහිව එක්සත් විය යුත්තෙමු.”

හරියට හරි එහෙත් අප සිදුකල යුතු අරගලයේ ජාත්‍යන්තර ස්වභාවය ගැන ස්ටෙපනී මෙහිදී කල අවධාරනය සැලකිල්ලට ගැනීම අවශ්‍යය.

නිශ්පාදනය ගෝලීකරනය වීමේ ප්‍රතිවිපාකයන් පිලිබඳව කම්කරුවන් දනුවත් කිරීමට අපි ප්‍රන්සය තුල සටන් වැද සිටිමු. මෙය, වැටුප් කපමින් ද අත්‍යවශ්‍ය සේවාවන් වනසමින් ද ලෝක වෙලඳපොල පාලනය කිරීම සඳහා වූ ගෝලීය මහා මිලිටරි ඝට්ටනයකින් පමනක් කෙලවර වියහැකි, වෙලඳ යුද්ධයක් කරා මෙය සෑම රටකම පාලක පන්තිය තල්ලු වන සැටි පෙන්නුම් කරයි. මෙය සකල ජාතික ප්‍රතිසංස්කරනවාදී පක්ෂ සහ වෘත්තීය සමිති වලට යටින් වල කපා ඔවුන් කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක යෙදී සිටිනා ධනේශ්වර සේවා යෝජකයන්ගේ ද රාජ්‍යයේ ද වලිග බවට කෙලිමන්ම ප්‍රතිවර්තනය කර තිබෙන සැටි මෙයින් පෙන්නුම් කරයි....

ජුලියන් අසාන්ජ්ට විරුද්ධව මුලුමහත් දේශපාලන සංස්තාපිතයම පෙල ගැසී තිබේ. එහෙත් මෙම පද්ධතිය කෙරෙහි විරෝධය කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතී. අසාන්ජ්ගේ සහ මැනිං ගේ නිදහස දිනා ගැනීමට දැන් බලමුලු ගැන්විය යුත්තේ මෙම බලවේගයයි.

ඉතින්, අප අවධාරනය කර තිබෙන පරිදි, එකම ඉදිරි මාවත වන්නේ, මහාද්වීප හරහා ප්‍රසාරනය වී ඇති නිෂ්පාදන බල වේගයන් මගින් වෛෂයිකව ඒකාබද්ධ කරනු ලැබ, එමගින් සංඛ්‍යාත්මකව සහ සමාජමය බලය අතින් දැවැන්තව ප්‍රසාරනය වී ඇති, තමන් විසින් පොදු ධනේශ්වර සතුරාට එරෙහිව කරනු ලබන අරගලයන් ඒකාබද්ධ කරගත් කල්හි පරාජය කල නොහැකි වන ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කරන ව්‍යාපාරයක් ම පමනි.

මෙම දේශපාලන නිගමන, හාම්පුතුන් ට ද රාජ්‍යයට ද එරෙහි ප්‍රමුඛ අරගලවල නිමග්න කම්කරුවන් උනන්දුවන ඒවා ය.

තවත් මිලියන ගනන් දෙනා ද අසාන්ජ්ට හා මැනිං ට එරෙහි ව එල්ල කොට තිබෙන බොරු සහ අවලාද විනිවිද යමින් ද ඔවුන් “අපගේම අය බව” හා පන්ති යුද්ධයේ සිරකරුවන් වන බව ද වටහා ගනු ඇත.

අසාන්ජ් සහ මැනිං ට නිදහස ලබා දීම ට උනන්දු සියලු ම දෙනා, එය දිනාගැනීමට ඒකරාශිව සටන් වදින ලෙස පීඊඑස් (ප්‍රන්ස ශාඛාව) අතුලු ජාත්‍ය්‍යන්තර කමිටුවේ සියලු ශඛා විසින් ආරධනය කරනු ලැබ ඇත.

අපගේ ප්‍රකාශය මෙසේ පවසයි.

* ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත අපි, මෙම ඓතිහාසික සටන තුල සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගේ හා සංවිධානවල, සහක්‍රියාකාරිත්වය සාදරයෙන් පිලිගන්නා අතර එවන් සහභාගිත්වයක් අපේක්ෂා කරන්නෝ ද වෙමු. මෙම කමිටුවට සම්බන්ධවන අය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන දෘෂ්ටියේ හා වැඩපිලිවෙලේ සියලු අංග වලට එකඟ වීමක් අප බලාපොරොත්තු වන්නේ ද නැත.

මෙම තීරනාත්මක ආරක්ෂක උද්ඝෝෂනයට සම්බන්ධවන අය අතර, පුලුල් පරාසයක විවිධ ආස්ථානයන් තිබිය හැකිය. එහෙත් අනිවාර්යයෙන්ම දේශපාලන දක්ෂිනාංශය ට එහි ඉඩක් නැත. මෙම කමිටුවට සම්බන්ධ වන අයගෙන් අප ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාවට කොන්දේසි විරහිතව කැපවන ලෙස හා ජූලියන් අසාන්ජ්ගේ හා චෙල්සි මැනිංගේ නිදහස රඳා ඇත්තේ පුලුල් මහා ජන ව්‍යාපාරයක් ගොඩනැඟීම මතය යන්න පිලිගන්නා ලෙසය.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට බැරෑරුම්ව කැපවන කිසිවෙකුටත් පැත්තකට වී බලා සිටිය නොහැකිය. ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික අපරාධ වන සූරාකෑමට, ආඥාදායකත්වයට හා යුද්ධයට එරෙහි සටනේ දී භාෂනයේ නිදහස හා සත්‍යය ආරක්ෂා කිරීමේ අරගලයේ දී 21වන සියවසේ තීරනාත්මක යුද පිටිය වන්නේ ජූලියන් අසාන්ජ් පිලිබඳ ප්‍රශ්නයයි. ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටනට සම්බන්ධ වීම සඳහා දැන් වහා ම ඉදිරිපත් වන්න!

එහෙත් මෙම නිරීක්ෂනයෙන් කථාව අවසන් කිරීමට මට අවසර.

අපගේ ප්‍රවනතාව හැර අන් කිසිම ප්‍රවනතාවක් මෙම ප්‍රහාරය දියත් කිරීමට සමත් ආස්ථනයක පිහිටා නැත. අපගේ සමස්ත ඉතිහාසය ම පදනම් වී තිබෙන්නේ ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා සටන් කිරීම පිනිස ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය මත ය.

දශක ගනනාවක් තිස්සේ කරන ලද පාවාදීම් වලින් පසුව, අප මේ නායකත්වය සපයන්නේ, කුනුවූ ප්‍රතිස්ංස්කරනවාදී, ස්ටැලින්වාදී සහ වෘත්තීය සමිති නිලධරයන් සෑම තැනකම කම්කරුවන් සහ තරුනයන්ගේ ඇස් පනාපිට අපකීර්තියට පත් ඇති තත්වයක් තුල ය.

මේ වන විටත් අපි අසාන්ජ් සහ මැනිං ගේ නිදහස සඳහා ලෝක පරිමාන අරගලයක යෙදී සිටින්නෙමු. මෙහි දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඞ්නි සහ මෙල්බර්න්හි ද බර්ලින්හි ද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ද මෙම වීරයන් ට එරෙහි කුමන්ත්‍රනය කෙරෙමින් පවත්නා එක්සත් රාජධානියේද රැස්වීම්, සහ පිකට් කිරීම් යනාදි උද්ඝෝෂන වල ඡායාරූප රාශියකි.

අද දින මේ පැරිස් නුවර අපි එම ජාත්‍යන්තර ව්‍යාපාරයේ ඊලඟ අවස්ථාව ආරම්භ කරමු. අපගේ ඉල්ලීම බලගතු ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්ප්‍රධායන්ගෙන් හෙබි ප්‍රන්සයේ කම්කරු පන්තිය වෙත ඉදිරිපත් කරන්නෙමු.

අද දින මෙහි රැස්වී සිටින ඔබ වනාහි නූතන ඩ්‍රේෆුසාඞ් වරුන් ය. මේ ඓතිහාසික අරගලය තුලින් අපි එක්ව ඉදිරියට යන්නෙමු.

සටහන්:

[ඩ්‍රෙෆුසාර්ඩ් වරු: ප්‍රන්ස යුද හමදා නිලධරියෙකු වූ ඇල්ෆ්‍රඩ් ඩ්‍රෙෆුස් ජර්මන් යුද හමුදාවට ප්‍රන්ස යුද රහස් පිලිබඳ ඔත්තු සැපැයීය යන , සාවද්‍ය චෝදනා උඩ සේවයෙන් පහකොට සිරගත කිරීමට ක්‍රියාකල ප්‍රතිගාමිත්වයට එරෙහිව ඔහුට සාධාරනය ඉටු කිරීම උදෙසා 1894 සිට 1906 දක්වා සටන් කල ජනයා හැඳින්වුනේ ඩ්‍රෙෆුසාර්ඩ් යන නමිනි. 1906 දී ඩෙෆුස් නිවැරදි කරු බව තහවුරු කොට ඔහුව යලි සේවයේ පිහිටවනලදි.. ප්‍රන්ස සමාජවාදී නයක ජීන් ජෝරෙස් සහ සම්භාව්‍ය නවකතා කරු එමිලි සෝලා මෙම අරගල යේදී ප්‍රමුඛ භූමිකවක් ඉටු කලෝය..