විනාශයට මිනිත්තු කීපයක්: ඉරානය සමග ගැටුමින් උගත යුතු පාඩම්

Minutes to disaster: Lessons to be learned from the confrontation with Iran

2018 ජුනි 24

බ්‍රහස්පතින්දා, එක්සත් ජනපදය යුද්ධයක් දියත් කිරීමේ ආසන්නයට පැමිනියේ එහි මිලිටරි ප්‍රතිවිපාක පිලිබඳ කිසියම් බැරෑරුම් විභාග කිරීමකින් තොර ව යි.

බ්‍රහස්පතින්දා සවස, එක්සත් ජනපද මිලිටරිය තිබුනේ මිනිසුන් සියදහස් ගනනකගේ මරනයට මග පාදන නව යුද්ධයක අනතුර ඇති කෙරුනු, ඉරානය මත ගුවන් හා මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් විනාඩි දහයක දුරිනි.

අවසාන මොහොතේ ප්‍රහාරය ඉල්ලා අස්කර ගැනුනේ, සමස්ත ට්‍රම්ප් ජනාධිපතිත්වයේ තනි වඩාත් ම බියකරු හා කුරිරු ක්‍රියාවෙන් ඇති විය හැකි ව තිබුනු ප්‍රතිවිපාක (මිලිටරිමය, රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික) සම්බන්ධයෙන් ධවල මන්දිරය හා පෙන්ටගනයේ ඉහල මට්ටම් තුල ගැඹුරු බෙදීම් මධ්‍යයේ ය.

ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් නායකත්වය දෙනු ලබන ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති කන්ඩායම, “ඒකමතිකව” ප්‍රහාරයට සහාය දුන් අතර, ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී, ජනරාල් ජෝශප් ඩන්ෆෝරඞ්, “ප්‍රහාරයක විය හැකි ආපසු හැරීම ගැන ප්‍රවේශම් සහගත වූයේ, එය ඇමරිකානු හමුදා අවදානමට ලක් කල හැකි යැයි අනතුරු අඟවමින්” යයිටයිම්ස් පත්‍ර ය සඳහන් කලේ ය.

වෝල් ස්ට්‍රීට් ජර්නල්පත්‍රය අනුව, ට්‍රම්ප් “තම අදහස වෙනස් කලේ ඔහුට මිලිටරි හා දේශපාලනික ප්‍රතිවිපාක පිලිබඳ දෙවැනි අදහසක් තිබුන බැවිනි.” නැතහොත්, ස්ට්‍රට්ෆෝර් එය සඳහන් කල පරිදි, “ට්‍රම්ප් වඩා විශාල උත්සන්න වීමකට බිය වීමෙනි.”

සාකච්ඡාවල වැඩි කොටස ඇමරිකානු ජනාධිපතිගේ අන්තිම මොහොතේ තීරනය මත කේන්ද්‍රගත කෙරී ඇති අතර, සමස්ත සිද්ධිය අවධාරනය කරන්නේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ සෑම පැත්තකම ව්‍යාප්ත වන සාහසික නොසැලකිල්ල යි.

බෝම්බ දැමීම නතර කර දෑමීමේ තම තීරනය ඉරාන ජීවිත 150ක් අහිමිවීම සම්බන්ධයෙන් ඉතා සුපරීක්ෂාකාරී වීම විසින් පොලඹවන ලද බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ පැත්තකට දමමින්, එය පැහදිලි කරන්නේ ඒවායේ මිලිටරි ප්‍රතිවිපාක බැරෑරුම් ලෙස විභාග කොට නො තිබුනු යුද්ධයක් දියත් කිරීමේ ආසන්නයට එක්සත් ජනපදය පැමිනි බව යි.

නැවත වතාවක්, සැලැසුම්ගත ව්‍යාපාරය පදනම් කෙරුනේ, එක්සත් ජනපද මිලිටරිය තවත් බෝම්බ දැමීමේ රැල්ලක් දියත් කරද්දී ඉරානය අසරන ව බලා ඉඳිතැ යි යන විනාසකාරී වැරදි ගනන් බැලීම් මත ය.

එහෙත් බ්‍රහස්පතින්දා ඉරානය ඩොලර් මිලියන 130ක් වටිනා ආර්ක්‍යු -4 ග්ලෝබල් හෝක් නම් ඉහල උන්නතාංශ ඔත්තු යානය බිමදැමීම, පැහදිලිව ම නිලධාරීන් පුදමයට පත් කර තිබුනි.

එය ආපසු හැරීමත් සමග, අවසාන මිනිත්තුවේ දී මිලිටරියේ කන්ඩායම්, මෙන් ම ට්‍රම්ප් ම ද, ඉරානය විසින් ඩ්‍රෝනය බිම දැමීම එත්තු ගෙන ඇත්තේ, ඉරානය මත තම සැලසුම්ගත ප්‍රහාරයේ ප්‍රතිවිපාක ඔවුන් අපේක්ෂා කලාට වඩා බොහෝ දුරට බැරෑරුම් බව යි. මෙම වර්ධනයන් මගින් ඔවුන් පුදුමයට පත් කෙරුනේ නම්, යුද්ධය ආරඹා තිබුනේ නම් පැමිනිය හැකි ව තිබෙන්නට ඇති අනෙක් පුදමයන් මොනවා ද?

බලය නො යෙදීම කරා පසුබැසීම සඳහා සැබෑ හේතුව, වූයේ ඇමරිකානු මිලිටරියේ පරාජය කල නො හැකි බව පිලිබඳ මිත්‍යාව සිදුරු කරමින්, ඇමරිකානු යුද නැව් ගිල්වා දැමිය හැකි අතර ඇමරිකානු ගුවන් යානා වෙඩි තබා බිම දැමිය හැකි යි යන බිය යි.

ඇමරිකානු ඔත්තු ඩ්‍රෝනය වෙඩි තබා බිම දමන ලද්දේ රාඞ් ආරක්ෂක පද්ධතිය මගිනි, එය ඉරානයේ පාවිච්චියට ඇති රුසියාවේ නිපද වූ එස්-300 එස්-400 ක්‍රමයන්ට වඩා බොහෝ අඩු හැකියාවක් ඇත යි සැලකුනු ගොඩබිම සිට ගුවනට ප්‍රහාර එල්ල කරන ඉරාන මිසයිලයකි.

පැහදිලි පනිවුඩය වූයේ ට්‍රම්ප් පුරුද්දක් ලෙස “අදිසි” යැයි ප්‍රශංසා කරන ඇමරිකානු එෆ්-35 සටන් ගුවන් යානා, හෝ ඩොලර් බිලියන 2ක බී - 2 ස්පිරිට් නම් “රහස්‍ය” බෝම්බ හෙලන ගුවන් යානය ද ඇතුලුව අනෙකුත් ගුවන් යානා බිම දැමීමට ටෙහෙරානය සමත් බව යි.

මෑත දී ඉරානය ඕමාන් බොක්ක හා පර්සියානු බොක්කේ ඇමරිකානු විලෝපිතයන් හා ප්‍රවාහකයන් ගිල්වා දැමීමේ හැකියාව ඇත යි එය පවසන නැව් නාශක මිසයිල පේලියක් රැඳවී ය. “යන්තමින් හෝ මෝඩකමක් කලහොත්, අපි මෙම නැව් මුහුදේ පතුලට යවන්නේ ඒවායේ නාවික පිරිස හා ගුවන්යානා සමගින්” යැයි ඉරානා ජනරාල් මෝර්ටෙසා කෝර්බානි රුසියා ටුඬේ ප්‍රවෘත්ති සේවයට පැවසී ය.

ඉරානයට එරෙහි ප්‍රහාරයන් ක්‍රියාත්මක කර ඇත්තේ අඩු වශයෙන් විලෝපිතයන් තුනක් හා මධ්‍යම තරමේ එක් කෘස් නෞකාවකින් සමන් විත, යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන්යානා හාරකය හා එහි ඒකාබද්ධ සටන් කන්ඩායම විසිනි. එහෙත් මෙම තතු යටතේ, එක්සත් ජනපද මිලිටරියට මෙම නෞකා රැක බලා ගැනීමට බල කෙරී ඇත්තේ මිලිටරි වත්කම් ලෙස නො ව, වගකීම් ලෙස ය. ඉරානය ඩොලර් බිලියන 2ක විලෝපිතය ගිල්වා දමමින් හා ආසන්න වසයෙන් එහි 300ක නාවික භටයින්ගෙන් සැලකියයුතු කන්ඩායමක් මරා දැමුව හොත් ප්‍රතිවිපාක මොනවා විය හැකි ද?

ඉරානය නාවික භටයින් 500ක් හා ගුවන් භටයන් රැගත්, නිමිට්ස් ශ්‍රේනියේ හාරක යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගිල්වූයේ නම්, ප්‍රතිවිපාක ගිනිය නො හැකි වනු ඇත.

හිටපු ඉරාන විප්ලවවාදී රැකවලුන්ගේ සාමාජිකයෙකු ටයිම්ස් පත්‍රයට කී පරිදි, “ගෙවී යන පැය 48දී සිදු වූ දෙය ඉරාන ශක්තිය පෙන්වීමට හා එක්සත් ජනපදයට නැවත වතාවක් තක්සේරු කිරීමට බල කිරීමේ දී අත්‍යන්තයෙන් ම වැදගත් ය... ඔබ ඒ දෙස බලන්නේ කොහොමද යන්න අදාල නො වේ, ඉරානය ජය ගත්තා!”

එහෙත් ඉරානුවන් කයිවාරු ගැසීම ප්‍රඥාගෝචර නො වේ. එක්සත් ජනපදය ඒවායේ ප්‍රතිවිපාක නො සලකා තිබූ යුද්ධයක් දියත් කිරීමේ ආසන්න මොහොතට පැමිනියේ ය. මේ අවස්ථාවේ දී යන්තම් මග හැරි විනාසකාරී ප්‍රතිවිපාක ඇති කෙරෙන ඊ ලඟ සිදුවීමක් (ඉරානය හෝ වෙනත් ඕනෑ ම ඉලක්කයකට එරෙහිව) නො වෙත යි විශ්වාස කිරීමට හේතුවක් නැත. (1983දී බීරූට් බැරක්කවලට බෝම්බ දැමීමේ දී ඇමරිකානු සොල්දාදුවන් 250ක් ඝාතනය වීමෙන් දින දෙකකට පසු, එක්සත් ජනපද ජනාධිපති රොනල්ඞ් රේගන් ප්‍රතිචාර දැක්වූයේ ග්‍රනඩාව ආක්‍රමනය කරමිනි.)

ඉරානය මත ප්‍රහාරයක ප්‍රතිවිපාක පිලිබඳ අප්‍රමානවත් සැලකිල්ලක් තිබුනේ යැයි පිලිගැනීමට සමහරුන් සූදානම් වෙද්දී පවා, ඉරානය මත ප්‍රහාරයේ ප්‍රතිපලය හේතුවෙන් සමස්ත එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය දැඩි ලෙස අතෘප්තිමත් ය.

“ට්‍රම්ප් පාලනාධිකාරිය මෙම මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉරාන හා හවුති ගුවන් ආරක්ෂක වත්කම්, ප්‍රහාරාත්මක මිසයිල පද්ධති හා විප්ලවවාදී ආරක්ෂක සේනා කඳවරුවලට තමන්ගේ ම ප්‍රහාර සමගින්” බව ඔත්තුසේවා සඳහා ආරක්ෂාව පිලිබඳ ඔබාමාගේ නියෝජ්‍ය ලේකම් ලෙස සිටි මයිකල් ජී.විස්කර්ස් වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ සඳහන් කලේ ය. “ආපසු පහර දීමට අසමත් වීම ඔවුන් තවදුරටත් නිර්භීක කරනු ඇතිවා පමනී” යි ඔහු තව දුරටත් පැවසී ය.

ඒබීසි ප්‍රවෘත්ති සේවයේ මේ සතිය නම් වැඩසටහන ඉදිරිපත් කරමින් මාර්තා රාඩාස් ටෙක්සාස් ජනපද යුදකාමී මැක් තෝර්න්බෙරීට පීඩනය යෙදුවේ “අප්‍රකෝපිත ප්‍රහාරයක දී ඔවුන් ඩොලර් මිලියන 130ක් වටිනා ඩ්‍රෝන් යානයක් වෙඩි තබා බිම දැමුවේ නම්, මිලිටරිමය ප්‍රතිප්‍රහාරයකට වඩා අඩු දෙයක්” සමානුපාතික වනු ඇති දැ යි අසමිනි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද සාහසික තර්ජනයන් පැහදිලි කල හැක්කේ ඇමරිකානු ධනවාදය ගෝලීය ව හා රට තුල මුහුන දෙන දැවැන්ත අර්බුදය තුලිනි.

ට්‍රම්ප් ඇමරිකානු ධනවාදයේ උමතු ආවේශයට ඉතාමත් හාස්‍යජනක ප්‍රකාශනයක් දීමට වඩාවැඩි දෙයක් නො කරයි. එක මොහොතක ඔහු ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට මිනිත්තු කීපයක් ආසන්න වෙන නමුත් ඊට පසු “ඉරානය නැවත ශ්‍රේෂ්ටත්වයට” පත් කිරීම ගැන කතා කරමින් සිට, ඊට පසු එරට “විනාස කිරීමට” තර්ජනය කරමින් සිටී.

අස්ථාවරත්වයේ මෙම මට්ටමේ තම මූලය ඇත්තේ පුද්ගලයෙකු තුල නො වේ. ට්‍රම්ප් ම ද තල්ලු කෙරෙන්නේ ඔහුට බුද්ධිමය වසයෙන් අවබෝධ කර ගැනීමට පවා අසමත් බලවේග විසිනි.

අවසානයක් නැති යුද්ධවල තිස් වසර ඇමරිකානු පාලක ප්‍රභූව තුල මිලිටරිවාදයේ තත්‍ය ඇදහිල්ලක් නිර්මානය කර ඇත. මෙම ප්‍රභූවට මග පෙන්වන කල්පිතය ලෙස පෙනෙන්නේ, එක්සත් ජනපදයට ම ද ඇතුලුව, උග්‍ර ගෝලීය ප්‍රතිවිපාක නොමැති ව යුද්ධයක් පවත්වාගෙන යා හැකි බව යි.

1914ට පෙර පැතිර පැවති සාහසිකකමට සමානකම් තිබේ. 1939 හිට්ලර්ට දෙවැනි ලෝක යුද්ධය දියත් කිරීමට මග පැදූ මංමුලාව, හා ඊයේට යන්තම් වසර 78ට පෙර, සෝවියට් දේශයට එරෙහි නාසි ජර්මනියේ විනාසකාරී ආක්‍රමනය සඳහන් කල යුතු නැත.

සෑම විදේශ ප්‍රතිපත්ති විනාසයකට ම (ඇෆ්ගනිස්තානය හා ඉරානය ආක්‍රමනය කිරීමේ සිට සිරියාව හා ලිබියාවට බෝම්බ දැමීම දක්වා) එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වා ඇත්තේ නව, හා වඩා විශාල යුද්ධ සඳහා සූදානම් වීමෙනි.

විනාසය කොපමන වුවත් යුද්ධයට විරුද්ධවීම සඳහා ඇමරිකානු පාලක ප්‍රභූව හෝ දේශපාලන සංස්ථාපිතය තුල කිසිදු කන්ඩායමක් නො පවතී. ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2003දී අපේක්ෂා කල පරිදි ඇමරිකානු අධිරාජ්‍යවාදයට “විනාශයේ නවාතැන් ඇත.” ඇමරිකාවේ ධනපතීන්, ඔවුන්ගේ ජනරාල්වරුන්, හා ඔවුන්ගේ ඔත්තුකරුවන් තමන් සමග සෙසු මිනිස් සංහතිය ඇද ගෙන යාම වැලක් විය හැක්කේ කම්කරු පන්තියේ ක්‍රියාවලට පමනකි.

ආන්ද්‍රේ ඩැමොන්