ට්‍රම්ප්ගේ ජුලි මස හතරවන දිනය: අර්බුදකාරී පද්ධතියක යුදවාදී ඝෝෂාව

Trump’s Fourth of July: The militarist bombast of a crisis-ridden system war

2019 ජූලි 6

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජුලි හතරවන බ්‍රහස්පතින්දා කථාව ට්‍රම්ප්ගේ අවසාන වචන වලට අනුව “කිසි විටෙකත් මැකී නොයන, කිසි විටෙකත් අසාර්ථක නොවන සදාකාලයෙන් සදාකාලයට රජකම් කරනු ඇති” පර්යායක් වන ඇමරිකානු ධනවාදයේ නොනැසී පවත්නා සහ යටත් කර ගත නොහැකි ආධිපත්‍යය පිලිබඳ මිලිටරි බලයේ සහ ශ්‍රේෂ්ඨත්වයේ විදහා දැක්වීමක් අදහස් කරන ලදී. ඒ වෙනුවට, අවසාන අදියරේ සිටින සමාජ හා දේශපාලන ක්‍රමයක විකාර රූපී දර්ශනය එලිදරව් කෙරිනි.

මාධ්‍යයෙන් සහ දේශපාලන සංස්ථාපිතයෙන් ට්‍රම්ප්ගේ කතාවට දක්වන ප්‍රතිචාරය විශාල ලෙසින් ලැදියාවක් පෙන්නුම් කෙරේ. ට්‍රම්ප් පක්ෂ බේද සහ දේශපාලන බේද අතහැර දැමීය යනුවෙන් කතාව දිගට යයි. ඒ වෙනුවට, සිකුරාදානිව්යෝර්ක් ටයිම්ස්පුවත්පතේ ප්‍රධාන ලිපියේ වචන වලින්, ඔහු “ලින්කන් අනුස්මරනය රටේ සන්නද්ධ හමුදාවන්ට උපහාරයක් සහ ඔහුගේ බේදකාරී ජනාධිපති ධුර කාලය තුල විශාල ලෙසින් නොතිබුන එක්සත්කම සඳහා වූ කැඳවීමක් සඳහා පසුබිම ලෙස භාවිතා කලේය.”

පසුගිය මාසයේ නැවත තේරී පත්වීමේ කතාවේ අඩංගු වූ “දුක්ගැනවිලි වල අඳුරු පනිවිඩයට සහ ඔහුගේ සතුරන්ට එල්ල කරන ලද ප්‍රහාරයන්ට” වෙනස්ව, බ්‍රහස්පතින්දා කතාව “වෙනස්, වඩා ශුභවාදී ස්වරයක් ඉදිරිපත් කලේය.” යනුවෙන් ටයිම්ස් ලියයි.

කතාවට පෙර, ට්‍රම්ප්ගේ සැලසුම විවේචනය කිරීමේ දී ඩිමොක්‍රටිකයින් අවධානය යොමු කලේ ඩිමොක්‍රටිකයින්ට සහ මාධ්‍යයට එරෙහි ඔහුගේ ප්‍රහාරයේ මෙවලමක් ලෙස භාවිතා කිරීමට මාන බලමින් ඔහු හමුදාව “දේශපාලනීකරනය” කරනු ඇතැයි, යන කනස්සල්ල කෙරෙහි ය. මෙම ආඛ්‍යානයට අනුව මිලිටරිය “දේශපාලනයට වඩා ඉහලින්” සහ “පක්ෂග්‍රාහී නොවන” ලෙස පැවතිය යුතුය. එනම්, ආන්ඩුවේ හා බලය හොබවන පුද්ගලයින් ගේ කවර වෙනසක් වූව ද, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතා සහ ඒවා ආරක්ෂා කරන ප්‍රචන්ඩත්වයේ මෙවලම් නොවෙනස්ව පැවතිය යුතුය. මෙම පදනම මත “එක්සත්කම සඳහා වූ කැඳවීමක්” කොතරම් අපරිනත ලෙස ඉදිරිපත් කලත්, ඉතිහාසය කොතරම් විකෘති කලත් පාලක පන්තියේ නියෝජිතයින්ගෙන් කිසිදු විරෝධයක් ජනිත නො කෙරේ.

ට්‍රම්ප් ඇමරිකානු ජීවිතයේ උත්තරීතර එක්සත් සදාචාරාත්මක හා දේශපාලන බලවේගය බවට මිලිටරිය ඔසවා තැබෙන ආඛ්‍යානයක් ඉදිරිපත් කලේය. “අද, මීට වසර 243 කට පෙර සිදු වූවාක් මෙන්, ඇමරිකානු නිදහසේ අනාගතය රඳා පවතින්නේ එය ආරක්ෂා කිරීමට කැමති පිරිමින්ගේ හා කාන්තාවන්ගේ උරහිස් මත ය” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කලේය. එක්සත් ජනපද හමුදාවේ ප්‍රධාන ශාඛා නියෝජනය කරමින් ගුවන් යානා පියාසර කිරීමෙන් පසු ඔහු මෙසේ කතාව අවසන් කලේය. “මීට වසර 250 කට ආසන්න කලකට පෙර ඇමරිකානු විමුක්තිය සහ ස්වයං පාලනය ලබා ගැනීම සඳහා ගොවීන් හා සාප්පු හිමියන්, කම්මල්කරුවන්, වෙලඳුන් සහ සටන්කාමීන්ගේ ස්වේච්ඡා හමුදාවක් ජීවිත හා අවයව අවදානමට ලක් කලහ. එම උරුමය අඛන්ඩව පවත්වාගෙන යන රනශූරයන්ගේ උදාර ශක්තිය අද සවස අපි දුටුවෙමු. ”

යථාර්ථය නම්, අද ඇමරිකානු මිලිටරිවාදය 1776 විප්ලවවාදී අභිලාෂයන්ට ඍජුවම පටහැනි බවය. තුන්වන ජෝර්ජ් රජුට එරෙහිව යටත් විජිතවාදීන්ගේ දුක්ගැනවිලි ලැයිස්තුගත කිරීමේ දී නිදහස් ප්‍රකාශනයේ, “අපගේ ජනයාට හිරිහැර කිරීම සඳහා ඔහු මෙතරම් නිලධාරීන් රංචුවක් යවා ඇත ... සාම කාලය තුල, අපගේ ජනතාව අතර ස්ථාවර හමුදාවන් රඳවා තිබුනි ... [සහ] සිවිල් බලයට වඩා හමුදාව ස්වාධීන හා උසස් බවට පත්කිරීමට බලපා ඇත” යන චෝදනා ඇතුලත් ය.

පසුගිය දශක තුන තුල එක්සත් ජනපදය රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටික් පාක්ෂිකයින් යන දෙපිරිසම විසින් අඛන්ඩ හා වඩා පුලුල් කරමින් කරන යුද්ධවල නිරතව සිටී. “ඇමරිකාවේ යුක්තිසහගත කෝපය ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා වෙත එල්ල කර ලේ පිපාසිත ඝාතකයින් ඔවුන්ගේ ගුහා වලින් ඉවත් කල අතර ඉරාකයේ ෆලූජා සහ මොසුල් (ඉරාකයේ) මුදා ගෙන මෑතක දී සිරියාවේ දී අයිසිස් වනසා දමා කාලිෆෙට් නිදහස් කර ගැනීමට උදව් කලහ” යනුවෙන් හමුදාවට ට්‍රම්ප් කල ප්‍රශංසාව ගැන මාධ්‍යයේ හෝ දේශපාලන සංස්ථාපිතයේ කිසිවෙකු විවේචනය කරනු තබා අවධානය යොමු කලේ වත් නැත.

“නිදහස්” ඉරාකයේ පමනක් මිලියනයකට අධික පිරිසකගේ මරනයට හේතු වී ඇති මිලිටරිවාදී ප්‍රචන්ඩත්වය පිලිබඳ වාර්තාව ට්‍රම්ප්ගේ “එක්සත්” කමේ පනිවිඩයේ කොටසකි. තුන්වන ලෝක යුද්ධයක් දිගේලි වීමේ තර්ජනය තිබෙන චීනය සහ රුසියාව සමඟ ආතතීන් උත්සන්න කිරීම සේ ම මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ ඉඩම් අත්පත් කර ගැනීමට සහ ආක්‍රමනය කිරීමට දරන උත්සාහය ඇමරිකානු පාලක පන්තියේ සමස්ත එකඟතාවය ඇති ප්‍රතිපත්තිය වෙයි.

කෙසේ වෙතත්, ඔහු සහ පාලක පන්තිය බලාපොරොත්තු විය හැක්කේ කුමක් වුවත්, ට්‍රම්ප්ගේ සදාකාලික ඇමරිකානු ආධිපත්‍යය ප්‍රකාශය යථාර්ථයට අමු අමුවේ ප්‍රතිවිරුද්ධව පිහිටා ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායයන්ගේ සංකල්පකරනය වූ මිලිටරි බලය හරහා ඇමරිකානු ධනවාදයේ දිගුකාලීන පරිහානිය අත්හිටුවිය හැකි බවත්, සෝවියට් සංගමයේ අවසානය “ඒක ධ්‍රැවීය මොහොතක” ආරම්භයේ පනිවුඩය ගෙන ආ බවත් යන්න මහා මායාවක් බව ඔප්පු වී තිබේ. ආක්‍රමන මාලාව සහ දිග්විජයේ යුද්ධ ව්‍යසනයන් මාලාවක් ඇති කර තිබේ.

“ඇමරිකානු සියවසට සිදුවූයේ කුමක් ද?” යන සමස්ත ශීර්ෂ පාටය යටතේ ප්‍රකාශයට පත් කරන ලද විදේශ කටයුතු පිලිබඳ මෑත සංස්කරනයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තත්වය වඩාත් නිවැරදිව සාරාංශගත කර ඇත්තේ ය. ගිඩියොන් රෝස් මෙම ගැටලු‍ව හඳුන්වා දෙමින් “පෙර පරම්පරාවක දී එක්සත් ජනපදය සාමය, සමෘද්ධිය, නිදහස සහ ප්‍රජාව ට අයත් නව සහස්‍රය වෙත විශ්වාසයෙන් යුතුව ලෝකය මෙහෙයවීය. දැන්, ලෝකය කැලඹිලි සහිත තත්වයක් කරා ගමන් කරමින් තිබෙන අතර එක්සත් ජනපදය ලෙනාඞ් කොහෙන් ගීතයක් මෙනි; එය සිදුවන්නේ එසේ වන අතර සෑම කෙනෙකුම එය දනී. දේවල් මෙසේ ඉක්මනින් කඩා වැටෙන්නේ කෙසේද? ”

රෝස් මෙසේ අවසන් කරයි “Sic transit gloria mundi,”. මෙලෙස ලෞකික වූ මහිමය නැතිවී යයි.

දුරකථන හා ගුවන් යානා සොයාගැනීමේ සිට සඳ මත පලමු මිනිසා ගොඩ බැස්සවූ 1969 දී ඇපලෝ 11 අභ්‍යවකාශ මෙහෙයුම දක්වා එහි පෙර ජයග්‍රහන ඇමරිකානු ධනවාදයට මාට්ටු කිරීම උදෙසා ට්‍රම්ප් දැරූ උත්සාහයන් පෙනී යන්නේ අඩු මුග්ධත්වයකින් නොවේ. එක්සත් ජනපදය, “සංගීතය, චිත්‍රපට, බටහිර ආර, ලෝක බේස්බෝල් ලීග් තරඟ, සුපර් බෝල් ක්‍රීඩාව, අහස උසට වන ගොඩනැගිලි, එල්ලෙන පාලම, පේලියට එකලස් කිරීම සහ බලවත් ඇමරිකානු මෝටර් රථ නිපදවීමේ ආරම්භකයා විය” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කලේය.

ඇමරිකානු ධනවාදයේ සැබෑ තත්වය පිලිබඳ යථාර්ථය පිරික්සීමක් ලෙස, ඇමරිකානු ගගනගාමීන් දැන් රුසියානු රොකට් වලින් අභ්‍යවකාශයට යන බවත්, චීන ටෙලිකොම් දැවැන්තයා වන හුආවේ 5ජී තාක්‍ෂනයෙන් ලොව ප්‍රමුඛස්ථානය ගන්නා නිසා එක්සත් ජනපදයේ උමතු ප්‍රහාරයේ ඉලක්කය වන බවත් එක්සත් ජනපදයේ ගුවන් යානා නිෂ්පාදක බෝයිං සමාගම ලාභ වැඩිකර ගනු පිනිස ආරක්ෂා පටිපාටි වල වියදම් කැපීම නිසා ව්‍යසනකාරී තත්වයකට මුහුන දී සිටින බවත් සඳහන් කිරීම නො ගැලපෙන්නේ නොවේ. “බලසම්පන්න ඇමරිකානු මෝටර් රථය” සම්බන්ධයෙන් ගත් කල, වරක් එම වාහන නිෂ්පාදනය කල නගර වන ඩෙට්‍රොයිට්, ෆ්ලින්ට්, ටොලිඩෝ, ඬේටන් විනාශ මුඛයේ වැටී ඇත.

සංගත ප්‍රකෝටිපතියන්ගේ හා මූල්‍ය සමපේක්ෂකයින්ගේ සාපරාධී කතිපයාධිකාරිය විසින් එහි මුලසුන හොබවන ඇමරිකානු ධනවාදයේ පසුගිය අඩ සියවස දිරාපත් වීමේ කාල පරිච්ඡේදයක් විය. ප්‍රධාන කාර්මික රටවල් ඕනෑම එකක් අතරින් ඉහල ම සමාජ අසමානතාවය ඇත්තේ එක්සත් ජනපදයේ ය; එහි සමාජ යටිතල පහසුකම් බිඳ වැටෙමින් පවතී; එහි සෞඛ්‍ය සේවා සහ පොදු අධ්‍යාපන ක්‍රම ඉතා පහත් මට්ටමක පවතී. සමාජ යහපැවැත්මේ මූලික දර්ශකය වන ආයු අපේක්ෂාව මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම හා සියදිවි නසාගැනීම් තියුනු ලෙස ඉහල යාමෙන් පහත වැටෙමින් පවතී.

තරුන පරම්පරාව ස්ථිර නයගැති බව, දරිද්‍රතාවය සහ අඩු වැටුප් සහිත තාවකාලික රැකියා සහිත අනාගතයකට මුහුන දෙයි. ඔවුන් වෙනුවෙන් ට්‍රම්ප් උපදෙස් දුන්නේ, “දැන් ඔබට අපගේ හමුදාවට බැඳී ජීවිතයේ සැබවින්ම ශ්‍රේෂ්ඨ අභිමානවත් ප්‍රකාශයක් කිරීමට අවස්ථාව උදාවී ඇති අතර ඔබ එය කල යුතුය” යනුවෙනි.

ට්‍රම්ප් සිය ජුලි 4 වන දින කතාවට “අපේ ධජය ආඩම්බරයෙන් ආරක්ෂා කරන වීරයන්” වන ඇමරිකානු සොල්දාදුවන්ට නොවලහා කරන ස්තෝත්‍ර අඩංගු කලේය. කෙසේ වෙතත් ඇමරිකානු සොල්දාදුවන් මුහුන දෙන යථාර්ථය මැයි මාසයේ දී “සේවාව ඔබට බලපා ඇති ආකාරය” පිලිබඳ එක්සත් ජනපද හමුදා ට්විටර් පනිවිඩයකින් පසුව ගලා පැමිනි සියදිවි නසාගැනීම්, මානසික අවපීඩනය, ප්‍රචන්ඩත්වය, ඇබ්බැහි වීම සහ මානසික වේදනාව පිලිබද කතා වලින් ප්‍රකාශයට පත්විය.

ඇමරිකානු පාලක පන්තියේ දේශපාලන හා සදාචාරාත්මක පරිහානිය ධවල මන්දිරයේ වර්තමාන පදිංචිකරුවා ගෙන් පුද්ගලාරෝපනය වේ. ට්‍රම්ප්ගේ අසමතුලිතතාවය විප්ලවයේ සිට සිවිල් යුද්ධය දක්වා ද 1963 මාර්තු වොෂිංටන් පෙලපාලි දක්වා ද වන ඇමරිකානු ඉතිහාසයේ ප්‍රගතිශීලී ඕනෑම දෙයක් අවලංගු කිරීමට උත්සාහ කිරීමේ මෙම ෆැසිස්ටතාලයේ අදහස් සහිත අධිපතිවාදියාගේ පැහැදිලි විකාරරූපී ස්වභාවය ඓතිහාසික පරිහානියේ ලක්‍ෂනයකි.

එහෙත් ට්‍රම්ප් රෝග ලක්‍ෂනයක් මිස රෝගයට හේතුව නොවේ. දශක තුනක උග්‍රවන දේශපාලන, මිලිටරි හා මූල්‍ය අර්බුදයන් ඇමරිකානු ධනවාදය මුලසුන හෙබවූ සමස්ත ලෝක පර්යාය බිඳ වැටීමේ තැනට පැමින තිබේ.

ට්‍රම්ප්ගේ ජුලි මස හතරවන දා කථාවේ අඩංගු මායාවන් සහ මවාපෑමේ විශ්මය ජනක මට්ටමකට පැමිනෙන්නේ එබැවිනි. එය වේදිකා ගත කරන ලද්දේ යථාර්ථය නො සලකා හැරීමට සෑම කෙනෙකු ම ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම සහ එහි ආධිපත්‍යය සැමවිටම පවතිනු ඇතැයි පාලක පන්තියයට ම ඒත්තු ගැන්වීමට ය. වෙන කවරදාකටත් වඩා අද අපේ ජාතිය ශක්තිමත් ය, එය දැන් ශක්තිමත් ය, වෙන කවරදාටත් වඩා ශක්තිමත් ය.” එහෙත් එම ක්‍රියාවලියේ දී ම එවැනි ප්‍රකාශයන් එහි ප්‍රතිවිරුද්ධ තාවය බව ඔප්පු කරනු ලබයි. මිලිටරි ප්‍රචන්ඩත්වය උසස් කිරීම කේන්ද්‍ර කර ගත් වාචාල කයිවාරු වලින් හෙලි වන්නේ ශක්තිය නොව දුර්වලතාවයයි.

පාලක පන්තියට හැfÛන්නේ බිත්ති සෑම පැත්තකින්ම වැසෙමින් පවතින බවයි. එය දකින ආකාරයට ලොකුම අන්තරාය පැමිනෙන්නේ විදේශයන්ගෙන් නොව එක්සත් ජනපදය තුලින් ම ය. එහි අතිශය හුදකලාව, එහි දේශපාලන ආයතනවල බංකොලොත්භාවය එයට දැනේ. එය පන්ති අරගලයේ වර්ධනය හා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ වමට වන චලනය සිය පැවැත්මට තර්ජනයක් ලෙස සලකයි.

මේ හේතුවෙන් කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් විශාලත්වයෙන් අඩු නොවේ. දුර්වල ආන්ඩු මංමුලා සහගත දේ කරයි: ලෝක යුද්ධයට සූදානම් වීම, ෆැසිස්ට් හා අධිකාරිවාදී පාලන ක්‍රම ප්‍රවර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම ඒ අතර වේ. පාලක පන්තිය සිය යල්පැනගිය සමාජ හා ආර්ථික පර්යාය වියරු ලෙස ආරක්ෂා කරන අතර කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ එය පෙරලා දැමීමය.

ජෝශප් කිෂෝර්