ඇමසොන් සමාගමේ 25වැනි සංවත්සරය: පරපුටුකම හා සූරාකෑම මත පදනම් ව්‍යාපාර සමූහයක්

Amazon’s 25th anniversary: A conglomerate based on parasitism and exploitation

2019 ජූලි 8

පසු ගිය සතියේ ඇමසොන් සමාගම තම 25වැනි සංවත්සරය සැමරී ය. වොෂින්ටනයේ සියටල් නගරයේ ගරාජයක එහි ආරම්භයේ සිට, ආසන්න වසයෙන් ඩොලර් ටි්‍රලියන එකක වෙලඳපොල ප්‍රාග්ධන සැපයීමක් සහිත ඇමසොන් සමාගම බහුජාතික තාක්ෂනික ව්‍යාපාරික සංගතයක් ලෙස වර්ධනය වී ඇත.

1994දී, අනාගත ඇමසොන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් ඩී.ඊ. නම් ආරක්ෂක අරමුදල් සමාගමේ තම තනතුර අත් හැර දැමා ඇත්තේ අන්තර්ජාලයේ වේගවත් වන වර්ධනය විසින් විවෘත කෙරුනු හැකියාවන් අබියස, ඔන්ලයින් පොත් සාප්පුවක් පිලිබඳ ප්‍රමානවත් අදහසක් ඇතිව ය. බෙසෝස් ග්‍රහලෝකයේ පොහොසත් ම මිනිසා වීමට ඉදිරියට ගියේ ය, එක් ඇස්තමේන්තුවකට අනුව, මෙම වසර මුල දික්කසාදයක දී ඔහුගේ වත්කම් බෙදීමට පෙර ඔහුගේ මුදල් රැස්කිරීම ඩොලර් බිලියන 157ක වාර්තාගත මුදුනකට නැග තිබුනි.

දැන් ඇපල්, ගූගල් හා ෆෙස්බුක් සමාගම් සමග තාක්ෂන ඒකාධිකාර “මහ හතරෙන්” එකක් ලෙස සැලකෙන ඇමසොන් අන්තර්ජාලය තුල විශාල ම වෙලඳපොල, එනම් ඇමසොන්.කොම් පාලනය කරයි. මෙම සංගතය 2017දී ඇමසොන් ඩොලර් බිලියන 13.4ට මිල දී ගත් තොග ආහාර වෙලඳපොලේ සිට කින්ඞ්ල් රීඩර් හා කඩහඬ පාලිත ඇලෙක්ෂා වැනි පාරිභෝගික ඉලෙක්ට්‍රෝනක විද්‍යාව දක්වා ව්‍යාප්ත වෙයි.මෙම වසරේ අප්‍රේල් මාසයේ දී නිවේදනය කෙරුනු පරිදි ඇමසොන් අතිරේක කුයිපර් පද්ධති බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල සැපයීමට චන්ද්‍රිකා 3,236ක් දියත් කරමින් දශකයක් ගත කරනු ඇත.

බෙසෝස්ගේ වචනවලින් “චීටාවෙකු රෝගී ගසල් මුවකු හඹා යනු ඇති අකාරයකින්” ඔවුන් හඹා යන ඇමසොන් සම්ප්‍රාප්තිය විසින් සාම්ප්‍රදායික පොත් ප්‍රකාශකයෝ විනාසයට ඇද දැමුනි. තම විශාල මුදල් ප්‍රවාහය ප්‍රයෝජනයට ගනිමින්, ඇමසොන් අසල්වැසි සාප්පුවල සිට ලදරු නැපි නිෂ්පාදකයින් දක්වා වන තම ප්‍රතිවාදීන් කුරිරු ලෙස දුර්වල කරන්නේ, තරඟකරුවන් තම මාවතින් ඉවත් කිරීමට පාඩු ඇනුවුම් පවා බාර ගනිමිනි. මේ අතර, ඇමසොන් ආන්ඩුවෙන් හා පාත්පාලන ආයතනවලින් ඉල්ලා බදු විරාම හා අනෙකුත් සහන අකාරයෙන් නිදහස් මුදල් ලබා ගත්තේ ය.

2018දී ඇමසොන් වාර්ෂික අදායම ඩොලර් බිලියන 233ට ලඟා විය, එහි මධ්‍යම ආන්ඩු බදු ගෙවීම ශුන්‍ය වීමට අපේක්ෂිතය. මෙම සංඛ්‍යාලේඛන යථාදර්ශනයක තැබුව හොත්, මෙම ආදායම් මට්ටම් 2017දී ඇමරිකානු ඩොලර් බිලියන 253.9ක් වූ රුසියාවේ වාර්ෂික බදු ආදායමට සමාන ය. ඇමසොන් ආදායම තුර්කිය(ඩොලර් බිලියන 173.9), ඔස්ට්‍රියාව(ඩොලර් බිලියන 197.8), පෝලන්තය(ඩොලර් බිලියන 90.8), හා ඉරානය(ඩොලර් බිලියන 77.2) යන රටවල ආන්ඩුවල ආදායමට වඩා ඉහල ය.

ආසන්න වසයෙන් ඇමරිකානු කුටුම්බවලින් අඩකට දැන් ඇමසොන් ප්‍රයිම් සාමාජිකත්වයට දායකත්වය ඇත. පුද්ගලික පරිගනකයක මූසිකය මත ක්ලික් කිරීමක්, හෝ ජංගම උපකරනයක් මත ඇඟිල්ලෙන් තට්ටු කිරීමක්, දැන් ලෝකයේ හතර වටින් වේගවත් භාන්ඩ බෙදා හැරීමක්, හෝ චිත්‍රපටයක, ගීතයක හෝ පොතක, ක්ෂනික ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේෂනයක චලනය අරඹයි. මෙම මායාකාරී ලෙස සරල ගනදෙනු පිටුපස ඇමසොන් සමාගමේ විශාල හා සංකීර්න වානීජ, විධිසංවිධාන, බෙදාහැරීම හා පරිගනක අධිරාජ්‍යය පවතියි.

සැබවින් ම ස්වයංක්‍රියාකාරිත්වය හා කෘතිම බුද්ධිය තුල අපේක්ෂා තැබිය හැකි වර්ධනයන් සිදු කෙරී ඇත. මෙම තාක්ෂනික වර්ධනයන් ඒවා සමග සමස්තයක් ලෙස මානව ශිෂ්ටාචාරය සඳහා අතිවිශාල විමුක්තිදායක විභවයන් ගෙන යයි. රෝබෝවන් මගින් මානවයාගේ දැඩි හා පුනරුක්තික පරිශ්‍රමය වඩ වඩා අවම කල හැකි අතර, එමෙන් ම ලෝකය පුරා කෘතිම බුද්ධියේ සහාය ඇති ව සමායෝජනය හා ඒකාබද්ධතාවේ දියුනු මට්ටම් සඳහා වන හැකියාවෝ දර්ශන පථයේ දිස්වෙති.

එහෙත් ධනවදාය යටතේ, තාක්ෂනයේ නව ජයග්‍රහනයන් සූරාකෑමේ නව ශිල්පක්‍රමවල හැකියාව ඇති කර ඇත. වැඩපොලවල නව ආකාරයක බලාත්කාරකම් සඳහා ඇමසොන් මුර පදය වී ඇත.

ඇමසොන් “පූර්නතා මධ්‍යස්ථානවල” කම්කරුවන්ට ජංගම දුරකතන ගෙන යාම හෝ එ‍කිනෙකාට කතා කිරීම තහනම් ය. ඔවුන් යන එන විට පරීක්ෂා කෙරෙන අතර, වැඩ කරන දිනය පුරා ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල සෑම මිනිත්තුවක ම විස්තර ඉව කෙරේ. හැකි තරම් වේගයෙන් එහා මෙහා යාමට කම්කරුවන් මත පීඩනය යෙදීමේ දී ඇමසොන් විශිෂ්ට වන්නේ, ඊ ලඟ වැඩය සම්පූර්න කිරීමට ඉලෙක්ට්‍රෝනික උපකරන නිරන්තරයෙන් ඔවුන් පොලඹවමින් හා උනන්දු කරමින් සිටීමත් සමග ය.

විනෝදාත්මක අන්තර්ගතයක් සහිත කාර්යයක් ලෙසට දැනමුතුකම් දෙමින් එකිනෙකාගේ වේගය ඉක්මවා යාමට එකිනෙකා අතර තරඟ වැදීමට කම්කරුවන්ට උපදෙස් දෙනු ලබේ. බලාත්කාරයෙන් ඉහල වේගයන් ඉල්ලනූ ලැබේ, ඊට පසු ඒවා ඉහල දැමේ, ඊට පසු නැවතත් ඉහල දැමේ. විවේක ගැනීමට, වතුර බීමට, හෝ නාන කාමරයට යාමට මොහොතක් ගන්නා කම්කරුවෙකු අඩු වෙන වේගය වෙනුවෙන් විවේචනයට ලක් විය හැක. මන්දගාමී යැයි පෙනෙන, හෝ හුදෙක් වෙහෙස යැයි පෙනෙන කම්කරුවන් මාරු කරනු ලැබේ.

ඇමසොන් දැන් එක්සත් ජනපදය තුල දෙවැනි හාම්පුතා වන අතර, ලෝකය පුරා ඇමසොන් කම්කරුවෝ 647,000ක් සිටිති. 2015දී නිව් යෝකර් පත්‍රයේ ලියමින් මාධ්‍යෙව්දී ජෝන් කැසිඩි මෙසේ අදහස් දැක්වී ය: “සියළු තාක්ෂනික වාසි හා නිෂ්පාදන නවෝත්පාදන පිටුපස, පරන පන්නයේ කම්කරු විනය, වැටුප් මර්දනන, හා කලමනාකරන බලයේ පුළුවන්කාරකම සෑහෙන තරමකට තිබේ.”

පසු ගිය සතියේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ටෙක්සාස් ජනපදයේ ෆෝර්ට් වර්ත් ආසන්නයේ ඇමසොන් ඩීඑෆ්ඩබ්ලිව් - 7 පූර්නතා මධ්‍යස්ථානයේ වසර දෙකක කාලය තුල කම්කරුවන් 567 දෙනෙකු තුවාල ලැබීම වාර්තා කරමින් ලිපියක් පල කලේ ය. පසු ගිය වසරේ දෙසැම්බර් මාසයේ, ඇගේ තුවාල සඳහා වන්දි ගෙවීම අවහිර කිරීමේ ප්‍රයත්නයක දී, 27වියති කම්කරු කාන්තාවක වන මිෂෙලී ක්‍යුනෝනෙස් ගැන ඔත්තු බැලීමට ඇමසොන් පුද්ගලික රහස් පරීක්ෂකයෙකු යොදා ගත්තේ කෙසේ දැයි ලෝසවෙඅ වාර්තා කලේ ය.

ආරක්ෂාව හා සෞඛ්‍ය සඳහා ජාතික කවුන්සිලය විසින් පවත්වාගෙන යනු ලබන “අපිරිසිදු දුසිම ” නම් ලේඛනය තුල ඇමසොන් එක දිගට වසර දෙකක දී සඳහන් වී ඇත. 2019 වාර්තාව තුල මාස හතක දී කම්කරු මරන හයක්, 2013 මරන 13ක් හා “සිය දිවි නසා ගැනීමේ ඉහල සිදුවීම්,කම්කරුවන් බෝතල්වලට මූත්‍රා කිරීම, රැකියා තුවාලවලින් පසු කම්කරුවන්ට වත්කම් හෝ ආදායම නැති ව අතහැර දැමීම්” අවධාරනය කර ඇත.

ඇමරිකානු තාක්ෂනික ක්‍රම ලෝකය පුරා කම්කරුවන් මත පැටවෙමින් තිබෙන කොන්දේසිවල හුදෙක් ශුද්ධ කෙරුනු ප්‍රකාශනයකි. මෙම වසරේ මාර්තුවල දී, ෆෝර්ඞ් සමාගම තම නව ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ටිම් ස්ටෝන් බඳවා ගැනීම නිවේදනය කලේ ය. හෙතෙම මීට පෙර ඇමසොන් හි හිටපු මූල්‍ය උප සභාපති මෙන් ම ඇමසොන් හෝල් ෆුඞ්ස් වෙලඳ ජාලය අත්පත් කර ගැනීමේ නායකයා විය. ස්ටෝන් බඳවා ගැනුනේ ෆෝර්ඞ් සමාගම එක්සත් ජනපදය, යුරෝපය හා ලෝකය පුරා ම්ලේච්ඡ වියදම් කප්පාදු ක්‍රියාත්මක කිරීමත් සමග යි.

ඇමසොන් කම්කරුවන් අතර විරුද්ධත්වයේ අඩුවක් නැත. සමාජ මාධ්‍ය මත, වර්තමාන හා හිටපු ඇමසොන් කම්කරුවන් එකිනෙකා සම්බන්ධ කර ගනිමින් සිටින්නේ, සටන් කිරීමට මාවතක් සොයමිනි. ඇමසොන් කම්කරුවන් පැයකට ඩොලර් 5ක් උපයන, පෝලන්තය තුල, ජූලි 2වැනිදා වැඩ කොන්දේසි සම්බන්ධයෙන් වෘත්තීය සමිති දෙකක් සමග පැවති සාකච්ඡාවලින් ඇමසොන් ඉවත් ව ගියේ, වැඩවර්ජනයකට වේදිකාව සකසමිනි.

තම උත්සුකයන් සඳහා සටන් කිරීමේ දී, ඇමසොන් කම්කරුවන්ට අසමානතාව හා සූරාකෑමට එරෙහි සටන අවහිර කිරීමට තමන්ට කල හැකි සෑම දෙයම කරන, ධනේශ්වර ගැති වෘත්තීය සමිති විසින් පාලනය කිරීම හා හුස්ම හිර කරවීමට ඉඩ දිය නො හැක. පොදු ප්‍රතිප්‍රහාරයක් තුල සියලු කම්කරුවන් සමග ලෝකය පුරා ඇමසොන් කම්කරුවන් එක්සත් කිරීමට ස්වාධීන, සමාජික ක්‍රියාකරී කමිටු ගොඩනැගීමට ලෝසවෙ සටන් කරයි.

ඇමසොන් කම්කරුවන්ගේ සටනට යතුර වන්නේ ඇමසොන් සමාගමට එරෙහි සටන ධනේශ්වර පද්ධතියට එරෙහි සටනක් ලෙසටම අවබෝධ කර ගැනීම යි. වසර 25ක් තුල දී, ඇමසොන් ඉතිහාසයේ පුද්ගලික විශාල ම ධනය නිර්මානය කර ඇති අතර එය එසේ කලේ කම්කරුවන් සියදහස් ගනනක්ගේ කර මතිනි. කාල් මාක්ස්ගේ වචනවලින් පවසතොත්, ඇමසොන් ගමන් මාර්ගය නියෝජනය කරන්නේ, “ප්‍රාග්ධන සමුච්චයනය සමග අනුරූප වෙමින්, දුක්ඛිත බවේ සමුච්චයනය යි.”

හුදෙක් බෙසොස් පමනක් නො ව, බොහෝ වෙනත් අය ඇමසොන් නැගිමෙන් තමන් ම පොහසෙත් වී හෝ තෙමේ ම පොහසෙත් වීමට නැගී සිටී. වෑන්ගාර්ඞ් ගෘප් නම් ආයෝජන උපදේශක සමාගමට මේ වන විට ඇමසොන් කොටස්වලින් ඩොලර් මිලියන 55ක් හිමි අතර, බ්ලැක්රොක් සමාගමට (ඇමරිකානු ගෝලීය ආයෝජන සමාගම) ඩොලර් මිලියන 45ක් ද එෆ්එම්ආර් සමාගමට ( ඇමරිකානු බහුජාතික මූල්‍ය ආයෝජන සමාගම) ඩොලර් බිලියන 30ක් ද හිමි ය.

වෙනත් සමාගම් විසින් සමුච්චය කෙරුනු අතිරික්ත වටිනාකම් තමන් සඳහා ම ගසා කෑමට උත්සාහ ගෙන ඇති, ඇමසොන් පරපුටු ක්‍රියාකාරකම්, ඒකාබද්ධ කෙරී ඇත්තේ ඇමරිකානු ආර්ථිකයේ මූල්‍ය පරපුටුකම සමගිනි. ඇමසොන් සමාගමේ ම කොටස් පෙර නො වූ විරූ මුදුනකට ඉස්සී ඇත්තේ වෝල් වීදියේ සමපේක්ෂන උමතුවේ කොටසක් ලෙස ය.

ඇමසොන් සම්බන්ධ වන්නේ වෝල් වීදිය සමග පමනක් නො ව, එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තුසේවා සංවිධාන සමගිනි. 2013දී ඇමසොන් සමාගමට සීඅයිඒ සංවිධානය සමග ඩොලර් මිලියන 600ක කොන්ත්‍රාත්තුවක් පිරිනැමුනි, ඊට පසු ආන්ඩුවේ දත්ත ක්ලවුඞ් පරිගනක සේවාවට ගෙන යාමට රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග ඩොලර් බිලියන 10ක කොන්ත්‍රාත්තුවක් පිරිනැමුනි. “රෙකොග්නිෂන්” නම් ඇමසොන් මුහුනු-හඳුනා ගැනීමේ මෘදුකාංගය මධ්‍යම ආන්ඩුවේ හා ප්‍රාදේශීය පොලීසිවලට අලෙවි කෙරෙමින් තිබේ.

2013දී, බෙසෝස් වොෂින්ටන් පෝස්ට්පත්‍රය පුද්ගලිකව මිල දී ගෙන දැන් ක්‍රියාත්මක කරයි. එය ඩෙමොක්‍රටික් පක්ෂයේ රුසියානු විරෝධී උද්ඝෝෂනය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමස්ත උත්සුකයන් සඳහා ප්‍රමුඛ මාධ්‍ය හඬ වී ඇත.

ආන්ඩුවේ මර්දනකාරී සංවිධාන සමග ඇමසොන් සමාගම වඩ වඩා ඒකාබද්ධ වන අතර සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑර එහි ග්‍රාහික පැතිරීම තහවුරු කරන්නේ නූතන යුගයේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය යි. “මූල්‍ය ප්‍රාග්ධනයට විමුක්තිය අවශ්‍ය නො කරයි, එයට අවශ්‍ය ආධිපත්‍යය යි” ලෙනින්ගේ අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහල ම අවධිය නම් පොත තුල ලෙනින් විසින් උපුටා දක්වන ඡේදයක ඕස්ටි්‍රයානු මාක්ස්වාදී රුඩෝල්ෆ් හෙල්ෆර්ඩිංග් සඳහන් කලේ ය.

ඇමසොන් මහජන අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු ය. එයමූල්‍ය කතිපයාධිකාරියේ හස්ථයෙන් මුදවා ගත යුතු අතර මහජන උපයෝගීතාවක් බවට පරිවර්තනය කල යුතු ය. ඇමසොන් හි ක්ෂනික නැගීමේ වැනි ගමන් මාවත පිටුපස වන තාක්ෂනය හා පොදුකාර්ය පහසුකම් මෙන් ම නූතන ඉතිහාසයේ විශාල ම පුද්ගලික ධනය සමස්ත ලෝක ජනතාවගේ අවශ්‍යතාවන් හා අභිලාෂයන් වෙතට හැරවිය යුතු ය.

මෙම ක්‍රියාමාර්ගය අත්පත් කර ගත හැක්කේ ධනේශවර පද්ධතිය පෙරලා දැමීමට හා ලාභය සඳහා නො ව සමාජ අවශ්‍යතාව මත, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමට වන සටනක පදනම මත ජාතයන්ර වසයෙන් කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමෙන් පමනී.

ටොම් කාටර්