නෙට්ෆ්ලික්ස්ගේ ට්‍රොට්ස්කි: ඓතිහාසික මුසාකරනයේ හා නිහීන යුදෙව්-විරෝධයේ විෂකුරු මිශ්‍රනයක්

Netflix’s Trotsky: A toxic combination of historical fabrication and blatant anti-Semitism

2019 මාර්තු 08

2017 දී මුල්වරට රුසියානු රාජ්‍යය විසින් නිපදවන ලද ට්‍රොට්ස්කි නමැති විෂකුරු ලෙස යුදෙව්-විරෝධී රූපවාහිනී කතා මාලාව ලොව පුරා ප්‍රේක්ෂකයන්ට දැන් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් ප්‍රදර්ශනය කරයි.

ට්‍රොට්ස්කිගේ 93-හැවිරිදි මුනුපුරා වන එස්ටෙබාන් වොල්කොව් මෑතක දී මෙම කතා මාලාව “ඓතිහාසික නාට්‍යයක් ලෙස වෙස්වලාගත් දේශපාලන ප්‍රහාරයක්” හා “ට්‍රොට්ස්කි නමැති ‘රාක්ෂයා’ ඝාතනය කිරීම සාධාරනීකරනය කරන්නක්” ලෙස හෙලාදුටුවේ ය. එය “ලියොන් ට්‍රොට්ස්කි ව දෙවන ඝාතනය කිරීම” ලෙසට විස්තර කර ඇති එල් පායිස් නමැති ස්පාඤ්ඤ පුවත්පතේ ලතින් ඇමරිකානු සංස්කරනය, එය විසින් විප්ලවවාදියා ව “පරපීඩා කාමුකයෙක්, පරිපූර්න ද්‍රෝහියෙක් හා රූකඩයක්” ලෙස පින්තාරු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

නෙට්ෆ්ලික්ස් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඉතිහාසය නො වේ. එය වනාහි අව්‍යාජ නාටකීය අභිප්‍රායයන් සඳහා සමහර ස්වාධීනතාවන් රැගෙන ඉතිහාසය පිලිබඳ කලාත්මක ප්‍රබන්ධනීකරනය කිරීමක් ද නො වේ. නෙට්ෆ්ලික්ස් කතා මාලාව ඓතිහාසික මුසාකරනයේ අපරූපීය ප්‍රතිගාමී අභ්‍යාසයකි. අවබෝධ කරගත හැකි නිරවද්‍යතාවක් සහිත ව ඓතිහාසික සිද්ධීන් චිත්‍රනය කිරීමට උත්සාහ දරන කිසිදු තනි දර්ශනයක් එහි නැත. බොහෝ දර්ශනයන් විකාරරූපී මිථ්‍යාකරනයන් ය. අවම වසයෙන් ලියොන් ට්‍රොට්ස්කි ඇතුලු කිසිදු තනි චරිතයක්, කතා මාලාව ඉදිරිපත් කිරීමට අරමුනු කරගන්නා ඓතිහාසික චරිතමය සාම්‍යයක් දරා නො සිටී.

කල හැකි ඍජු ම හා නිවැරදි ම ආකාරයෙන් මෙම කතා මාලාව විසින් ඉදිරිපත් කරන කාරනය පවසන්නේ නම් ඒ මෙසේ ය: නෙට්ෆ්ලික්ස්හි ට්‍රොට්ස්කි යනු ඇමරිකානු හා ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට කිසි දිනක ප්‍රදර්ශනය කර නැති වර්ගයේ විවෘත හා කුරිරු යුදෙව්-විරෝධී චිත්‍රපටයකි. එය යුදෙව්වන්ට වෛර කිරීමට උමතු සහගත ලෙස උල්පන්දම් දීමකි. මෙම නිෂ්පාදනයට අනුප්‍රානය වන්නේ, ලෝකය අල්ලා ගැනීමට වන ජාත්‍යන්තර යුදෙව් කුමන්ත්‍රනයක් ලේඛනගත කරනවා යයි කියා පෑ 1917ට පූර්ව රුසියාවේ නිෂ්පාදනය කල කුප්‍රකට රුසියානු යුදෙව්-විරෝධී කූට ලේඛනයක්වන සියොන් වැඩිමහලුන්ගේ කෙටුම්පත යි.

චිත්‍රපටය තුල ට්‍රොට්ස්කිගේ චරිතය පටන් සියලු යුදෙව් චරිත ඉදිරිපත් කරනු ලබන්නේ ද්වේෂ සහගත යුදෙව්-විරෝධී ඒකාකෘතික රූප මත පදනම් ව ය. රුධිර පිපාසිත හා තමන්වම හුවා දක්වන අන්ධ භක්තිකයන් වන ඔවුහු, මානව ආත්මානුකම්පාවෙන් තොර පීඩිත ජනයා කෙරෙහි අවඥා සහගත වන්නන් වන අතර බලය සඳහා ඇති කෑදරකමේ දී තෘප්තියට නො පැමිනෙන්නන් ය. එලෙස ම ඔවුහු කාමුකත්වයේ ගිලී සිටිති. එහි ප්‍රධාන පිරිමි යුදෙව් චරිතය වන ට්‍රොට්ස්කි, අර්ධ-අශ්ලීල දර්ශනයන් නිසා අපකීර්තියට පත්කරනු ලබන්නේ රුසියානු අන්ත-දක්ෂිනාංශයේ හා නාසීන්ගේ ප්‍රචාරනය තුල සුප්‍රකට යුදෙව්-විරෝධී අපහාසයෙහි උපක්‍රමයක් සිහිපත් කරමිනි.

1905 හා 1917 රුසියානු විප්ලවයන් ඉදිරිපත් කරනු ලබන්නේ විදේශ රටවලින් අරමුදල් සපයමින් සිදු කල යුදෙව් කුමන්ත්‍රනයක ප්‍රතිඵලය වසයෙනි. 1905 විප්ලවයෙහි සම්භවය ට්‍රොට්ස්කි හා ජර්මානු ආන්ඩුවෙන් අරමුදල් ලබාගන්නා ඇලෙක්සැන්ඩර් පාවුස් අතර අපරාධකාරී ගිවිසුමකි. ඉතිහාසයෙහි වඩාත් ම අනුස්මරනීය සමාජ නැගිටීම වන 1917 ඔක්තෝබර් විප්ලවය ඉදිරිපත් කරනු ලබන්නේ, ට්‍රොට්ස්කි, යුදෙව්වන් ද වූ අනෙක් සුප්‍රකට බොල්ශෙවික් නායකයන් දෙදෙනා වන ලියොන් කමනෙව් හා ග්‍රිගෝරි සිනොවියෙයෙව්ගේ උදවු ඇති ව ක්‍රියාවට දැමූ “කුමන්ත්‍රනයක්” වසයෙනි.

ට්‍රොට්ස්කි වනාහි මරනය හා විනාශය හේතුවෙන් ප්‍රීතියට පත් වන බිහිසුනු චරිතයකි. ඉතා ලෝභී කෑදරකමින් මිස වෙනකකින් අභිප්‍රේරනය නො වන සැලකිය යුතු මාක්ස්වාදී න්‍යායඥයෙක් වන පාවුස්, නාසි යුගයේ යුදෙව්-විරෝධී ප්‍රචාරන චිත්‍රපටවලට හුරු පුරුදු වර්ගයේ මුදල් රැස්කිරීමේ කුමන්ත්‍රනයේ යෙදෙන විකට චරිතයක් ලෙස පෙනී සිටී.

ලෙනින් ව චිත්‍රනය කරනු ලබන්නේ අවසානයේ ට්‍රොට්ස්කිගේ කුමන්ත්‍රනයෙහි ගොදුරක් බවට පත් වන මැරයකුට යන්තම් නො අඩු ලෙසිනි.

නෙට්ෆ්ලික්ස්ගේ ට්‍රොට්ස්කි

කතා මාලාව ගම්‍ය කරන ලෙස ට්‍රොට්ස්කි ලෙනින්ට බලය පවරන්නේ, ලෝක සමාජවාදී විප්ලවය හරහා ලෝක බලය ලබාගැනීමේ උත්සාහයෙහි සාර්ථකත්වය තහවුරු කරගැනීමට ය. තම අනාගත ඝාතකයා වන ෆ්‍රෑන්ක් ජැක්සන් සමග ට්‍රොට්ස්කි කරන මුලුමනින් ම ගොතන ලද සාකච්ඡාවක දී, තමන් ලෙනින්ගේ අතට බලය දුන්නේ “යුදෙව් පාලකයෙක් රුසියාව තුල එක් මසක් වත් බලයේ නො සිටින නිසාත්, මගේ සැබෑ අව්‍යාජ ඉලක්කය” ලුහුබැඳීමට අවශ්‍ය නිසාත් යයි ට්‍රොට්ස්කි තර්ක කරයි. ජැක්සන් මෙසේ පිලිතුරු දෙයි: “ඔව්, ඔව්, මම දන්නවා. ලෝක විප්ලවයේ ගිනිසිලු ඇවිලවීමට.” ට්‍රොට්ස්කි දිගට ම කියාගෙන යන්නේ: “රුසියාවේ ආඥාදායකයෙක් ලෙස මම මගේ දෑත් අපිරිසිදු කරගැනීමට පමනක් ඉඩ තිබුන බලය සඳහා මාවත සෑම විට ම ඉදිරියට යන්නේ නැහැ. නැවතී අපේක්ෂාවෙන් පසුවීමේ හැකියාව ද තිබිය යුතු යි.”

චිත්‍රපටයේ ට්‍රොට්ස්කිට රුසියානු ජනයා ගැන දැනෙන්නේ අවඥාව මිස වෙන කිසිවක් නො වේ. ලාක්ෂනික දර්ශනයක දී ට්‍රොට්ස්කි ඔහුගේ සහකාරිය වන නතාලියාට මෙසේ කියයි: “ජනයා දුර්වල කාන්තාවක්. ජනතාවට තිබෙන්නේ කාන්තා මානසිකත්වයක්.” නතාලියා එයට මෙසේ පිලිතුරු දෙයි: “මට අවබෝධ වන ආකාරයට ජනයාගේ වාසනාව වෙනුවෙන් සටන් කරමින් සිටින ඔබට, ඔවුන් කෙරෙහි ඔතරම් අවඥාවෙන් කතා කල හැක්කේ කෙසේදැයි මට තේරුම් ගත නො හැකි යි.” ට්‍රොට්ස්කි එයට පෙරලා පිලිතුරු දෙන්නේ: “දශක ගනනාවක් ප්‍රජාපීඩකත්වයෙන් පීඩා විඳ ඇති ජනතාවකට අවඥාව මිස වෙන කිසිවක් සුදුසු ද?”

සිවිල් යුද සමයේ සකසන තවත් දර්ශනයක දී ක්‍රෙම්ලිනයේ සැපසේ සැඟවී සිටින ට්‍රොට්ස්කි රුසියානු ජනයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක් සකස් කරයි. “අප නිර්මානය කරමින් සිටින අනාගතයට සෑම දෙනා ම අප විසින් රැගෙන යන්නේ නැහැ. ජනගහනයෙන් සියයට 30ක්, 50ක් හෝ 70ක් මිය යනු ඇතැයි අපි කියමු, ඒත් ඉතිරි වන අය අප සමග කොමියුනිස්ට්වාදය කරා පැමිනෙනු ඇති... (අප යොදා ගන්නා) කෲරත්වය බයිබලීය පරිමාවන්ගේ එකක් වනු ඇති...මෙය නව ලොවෙහි උපත යි.”

මෙම චිත්‍රපයට තුල සිටින එකම අනුකම්පා සහගත පුද්ගලයා වන්නේ ට්‍රොට්ස්කි ව ඝාතනය කරන ස්ටැලින්වාදී ඒජන්තයෙක් වන ජැක්සන් (රේමන් මර්කාඩර්) පමනි. ප්‍රේක්ෂකයන් ලවා සැබෑ රාක්ෂයෙක් ලෙස විශ්වාස කරවන ට්‍රොට්ස්කිට එරෙහි ශ්‍රේෂ්ඨ අරගලයක නිමග්න වන්නෙකු ලෙස ජැක්සන් ව චිත්‍රනය කරනු ලැබේ. එක් දර්ශනයක දී ට්‍රොට්ස්කිගේ දෙනෙත් සැබෑවට ම කලු පැහැයට හැරේ. මෙහි දී යම් ලෙස කාරනය මගහැර ගත් ප්‍රේක්ෂකයන්ට තහවුරු කිරීම පිනිස මර්කාඩර් ට්‍රොට්ස්කි පිලිබඳ ව මෙසේ කියයි: “සත්‍ය වසයෙන් ම ඔහු යක්ෂයෙක්. දිනපතා ඔහු ටිකෙන් ටික මගේ ආත්මය උරා බොනවා.” චිත්‍රපටය අවසානයේ ට්‍රොට්ස්කිගේ ඝාතනය ඉදිරිපත් කෙරෙන්නේ මර්කාඩර් විසින් සිදු කරන යුක්ති සහගත ස්වයං-ආරක්ෂක ක්‍රියාවක් ලෙස යි.

යමෙකුට ගනන් නැති අනෙකුත් අර්ධ-ව්‍යාකූල පමනක් නොව සාහසික නිදර්ශන සංඛ්‍යාවක් උපුටා දැක්විය හැක. ඕතොඩොක්ස් (සාම්ප්‍රදායික) පල්ලියේ හා විෂකුරු රුසියානු ජාතිකවාදයේ බුද්ධිරෝධවාදී දෘෂ්ටිවාදයන් තුල තිබෙන උන්මත්තක ප්‍රති-කොමියුනිස්ට්වාදී හා අපවිත්‍ර ම යුදෙව්-විරෝධී අංශයන්ගේ විලයනයක් කතා මාලාව තුල ගැබ් වේ.

1917 විප්ලවයට පෙරාතුවත් සිවිල් යුද සමයේත් රුසියාව තුල වඩාත් ම ප්‍රතිගාමී අවයවයන් විසින් ප්‍රචාරනය කරන ලද භාතෘ-ඝාතක යුදෙව්-විරෝධයේ පිලිකුල් කටයුතු දුර්ගන්ධය කතා මාලාව විසින් දරා සිටී. දහනව වන ශතවර්ෂයේ පසු භාගය හා විසි වන ශතවර්ෂයේ මුල භාගය තුල රුසියාව, වඩාත් ම මිනීමරු යුදෙව්-විරෝධී සංහාරයන්ට සාක්ෂි දැරී ය. නැගී එන සමාජවාදී විප්ලවයේ තර්ජනයට එරෙහි ව යොදා ගත හැකි බලගතු දෘෂ්ටිවාදාත්මක අවියක් ලෙස යුදෙව්-විරෝධය සාර්වාදී තන්ත්‍රය විසින් දැකගත්තේ ය. ව්ලැදිමීර් පුරිෂ්කෙවිච් විසින් නායකත්වය දුන් බ්ලැක් හන්ඩ්‍රඞ්වරු යනු, සමාජවාදී ව්‍යාපාරයට එරෙහි ව බලමුලුගන්වන ලද වඩාත් ම ප්‍රමුඛ යුදෙව්-විරෝධී ප්‍රකම්පන හමුදාව විය.

බොල්ශෙවික් විප්ලවය හා ඉන් පසුව රුසියානු සිවිල් යුද්ධයෙන් කම්කරු පන්තිය ජයග්‍රහනය කිරීම, සාර්වාදී යුදෙව්-විරෝධයේ බොහෝ නායක දෘෂ්ටිවාදීන් ව ජර්මනියට පිටුවහලුන් ලෙස යවන ලද අතර, එහි දී ඔවුහු, නාසි ව්‍යාපාරය බවට පත්වීමට නියමිත ව තිබූ දෙය මත සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් මරනීය වර්ගයේ යුදෙව්-විරෝධී වෛරයක් දිරිමත් කිරීමෙහි දී ප්‍රධාන භූමිකාවක් ඉටු කල හ. ඉතිහාසඥ මයිකල් කෙලොග් නාසිවාදයේ රුසියානු මූලයන් නමැති ඔහුගේ කෘතිය තුල විශිෂ්ට ලෙස ලේඛන ගත කර ඇති ලෙස, තුන්වන රයිකයේ අනාගත නායකයන් “නිවට විධික්‍රම හරහා ලෝක ආධිපත්‍යය සඳහා පරිශ්‍රම දැරූ දුෂ්ට බලයක් ලෙස ජාත්‍යන්තර යුදෙව්වන්ගේ කුමන්ත්‍රනකාරී-විනාශකාරී ධවල සංක්‍රමනික සංකල්ප” පිලිබඳ ඔවුන්ගේ සූත්‍රගත කිරීම් බොහෝ සෙයින් ඇදගත්තේ ය.

සියොන් වැඩිමහලුන්ගේ කෙටුම්පත 1919 දී හිට්ලර්ට හඳුන්වා දෙන ලද්දේ ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ ඩීට්‍රිච් එකාට් විසිනි. කෙලොග් ලේඛනගත කරන පරිදි එකාට් “වරෙක රුසියානු අධිරාජ්‍යය වූ එහි ‘මෘත ශරීරය’ ‘යුදෙව් ට්‍රොට්ස්කි’ විසින් හසුරවනු ලැබේ යැයි වැලපුනේ ය. ඔහු කටුක ලෙස මෙසේ සඳහන් කලේ ය: ‘අහෝ, ඥානවන්ත සියොන් මිනිසුනි, ඔබ කොතරම් ඥානවන්ත ද.’” (The Russian Roots of Nazismනාසිවාදයේ රුසියානු මූලයන්: ධවල විදේශිකයන් හා ජාතික සමාජවාදයේ තැනීම 1917-1945, කේම්බි්‍රජ් විශ්ව විද්‍යාල මුද්‍රනය, 2005)

කිසිදු වෙනස් කමක් නො කර නෙට්ෆ්ලික්ස්ගේ ට්‍රොට්ස්කි, නාසි තන්ත්‍රය යටතේ නිෂ්පාදනය කල හැකි ව තිබුනි. තව ද යුදෙව්-විරෝධී ප්‍රලාපයන් පිලිබඳ මෙම නිෂ්පාදනයට පුටින් ආන්ඩුව අනුග්‍රහය දීම, රුසියාව තුල විප්ලවීය සමාජවාදී ව්‍යාපාරයක් පුනර්ජීවනය පිලිබඳ ව මංමුලා සහගත ලෙස බිය වන, අපරාධකාරී කතිපයාධිකාරයන් වෙනුවෙන් පාලනය ගෙන යන තන්ත්‍රයක අතිමූලික ප්‍රතිගාමී ස්වභාවයට සාක්ෂි දරයි.

ට්‍රොට්ස්කි කතා මාලාවේ එන විෂකුරු යුදෙව්-විරෝධය පිලිබඳ ව සැලකූ කල, මෙම චිත්‍රපයට නෙට්ෆ්ලික්ස් විසින් බෙදාහැරීම හා ප්‍රචාරනය කිරීමට විරෝධතා ඝෝෂාවක් විසින් ප්‍රතිචාර දක්වනු ඇතැයි යමෙක් උපකල්පනය කර තිබිය හැකි ය. එහෙත් එවැනි කිසිවක් සිදු වී නැත. පලස්තීන ජනයාට ඊස්රායල රාජ්‍යය විසින් සලකන ආකාරය විවේචනය කිරීමට නිර්භීත වන ඕනෑම අයෙකු යුදෙව්-විරෝධියෙකු ලෙස දෛනික ව හෙලා දකින උද්ඝෝෂන තිබුන ද නෙට්ෆ්ලික්ස්ගේ ට්‍රොට්ස්කි කතා මාලාවට අවසර පත්‍රය දී ඇත. එක්සත් ජනපදයේ හා යුරෝපයේ ධනේශ්වර මාධ්‍යවල පල වී ඇති කුඩා විමර්ශන සංඛ්‍යාව, චිත්‍රපටයේ අලජ්ජී යුදෙව්-විරෝධයට සැඳහුම් කිරීමක් හෝ ගනන් නැති මුසාකරනයන්ට අවධානය කැඳවීමක් කර නැත. නිව් යෝක් ටයිම්ස් පත්‍රය විමර්ශනයක් පල කර නැත.

පෙබරවාරි 20දා වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ විමර්ශනයක් පල කල ලූක් ජොන්සන් චෝදනාවකින් තොර ව මෙසේ සඳහන් කරයි: “පැරීසියේ දී ෆ්‍රොයිඞ් ව කියවන, කොකේන් සහිත සැඳැ සාදයන්ට සහභාගි වන නිර්භීත, උගත් තැනැත්තෙක් හා විදේශිකයෙක් ලෙස ඔහු (ට්‍රොට්ස්කි) ව චිත්‍රනය කරන චිත්‍රපටය, අවසානයේ ඔහු ප්‍රචන්ඩ හා විනාශකාරී තැනැත්තෙක් ලෙස ඉදිරිපත් කරයි.” 2017 කෑන්ස් චිත්‍රපට උලෙලේ දී චිත්‍රපටය නැරඹූ අවස්ථාවේ, රුසියානු නිෂ්පාදක කොන්ස්ටැන්ටින් අර්නස්ට් “ට්‍රොට්ස්කිගේ ලිංගික සූරාකෑම් හාවි වයින්ස්ටයින්ගේ නො මනා හැසිරීම සමග හාස්‍ය ජනක ලෙස සන්සන්දනය කරමින්” භව්‍ය මිල දී ගන්නන් අතර චිත්‍රපටය ප්‍රචාරනය කිරීමට උත්සාහ කල බව ජොන්සන් විසින් ප්‍රමෝදයෙන් යුතු ව මතකයට නංවයි.

සමාගමේ ලැයිස්තුවෙන් චිත්‍රපටය ඉවත් කරන ලෙස ඇනවීම පසෙක තැබුව ද නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය හෙලා දැකීමට පවා අසමත් වීම මාධ්‍යයන්ට පමනක් සීමා වී නැත. යුදෙව් සංවිධාන කිසිදු විරෝධයක් පල කර නැත. අපහාස-විරෝධී ලීගයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය උත්සාහ කල ද ප්‍රතිචාරයක් නො ලැබුනි. ඉතා අල්ප මාත්‍ර අවස්ථාවන් හැරුනු විට ප්‍රමුඛ ශාස්ත්‍රාලිකයන් පවා ඔවුන්ගේ නිශ්ශබ්දතාව පවත්වා ගත් හ.

මහජන ප්‍රේක්ෂකයකට ඉදිරිපත් කරන විෂකුරු යුදෙව්-විරෝධී කෘතියක් කෙරෙහි පවතින මෙම නො තකා හැරීමට හේතුව කුමක් ද?

පලමුව, මෙම නො තකා හැරීමේ සංස්කෘතික හා දේශපාලන පරිසරය නිර්මානය කර ඇත්තේ දශක ගනනාවක ඓතිහාසික මුසාකරනය විසිනි. විශේෂයෙන් ම, යුදෙව්-විරෝධී අලංකාරෝක්තීන් යොදාගැනීම ඇතුලු ට්‍රොට්ස්කි ව යක්ෂාරෝපනය කිරීම 1991 පටන් බටහිර ශාස්ත්‍රාලිකයන් විසින් වර්ධනය කර ඇත. (උල්ස්ටර් විශ්ව විද්‍යාලයේ) ඉයන් තැචර් හා (ඔක්ස්ෆර්ඞ් සරසවියේ) රොබට් සර්විස් යන දෙදෙනා ම ට්‍රොට්ස්කිගේ යුදෙව් සම්භවයන් ඉස්මතු කිරීම සඳහා ඔහු ව යලි යලිත් හඳුන්වන්නේ (ඔහු කිසිදා භාවිතා නො කල ඔහුගේ ආරම්භක පවුල් නාමය වූ) “බ්‍රොන්ස්ටයින්” යන නමිනි. සර්විස් ට්‍රොට්ස්කිගේ පලමු නම “ලෙව් (ලියොන්)” යන්නේ සිට ට්‍රොට්ස්කි හෝ ඔහුගේ දෙමව්පියන් කිසි දිනක භාවිතා නො කල නැගෙනහිර යුරෝපීය යුදෙව් රූපය වන “ලෙයිබා” දක්වා වෙනස් කිරීම පවා කලේ ය. ට්‍රොට්ස්කිගේ පවුල “දිරිමත් යුදෙව්වන්” ලෙස විස්තර කල ඔහු, ට්‍රොට්ස්කි තම පියාගේ ධනයේ ප්‍රමානය සැඟවීමට උත්සාහ දැරී යයි ව්‍යාජ ලෙස චෝදනා කලේ ය. ට්‍රොට්ස්කි “ඔහුගේ දක්ෂතාවේ දී දඩබ්බර වූ අතර, අදහස් නො පැකිල ඉදිරිපත් කලේ ය...අනෙක් බොහෝ යුදෙව්වන්ට වඩා ඉහල අංශකයකින් ට්‍රොට්ස්කි සතුව මෙම ලක්ෂන තිබුනි...එහෙත් ප්‍රසිද්ධ ස්වයං-දියුනුව සඳහා තිබූ අවස්ථාවන් බුක්ති විඳි එකම යුදෙව්වා ඔහු නො වූ බව පෙනේ” යි සර්විස් විස්තර කලේ ය. ට්‍රොට්ස්කිගේ සැබෑ නාසය දිගු හෝ වක් නො වූ බව සර්විස් සඳහන් කලේ ය.

දෙවනුව, වැඩෙන දේශපාලන අර්බුදයේ කොන්දේසි යටතේ, විප්ලවීය සමාජවාදය කෙරෙහි උනන්දුව වර්ධනය වීම කෙරෙහි ඉහල යන භීතියක් පවතී. පාලක ප්‍රභූන් ද මාධ්‍යවල හා ශාස්ත්‍රාලවල ඔවුන්ගේ ඒජන්තයින් ද මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් සිටී. ට්‍රොට්ස්කි ලියූ පරිදි ඓතිහාසික මුසාව වනාහි ප්‍රතිගාමීත්වයේ දෘෂ්ටිවාදාත්මක සිමෙන්තිය යි.

යුදෙව්-විරෝධය ද සියලු ආකාරවල වර්ගවාදය ද අවසාන විග්‍රහයේ දී පදනම් වන්නේ ඉතිහාසය මුසාකරනය කිරීම මත යි. නිසැක ව ම, නෙට්ෆ්ලික්ස්ගේ ට්‍රොට්ස්කි වනාහි බොරු හා මුසාකරනයන්ගේ සංග්‍රහයක් බව හොඳින් ම දන්නා ඉතිහාසඥයන් ගනන් නැති සංඛ්‍යාවක් සිටී. ප්‍රසිද්ධියේ කතා කොට තමන්ගේ විරෝධය පලකිරීමට ඔවුන්ට කාලය පැමින ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙම චිත්‍රපටය ඓතිහාසික මුසාකරනයේ ද යුදෙව්-විරෝධී හා සමාජවාද-විරෝධී ප්‍රචාරනයේ ද දූෂිත අභ්‍යාසයක් ලෙස හෙලා දකිති. නෙට්ෆ්ලික්ස්හි ජාත්‍යන්තර ජාලයෙන් මෙය ඉවත් කරගන්නා ලෙස අපි අනවමු.

ඬේවිඞ් නෝර්ත් හා ක්ලාරා වයිස්

Share this article: