තුන්වන ලෝක යුද්ධයට සූදානම් වෙමින්
ගෝලීය මිලිටරි වියදම වාර්තාගත ඩොලර් ට්‍රිලියන 1.8ක ඉහලකට ලඟා වෙයි

Preparing for World War Three - Global military spending tops $1.8 trillion, highest on record

2019 අප්‍රේල් 30

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂන ආයතනය (සිප්රි) මේ සතියේ ප්‍රසිද්ධ කල වාර්ෂික වාර්තාවකට අනුව, 2018 දී ඩොලර් ටි්‍රලියන 1.8ක ඉහලකට නැගෙමින් ගෝලීය මිලිටරි වියදම පශ්චාත්-සීතල යුද්ධ නව ඉහලකට ලඟා වී ඇත. මෙය පෙර වාර්තාගත වාර්ෂික අගය වූ 2017 ලෝක පරිමාන මිලිටරි වියදම්වලට වඩා සියයට 2.6ක වැඩිවීමක් සලකුනු කරයි.

වඩාත් අවධානයට ගත යුතු ලෙස, එක්සත් ජනපදයේ මිලිටරි වියදම 2018 දී සියයට 4.6කින් වැඩි වූයේ සිප්රි විසින් 2011 සිට වාර්තාගත කරන ලද පලමු වාර්ෂික පිරිවැය ඉහල යාම වාර්තා කරමිනි. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2019 සඳහා ඩොලර් බිලියන 686ක අයවැයකට අත්සන් තබා තිබෙන හා 2020 දී පෙන්ටගනය සඳහා ඩොලර් බිලියන 718ක් ඉල්ලා සිටින තතු තුල, මෙම රැල්ල අඛන්ඩ ව පැවතීමට නියමිත ය. වත්මන් අරමුදල් නැඹුරුව දිගට ම පැවතුන හොත්, එක්සත් ජනපදය එලඹෙන දශකය පුරා අධ්‍යාපනය, යටිතල පහසුකම් හා නිදහස් සෞඛ්‍යය වැඩසටහන් මත දරන ඒකාබද්ධ පිරිවැයට සමාන ඩොලර් ටි්‍රලියන 7ක් වියදම් කරනු ඇතැයි කොංග්‍රස් අයවැය කාර්යාලය ප්‍රක්ෂේපනය කරයි.

Los 15 países con el mayor gasto militar en 2018 (2018 ඉහල ම මිලිටරි පිරිවැය දැරූ 15 දෙනා)

එක්සත් ජනපද අවි ගබඩාව නවීකරනය හා වර්ධනය කිරීමට යෝධ මුදල් ට්‍රම්ප් පරිපාලනය විසින් වියදම් කරමින් සිටින්නේ, චීනය හා රුසියාව එහි ඉලක්ක අතර ප්‍රමුඛස්ථානයේ තබාගනිමින් “මහා බල ගැටුම්” සඳහා සූදානම් වීමට ය. පහසුවෙන් “යොදාගත හැකි” අඩු දුර න්‍යෂ්ටික මිසයිල වර්ධනය හා දිගේලි කිරීම ඇතුලු ව අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල, සබ්මැරීන්වලින් විදින බැලිස්ටික් මිසයිල හා මූලෝපායික බෝම්බ හෙලීම් යන එහි න්‍යෂ්ටික ආයුද ත්‍රිකයේ සියලු අංශ නවීකරනය කිරීමට දස වසරක් පුරා ඩොලර් බිලියන 500ක් වියදම් කිරීමට පෙන්ටගනය අපේක්ෂා කරයි.

එහි දිගට ම පවතින ගෝලීය ආධිපත්‍යය සඳහා ඉලක්කය සහිත ව සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, එහි ආර්ථික තත්ත්වය එක දිගට ම පිරිහෙද්දී පවා මිලිටරි වියදමේ දී එහි මිතුරන් හා හතුරන් යන දෙගොල්ලන් ම ඉහලින් පරයා යයි. 2018 දී, එක්සත් ජනපදය එහි ආර්ථික ප්‍රතිමල්ලවයා වන චීනයේ (ඩොලර් බිලියන 250) වියදමට වඩා දෙකහමාර ගුනයකටත් වැඩියෙන් ද එහි මහා උමතුව වන රුසියාවේ (ඩොලර් බිලියන 61.4) වියදමට වඩා දස ගුනයකටත් වැඩියෙන් ද වියදම් කලේ ය. ලෝකයේ මිලිටරි වියදමින් සියයට 36කට පමන වග කියමින්, එක්සත් ජනපදය ඊ ලඟ රටවල් අටේ ඒකාබද්ධ මිලිටරි වියදමට සමාන පිරිවැයක් වියදම් කලේ ය.

මෙම යෝධ මිලිටරි ගොඩනැංවීම සිදුකරනු ලබන්නේ විරෝධයේ ලේශ මාත්‍රයක් පවා තොර ව දේශපාලන සංස්ථාපිතයේ සියලු කන්ඩායම්වල සහයෝගය සහිත ව යි. ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් ව ප්‍රධාන වසයෙන් දකුනෙන් විවේචනය කරන්නේ, රුසියාවට එරෙහි ව වඩා විශාල මිලිටරි ගොඩනැංවීමක් හා ආක්‍රමනකාරී තර්ජන ඉල්ලා සිටිමිනි.

El gasto militar mundial por región en 1988-2018 (කලාපීය ලෝක මිලිටරි වියදම 1988-2018)

මැද පෙරදිග තුල එක්සත් ජනපදයේ ප්‍රධාන අරාබි සගයා වන ලේවැකි සවුදි රාජාන්ඩුව මිලිටරි වියදමෙහි තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ, එහි ආර්ථික ප්‍රතිදානයෙන් විශාලතම පංගුව, එනම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.8ක් හෙවත් ඩොලර් බිලියන 67.6ක් වියදම් කරමින් ලෝකයේ එම අගයන්ගෙන් ඉදිරියෙන් ම සිටිමිනි.

ඔබාමා පරිපාලනය අට වසරක් පුරා රාජධානියට ඩොලර් බිලියන 110ට වැඩි ආයුධ පොම්ප කල අතර, ට්‍රම්ප් යටතේ ආයුද හා පුහුනුව සැපයීම දිගට ම කෙරීගෙන ගොස් ඇත. දස දහස් ගනන් මරා දමමින් හා මිලියන ගනන් කුසගින්නට තල්ලු කරමින් සවුදි අරාබිය යේමනයේ අනාරක්ෂිත ජනගහනයට එරෙහි ව ක්‍රෑර සංහාරයක් දියත් කරමින් සිටින්නේ, එක්සත් ජනපදය විසින් සපයන යුද යානා හා බෝම්බ උපයෝගී කරගනිමිනි.

ප්‍රන්සය (ඩොලර් බිලියන 63.8) හා සිය අසල්වැසි පකිස්තානයේ (ඩොලර් බිලියන 11.4) මිලිටරි ගොඩනැංවීම් අඟුටුමිටි බවට පත්කරන ඉන්දියාව (ඩොලර් බිලියන 66.5) විසින් පරයා යන ලද රුසියාවේ, එක දිගට ම දෙවන වසරටත් වියදම් අඩු කෙරෙන බැවින් ඉහල ම පස්දෙනා අතරට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. දකුනු ආසියාවේ රාජ්‍ය දෙක (ඉන්දියාව හා පකිස්තානය) මේ වසර මුල දී එකිනෙකා සමග යුද්ධයක් අද්දරට ම පැමිනිය හ.

2018 දී ඩොලර් බිලියන 50කට ආසන්න ව වියදම් කරමින් ජර්මනිය එහි ලෝක ස්ථානය නව වැන්නේ සිට අට වෙනියා දක්වා ඉහල දමා ගත්තේ, 2009 සිට එහි වියදම සියයට 9කින් ඉහල දමමිනි. 2025 වන විට දදේනියෙන් සියයට 1.5ක් මිලිටරිය මත වියදම් කිරීමට සැලසුම් කරන බර්ලිනයේ සභාග ආන්ඩුව, යුරෝපයේ විශාලතම ආර්ථිකය ලෙස සිය තත්ත්වය අවධාරනය කිරීම සඳහා විදෙස් මිලිටරි මැදිහත්වීම් තුල භූමිකාව වැඩි කරන බව ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් යටතේ පවතින මොස්කෝව, නැගෙනහිර හා මධ්‍යම යුරෝපීය ජාතීන් මත්තේ ලඹ දෙන තර්ජනයක් ලෙස පෙන්වන අතර, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට එල්ලවී ඇති තර්ජනය ගැන සඳහන් නොකලත්, නේටෝ සංවිධානය (ඩොලර් බිලියන 963) විසින් රුසියාව ආසන්න වශයෙන් 16 ට 1 ලෙස ඉක්මවා ඇත. 2016 පටන්, රුසියාවේ බටහිර දේශසීමාව මත හෝ අසල නේටෝ සාමාජික රටවලට දහස් ගනන් එක්සත් ජනපද හා යුරෝපිය සොල්දාදුවන් දිගේලි කොට ඇත්තේ, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන්ගෙන් එකක් සමග යුද්ධයේ දී භව්‍ය විලායක වයරයක් (එරසච අසරු) ලෙස සේවය කිරීම සඳහා ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

මධ්‍යම යුරෝපයේ මිලිටරි ගොඩනැංවීම්වල හී තුඩ බවට පෝලන්තය පත්ව ඇත්තේ, 2018 දී ඊට පෙර වසරට වඩා සියයට 8.9ක් ද 2009 වියදම් කල ප්‍රමානයට වඩා ආසන්න වසයෙන් සියයට 50ක් පමන ද වසයෙන් ඩොලර් බිලියන 11.6ක් වියදම් කරමිනි. රුසියාවේ කලිනින්ග්‍රෑඞ් ප්‍රාන්තයේ සිට යන්තම් සැතපුම් 50ක් දුරින් වැඩ මුර පදනම මත එක්සත් ජනපද සොල්දාදුවන් 800ක් පමන පෝලන්තය තුල දිගේලි කර ඇති අතර, “ට්‍රම්ප් බලකොටුව” නමැති ස්ථීර මිලිටරි කඳවුරක් ගොඩනැගීමට පෙන්ටගනය ක්‍රියාකරමින් සිටී.

ඉහල ම සාපේක්ෂ වාර්ෂික මිලිටරි වියදම් ඉහල යාම දැක ගත් රටවල් 15න් අටක් ම ගිනිකොනදිග හෝ මධ්‍යම යුරෝපයේ පිහිටා තිබුනේ ය. ලැට්වියාව සියයට 24කින්, බල්ගේරියාව සියයට 23කින්, යුක්‍රේනය සියයට 21කින් සහ ලිතුවේනියාව හා රුමේනියාව යන දෙරට ම සියයට 18කින් මිලිටරි වියදම් ඉහල දැමූ හ. පසුගය දශකය තුල වැඩි ම වර්ධන අනුපාතයේ දී ලිතුවේනියාව යුරෝපයේ ප්‍රමුඛයා වුයේ එහි මිලිටරි වියදම සියයට 156කින් ඉහල දමමිනි.

ආසියාවේ හා ඕෂනියාවේ මිලිටරි වියදම ඩොලර් බිලියන 500ක ඉහලකට ලඟා වූයේ චීනය, ඉන්දියාව, ජපානය (ඩොලර් බිලියන 46.6), දකුනු කොරියාව (ඩොලර් බිලියන 43.1) හා ඕස්fටේ්‍රලියාව (ඩොලර් බිලියන 26.7) යන රටවල නායකත්වය යටතේ මිලිටරි වියදම් අඛන්ඩ ව ඉහල ගිය 30වන වසර සලකුනු කරමිනි. ඔබාමාගේ ආසියාවට හැරීම හා දැන් ට්‍රම්ප්ගේ වෙලඳ යුද පිලිවෙත් යටතේ මිලිටරි ගොඩනැංවීම් සිදුකරමින් මෙම කාලය තුල එක්සත් ජනපදයේ යොමුව එල්ල වී ඇත්තේ චීනයේ නැගීමට විරුද්ධ ව ක්‍රියා කිරීමට යි.

මිලිටරි වියදම: එක්සත් ජනපදය, නැටෝව හා රුසියාව

සිප්රි වාර්තාවේ ගනන් හිලවු පෙන්වා දෙන දෙය වන්නේ, සෝවියට් සංගමය බිඳ විසුරුවා, සීතල යුද්ධය අවසාන වීමෙන් හා ධනේශ්වර ආර්ථික පර්යායේ ජයග්‍රහනය පිලිබඳ උස් හඬින් කල ප්‍රකාශවලින් දශක තුනක් පමන ගතවන තැන, න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර භව්‍ය වසයෙන් විනාශකාරී ලෝක යුද්ධයක් පුපුරා යාමට තර්ජනය කරන, එක්සත් ජනපදය නායකත්වය දෙන නව අවි තරඟයක තර්ජනයට මානව වර්ගයා මුහුන දෙන බව යි.

පලමු හා දෙවන ලෝක යුද්ධවල දී මෙන් ම, සම්පත් හා භූ-මූලෝපායික මර්මස්ථාන සඳහා තරඟ වැදී සිටින ජාතික රාජ්‍යවලට ලෝකය බෙදී තිබීම, ලෝකය ව්‍යසනයට ඇද දැමීමට යලිත් තර්ජනය කරයි. ලෝකයේ කම්කරු පන්තියේ වියදමින් තම ප්‍රාදේශීය හා ගෝලීය ආර්ථික අවශ්‍යතා අත්පත් කිරීමේ උත්සාහය වෙනුවෙන් තරඟ වැදී සිටින පාලක ප්‍රභූන් විසින් සම්පත් යෝධ ප්‍රමානයක් නාස්ති කරමින් සිටී. පසුගිය දශක තුන පුරා මරනයේ හා විනාශයේ අවිහල් ගොඩනැගීම සඳහා ලොව පුරා ඩොලර් ටි්‍රලියන 41කට වැඩියෙන් වියදම් කර ඇති බව සිප්රි දත්ත පෙන්වා දෙයි.

වොෂින්ටන් ඩී. සී. හා යුරෝපයේ අගනුවරවල නව යුද අපරාධ සූදානම් කරද්දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අතීත අපරාධ හෙලිදරවු කල විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්, තොරතුරු හෙලිදරවු කල චෙල්සී මෑනිං හා එඞ්වඞ් ස්නෝඩන් නිහඬ කරනු ලබමින් සිටී. ලෝක කම්කරු පන්තිය අද මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ප්‍රතිසංස්කරනය ද විප්ලවය ද යන්න නො ව, විප්ලවය ද ප්‍රති-විප්ලවය ද යන්න යි. සකල මානව වර්ගයාට තර්ජනය කරන යුද්ධය කරා වන උමතු ධාවනය අවසන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්විය යුතු ය.

මෑත වකවානුව, සමාජවාදය සඳහා ඉහල යන උනන්දුවක් හා ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයක් දැකගෙන ඇත. ප්‍රන්සයේ කහ කබා විරෝධතාවන්හි සිට ඇල්ජීරියවේ මහජන විරෝධතා, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ වර්ජන හා මෙක්සිකෝවේ මැකිලඩෝරා කම්කරුවන්ගේ වර්ජන දක්වා වන මෙම ව්‍යාපාරය, ධනේශ්වර-හිතැති වෘත්තීය සමිති හා දේශපාලන සංවිධානවලින් ස්වාධීන ව හා ඒවාට විරුද්ධ ව වර්ධනය විය.

යුද්ධයට, අන්ත-දක්ෂිනාංශයේ නැගීමට සහ අසාන්ජ් හා මෑනිංට වද හිංසා කිරීමට විරුද්ධ ව කම්කරු පන්තියට දේශපාලන ක්‍රියාමාර්ගයක් සම්පාදනය කිරීමට සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. යුද්ධයට හා අසමානතාවට අවසානයක් තැබිය යුතු සියලු දෙනා මැයි 4වන සෙනසුරාදා පැවැත්වෙන 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට සජීවී ව සම්බන්ධ වීමට ලියාපදිංචි වෙමින් සමාජවාදය සඳහා සටනට එක් විය යුතු ය!

නයිල්ස් නීමුත්

Share this article: