අනධ්‍යන සේවක අරගලයට සති තුනක් සපිරෙද්දී ආන්ඩුව සමග සම්මුතියකින් වර්ජනය අවසන් කිරීමට සමිති නිලධරය සැරසෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 01

‘වැටුප් විෂමතා‘ ඉවත් කිරීම ඇතුලු‍ තවත් ඉල්ලීම් කීපයක් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ගෙනයන අඛන්ඩ වැඩ වර්ජනයට ඔක්තෝබර් පලමු වැනිදා වනවිට සති තුනක් සපිරෙයි. වර්ජනය හේතුවෙන් තම මාසික වැටුප ලබාගත නොහැකිව ඉතා දුෂ්කර තත්වයකට මුහුන දී සිටියදී පවා කම්කරුවෝ අධිෂ්ඨානශීලීව තම අරගලයේ නිරතව සිටිති. ඔවුහු ඊයේ දිනයේත්, තමා සේවයේ නියුතු විශ්ව විද්‍යාලයන් තුල සහ ඒ ඉදිරිපිට උද්ඝෝෂනයන් හි නිරත වූහ.

අද දින පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමටල විශ්ව විද්‍යාල වැටුප් විෂමතා සම්බන්ධිත නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බැවින් එතෙක් නිශ්ශබ්දව සිටිය යුතු බව අනධ්‍යන සේවක අරගලය මෙහෙයවන වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඔවුන්ට අනුවල දැනට පැවැත්වෙන සීමිත උද්ඝෝෂනයන් පවත්වනු ලබන්නේ එම කැබිනට් පත්‍රිකාවට හොඳම කොන්දේසි ඇතුලත්කර ගැනීමටය. මෙය අසාර්ථක වුවහොත් එලැඹෙන බ්‍රහස්පතින්දා නැවත වතාවක් සියලු‍ම විශ්ව විද්‍යාලයන්හි කම්කරුවන් සහභාගි කර ගනිමින් කොලඹදී උද්ඝෝෂනයක් පවත්වන බව සමිති නිලධරය පවසයි.

රජයේ ස්ථාවරය ඉදිරිපත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර පසුගිය කැබිනට් රැස්වීමේදී කියා සිටියේල වැටුප් විෂමතා විසඳීම සඳහා මේ අවස්ථාවේ ප්‍රතිපාදන වෙන් කල නොහැකි බව යි. ආන්ඩුවේ මෙම පිලිවෙත අධ්‍යාපන ක්ෂේත්‍රයට පමනක් සීමා නොවේ; වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා වර්ජනයේ යෙදී සිටින දුම්රිය කම්කරුවන්ට තර්ජනය කරමින්, රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ කියා සිටියේ, වර්ජනය නවතා සේවයට නොපැමිනියහොත් බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුනදිය හැකි බවයි.

මෙම තර්ජන තිබියදීම, විශ්වවිද්‍යාල තුල සහ ඒවා ඉදිරිපිට දිනපතා පැවැත්වූ පිකට් උද්ඝෝෂන වලට සිය ගනන් කම්කරුවෝ උද්‍යෝගයෙන් සහභාගි වෙති. සැප්තැම්බර් මස 18 වෙනිදා කොලඹ දී පැවැත් වූ පාගමනට හා උද්ඝෝෂනයට, වාර්ගික සහ ආගමික රේඛා කපා හරිමින් උතුරු සහ නැගෙනහිර ඇතුලු විවිධ පලාත්වල විශ්වවිද්‍යාලවලින් පැමිනි අනධ්‍යන සේවකයන් පන් දහසකට අධික ප්‍රමානයක් සහභාගිවීම මගින් පෙන්නුම් කෙරුනේ කම්කරුවන්ගේ සටන්කාමිත්වය සහ අධිෂ්ඨානය යි.

මේ අතර වර්ජනයේ බලපෑම හීන කිරීම සඳහා සමිති නිලධරය විවිධ ආකාරයේ හොරිකඩකම් වල යෙදී සිටී. වර්ජනය ආරම්භයේ සිටම විශ්ව විද්‍යාලයන් හි 'අත්‍යවශ්‍ය සේවාවන්' සඳහා වර්ජිත සේවකයන් යෙදවීම ඒ අතරින් කැපී ‍පෙනේ. එයට විරුද්ධත්වය දක්වන කම්කරුවන් නිවරැදිව කියා සිටින්නේ, වර්ජනය පවතිනතාක් එමඅත්‍යවශ්‍ය සේවාවන්ගෙන්‘ මුලු‍මනින්ම ඉවත්ව, තම වර්ජනයේ බලපෑම උපරිම ආකාරයෙන් ප්‍රදර්ශනය කලයුතු බවයි.

සැප්තැම්බර් 18 උද්ඝෝෂනය අවසානයේ සමිති නායකයන් කියා සිටියේ 22 වන දා සිට අත්‍යවශ්‍ය සේවාවන්‘ ගෙන් මුලු‍මනින්ම ඉවත්වන බවයි. එසේ නොකලේ මන්දැයි මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවන් ප්‍රශ්න කලවිට එහි ඒකාබද්ධ කමිටු සභාපති කේ.එම්. සිරිසේන කියා සිටියේ, එම සේවා දිගටම පවත්වාගෙන යන අතර සේවා වලින් ඉවත්වූ බවට මාධ්‍ය නිවේදනයක් පමනක් නිකුත් කිරීමට ඒකාබද්ධ කමිටුව තීන්දු කොට ඇති බවයි. තවමත් විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු සිදුවන්නේ නැතැයි උපකුලපතිවරු පවසන නිසා එවැනි සේවා නතරකර දැමීමක් අවශ්‍ය නැතැයි ඔහු නරුම ලෙස පැවසීය.

තුන්වන සතියේ සඳුදා විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂන පවත්වන බව සහ 26 වැනි බ්‍රහස්පතින්දා නැවත කොලඹදී සියලු‍ විශ්වවිද්‍යාලවල අනධ්‍යන හා පරිපාලන කම්කරුවන් සහභාගිවන උද්ඝෝෂනයක් සංවිධානය කරන බව වෘත්තීය සමිති එකමුතුව කලින් ප්‍රකාශයට පත් කල නමුදු, 'අයහපත් කාලගුනය‘ හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඒ සියල්ල නතරකොට දැමුනි.

මේ පිලිබඳව විමසන ලදුව වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ ලේකම් රෝහිත හේරත් කියා සිටියේ අයහපත් කාලගුනය හා කොලඹ පැවති ගුරුවරුන්ගේ විරෝධතාව හේතුවෙන් කොලඹ පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂනය නතර කොට දැමූ බවයි. එය වෘත්තීය සමිති එකමුතුවේ තීරනයක් බව පවසමින් ඒ පිලිබඳව වැඩිදුර කතාකිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය.

හේරත් ගේ කතාවෙන් අනාවරනය වන සත්‍යය වන්නේ, අනධ්‍යන කම්කරුවන්ගේ හා ගුරුවරුන්ගේ අරගලයන් ඒකාබද්ධ වීම වැලැක්වීම සඳහාල අනධ්‍යන වෘත්තීය සමිති විසින් හිතාමතාමල 26 වන දා කොලඹ දී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂනය නතර කර දැමූ බවයි.

වෘත්තීය සමිති නිලධරය විසින්ල අනධ්‍යන සේවක- පාසැල් ගුරු ඒකාබද්ධතාවයට මෙසේ මග අහුරද්දී, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, සැප්තැම්බර් 26 දා ගුරුවරුන් පාගමනේ යෙදී සිටි මාර්ගයෙහි පසෙක සිට, "අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක, පාසල් ගුරු හා ශිෂ්‍ය එකමුතුවට සටන් වදිමු, ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගමු, කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන් වදිමු, ධනපති පාලනයට එරෙහි කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වදිමු” යනාදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූහ. සමිති වලින් බිඳී කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමේ හදිසි සහ අත්‍යවශ්‍යභාවය සසප සාමාජිකයන් සමග සාකච්ඡා කල සිතන මතන ගුරුවරු අවබෝධ කර ගත්හ.

තම සටනට වෙනත් සමිති වලද සහයෝගය ලැබෙන බව අනධ්‍යන සමිති පවසයිග විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශක සමන් කාරියවසම්, ද අයිලන්ඞ් පුවත්පතට පවසා තිබුනේ, අනධ්‍යන කම්කරු අරගලය සඳහා, ලංකා විදුලිබල මන්ඩලය සහ බැංකු ඇතුලු තවත් ක්ෂේත්‍රයන් හිි බලගතු‘ වෘත්තීය සමිති දහයක සහාය ලබා ගැනීමට කරන ලද සාකච්ඡා සාර්ථක වූ බවයි.

‘බලගතු සමිති‘ දහයක් නොව, සියයක් එක් වුවද එවන් සමිති එකමුතුවක් සැබැවින්ම ක්‍රියා කරනු ඇත්තේ අනධ්‍යන කම්කරු අරගලය ඉදිරියට ගෙන යාමට නොවල ආන්ඩුවට බලපෑම් යෙදීමේ විරෝධතා වට වංගුවල කම්කරුවන් තවතවත් සිරකොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීමටයි.

විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් සසප නිකුත් කල ප්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

"අනධ්‍යයන සේවකයන් සිය අරගලය සඳහා තම ක්ෂේත්‍රය තුල හා අනෙකුත් අංශවල කම්කරුවන්ගේ සහාය ඉල්ලමින් එය පුලු‍ල් කල යුතුව ඇතග අධ්‍යාපන අයිතීන් රැක ගැනීමේ පොදු අරගලයක් වර්ධනය කිරීමටල අනධ්‍යයන සේවක සටන වටා එක්වන ලෙසල විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා සිසුන්ගෙන් මෙන්ම දැන් වර්ජනයකට සූදානම් වන ගුරුවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

"වෘත්තිය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමල සමිතිවල හිර කිරීම් හා පාවාදීම් කපාගෙන සිය අයිතීන් දිනා ගැනීමට බලවත් අරගලයක් දියත් කිරීමේ තීරනාත්මක ඉදිරි පියවරකිග විශ්ව විද්‍යාල තුල හා ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටී.”‍

Share this article: